අපි මහින්ද අගමැති කරමු.
Posted on July 17th, 2015

තිස්ස ගුණතිලක, සිඞ්නි නුවර සිට

ඇගේ වෛරය ඔහුගේ වෛරය සමග එකතුවී මුහුමක් හෙවත් ‘හයිබ්‍රිඞ්’ වෛරයක් බවට පත්වී ඇත.  ඇය හා ඔහු ජීවත්කරවන්නේ මේ වෛරයයි. වෛරය නැතිවූ දා මොවුන් දෙදෙනාගේම හඳ ගැස්ම නැවතී මියයයි. එ නිසා මොවුන් දෙදෙනාම එකතුවී වෛරය ජීවත් කරවයි.

මේ වෛරය කුමක් නිසාද? ඒ වෙනකක් නිසා නොව තමන්ට සිහිනෙකින්වත් ලබාගත නොහැකි ජන හඳතුලින් නැගෙන ආදරය මහින්ද රාජපක්‍ෂයන් කෙරෙහිම පවතින බැවිනි. රට පාවාදුන්නන්ට හෝ රට පාවාදෙන්නන්ට ජනතා ආදරය කිසිදාක හිමිනොවේ. කෙසේවෙතත් මොවුන් දෙදෙනාගේ වෛරී සුසංයෝගයෙන් පසුගිය ජනාධිපතිවරණයෙන් රට ත්‍රස්තවාදයෙන් මුදාගෙන ජනතාවට සත්‍ය නිදහස ලබාදුන් මහින්ද රාජපක්‍ෂයන් පැරදවිය. දැන් අගෝස්තු දහහත්වනදා මැතිවරණයෙනුත් ජනහඳවත් දිනාගත් මහින්ද පරාජය  කීරීමට හෝ ඔහුගේ ජයග්‍රහණය සොරකම් කිරීමට හෝ උප්පරවැටියක්යයි සිතා මහින්ද ජයග්‍රහණය කලත් ඔහුව අගමැති නොකරන බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරයි. මොහුගේ වෛරය ඇගේ වෛරයටත් වඞා ඉහවහා ගොස් ඇති සැටියකි.

මහින්ද රාජපක්‍ෂ යනු කිසිම දිනක කිසිම අයෙකුට වෛරයක් තබා අයහපත් සිතිවිලලක්වත් ඇතිකරගත් අයකු නොවේ. ත්‍රස්තවාදින් සමඟ කල මානුෂීය මෙහෙයුමේදී පවා ඔහු තම ඇසින්දුටු  අහිංසක මිනිසුන්ගේ ඝාතන රැල්ල නැවැත්වීමට ක්‍රියාකලා මිස වෛරී පලිගන්නා සිතුවිල්ලක් ඇතිකරගත් ජන නායකයෙකු නොවීය. එ බව මානුෂීය මෙහයුමෙන් පසු ඔහු උතුරැ නැගෙනහිර දෙපලාතට ඉෂ්ඨ කල සංවර්ධනය තුලින් මනාව පිළිබිඹු වෙයි.

නමුත් අද පත්වී ඇති ජනපති ඇතුඵ යහපාලකයින්ට මහින්දව වහකදුරැ මෙන් තිත්තවී ඇත. ජනපතිගේ ප්‍රතිපත්ති ඉටුකල හැකි අයෙක් ලබන මැතිවරණයෙන් පසුව ඔහුට අගමැති කරගතයුතු යැයි කියයි.  තම ප්‍රතිපත්ති පිළිබද සාම්පලයක් ජනතාවට දැක්වූයේ ප්‍රථමයෙන්ම රටේ ජාතික ගීය දමිල බසින් ගැයීමට අවකාශ සැලසීමෙනි. දෙවනුව (දමිල රෑපවාහිනී නාලිකාවක් තුලින්) හෙලිවූයේ ජනපතිවරණයට පෙර තම අවසන් ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් රටේ ඒකීයභාවය යන වගන්ති ඉවත් කර ඇතිබවය. තෙවනුව සිංහලයන් වර්ගඝාතකයින් යයි ලේඛණ හදාගෙන  බෙදුම්වාදින් ලොවවටා යනවිට ජනපතිගේ දතකට පූට්ටුවී තිබිනි. සිව්වැනිව මේ රට කාගේදැයි නොදන්නා යහපාලක මාධ්‍ය සංදර්ශන හමුවේ නිහඞව අනුමැතියක්  දැක්වා බටහිර ගැති ප්‍රතිපත්ති රටට ම ප්‍රදර්ශනය කර ඇත. ඔහුගේ එම ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කිරීමට අගමැතිකමට තෝරාගන්නේ දේශද්‍රෝහියකු හැර වෙනකෙක් නම් විය නොහැකිය.

මහරජ ගැමුණු හෝ දළදා වහන්සේ යයි පවසනවිටත් ලියනවිටත් මොනතතම් ලස්සනද? ගැලපෙන්නේද? එසේ දැනෙන්නේ ගැමුණු හා දළදා යන නාමයන් මහරජ හා වහන්සේ යන නාමවිශේෂණයන්ගෙන් තවතවත් ඔපවත්වන බැවිනි. නමුත් ජනපති සිරිසේන යන්නෙහි ගැලපීම හීනය. ඒ ජනපති යන ගරැකටයුතු නාම විශේෂණය නාමපදයෙන් දුර්වලවන බැවිනි. එහි මොකක්දෝ අමුත්තක්ද දැනේ. පසුගියදා මාධ්‍යය හමුවේ පැවැත්වූ, දෝශාභියෝගී අවස්ථා ගහන කතාවෙන් පසු ඒ අමුත්ත තවතවත් තිව්‍රවූ බවක්ද දැනේ. එ නිසා මොහුට අපි සරලව සිරිසේන යයි කියමු. එය පහසුය.

ලබන මැතිවරණයෙන් පාර්ලිමේන්තුව තුල බහුතරය ලබාගැනුමටනම් මහින්ද මෙහෙයවන එ ජ නි සංධානය ආසන 113 ක් ලබාගතයුතුය. මෙය අපහසු කටයුත්තක් නොවන්නේ රටට ආදරය කරන සියඵම දෙනා මහින්දගේ සම්ප්‍රාප්තිය ඉත සිතින් ප්‍රාර්ථණා කරනා බැවිනි. ප්‍රශ්නය වන්නේ අප සියඵදෙනාම දන්නා පරිදි  එ ජ නි සංධානයේ අපේක්‍ෂක ලයිස්තුවල අඞුමතරමින් සියයට විස්සක් පමන සිරිසේන විසින් සැඟවූ ද්‍රෝහින් සිටීමයි. උදාහරණයක් ලෙස මහින්ද ප්‍රමුඛ එ ජ නි ස ආසන 120ක් දිනුවහොත් එහිතුල මේ  ‘සිරිසේන ද්‍රෝහින්’ අවම වශයෙන් 24 ක් වත් සිටීමේ සම්භාව්‍යතාවයක් ඇත. එමගින් මහින්දගේ බලසහිත (effective) ආසන සංඛ්‍යව  96 දක්වා පහල බසී. මෙය බහුතරයක්වන 113 ට වඞා අඞු ප්‍රමාණයකි.  මේ උභතෝකෝටික පැණය විසදීම මහින්දට තනිවම කල නොහැකිය. එය මහින්ද තනිවම විසඳාගනීවි යයි සිතිමද අපට තරම් නොවේ. ඒ සඳහා අප මහින්දට උදව්වන්නේ කෙසේදැයි බලමු.

පසුගිය ජූනි මස විසිහයවනදා සිරිසේන පාර්ලිමේන්තුව විසුරැවා හැරියේ මහ බැංකු සුරැකුම්පත් වංචාවට රනිල්ගේ සෘජු මැදිහත්වීම ලෝකයාගෙන් වසාලනු පිනිසය. එදා යමපාලන රජය පවත්වාගෙන ගියේ එ ජ නි ස මංත්‍රීවරැන්ට නොයෙකුත් වරප්‍රධාණ දී රනිල්ට බහුතරය සාදා දීමෙනි. මෙසේ යමපාලන රජය විසුරවා හරින විට තනතුරැ දැරා සිටි එ ජ නි ස මංත්‍රීන් සියල්ලන්ම රටට ද්‍රෝහිවු අය වන අතර තම අතින් සිදුවූ වරද තේරැම්ගෙන එම`තනතුරැ අතහැරිය කිහිප දෙනා එම ද්‍රෝහින් අතරට නොවැටෙන බවද සිහිකට යුතුවේ. මහින්ද  දිනවන්නටත් ඔහුව අගමැති කරවන්නත් ගෙන යන ව්‍යායාමය  ජයගැනීමටනම් වත්මන් ඡන්ද අපේක්‍ෂක ලයිස්තුවල සිටිනා මේ ද්‍රෝහින් හඳුනාගත යුතුය. මක්නිසාද යත් ඔවුන් නැවත වරක් පාර්ලිමේන්තුවට පත්කලහොත් නැවතත් සිරිසේන සමග එකතුවී රටටම ද්‍රෝහිවී රනිල්ට රජයක් පිහිටුවීමට බහුතරය සාදාදෙන බැවිනි.

සෑම මැතිවරණ දිස්ත්‍රික්කයකම අපේක්‍ෂක ලයිස්තුවල සිටිනා ‘සිරිසේන ද්‍රෝහින්’ හඳුනාගෙන ලයිස්තු ගතකර ප්‍රසිද්ධ මාධ්‍යය මගින් ජනතාව දැනුවත් කිරීම අද ඇතිවී තිබෙන ජාතික ‍අවශ්‍යතාවයකි. එසේ පලකිරීමට නීතිමය අපහසුතාවයක් ඇත්නම් රටට හා ජාතියට හිතැති වෙබ් අඞවියක් ඒ සඳහා තෝරාගනිමු. ඒ හා සමඟම මහින්දට හිතවත් මහින්දව ආරක්‍ෂාකරන ඒ ඒ ඡන්ද කොට්ඨාශය නියෝජනය කරන අපේක්‍ෂකයින්ගේ නම් හා එ ජ නි ස ට ඡන්දය දෙන ආකාරය දැක්වෙන සාම්පල් ඡන්ද පත්‍රිකා මුද්‍රණයකර සෑම නිවසකටම බෙදා දීමට මේ ඡන්ද මාසය තුල ක්‍රියාකරමු. දිස්ත්‍රික් අපේක්‍ෂක ලයිස්තු සාදා ඇත්තේ බොහෝවිට දිස්ත්‍රික්කය තුල පවතින ඡන්ද කොට්ඨාශ නියෝජනයට එක් අයෙක් හෝ අයත්වන පරිදිය. මහින්දට හිතවත් මේ ඡන්ද කොට්ඨාශය නියෝජනය කරනා අපේක්‍ෂකයා පමනක් දැක්වෙන පරිදි සාම්පල් ඡන්ද පත්‍රිකා සාදා ඒ ඒ අදාල ඡන්ද කොට්ඨාශය තුල බෙදාදීමෙන් හා එම ක්‍රියාවලියට එකඟතාවයක් ඇතිකර ගැනීමෙන් අවජාතක මනාප පොරයද තරමක් දුරට හෝ පාලනය කිරීමටද හැකියාවක් ඇත.

රටටම ද්‍රෝහිවූ යමපාලනය පරාජයකිරීම ජාතික අවශ්‍යතාවයකි. ඒ සඳහා හැකි සෑම අයුරකින්ම සහයෝගය දක්වමු. පෙල ගැසෙමු. මෙ පුංචි රට හැර අපට මේ ලෝකයේ අපේ යයි කිවහැකි වෙනත් බිම්කඞක් නැත. ලබන මැතිවරණයෙන් පසුව නැවත වරක් යහපාලන රජයක් බිහිකිරීමට රනිල් හා එක්වන බෙදුම්වාදින්ගේ පලමුවන ඉල්ලීම වන්නේ උතුර හා නැගෙනහිර එක්කිරීමය. මෙය සවයංපාලනයේ මූලික නිර්ණායකයයි. එය පැරදවිය හැකි එකම ආයුධය අප සතුය. එනම් ලබන මැතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂයන්ව තුනෙන් දෙකක වැඞි ආසන සංඛ්‍යවකින් පාර්ලිමේන්තුවට යැවීමයි. එවිට ‘සිරිසේන ද්‍රෝහින්ට’ පක්‍ෂය මාරැකලද කලහැකි දෙයක් නැත. තීරණය නැණවත් ඔබ අතය. වටිනාකමට සරිලන ලෙස අපේ ඡන්දය භාවිතාකිරීමද එමගින් රට අපේ අනාගත දරැපරපුර වෙනුවෙන් රැකගැනීමද  අදට යෙදී ඇති අප සතු මඟගු කාර්යයයි.

ඔබට සුභ පැතුම්

තිස්ස ගුණතිලක, සිඞ්නි නුවර සිට

2015 ජූලි මස 17වන දා

3 Responses to “අපි මහින්ද අගමැති කරමු.”

  1. Ancient Sinhalaya Says:

    Alugosu jr
    alugosu premadasa
    alugosu rw.
    We all seen evidence of that. How they brutally killed Sinhalese youth. Remember headless bodies floating in rivers? Remember bodies burning in town centres? Remember severed heads stuck on sticks in town centres?
    Remember batalanda?
    Remember 600 policemen in the east?
    Remember Athurigiriya intelligenet officers?
    But they couldn’t kill the terrorists, ltte.

    Then 13, 13A to divide the country.
    Any other race on this planet, would have dumped those Unpatriotic Party (UNP) low lives for good after what they done.
    But not the Asinhalese!

    Unpatriotic Party (UNP) has done so much damage to the Sinhalese
    All these Unpatriotic Party (UNP) supporting Sinhalese (Asinhalese) think it is fashionable to support these
    traitors. These Unpatriotic Party (UNP) has ever done is murdering Sinhalese youth and stealing.
    Fortunately for them there are a lot of Sinhalese (Asinhalese) still supporting them. Traitor chief rw knows this.
    So he doesn’t have to do anything to please those Asinhalese. Promise the moon and earth to tamils and mussies.
    That’s why he has promised to break up the country to get those two sets of foreigners’ votes! Asinhalese don’t care. They just want to be called Unpatriotic Party (UNP) supporters.

  2. Ancient Sinhalaya Says:

    Forgot one achievement in the Unpatriotic Party’s (UNP) colourful CV.
    The biggest ever robbery in the history of the country by rw’s catholic tiger buddy.
    5,900 billion rupees!
    Asinhalese are overjoyed!
    Yamapalanaya said MR was corrupt!

  3. Christie Says:

    සින්හලයන්ට බලය ඇති පාර්ලිමේන්තුවක් ඉතාම උවමනාය. මැලේසියාව, සිඟප්පූරුවමෙන් රටේ වැඩිජනතාව අතට බ්ලය ලැබෙනතෙක් සින්හලයා වල පල්ලේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress