අගමැති පත් කරන්න ජනපතිට බෑ.. මෛත‍්‍රීගේ ප‍්‍රකාශය ව්‍යවස්ථා විරෝධීයි.. රනිල් අගමැති කිරීමත් ව්‍යවස්ථා විරෝධීයි..
Posted on July 17th, 2015

– රිවිර

රටේ අගමැතිවරයා පත් කිරීමේදී ව්‍යවස්ථානුකූලව අවශ්‍ය වන්නේ බහුතර මන්ත්‍රීන්ගේ ප්‍රසාදය දිනා ගැනීම පමණක් බවත් එහිදී ජනාධිපතිවරයාගේ අභිමතය අවශ්‍ය නොවන බවත් හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා මහතා පවසයි. ඒ අනුව පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි මහ මැතිවරණයෙන් පසුව අගමැතිවරයකු පත් කිරීම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ප්‍රජාතන්ත්‍ර විරෝධී මෙන්ම ව්‍යවස්ථාවට පටහැනි වන ප්‍රකාශයක් බවද හිටපු අගවිනිසුරුවරයා සඳහන් කළේය.

අගවිනිසුරු සරත් එන් ද සිල්වා මහතා සඳහන් කළේ මෙරට ව්‍යවස්ථාවට අනුකූලව පාර්ලිමේන්තුවට පත් වන මන්ත්‍රීවරුන් ගේ බහුතර ප්‍රසාදය හිමි තැනැත්තා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කර ගත යුතු වන අතර එය ජනාධිපතිවරයා සතු කාර්යභාරයක් බවය. එහෙත් පසුගියදා ජනාධිපතිවරයා ඉදිරියේදී අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීමට අදහසක් තමා තුළ නොමැති බව ප්‍රකාශ කළද ඔහුගේ අදහස හෝ අභිමතය අගමැතිවරයා පත්කිරීමේදී අත්‍යවශ්‍ය කරුණක් නොවන බව පෙන්වා දුන්නේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයක් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කළ යුත්තේ කවුරුන්ද යන්න නිර්දේශ කළ විට ජනාධිපතිවරයාට එම පුද්ගලයා අදාළ තනතුරට පත්කිරීමට සිදුවන බවද සඳහන් කළේය.

එමෙන්ම සරත් එන් ද සිල්වා මහතා සඳහන් කළේ ජනාධිපතිවරයා පසුගිය ජනාධිපතිවරණයෙන් පසුද වැරදි පූර්වාදර්ශයක් ලබා දුන් බවය.

‘ජනාධිපතිවරයා දිවුරුම් දී තිබෙන්නේ ව්‍යවස්ථාව සුරැකීමටයි. නමුත් එතුමා දිවුරුම් දීල පාර්ලිමේන්තුවේ බහුතරය නැති පක්ෂයක පුද්ගලයකු අගමැතිවරයා ලෙස පත් කළා. එයත් ව්‍යවස්ථා විරෝධි  කටයුත්තක්. ජනාධිපතිවරයාට අවශ්‍ය වුණේ රටේ ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට වඩා බලයට පත්වීම සඳහා උදව් කළ රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවැති ගිවිසුම ආරක්ෂා කිරීමටයි. එය ප්‍රජාතන්ත්‍රවාදී රටකට සුදුසු ලක්ෂණයක් නොවෙයි’ යැයිද සඳහන් කළේය.

 

2 Responses to “අගමැති පත් කරන්න ජනපතිට බෑ.. මෛත‍්‍රීගේ ප‍්‍රකාශය ව්‍යවස්ථා විරෝධීයි.. රනිල් අගමැති කිරීමත් ව්‍යවස්ථා විරෝධීයි..”

  1. Christie Says:

    සින්හලයන්ට බලය ඇති පාර්ලිමේන්තුවක් ඉතාම උවමනාය. මැලේසියාව, සිඟප්පූරුවමෙන් රටේ වැඩිජනතාව අතට බ්ලය ලැබෙනතෙක් සින්හලයා වල පල්ලේය.

  2. Ratanapala Says:

    Sirisena made many promises prior to the 8 Jan elections. It is a joke to believe that the supposed to be 62 lakhs of voters voters all voted for all those promises together. A vast majority were persuaded to vote against President Mahinda Rajapakse on false trumped up charges yet un proven after over 160 days of Yaha Palanaya. All of those 62 lakhs voted to oust MR and I believe not all voted to bring Gay Boy Ranil Wickramasinghe of the Red Lipped Brigade to be the Prime Minister. The Racist Tamils voted for a different reason and Jihadist Muslims voted for another reason.

    If there was a need to do all that was promised then they should have called in a Referendum to find out the popularity of each of those promises and who the preferred Prime Minister is? Maithripala Sirisena who is now proven beyond doubt an undemocratic traitor to the motherland after having rewarded with the highest office in the land should be impeached as soon as a new government is formed for crimes against the Constitution of Sri Lanka. He has within a span of just a little over 8 months ascended to the highest ranks of political indecency and traitor without precedence in the history of Sri Lanka.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress