මැතිවරණ මෙහෙයුම් නායකයා ලෙස මහින්ද රාජපක්ෂ පත් කිරීමටද ජනපති එකඟවූ බව සුසිල් ප්‍රේමජයන්ත කියයි
Posted on July 15th, 2015

සන්ධානයේ මංගල රැලිය 17 වැනිදා අනුරාධපුරයේ පැවැත්වීමට ශ්‍රීලනිප සභාපතිද වන ජනපති එකඟවූ බවත් මැතිවරණ මෙහෙයුම් නායකයා ලෙස මහින්ද රාජපක්ෂ පත් කිරීමටද ඔහු එකගවූ සන්ධාන නායකයා ඉවත් කිරීමට තීරණයක් ගෙන නැති බවද සුසිල් ප්‍රේමජයන්ත මහතා කීවේය.

සන්ධානයෙන් අපේක්ෂකයෝ 260 දෙනෙක් තරග කරනවා. මීට දෙසතියකට පෙර මෛත්‍රීපාල සිරිසේන මහතා, මම , දිනේෂ් අනුර ප්‍රියදර්ශන යාපා කැඳවා සන්ධානයේ තීරණය අනුව මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා දීමට එකඟවුණා.

මැතිවරණ මෙහෙයුම් කමිටු නායකයා ලෙස රාජපක්ෂ මහතා පත් කිරීමටද ජනපති එදින එකඟවුණා. ඒ අනුව පසුගිය 3 වැනිදා ඒ බව මහින්ද රාජපක්ෂ මහතාට දැන්වූවා. මම ලිපිය නිකුත් කළේ සන්ධානයේ එකගතාවය මත. නාම යෝජනා සකසන්නේ සහ මැතිවරණ කොමසාරිස් සමග කටයුතු කරන්නේ පක්ෂයේ ලේකම්. කවුරුන් හෝ ජාතික ලැයිස්තුවේ නම නැති ඡන්දෙට ඉදිරිපත් නොවූ කිසිවෙක්ට ජාතික ලැයිස්තු පුරප්පාඩුවට පත් කළ නොහැකියි. මහින්ද රාජපක්ෂ අගමැති කරවීමටඅගමැති කරවීමට තැත්කලායැයි කීම සම්පුර්ණයෙන්ම වගකීමෙන් තොර කරනලද අමු බොරුවක්.

මහ බැංකු අධිපති වැරදි බව ජනපතිගේ කථාවෙන් පැහැදිලියි. ප්‍රසිද්ධ විභාග පැවැත්වෙද්දී මැතිවරණ තියන්නේ නෑ. නමුත් මෙවර උසස් පෙළ විභාග සමයේ මැතිවරණය තිබෙනවා. එක දශමයක් වුණත් දරුවන්ට වැදගත්.

අගමැති බේරාගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන් දරුවන්ගේ අනාගතේ නොසලකා ඡන්දය දැම්මා. අගමැතිවරයෙක් බේරාගන්න දරුවන්ගේ අනාගතේ උකස් කරන ආණ්ඩුවකින් අනාගතේ ඇති පලේ මොකක්ද? අගෝස්තු 18 අපි නියත ලෙසම ආණ්ඩුවක් පිහිටුවනවා.

මාධ්‍ය හමුව ඇමතූ ශ්‍රීලනිප ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා මෙසේ පැවසීය.

‘අපේ ප්‍රධාන අරමුණ එජාපය පරාජය කිරීමයි. තරුණ සේවා සභාවේ වාහන 52ක් මේ ආණ්ඩුව ඡන්දෙට යොදාගෙන තියෙනවා. රාජ්‍ය මාධ්‍ය අද එක අන්තයක් අරගෙන. අපේ කාලයේ රජයේ වාහන ඡන්දෙට භාවිතා කළේ ඉතා අඩුවෙන්. ඩලස් කච්චේරියෙන් එළියට එද්දී තර්ජනය කළා. මන්ත්‍රීන්ගේ ආරක්ෂාව අඩු කළා. ඇමැතිවරු කිහිපදෙනෙක්ට විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව යොදාගෙන තිබෙනවා. අද ශ්‍රීලනිපය එකමුතු වෙලා. ජනපතිගේ ප්‍රකාශය ගැන ඔහුගෙන් අහන්න. ජනපතිගේ ප්‍රකාශය ගැන පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී තීරණය කරනවා. එළියේ කථා කරන්න කැමති නෑ‘

‘ජනපතිගේ ප්‍රකාශයෙන් මා කම්පාවට පත්වුණා.. ඔහු එජාප නායකයා බේරාගන්න පාර්ලිමේන්තුව විසිරෙව්වා කිව්වා. ලෝක දේශපාලනයේ පළවැනි වතාවටයි එක පක්ෂ නායකයෙක් තවත පක්ෂෙක නායකයකු බේරාගැනීමට කටයුතු කළ බව කිව්වේ‘ යැයි මාධ්‍ය හමුව ඇමතූ ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

‘මහින්ද පරදින බව ජනපති කිව්වත් අපි කියන්නේ ඔහු දිනන බවයි.‘ මෙහිදී සුසිල් ප්‍රේමජයන්ත මහතා මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමින් පැවසීය.

2 Responses to “මැතිවරණ මෙහෙයුම් නායකයා ලෙස මහින්ද රාජපක්ෂ පත් කිරීමටද ජනපති එකඟවූ බව සුසිල් ප්‍රේමජයන්ත කියයි”

  1. NeelaMahaYoda Says:

    This statement by party officials proves that Sirisena is a habitual and a diabolical liar and not suitable for a post of president in a democratic country.
    No wonder traitors like Ranil and Chandrika can use him for betrayal of the country and its armed forces

  2. Christie Says:

    Indian Emperor is laughing all the way to the polls. I don’t think Indian colonial parasites will vote as much as they did on 8 Jan 2015.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress