මහින්ද යුගයේ ලංකාව , නීතියේ ආධිපත්‍යයෙන් දකුණු ආසියාවේම පළමු තැන…!
Posted on July 28th, 2015

 උපුටාගැණීම www.mahinda.info

[1]. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ එක්සත් ජනතා නිදහස් සංධාන ආණ්ඩුව පැවැති 2014 වර්ෂයේදී, නීතියේ ආධිපත්‍යය අතින් ශ්‍රී ලංකාව මුළු මහත් දකුණු ආසියාවේම අංක 1 ට පත්ව තිබේ.

මේ බව හෙළි වෙන්නේ 2014 ලෝක යුක්ති වාර්තාව හෙවත් World Justice Project හි Rule of Law Index මගිනි. මූලාශ්‍රය: worldjusticeproject.org

[2]. World Justice Project යනු ලෝකයේ සෑම ජාත්‍යන්තර ආයතනයක් විසින්ම ලෝකයේ ඒ ඒ රටවල් වල නීතිය ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව ස්වාධීන දත්ත ලබා ගන්නා, ඇමරිකාවේ වොෂිංටන්හි පිහිටා ඇති ආයතනයයි. වැඩි විස්තර සඳහා wikipedia.org

[3]. මෙය මහ මැතිවරණය ආසන්නයේ රටට හෙළි කරන ලද වාර්තාවකුත් නොවේ. එජාපයේ රුවන් විජේවර්ධනලාට අයත් Financial Times පුවත්පතෙන්ම මේ ගැන හෙළි කරන ලද්දේ 2014 අගෝස්තු තරම් ඈතකදීයි. මූලාශ්‍රය

rule-of-law-sri-lanka

 

[4]. යහපාලනය” ඇති කරන බව කියූ එජාප ආණ්ඩුවක් බලයට ආ බැවින් මේ වන විට ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය මහින්ද යුගයටත් වඩා ඉහල බව සමහරවිට ඔබ සිතාවි. නමුත් මිත්‍රවරුණි අපේ මාතෘ භූමිය එදාට වඩා ආපස්සට ගිහින් ඇත.

rule-of-law-index-2015-sri-

Rule of Law Index 2015 නවතම වාර්තාවට අනුව නීතියේ ආධිපත්‍යය අතින් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ 2 වන තැනට පහතට වැටී ඇත. ඒ අතර ලොක මට්ටම 48 සිට 58 දක්වා පහත වැටී ඇත. ඔබට ලැබුන වෙනස” සහ අපමණ අගය” එයයි. මූලාශ්‍රය: http://data.worldjusticeproject.org/#/groups/LKA

පසුගිය කාලය තුළ ඔබ දිනපතා ප්‍රවෘත්ති බලනවානම් එසේ වූයේ ඇයිදැයි ඔබට අමුතුවෙන් කීමට අවශ්‍ය නොවේ. වත්මන් අගවිනිසුරුවරයාව පත් කිරීම සිදුවූ ආකාරයේ සිටම මේ දක්වා රටේ නීතියේ ආධිපත්‍යයට වුණ දේ සිතා බලන්න.

[5]. එහෙත් මහින්ද යුගයේ නීතියේ ආධිපත්‍යය නැති බවට ජනතාව අතර මතයක් ගියේ ඇයි? ඒ ගැන ජේෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරන මහතා කරන ලද කෙටි පැහැදිළි කිරීමත් ඔබ අනිවාර්යයෙන්ම අසා බලන්න.

යාලුවන්ටත් ඇත්ත දැනගන්නට Share කරන්න.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress