දෙමළ ජනතාවගේ ඝාතයින්ටම දෙමළ ජනතාවගේ ප්රසාදය හිමිවන්නේ ඇයි?
Posted on July 28th, 2015

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.

ශ්‍රී ලාංකීය ඳේශපාලනය, නවතම මුහුණුවරක් ගෙන තිබේ. සටන් බිම දැඬි ලෙස උණුසුම්ව ඇත.පැහැදිලිව සටන ඇත්තේ, හෙළයා හා පරයා අතරය. එක් පසෙකින් මහින්ද රාජපක්‍ෂ මහතා ලක්‍ෂ 58ක ජන බලකායක් සහිතව හෙළ බලය නියෝජනය කරන අතර, මෙරට බටහිර තානාපති දේශපාලන අංශ හා ඉන්දීය තානාපති දේශපාලන උපදේශකත්වය සහිතව, පර ජාතික දේශපාලන බලමුලු සටන් වදී. හෙළයාව පරදා විනාශ කර දැමීම සදහා පරයා විසින් බල ගන්වන බලවත්ම අවිය ජාතිවාදයයි. ඒ සදහා බටහිර තානාපති බලගනය විසින් ප්‍රධාන බලමුලු තුනක් සටනටඅනුයුක්ත කර ඇත. ඇත. ඒවානම්,

1.දෙමළ ජාතික සන්ධානය,
2.මුස්ලිම් කොංග්‍රසය
3.බොදුබල සේනා සංවිධානය

ම‍ෙවා සෘජුවම බටහිර තානාපති අංශ නිමයුම්ය. මේ සංවිධාන තුනට දේශපාලන ස්වාධීනත්වයක් නැත. ඇත්තේ සිය හාම්පුතාලාගේ උපදෙස් වලට අනුව කටයුතු කිරීමයි. මේ බල ඇණි තුනින් බලවත්ම සංවිධානය දෙමළ ජාතික සන්ධානය ඇතුලු දෙමළ ජාතික බලගනයයි. දෙමළ ජාතික සංවිධාන කටයුතු කරන්නේ, දෙමළ ජාතිකයින්ගේ ඕනෑ එපා කම් වෙනුවෙන් බව .ප්‍රකාශිතය. ඒ අනුව එය ජාතිවාදී දේශපාලන පක්ෂයකි. මේවා මෙරට ලියා පදිංචි දේශපාලන පක්ෂ හා සංවිධාන  බැවින්; මේ රට තුල ජාතිවාදීව කටයුතු කිරීමට නිදහස් පසුබිමක් ඇති බව  ගම්‍යයවේ. මේ දේශපාලන සංවිධාන සෘජුවම සිංහල ජාතියට එරෙහිව නැගී සිටින සංවිධාන බැවින්, සිංහලයින් වන අප විසින්, මේ දේශපාලන පක්ෂය රටතුල සිදුකරමින් සිටින්නේ කුමක්ද? කාගේ අරමුණක් සදහාද යන්න සම්බන්ධව අවබෝධයක් ලබාගත යුතුමය. ඒ සදහා අප රටේ, එෙතිහාසික මූලාශ්‍රයන් හරහා ගමන් කරමින් සිටින්නෝ බවට පත්ව ඇත. මෙලෙස කාලය හරහා ගමන් කරන විට අප දකින්නේ මොනවාද? ඉතිහාසය විසින් ඔබට පැවසීමට අපට බලකර සිටින දේවල් අපට එලි දැක්වීමට සිදුව ඇත.අපි ඒ සම්බන්ධව කටයුතු කරන්නෝ වෙමු.

ශ්‍රී ලාංකීකයින්ට දිගු ඉතිහාසයක් ඇත. එෙතිහාසිකව කිසි දිනක ජාතිවාදී පදනමින් ගැටුම් සිදුන නැත. අතීතයේදී මේ රටතුල ජාතිවාදීව, මිනිසුන් දෙස බලන දෘෂ්ඨි කෝණයක් නොතිබිණ. සිංහලයාද, දෙමළාද, මරක්කලයාද යන්න ජනතා ගැටලුවක් නම් නොවිණි. එවන් පසුබිමක් තුල, සිංහලේ රජු වශයෙන් සියලූම වංශවතුන් එක්ව ඒකමතිකව, කන්නසාමි නම් වූ  ද්‍රවිඩ ජාතික ශිව භක්තික නායක්කාර. රාජ ගෝත්‍රික කුමරෙක්ව, ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් සිංහාසනාරූඩ කරවන ලදී. සැබෑ සිංහලයා යනු මහා අභිමානවත් පුද්ගලයෙකි. ඕහුට මොකෙක් හෝ සතෙක් සිංහාසනාරූඩ කරවීමට ඇවැසි නොවීය. සිංහාසනයට සුදුසු වූ මහා සිංහයෙක‌් වන්වූ අභීත රාජවංශිකයෙක් සිංහාසනාරූඩ කරවීම ඔහුගේ ඒකායන බලාපොරොත්තුව විය. එහි ඵලයක් වශයෙන් සිංහයෙක් වන්වූ  ද්‍රවිඩ කුමරෙක් සිංහාසනාරූඩ විණි. රජුට  ජාතිය වැදගත් නොවූවා සේම ජනතාවටද ජාතිය වැදගත් අංගයක් නොවීය. ඕහු රටට ජාතියට ලැදි රට, ජාතිය හා ආගම සුරකින රාජකීය ලේ හා සබැදුන අයෙක් වීම බලවත්ම සුදුසුකම විය.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා මහා බලවත් තේජාන්විත රජෙක් විය. සිය රටේ ජාතික ආරක්ෂාවට මුල්තැන දෙමින්, නව නගර නිර්මාණය කරමින්, නව සංවර්ධන සැලසුම්ද හදුන්වා දෙමින් කෘෂිකාර්මිකව සරුසාර භූමියක් ජනතාවට උරුම කරමින්, රජ කල  රාජ්‍ය පාලකයකු විය. එදා මේ රජතුමාට හා රටට තිබුණ බලවත්ම තර්ජනය,  ඉංග්‍රීසි  ආක්‍රමණිකයින්ගෙන් උරුම වූ අතර, රජතුමා මේ සියලූම ආක්‍රමණිකයින්ට සෘජුවම මුහුණ දෙමින් සතුරාව හා සතුරු බල ඇණි මැඩලමින් අති සාර්ථකව  රාජ්‍ය  පාලනය කලහ,

ආක්‍රමණිකයා සුද්දා වූ අතර, සෑම සටනකදීම සතුරාට උරුම වූයේ නින්දා සහගත පරාජයන්ම විය. ලෝකයම ජය ගැනීමට වෙර දරමින් සිටි සුද්දාට මේ පරාජයන් දරා ගැනීමට නොහැකි විය. මේ තත්වය මත සිංහලේ අල්ලා ගැනීමට නම් මේ  ද්‍රවිඩ නායක්කාර්  ගෝත්‍රික රජතුමාව කෙසේ හෝ විනාශකල යුතු බව වටහා ගත්හ.. රජතුමා බලවත් වන්නේ,රටේ ජනතා මනස තුල රජතුමා සම්බන්ධව ගොඩනැංවී ඇති ප්‍රතිරූපයයට අනුකූලවය. එදා මේ ප්‍රතිරූපය මහා බලවත් තලයක වැජඹිණි.  සුද්දාට ජය ලැබීමට නම්, පලමුව මේ ප්‍රතිරූපය  විනාශ කලයුතු බව පසක් කරගත් සුදු, ආක්‍රමණිකයා නවතම ආකාරයක ප්‍රහාරයක් දියත් කිරීමට තීරණය කලහ. මේ අනුුව ඩොයිලිලා වංශවතුන් හා ජනතාව අතරට යමින් කමින් බොමින් බුලත් හපමින් රජුට එරෙහිව නවතම ආකාරයක සංග්‍රාමයක් දියත් කලහ. ඒ සදහා උපයෝගී කරගත් බලවත් අවිය වූයේ, ජාතිවාදයයි. මහරජතුමා   ද්‍රවිඩ ජාතිකයකු බැවින් ඒ ජාතිකත්වයට එරෙහිව ජන මනස සැකසීම ඩොයිලි හා පරදේශක්කාර බල ඇණිය විසින් මනාව සංවිධානාත්මක කාර්යභාරයක් ඉටුකරන ලදී. රජුට එරෙහිව දෙමළා, දෙමළා , දෙමළා යන්න හාස්ය උපදවන ආකාරයට සමාජය පුරාම කථාවට භාජනය වන ප්‍රධාන මාතෘකාවක තත්වයට පත්විය. ඊටඅමතරව, හොරා, හොරා, හොරා, යන්නද , දූෂිතයා, දූෂිතයා, දූෂිතයා යන්නද කාලාන්තරයක් ජන මනස තුල වැපිරීමත් සමග රජුටනැති ඒ ගුණාංග  සත්‍යය ලෙසම රජු තුල ඇතැයි යන අදහසක් ජන මනස වෙලා ගති. මේ සිතුවිල්ල සමාජ මානස තලය තුල රජුට උරුමව තිබූ දැවන්ත ගෙෘරවණීය ප්‍රතිරූපය ක්‍රම ක්‍රමයෙන් සිද බිදලා රජුව ජනතාවගෙන් වියෝවුණ චරිතයක් බවට පත් කලහ. මේ නිර්මාණිත අසත්‍යය ජාලය රජතුමා කරාද හඹා ගිය අතර, එමගින් රජතුමා තුල කෝපය ඇති කර එය  තීව්ර කලහ. කෝපය  සිදු කරන්නේ එය හටගත් පුද්ගලයාට විනාශය ලගා කරදීම බැවින්, කෝපයට පත් රජතුමාදටද ඒ නියමයේ උරුමයට ලගාවිය. වඩ වඩාත් කෝපයට පත්වන්නා වඩ වඩාත් වැරදි සිදු කරනබැවින් කෝපිත රජ වැරදි සමූහයකටම දායක වී කෘෘරත්වයද වැලද ගත්හ. එහි අවසන් ඵලය වූයේ, ඇහැලේපොල කුමාරිහාමි ඇතුලු දරුවන් ඉතා කෘෘර ලෙස ඝාතනය කර දැමීමයි. මෙම ඝාතනයන් සමගම රජු හා ජනතාව සම්පූර්ණයෙන්ම දුරස්ත වූ අතර,මේ ගාම්භීර රජතුමා ජනබල ශුන්ය තත්වයකට පත්විය.

තවද මෙම කාලය තුලදීද බ්රිතාන්ය සුද්දෝ විවිධ කොන්දේශි ඉදිරිපත් කරමින් රජුව යටත් කර ගැනීමට වෙර දැරූවද කුමණ පදනමකින්වත් පරදේශක්කාරයින්ට යටත් වීම සිංහලේ රජෙකුට උචිත නොවන බව එතුමා විශ්වාස කලහ. ඒ වනවිට ජන මනස මහරජතුමාව, ආරක්ෂා කරනවා වෙනුවට,පාවාදීමට සූදානම් තත්වයකට ගොඩනැංවී තිබිණි.මේ තත්වය මනාව වටහා ගත් ඉංග්රීසි ආණ්ඩුව විසින් 1815 ජනවාරි මස 13 වෙනි දින රජුට එරෙහිව යුධ ප්රකාශ කරන ලදී. 1815 පෙබරවාරි මස 18 වෙනිදා එක්නැලිගොඩ නිලමේ ප්රමුඛ ජනතාව රජතුමා අල්ලා කුදලා ගෙන විත් පර සතුරාට බාරදුණි.

1815 පෙබරවාරි මස 18 වෙනිදා යනු, ශ්‍රී ලාංකා ද්වීපය තුල  රජතුමෙක්, රාජවංශයක්, යලි කිසිදා උරුම නොවන ආකාරයට වල දැමූ දිනයයි.

.මහා බ්රිතාන්ය ප්රමුඛ ඉංග්රීසි ආණ්ඩුව සෑම විටම කියා සිටියේ, සිංහලේ පාලනය කිරීමට දෙමළ රජතුමෙකුට ඉඩදිය නොහැකි බවයි. එසේ කියමින් සිංහලේ ජීවත්වූ සෑම දෙමළ වැසියෙක්ම පෙලමින්,ඔවුන් සතු දේපල කොල්ල කමින්, තමන් සිදුකරන සෑම ක්රියාවක්ම සාධාරණීය කිරීම සදහා නීති සකස් කරමින් සිටින මේ වකවානුවට පැමිණෙන ලෙසට අප වර්තමානයේ ජීවත් වෙන, මෙරට, සියලුම පුරවැසියන්ට ආරාධනය කරමු.


එන්න වරෂ 1815 පෙබරවාරි මස 18 වෙනිදාට මහනුවරට එන්න. ඔබ බුද්ධිමත් නම් ඔබට ඇවැසි නම්, කාලය තරණය කරමින් පැමිණීම අසීරු නොවේ. බලන්න සිදුවෙන දේ ! සුද්දාට ඇවැසි විදියට කටයුතු නොකිරීමේ වරදට, එදා මේ රටත් ජාතියත් ආගමත් සුරැකීමට සටන් වැදුන, ඒ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව අඩනිරුවත්ව ගස් වැල් වලින් ගැට ගසා ගෙන එන ආකාරය බලන්න. එතුමාගේ බිසවුන් වහන්සේලා දෙදෙනා අද නිරුවතින් කන් පෙති වලින් ලේ බේරෙමින් ගෙන එන ආකාරය දෙස බලන්න.

වර්තමානයේ සිට මේහි එන සිංහල ඔබට සිතෙන්නේ මොනවාද?

වර්තමානයේ සිට මේහි එන දෙමළ ඔබට සිතෙන්නේ මොනවාද?

ඔබ කුමක් සිතුවද, මේ සිදුවීම දකින්නට එන දෙමළ ජාතික ඔබ මේ ක්රියාවට එරෙහි වනු ඇත. නමුත් ඔබට සිදුවීම වෙනස් කල නොහැක. නමුත් සිදුවීම හොදින් දැකගත හැක. මේ සිදුවීම සිදුකරන්නාව හදුනාගත හැක. මේ සිදුවීම සිදු කරන්නේ අන් කිසිවෙක් නොව, වර්තමානයේ දෙමළ ඔබට පාලනය කරන්න ලංකාවෙන් කෑල්ලක් කඩල දෙන්න වලිකන සුද්දාම බව ඔබට හදුනාගත හැක. වර්තමානයේ පවතින ජාතිකත්ව ගැටලුවේ ආරම්භක ලක්ෂයයි ඔබ මේ 1815 පෙබරවාරි මාසේ 18 වෙනිදා දකිමින් සිටින්නේ.

දෙමළ ජාතික සබද, වර්තමානයේ ඔබේ ගැලවුම් කාරයාණන් ලෙස පෙනී සිටින ඒ යුරෝපා ජාතීන් මේ ගැටලූව නිර්මාණය කිරීමේදී ඔබව පෙලන ආකාරය මැනවින් අවබෝධ කරගනු මැනවි. යලි වර්තමානයට විත් එදා ඔබව පෙලූ ඒ පර සුද්දාට එරෙහිව සෘජුව සිටගනු මැනවි. 2015 අගෝස්තු මස 17 වෙනිදාට ඒ පර සුද්දාට එරෙහිව මහින්ද රාජපක්ෂ නම්වූ, අභීත සෙන්පතියාට ඔබේ වටිනා ඡන්දය ලබා දෙනු මැනවි. ඔබ එසේ කල යුතුය. එසේ කල යුත්තේ,

1. එදා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා මෙන්ම මෙදා මහින්ද රාජපක්ෂ මහතාද සුද්දාට යටත් නොවී, පරයා ඉදිරියේ අභීතව සිටගත් රාජ්ය නායකයෙකු බැවිණි.

2.සුද්දා එදා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව කුදලා ගෙන ගිය ආකාරයටම මෙදා සුද්දාට; මහින්ද රාජපක්ෂ මහතාවද කුදලා ගෙන යාම සදහා නීති රීති පසු පස හඹා යමින් සිටින නිසාය.


මෙහි සපැමිණි සබද දැන් අප වර්තමානයට යා යුතුය. මෙහි පැමිණි ඔබඋඩරට ගිවිසුම අත්සන් කරන ඒ අති විශේෂ දිනයේදී මහනුවර මගුල් මඩුවේදී සිදුවෙන කාර්යයන්ද දැකබලා ගන්න. මේ ඒ එෙතිහාසික ගිවිසුම අත්සන් කරන කරන දිනයයි. 1815 මාර්තු මස 2 වෙනිදා, බලන්න මෙහි සිදුකරන කාර්යයන් මොනවාද කියා.

උඩරට ගිවිසුම

ද්‍රවිඩ ජාතික ශිව භක්තික නායක්කර් රාජගෝත්රයට අයත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සෙංකඩගලපුර සිංහාසනයෙන් නෙරපා දමා මහා බ්රිතාන්යේ, තුන්වෙනි ජෝර්ජ් මහා රාජෝත්තමයාණන් වහන්සේට සිංහලේ රාජ්යේ අනාගත පාලන බලය කොන්දේසි සහිතව පැවරීමේදී, එංගලන්තයේ මහ රජුගේ ප්රතිරාජයා වශයෙන් සේනාධිපති රොබට් බ්රවුන්රිග්ද, සිංහලේ වැසියන් වෙනුවෙන් ඇහැලේපොල මහ නිලමේද, මොල්ලිගොඩ මහ අධිකාරම් තුමාද, දිසාපතිවරද, ශ්රී ශක වර්ෂයෙන් එක්වා දහස් හත්සිය තිස්හවැන්නේ නවම් මස අව සතවක් තිථියලත් ගුරුදින(වර්ෂ 1815 මාර්තු මස 2 වෙනි දින) මහනුවර මාලිගා අභ්යන්තරයට අයත් මගුල් මඩුවේදී කරගත් ගිවිසුම.
සබද ඉහත ඇත්තේ ගිවිසුමේ ආරම්භක වදන් පෙලයි.මොනවද මේ පවසන්නේ දෙමළ වංශික රජතුමාව පලවා හැර ස්ථානයට සුද්දන්ගේ මහ රජතුමාව ආදේශ කරන බව නේද? බලන්න උඩරට ගිවිසුමෙන් දෙමළ කමට ගරහන ආකාරය, සිංහලයා නොව ඔබව අද ස්වර්ග රාජ්හට ගෙනයාමට පැමිණසිටින යක්ෂයාය.

  1. වගන්තිය.   ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවෝ, රජදරුවන්ගේ ප්රධාන තවද මහත් අසීලාචාරවූ යුතුකම් කඩකරන ස්වභාවයකින් ඒ තරගයට ඇත්තාවූ සියලූම අයිතිකම්ද ඊට වැදගත් බලයද නැතිකර රජගයෙන් බැහැර කරන්නට යෙදුනාහ. එම ගෝත්රයද මව් පිය දෙපක්ෂයෙන් පැවත එන අනාක ප්රකාර නෑදෑයින්ද හැම කල්ම සිංහාසනයෙන් දුරු කරන්ඩ යෙදුනාහ. සිංහලේ ආණ්ඩුකිරීමට දෙමළ වර්ගයට ඇත්තාවූ සියලුම අයිතිවාසිකම් නැතිකරන්ඩද විනාශ කරන්ඩද යෙදුන වග මෙයින් එලිදරව් කරනු.

බලන්න උඩරට ගිවිසුම, සුද්දා දෙමළ මිනිස්සුන්ව කොතරම් පහත් ජාතියක් ලෙසද මෙහි සටහන් කරන්නේ. සිංහලයින් විසින් ඒකච් ඡන්දයෙන් බලයට පත්කරගත් දෙමළ රජතුමාව 1815 මාර්තු මාසෙ 2 වෙනදා ගිවිසුමකින් පන්නනවා විතරක් නෙමෙයි. කිසිම දවසක මේ රට පාලනය කරන්න දෙමළ මිනිසුන්ට කිසිම අයිතියක් නැති බවත් ලිඛිතව ප්රකාශ කරනවා. ඒ විතරක් නොවෙයි එවකට මහනුවර සිටි සියලුම දෙමළ ප්රජාව කුඩා දරුවන්ද ඇතුලුව ද්රෝහීන් බව මෙහි  3. වෙනි වගන්තියෙන් පැහැදිලිවම දක්වනවා. එදා මේ බිමේ දෙමළ ප්රජාවට තිබුණ ඉහළම තත්වහන් නීතිමය පදනමකින් පවා පහලට ඇද දැමූ සුද්දා; අද සිංහල මිනිසුන්ගෙන් දෙමළ ජනතාව මුදවා ගැනීමේ රංගනයක යෙදී සිටින බව මේ තීරණාත්මක දිනයේ මගුල් මඩුවේදී අත්සන් තැබූ ඒ  එෙතිහාසික ගිවිසුම මගින් මනාව පෙන්වා දෙන මේ මොහොතේ, දෙමළ ජනතාව වන වෙනුවෙන් පෙනී සිටිනවා යයි කියන, කාටද කොදු ඇට පෙල ඇත්තේ මේ සිදුකල මහා අපරාධහට එරෙහිව නැගී සිටින්නට.

මෙරට සිටින දෙමළ ජනතාවට එරෙහිව සිදුකල බලවත්ම මානව හිමිකම් කඩ කිරීම වර්ෂ 1815 මාර්තු 2 වෙනිදා මහනුවරදී බ්රිතාන්ය අධිරාජ්යවාදීන් පැහැදිලිව ලිඛිතව විවෘතවම සිදුකර ඇත. මිනිසුනේ, ඔබම තීරණය කරන්න මේ බිමේ දෙමළ මිනිහාගේ හා සිංහල මිනිසාගේ සතුරා සුද්දා බව; මේ අවබෝධය 2015 අගෝස්තු මස 17 වෙනිදා පැවැත්වෙන මහා මැතිවරණයේදී පර සුද්දන්ගේ බලවේගයන් පැරදවීම සදහා මහින්ද රාජපක්ෂ මහතාට ඔබේ ඡන්දය පාවිච්චි කිරීමට ප්රමාණවත්ය. ඒ ඔබ බුද්ධිමතෙක් නම් පමණි.

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress