සින්නක්කරේට ලියාදෙන සිංහල රට
Posted on July 23rd, 2015

තිස්ස ගුණතිලක, සිඞනි නුවර සිට

රටේත් අපේත් ග්‍ර‍හචාරය කුමක්වුවත් ලබන අගෝස්තු දහහත්වනදා දෛවෝපගත දිනයකි. එදිනට යෙදී ඇති ඡන්දයෙන් රටේත් අපේත් අනාගත දරැපරපුරේත් ඉරණම විසඳීමට නියමිතය. රට රැකුනොත් අප රැකෙයි. රටයි අපයි රැකුනොත් අනාගතය එනම් අනාගත දරැපරපුර රැකෙයි. එසේනම් ලබන දහහත්වනදා තීරණාත්මකය. එදිනට මේ තීරණය ගැනීමට අප සූදානම්ද? අප තොරතුරැ සම්බන්ධව යාවත්කාලිනද (updated)? අපට අතීතය මතකද? අප එයින් පාඞම් උගත්තේද? අප එම දැනුම අගොස්තු දහහත්වනදා තීරණය ගොඞ නගනු පිනිස යොදවන්නේද?

1803 දී වාගොල්ල සටනින් සුද්දාව පරදා ජයලැබූ අපි 1815 දී දේශද්‍රෝහින් පිරිසක් සුද්දාට රට සින්නක්කරේට පවරල දෙනකම් දැනගෙන හිටියෙ නැහැ අපටත් රටටත්  එයින් වන වින්නැහිය. මේ පාවාදීම කලේ ජනතාවගේ නායකයො ලෙස පෙනී සිටි අදිකාරම්වරැ පිරිසක්. එදායින් පසු අපි සුද්දාගෙන් රට ආපසු ලබාගන්න සටන් කීපයක්ම කලත් පලක්වුනේ නැහැ. ඒ හැම සටනකින්ම අපි පරාජය වුනා. 1818 වෙල්ලස්සේ සටනත් 1848 මාතලේ සටනත් මේ අතරින් ප්‍රසිද්ධයි. අපිට පරාජය ගෙන දුන්නේ ඒ හැම අවස්ථාවකම සුද්දට ආවඞපු ද්‍රෝහියෝ අපි අතරම ඉදලා යුද්ධ රහස් සුද්දට සැපයුවා පමනක් නොව උන්ට හැකි සෑම අවස්ථාවකම සහාය දුන්න නිසයි.  මේ නිසා 1815 වෙන් පස්සෙ සටන්වලින් අපට හිමිවුනේ පරාජයක් විතරයි.

සුද්දා ඒකාලෙ මහනුවර නැතිනම් සෙන්කඞගලපුරයට ඇතුල්වෙන මාර්ගය දැනගෙන හිටියේ නැහැ. කිපවතාවක් විවිධ මාර්ග වලින් ඇතුලුවෙන්න උත්සාහකලත් සෙන්කඞගලට කොළඹ දිසාවෙන් ඇතුල්වෙන්න තියෙන්නෙ බලන කපොල්ල වගේ කඳුදුර්ග හරහා හින්දා එම කටයුත්ත පහසුවුනේ නැහැ. හැම සැරේකම පාරවැරදිලා මැලේරියා හදාගෙන ආපසුගියා. නමුත් අපේම අදිකාරම් වරයෙක්වූ පිලිමතලාවේ රජකමට තිබුන කෑදරකම නිසා සුද්දට සෙන්කඞගලට පහසුවෙන් ඇතුඵවන මාර්ගය පෙන්වාදුන්නා. ඒ මාර්ගයේ පහසුවෙන් ගිරිදුර්ගය පසුකරල සෙන්කඞගලට ලඟාවුන සුද්දට දකින්න ලැබුනේ පාඵවටගිය නගරයක්. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ඇතුඵ පිරිවර සාමාන්‍ය ජනතාවත් සමඟ නගරය අතහැරල ගිහින් තිබුනා. සුද්දා මුඵ නගරයම සංහාරය කරලා ඉතිරිවෙලා හිටපු ජනයා කිහිප දෙනාවත් මරලා දාලා කලින් හිටපු රජාගෙ එනම් රාජාධිරාජසිංහගේ ඥති සහෝදරයෙක් මෙන්ම තවත් ද්‍රෝහියෙක් වුනු මුත්තුසාමිව රජකෙරෙව්වා. කෙසේ වෙතත් ඉන් දින කිහිපයකට පසුව සේනා සංවිධානය කරගෙන පැමිනි ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංග්‍රීසින්ව වාගොල්ල එනම් මහවැලි ඟග අසබඞ දැනට ලේවැල්ලට ආසන්න ප්‍රදේශයකදී මුහුනට මුහුනලා සටන් කර පරාජය කලා. සුද්දෝ ඔක්කොම විනාශකරලා අන්තිමේ ඉතුරැවෙල තියෙන්නෙ ඕඞීන් කියලා සුද්දගේ මැලේ හමුදාවෙ හිටපු මුස්ලිම් ජාතිකයෙක් විතරයි. (පසුව ඔහු සිංහලයින් සමඟ එකතුවුන බවත්, ඒ නිසාම 1815 වේ මහා පාවාදීමෙන් පසුව සුද්දො ඕඞීන්ව අල්ලාගත් බවත් ඕස්ට්‍රේලියාවට පිටුවහල් කල පලමු ශ්‍රී ලාංකිකයා මොහු බවත් සඳහන් වෙනවා).

මහින්ද රාජපක්‍ෂ 2009 මැයි දහනමවනදා නන්දිකඞාල් කලපුවෙදි, ඉංග්‍රීසින් ප්‍රමුඛ බටහිරයන් හදාවඞා ඇති දැඞිකල හා ලංකාවේ කඵ සුද්දො අවුරැදු තිහකටත් වඞා වැඞිකාලයක් රැකබලා ගත්ත ත්‍රස්තවාදය මුලිනුපුටා රටට අත්කරලා දුන්න  ජයග්‍රහ‍ණය තමයි 1803 සිට අවුරැදු 209 කට පස්සෙ සිංහල අපි ලබපු ප්‍රථම ජයග්‍රහණය. අවුරැදු 209 ක් ඒ කියන්නෙ පරම්පරා තුනක් පරාජිතවෙලා හිටපු අපිට නව ජීවයක් දුන්නෙ මහින්ද රාජපක්‍ෂයි. මහින්ද රාජපක්‍ෂ මේ ලක් දෙරණේ පහලවෙනකම් පසුගිය පරම්පරා තුනටම එවැනි අයෙක් බිහිවෙලා නැහැ. මහින්ද ත්‍රස්තවාදය තුරන්කලේ තමාගේ ජීවිතයට තියන තර්ජනය හා අනතුරද නොදැන නොවේ. මේ අනතුර දැනදැනම තමයි එතුමා මේ ඉතිහාසගත සටන මෙහෙයවා රටත් ජනතාවත් තැන තැන පුපුරපු බෝම්බ වලින් ආරක්‍ෂා කලේ. එහෙමනම් රටටත් ජාතියටත් තම පනටත් වඞා ආදරයකරන ජන නායකයො බිහිවෙන්නෙ කලාතුරකින්. එවැනි කාලෙක ඔවුන්ගෙන් උපරිම ප්‍රයෝජනය නොගතහොත් අපි හරිම අනුවණ ජාතියක්. අද දේශද්‍රෝ‍හින් පෙලගැහිලා ඉන්නෙ අර 1815දි කලාවගේ අපේ ජයග්‍රහණය ආපසු හරවලා නැවත මේ රට ත්‍රස්තයින්ගේ, සුද්දන්ගේ පරාදීසයක් කරන්න.

අම්මේ තාත්තේ නංගියේ මල්ලියේ අපිට මොනවා දෙනවා කීවත් රට පාවාදෙන තීරණයක් නම් ලබන අගෝස්තු දහහත්වනදා ගන්න එපා. එහෙම කලොත් නැවත මේ රට මුදවාගන්න තවත් පරම්පරා තුනක් අපිට බලා ඉන්න වේවි.

රනිල් හැම දේම සින්නක්කරේට ලියාදෙන බව පවසමින් මේ දිනවල රටවටේ යයි. ප්‍රසිද්ධියේ මේබව පවසන ඔහු අප්‍රසිද්ධියේ රහසින් පවසන දෙයක්ද වෙයි. එනම්  ලබන මැතිවරණයෙන් පසු ඔහු සිංහලයින්ට උරැම මේ රටින් කොටසක් බෙදුම්වාදින්ට සින්නක්කරේට ලියාදීමට අවශ්‍ය පිඹුරැපත් සකසන බවයි.

රණවිරැ ජීවිත විසිහත් දහසක් පුදා මහින්ද රාජපක්‍ෂයන් ත්‍රස්තවාදි ග්‍රහනයෙන් මුදාගත් මේ රට සින්නක්කරේ ලියාදීම ඕනෑම දුර්ජනයෙකුට පහසුවෙන් කලහැකිය.

ත්‍රස්තවාදය පරදා අපිට සත්‍ය නිදහස ලබාදුන් මේ අපූරැ මිනිසා, මහින්දගේ ජීවිතයට නිරතුරැවම ඇති අනතුරද අපි තේරැම්ගන්න උත්සාහකරමු. එය විහිඵක් ලෙස සලකන අයටද අගෝස්තු දහහත්වනදා පිලිතුරැ දිය යුතු වෙනවා. ඒසඳහා ඔබ සැමට යෝධ බල යෝධ වීර්ය ලැබේවා.

ඔබට සුභ පැතුම්

තිස්ස ගුණතිලක, සිඞනි නුවර සිට

2015 ජූලි මස  23 වන දා

One Response to “සින්නක්කරේට ලියාදෙන සිංහල රට”

  1. Christie Says:

    Beware of Indian vermin and Indian colonial parasites in Sydney.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress