‘අනාගතයට සහතිකයක්’ නම් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය ‘Guaranteed future” -the United People’s Freedom Alliance election manifesto
Posted on July 28th, 2015

Courtesy Rivira

‘අනාගතයට සහතිකයක්’ නම් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) පෙරවරුවේ දී කොළඹ හෙන්රි ප්‍රේද්‍රිස් ක්‍රීඩාංගණයේ දී එළිදැක්වීය.

ජාතික ඒකාග්‍රතාව සහ තිරසාර සංහිඳියාව පිළිබඳ ප්‍රතිපත්තිය, දූෂණ පිටුදැකීම සහ අධිකරණයේ ස්වාධිපත්‍යය සුරැකීම පිළිබඳ ප්‍රතිපත්තිය, ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තිය, විදේශ ප්‍රතිපත්තිය, නිවාස හා ඉඩම් ප්‍රතිපත්තිය, අධ්‍යාපන ප්‍රතිපත්තිය, සෞඛ්‍ය ප්‍රතිපත්තිය, පාරිසරික, කලා සහ සන්නිවේදන කටයුතු ප්‍රවර්ධන ප්‍රතිපත්තිය, ක්‍රීඩා සහ තරුණ කටයුතු ප්‍රතිපත්තිය, කාන්තා සහ ළමා ප්‍රතිපත්තිය, ආයෝජන සහ යටිතල පහසුකම් ප්‍රවර්ධන ප්‍රතිපත්තිය වශයෙන් දොළොස් වැදෑරුම් ප්‍රතිපත්ති මාලාවක් සන්ධාන ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ඉදිරිපත් කර තිබේ.

සන්ධාන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් රටට යළි පණදීමේ කඩිනම් වැඩසටහන යටතේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පහත හෙළීම, ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල ගෘහස්ථ ජල ගාස්තුව සියයට 50 කින් හා නගරබද ප්‍රදේශවල සියයට 25 කින් වහාම අඩු කිරීම, සමෘද්ධිලාභී පවුල්වලට ගෑස් ළිපක්, ගෑස් සිලින්ඩරයක් හා ගෑස් මිලදී ගැනීමට මාසිකව රුපියල් 350 ක් ලබා දීම, රජයට අයත් නිවාසවල වසර 10 කට වඩා කල් සිටින අඩු ආදායම්ලාභීන්ට එම නිවාස සින්නක්කරව ලබා දීමේ ‍පොරොන්දු ඇතුළත්ය.

එමෙන්ම නව විවාහක පවුල් සඳහා සහන ‍පොලියට මිලියන 4 ක ණයක්, ස්වයං රැකියා සඳහා ‍පොලී රහිතව රුපියල් 50,000 ක් හා සහන ‍පොලියට රුපියල් ලක්ෂ දෙක දක්වා ණයක් ලබා දීමට අඩු ආදායම්ලාභී ගැබිනි මව්වරුන්ට රුපියල් 1500 ක මාසික දීමනාවක් ලබා දීමට, පවුල් සෞඛ්‍ය සේවිකාවන් 25000 ක් අලුතින් බඳවා ගැනීමට, උසස් පෙළ ශිෂ්‍යයන්ට හා විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට පරිගණක මිලදී ගැනීම සඳහා ‍පොලී රහිත ණය ලබා දීමට, විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට රුපියල් 5000 ක විශේෂ ආධාර මුදලක් මාසිකව ලබා දීමට, පෙර පාසල් ගුරුවරුන්ට මාසිකව රුපියල් 5000 ක් ලබා දීමට, සෑම අනුමත පෙර පාසලකටම රුපියල් 50,000 ක ‍පොලී රහිත ණය මුදලක් ලබා දීමට පියවර ගන්නා බව එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වේ.

වයස අවුරුදු 18 සිට 25 දක්වා තරුණ තරුණියන්ට වෘත්තීය අධ්‍යාපනය සඳහා රුපියල් 50,000 ක් ප්‍රදානය කිරීමට, විශ්ව විද්‍යාලයට ඇතුළත් වන සෑම ශිෂ්‍යයකුටම විශ්ව විද්‍යාලයට ඇතුළත් වන විටම රුපියල් 10,000 ක් ලබා දීමට, මහ‍පොළ ශිෂ්‍යාධාරය රුපියල් 6,000 ක් කිරීමට, ඒකාබද්ධ නව රැකියා ලක්ෂ 15 ක් ඇති කිරීමට, අඩු ආදායම් ලාභී නව විවාහක යුවළ සඳහා රුපියල් 200,000 ක යුග දිවි තිළිණ සහ ණය ක්‍රමය ක්‍රියාත්මක කිරීමට, සෑම නිවසකටම බ්‍රෝඩ්බෑන්ඩ් පහසුකම් ලබා දීම, ‍‍‍ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ රුපියල් ලක්ෂ 25 ක් දක්වා වූ ස්ථාවර තැන්පතු සඳහා සියයට 15 ක ‍පොලියක් ලබා දීමට, ‍‍‍ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ලංගම බස් හා දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර රාජ්‍ය අනුග්‍රහයෙන් නොමි‍ලේ ලබා දීමට, සන්නද්ධ සේවා හා ‍පොලිස් සේවයේ වැටුප් සංශෝධන කමිටු පිහිටුවා වැටුප් වැඩි කිරීමට, පසුගිය කාලයේ දී රාජ්‍ය සේවකයන් සඳහා ලබා දුන් සියලු වැටුප් වැඩිවීම් මූලික පඩියට එකතු කිරීමට, රාජ්‍ය සේවකයන්ගේ අවම මූලික වැටුප රුපියල් 25,000 ක් කිරීමට පෞද්ගලික අංශයේ අවම මූලික වැටුප රුපියල් 3000 කින් වැඩි කිරීමට කටයුතු සම්පාදනය කිරීමටද පියවර ගන්නා බව එහි සඳහන් වේ.

මේ අතර වී කිලෝවක් සඳහා රුපියල් 50 ක සහතික මිලත්, තේ කිලෝවක් සඳහා රුපියල් 90 ක්, රබර් සඳහා රුපියල් 300 ක සහතික මිලක්, දිය කිරි ලීටරයක් සඳහා රුපියල් 70 ක සහතික මිලක්, කලාකරුවන් හා මාධ්‍යවේදීන් වෙනුවෙන් ‍පොලී රහිත වාහන ණය රුපියල් 1,500,000 දක්වා වැඩි කිරීමට හා රාජ්‍ය අනුග්‍රහය මත පිහිටුවනු ලැබූ විශ්‍රාම වැටුප් ක්‍රමයක් සකස් කිරීමට ඉතා ඉහළ වැටුප් සහිත විදේශ රැකියා 50,000 ක් උත්පාදනය කිරීමට, පාවිච්චි කරන ලද වාහන ආනයනය සඳහා අලුතින් පනවන ලද අසාධාරණ බදු සියල්ල අහෝසි කිරීමට, ත්‍රිරෝද රථ රියැදුරන්ට රුපියල් 100,000 ක විශේෂ අඩු ‍පොලී සහිත ණය පතක් ලබා දීමට, සංචාරක හෝටල්වලට විදුලිය සහන මිලකට ලබා දීමට, වතු කම්කරුවන්ගේ දිනක වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීමට, සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන්ට සමානාත්මතාව හා සාධාරණත්වය තහවුරු කිරීම සඳහා පුළුල් බලතල සහිත ජාතික සුහදතා කොමිසමක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බවද සන්ධාන ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වේ.

2 Responses to “‘අනාගතයට සහතිකයක්’ නම් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය ‘Guaranteed future” -the United People’s Freedom Alliance election manifesto”

  1. Kumari Says:

    All of what is mentioned results in less well off getting more money, the farmers receiving a guaranteed income for the produce (thereby offering them the opportunity to keep the costs down and encouraging them to make a livelihood).

    A governments main duty must be to look after the cash poor. This system allows the entire country to go up the income ladder much faster than letting the big businesses exploit the poor.

    Most of what is mentioned are easily measurable too.

    Well Done and Good Luck Mahinda and the UPFA.

  2. ranjit Says:

    Good one and a true one not like the UNP bogus promises. Great stuff and people should believe this man and give their vote in appreciation on Aug 17th. S.L.F.P. always kept their promises. Even children respects and believe in this leader and they are 100% with him on everything he does. Our country will be in safe hands as long as he lives. He is a strong leader with a good vision for the country. Ranil is a westernized pimp who will hand over the North and East as a gesture to the western and Indian backers of his regime. You can read in newspapers what this traitor has promised the Tamils and Muslims to get votes. I do not think people will believe this guy this time and be a part of this evil Regime who will break this land and the backbone of the Sinhala people.

    Pray for the miracle to happen on Aug 17th for all citizens to live in Peace and Happiness. Reject the traitors in wholesale. Remember the name MAHINDA.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress