ඇමෙරිකානු කූටෝපායික සැලැස්‌මට එරෙහි වෙමු
Posted on October 4th, 2015

අනගාරික ධර්මසේකර  Courtesy Island


අවුරුදු දෙදහස්‌ තුන්සියයක්‌ තරම් දිගු කලක්‌ තිස්‌සේ විදේශාක්‍රමණ දාසයකට මුහුණ දී ජාතික උරුමය රැක ගන්නට සමත් වූ ලක්‌වැසි දේශප්‍රේමී ජනතාවට ජය ගත නොහැකි අභියෝගයක්‌ නැති බව මගේ විශ්වාසයයි.

පොදු රාජ්‍ය මණ්‌ඩලීය විනිසුරන් හා වෙනත් විනිශ්චයකාරවරුන් අයත් වන අධිකරණයක්‌ පිහිටුවන්නට යෝජනා කර ඇති ඇමෙරිකානු සැලැස්‌ම අනුව අභිචෝදක පක්‍ෂය නියෝජනය කරන නිලධාරීන් හා පරීක්‍ෂකයන් ද සහභාගි විය යුතු බවත් විශේෂ නීතිඥ කාර්යාලයක්‌ පිහිටුවිය යුතු බවත් සඳහන් වන හෙයින් එය ශ්‍රී ලංකාවේ ස්‌වාධීනත්වයට සහ ස්‌වෛරීභාවයට හානි කර වන බව නිසැකය. ඉතාම ශෝකජනක දෙය නම් ශ්‍රී ලංකාවට හිතවත් රටවල් ද නිහඬ කරවන්නට හේතු වන අන්දමින් ලංකාණ්‌ඩුව ඇමරිකානු කූටෝපායික වැඩපිළිවෙළට එකඟ වීමයි. මේ තත්ත්වය සිංහලේ රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාට එරෙහි වූ රදලයන් 1815 දී රජු අල්ලා බැඳ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට භාර දී ජාතික ස්‌වාධීනත්වය අහෝසි කර ගත්තාටත් වඩා බරපතල වේ.

අධිරාජ්‍ය හවුල්කාරී ජාතිබේදවාදී බෙදුම්වාදී බලවේගයක්‌ වූ දෙමළ ඊළාම් කොටි ත්‍රස්‌තවාදය පරාජය කිරීමේදී ජාත්‍යන්තර නීති රීති අනුව මානව හිමිකම් සුරැකෙන අන්දමින් කටයුතු කළ ශ්‍රී ලංකා හමුදාවන්ගේ ක්‍රියාකාරකම් පාලනය කිරීමට පවා ඉඩකඩ සලසාගත හැකි වන සැලැස්‌මක්‌ ඇමෙරිකානු නව යටත්විජිතවාදීන් විසින් ඉදිරිපත් කර ඇති හෙයින් කිසිදු දේශප්‍රේමියකු මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුවේ වැරදි අඩුපාඩු ගැන සිතමින් තවදුරටත් නිහඬව සිටිය යුතු නොවේ. මේ ලිපිය ලියන මම දෙදහස්‌ පහේ ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය කරවීම සඳහා මට හැකි උපරිම අයුරින් දායක වූයෙමි. මා එසේ කළේ දෙකඩ වන්නට ගිය රට එක්‌සේසත් කිරීමේ ෙඓතිහාසික ජාතික අවශ්‍යතාව මුදුන් පමුණුවා ගැනීමේ අපේක්‍ෂාවෙනි. මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් යුත් ආණ්‌ඩුව කොටි ත්‍රස්‌තවාදය පරාජය කිරීම සඳහා සන්නද්ධ හමුදාවන්ට නායකත්වය දෙද්දී මම හමුදාවන් හා ජනතාව දිරිගන්වන වැඩපිළිවෙළක්‌ ගෙන ගියෙමි.

මා පළමුවරට හමුදා සෙබළුන් හා නිලධාරීන් දිරි ගන්වන දේශනයක්‌ පැවැත්වූයේ මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයට පත්වන්නටත් වර්ෂ ගණනාවකට ඉහතදී හමුදා කඳවුරක්‌ පිහිටුවනු ලැබ තිබූ තන්තිරිමලේ විහාර භූමියේදී ය. එකල කොටි ත්‍රස්‌තවාදීන් හා ශ්‍රී ලංකා හමුදා අතර මායිම බවට පත්ව තිබුණේ මල්වතු ඔයයි. තන්තිරිමලේ විහාරාධිපති හිsමියන් බෝම්බ ප්‍රහාරයකින් අපවත් වූ පසු පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් තන්තිරිමලේ ගම්වැසියන් හා හමුදා සෙබළුන් සඳහා අවශ්‍ය දේ රැගෙන ගිය භික්‍ෂුන් වහන්සේ සමඟ එක්‌ව මම එම කඳවුරේ නායකත්වය දැරූ කර්නල් ගනේගොඩ මහතාගේ ඉල්ලීම අනුව සෙබළුන් දිරිගැන්වීමේ දේශනයක්‌ කළෙමි. එම දේශනයට සවන් දුන් නිලධාරීන්a කීපදෙනකු මගෙන් ඉල්ලා සිටියේ තවත් හමුදා කඳවුරුවල දේශන සඳහා එක්‌වන ලෙසයි. එදිනම මල්වතු ඔය අසබඩ වූ තවත් කඳවුරක ද දේශනයක්‌ කළ මම ඉන්පසු හමුදා ක්‍ෂේත්‍රයට සම්බන්ධ පිරිස්‌ සඳහා දේශනයක්‌ කළේ කොතලාවල ජාතික ආරක්‍ෂක විද්‍යා පීඨයේදී ය.

රත්මලාන කොතලාවල ජාතික ආරක්‍ෂක විද්‍යා පීඨයේ මා පැවැත්වූ දේශනය ඇසූ ත්‍රිවිධ හමුදාවේ නිලතල සඳහා පුහුණුව ලබමින් සිටි තරුණයන් මා වටා එක්‌වී කීවේ තමන් හමුදා කඳවුරුවල සේවයට ගිය පසු ඒ හැම හමුදා කඳවුරකටම මා ගෙන්වා දේශන කරවන්නට බලාපොරොත්තුවන බවයි. මා පළමු වරට කළුතර විශේෂ පොලිස්‌ බළකා පුහුණු මධ්‍යස්‌ථානයේ දේශනයක්‌ කළේ චJද්‍රිකා මැතිනිය ජනාධිපතිව සිටියදී මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිව සිටියදීය. රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයත්, චJද්‍රිකා ජනාධිපතිනිය ආරක්‍ෂක ඇමැති ධුරයත් දැරූ දෙවර්ෂයක්‌ තුළ මම කළුතර පොලිස්‌ විශේෂ කාර්ය බළකා පුqහුණු මූලස්‌ථානයේ පුහුණුව ලැබූ කණ්‌ඩායම් අටක්‌ අමතා දේශප්‍රේමි ජාතික ඉතිහාස අත්දැකීම් ගෙනහැර පාමින් පැය දෙකක්‌ තරම් දිගු දේශන කළෙමි. මා පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ දේශන සඳහා ගෙන්වූ පුහුණු අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ජයවීර මහතා වව්නියාවේ නියෝජ්‍ය පොලිස්‌පති ලෙස උසස්‌වීමක්‌ ලබා ගිය අවස්‌ථාවේ මා වවුනියාවට ගෙන්වා වව්නියා දිස්‌ත්‍රික්‌කයේ දුෂ්කර සේවයක යෙදී සිටි නිලධාරීන් අමතා මා ලවා දේශනයක්‌ කරවූයේ, දෙසුමට සහභාගි වූ පිරිසට නව ජීවයක්‌ හා නව ජවයක්‌ ලබාදීමේ අරමුණෙනි. මා කළුතර පොලිස්‌ විශේෂ කාර්ය බළකා මූලස්‌ථානයේ පුහුණුවන පිරිස්‌ අමතා දේශන පවත්වන බව දැනගත් කළුතර සේරුපිට සිවිල් ආරක්‍ෂක සේවා පුහුණු කඳවුරේ නිලධාරීන් ද මා වරින්වර එහි ගෙන්වා මා ලවා කණ්‌ඩායම් දහඅටකට අයත් හාරදහසක්‌ තරම් පිරිසකට දේශන කරවූයේ දේශප්‍රේමී ජාතික හැඟීමෙන් සිවිල් ආරක්‍ෂක සේවා භටයන් නව පණගැන්වීමේ අරමුණ ඇතිවය.

කළුතර සේරුපිට සිවිල් ආරක්‍ෂක සේවා පුහුණු කඳවුරේ ප්‍රධාන නිලධාරියෙක්‌ කල්පිටිය සිවිල් ආරක්‍ෂක පුහුණු කඳවුරට මාරුවක්‌ ලබා ගිය අවස්‌ථාවේ මා එම කඳවුරට ද ගෙන්වා දේශන කරවන්නට කටයුතු කළේය. තිරිකුණාමල ප්‍රදේශයේ කඩවත් හතරට අයත් දේශප්‍රේමී ජනතාවත්, දහම් පාසල් දාසයක සිසු දරුවනුත් ගුරුවරුනුත් දෙමාපියනුත් ඇතුළු පන්දහසක්‌ තරම් පිරිසක්‌ අමතා මා ලවා දේශප්‍රේමී ජාතිහිතෛෂී ශාසන මාමක දේශනයක්‌ කරවීමට කටයුතු කළේ ත්‍රිකුණාමල හමුදා කඳවුරේÊසේවය කළ මගේ ඥාතියකු වූ මේජර් ඥානපාල අධිකාරම් මහතා ය. එසේ විවිධ තරාතිරම්වල හමුqදා නිලධාරීන්ගේ ඇරයුමෙන් හමුදා කඳවුරු ගණනාවක ජාතිකාභිමානි හැඟීම් අවදිකරන දේශන කළෙමි. අවසාන වශයෙන් මා හමුදා මූලස්‌ථානයේ දේශනයක්‌ සඳහා කැඳවන ලද්දේ හමුදාපති ජනරාල් දයා රත්නායක මහතා විසිනි. හමුදා, පොලිස්‌, සිවිල් ආරක්‍ෂක සේවා කඳවුරුවලට අමතරව කොටි ත්‍රස්‌ත තර්ජනයට මුහුණපා තිබූ කන්තලේ පදවිය හා ත්‍රිකුණාමලේ ජනතාව සඳහා ද දේශප්‍රේමී ජාති හිතෛශී ශාසන මාමක හැඟීම් අවදිකර ජාතික මානසිකත්වය ශක්‌තිමත් කරන දේශන කරන්නට මා ඉදිරිපත් වූයේ ආත්මාරක්‍ෂාව ගැන පවා නොසිතාය. කොටි තර්ජනයට මුහුණ පා සිටි ජනතාව දහස්‌ ගණනින් එක්‌ ව මගේ දේශනවලට සවන් දුන් අවස්‌ථා අතරින් මට කිසි දිනක අමතක නොවන්නේ ඉරිදා දිනක පදවිය මහසෙන් මහා විද්‍යාලයට එක්‌ වූ ශිෂ්‍ය, තරුණ හා වැඩිහිටි පිරිසත් ත්‍රිකුණාමලේ ජයසුමනාරාමයට එක්‌ වූ පන්දහසක්‌ තරම් පිරිසත් ප්‍රභාකරන්ගේ උපන් දිනක (ඊනියා මහ විරු දිනයක) මගේ දේශනයක්‌ අසන්නට තිරිකුණාමලේ සංඝමිත්තා ශාලාවට එක්‌ වූ දහස්‌ සංඛ්‍යාත පිරිසත් ය. සංඝමිත්තා ශාලාවට එක්‌ වූ පිරිස අතර වූ කොටි හිතවාදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ මධ්‍ය කඳුකරයෙන් රටේ හතර දිසාවටම ගංගා ගලන තුරුත් පුංචි ලංකාව ආරක්‍ෂිත හා සංස්‌කෘතික වශයෙන් එකම ඒකකයක්‌ව පවත්නා තුරුත් හින්දු – බෞද්ධ දෙපක්‍ෂයේ ආධ්‍යාත්මික ඥාතිත්වයේ සංකේත වශයෙන් දළදා මාලිගා භූමියේ සතර දේවාල තිබෙන තුරුත්, කතරගම, මුන්නේශ්වරම හා බෙල්ලන්විල ආගමික සිද්ධස්‌ථානවල බෞද්ධ හින්දු පුද පූජා පැවැත්වෙන තුරුත් ලංකාව දෙකඩ කිරීම හෝ ෙµඩරල් රාජ්‍යයක්‌ වීම සිදු නොවන බවයි.

කොටි ත්‍රස්‌ත තර්ජනයට මුහුණ පා සිටි ප්‍රදේශ හැරුණු විට කුරුණෑගල, කළුතර, ගාල්ල. මාතර හා හම්බන්තොට දිස්‌ත්‍රික්‌කවල ජනතාව ආධ්‍යාත්මිකව පුබුදුවා තරුණයන් හමුදා සේවයට එක්‌ වන්නට පෙලඹෙන දේශන කිරීමේ ප්‍රතිඵල වශයෙන් කොටි ත්‍රස්‌තවාදය පරදවා ජයග්‍රහණය කළ අවස්‌ථාවේ රණවිරුවන්ට උපහාර දැක්‌වීම සඳහා නාමල්අංග රජමහා විහාරයේ හමුදා නිලධාරීන්ගේ ද සහභාගිත්වයෙන් පැවැත්වුණු ජනතා රැලියේ විශේෂ දේශනය කරන්නට ද මට ආරාධනා කරනු ලැබිණි. මගේ ජීවිතයේ මා සිත සසල කිරීමට තරම් සංවේදී දර්ශනයක්‌ දකින්නට ලැබුණේ කුරුණෑගල දඹුළු පාරට ආසන්නයේ පිහිටි නාමල් අංග රජමහා විහාරයේ රණවිරු උපහාර විශේෂ දේශනයට සහභාගි වූ අවස්‌ථාවේ ය. එම උපහාර උත්සවයට රණවිරුවන් සියයක්‌ තරම් සංඛ්‍යාවක්‌ පැමිණියේ රෝද පුටුවලිනි. දෙපා අහිමි වූ රණවිරුවන් රෝද පුටුවලින් එද්දී එක්‌ පාදයක්‌ අහිමි වූ රණවිරුවන් උත්සව භූමියට ආවේ කිහිලිකරු උපයෝගී කර ගනිමිනි. දෙඇස්‌ අහිමි වූ රණවිරුවන් කොන්ක්‍රීට්‌ දැමූ වේල්ලේ පාර දිගේ උත්සව භූමියට පැමිණියේ සොයුරු සොයුරියන්ගේ ආධාරයෙනි. දඹුළු පාරේ පටන් නාමල්අංග රජමහා විහාර භූමිය දක්‌වා වෙල මැදින් පාරේ එක පෙරහැරට පැමිණි අත් පා අහිමි වූ දෙඇස්‌ අඳ වූ රණ විරුවන්ගේ දර්ශනය දුටු කිසිදු දේශප්‍රේමී ජාති හිතෛශී ශාසනමාමක රටවැසියකුට ඇමෙරිකානු කූටෝපායික සැලසුම්වලට ඉඩ දී නිහඬව සිටිය නොහැක. වැඩිම රණවිරුවන් බිහි වූ කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ පන්සල්, පිරිවෙන්, දහම් පාසල් හා රජයේ පාසල් රාශියක දේශන පැවැත්වූ මගේ විශ්වාසය වන්නේ කුරුණෑගල, අනුරපුර, පොලොන්නරු, ත්‍රිකුණාමල දිස්‌ත්‍රික්‌කවල මෙන්ම කළුතර, ගාලු, මාතර, රත්නපුර, කෑගලු, හම්බන්තොට, මොනරාගල දිස්‌ත්‍රික්‌කවල බහුතර ජනතාවත් පොදුවේ මුළු රටේම ජනතාවත් ඇමරිකානු කූටෝපායික සැලස්‌මේ සැබෑ ස්‌වරූපය අවබෝධ කරගතහොත් ඊට එරෙහි වනු නිසැක බවයි.

මුළු ජීවිතයම රටත් ජනතාවත් ජාතික සංස්‌කෘතික උරුමයත්, බුදු සසුනත් වෙනුවෙන් කැපකර සියල්ල අතහැර දාහත් වසක්‌ තිස්‌සේ අනගාරික දිවිපෙවෙතක්‌ ගෙවමින් හැත්තෑ හතර වැනි වියේ පසුවන මට අප තරුණ වියේ අත්දුටු වියට්‌නාම් යුද්ධය හා සම්බන්ධ ලෝක අත්දැකීම් අමතක කළ නොහැක. ඇමෙරිකානු නව යටත්විජිතවාදීන් ඉන්දු චීන කලාපයේ ගෙන ගිය විනාශකාරී ක්‍රියාමාර්ගය නිසා පමණක්‌ ලක්‍ෂ තිහකට වැඩි වියට්‌නාම් ජනතාවක්‌ මියගිය බවත් ඒ සාපරාධි ක්‍රියාමාර්ගයට එරෙහිව බර්ට්‌රන්ඩ් රසල් ජීන්පෝල් ශාස්‌ත්‍රොa හා පැබ්ලෝ නෙරූඩා වැනි නොබෙල් ත්‍යාගලාභී විද්වතුන්ගේ ප්‍රධානත්වයෙන් ප්‍රංශයේ පැරිස්‌ නගරයේ පැවැත්වුණු ජාත්‍යන්තර සාමාධිකරණය මගින් අවුරුදු තුනක්‌ තිස්‌සේ පැවැත්වූ සාක්‍ෂි විභාගයෙන් පසු එවකට ඇමෙරිකන් ජනාධිපති වූ ලින්ඩන් බී ජොන්සන්, රාජ්‍ය ලේකම් ඩීන් රස්‌ක්‌ හා ආරක්‍ෂක ලේකම් රොබට්‌ මැක්‌නමාරා යුද අපරාධකරුවන් ලෙස ප්‍රකාශ කළ බවත් බැරැක්‌ ඔබාමාට අමතක වුවත් අධිරාජ්‍ය විරෝධීන් වන අපට අමතක නොවේ. ඇමරිකානු කූටෝපායික ක්‍රියාමාර්ග නිසා ලිබියාවේ හා ඉරාකයේ සිදු වූ දේ ලොවම දන්නා හෙයින් ජාත්‍යන්තර මධ්‍යස්‌ථානයක පිහිටි ශ්‍රී ලංකාව සිය ආධිපත්‍යය යටතට ගන්නටත් ශ්‍රී ලංකාව දෙකඩ කිරීම මගින් ඉන්දියාවේ බෙදුම්වාදී බලවේගයන් පණගන්වා අවි වෙළ¹ම ලෝකාධිපත්‍යය සඳහා ගෙන යන නව යටත් විජිතවාදී ක්‍රියාමාර්ගය පරාජය කරන්නට ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියාවේත් දකුණු ආසියාවේ සියලුම රටවල ජනතාවත් අවදි විය යුතුව තිබේ. අවුරුදු දෙදහස්‌ තුන්සියයක්‌ තරම් දිගු කලක්‌ තිස්‌සේ විදේශාක්‍රමණ දාසයකට මුහුණ දී ජාතික උරුමය රැක ගන්නට සමත් වූ ලක්‌වැසි දේශප්‍රේමී ජනතාවට ජය ගත නොහැකි අභියෝගයක්‌ නැති බව මගේ විශ්වාසයයි. පෘතුගීසි කාලතුවක්‌කුවට යට නොවී අප්‍රමාණ වූ දුක්‌ වේදනා විඳදරා ගෙන ජාතික උරුමය රැක ගත් දේශප්‍රේමී ජාති හිතෛශී ශාසනමාමක ජනතාව ලන්දේසි හෝ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී ආධිපත්‍යය මගින් ද අධිරාජ්‍ය ගැත්තන් බවට පත් කළ නොහැකි වූවාක්‌ මෙන් අපේ පරපුරේ දේශප්‍රේමීන් ද ලොවට ආදර්ශයක්‌ වන විමුක්‌තිකාමී විජයග්‍රාහී බලවේගයක්‌ වනු ඒකාන්තය.

අනගාරික ධර්මසේකර

4 Responses to “ඇමෙරිකානු කූටෝපායික සැලැස්‌මට එරෙහි වෙමු”

  1. Sampath Says:

    ලිපිය හොඳයි නමුත් ලිපියෙන් මේ මනුස්සයා ආත්ම වර්ණනාවක්වක්ද කරගන්නවා

  2. ranjit Says:

    Everyone has the right to complain but what Anagarika has done to the Sinhala nation during war time must be appreciated and be thankful.

    Nobody can just sit and sleep ignoring what may happen next. America shrewdly with the collaboration of the current Govt of traitors are going to divide the Sinhala nation whether anyone agrees or not it will happen if they go on like this. The current Govt is not truthful to it’s people. They try to hoodwink us the same way they did before the elections. They keep on lying and taking us backward therefore we should remain vigilant and united to fight these traitors and save our homeland.

  3. Independent Says:

    ජනාධිපති වැරදි මඟ යන්නේ ඇයි?

     Sunday,4 Oct 2015  රාවය

    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සිය පුත‍්‍රයා ද කැටුව යෑම විශාල චිත‍්‍රයක නොසලකා හැරිය යුතු කොනක් සේ කිසිවකුට පෙනී යා හැකි නමුත්, එය එසේ නොවේ. කවර තරමේ සුළු සිදුවීමක් වුවත්, පවතින සන්දර්භය මත ඊට ලැබෙන වැදගත්කම ඉතා විශාල විය හැකි බැවිනි. මහින්ද රාජපක්‍ෂ පාලනය ඓතිහාසික වශයෙන් පරාජය කිරීමට රටේ පුරවැසියන් ඉදිරියට ගත් එක් හේතුවක් වූයේ ඔහුගේ අසීමිත පවුල් පාලනය යි. රටේ සෑම වැදගත් තනතුරක් ම හැකි තරම් පවුලේ සාමාජිකයන්ගෙන් හා ගජමිතුරන්ගෙන් පිරවීමට කිසිදු ලජ්ජාවක් නැති ව ඔහු කටයුතු කළේ ය. රටේ ආර්ථිකයෙන් සැලකිය යුතු කොටසක් භුක්ති වින්දෝ ඔහුගේ සහෝදර සමාගමත්, පුත‍්‍ර හා ගජමිතුරු සමාගමත් ය. රාජපක්‍ෂ පුතුන්ට හිතුණු වේලාවක රටේ මහාමාර්ග වසා දමා කාර් රේස් පැදිය හැකි ව තිබිණි. විදේශ රාජ්‍ය තාන්ත‍්‍රික ගමන්වල දී ඔහු සිය වැඩිමහල් පුත‍්‍රයා නිර්ලෝභී ව රැුගෙන ගියේ ය. රටේ ක‍්‍රීඩාව, ජාත්‍යන්තර ක‍්‍රීඩා තරග ගැන තීරණ ගනු ලැබුණේ් ඔහුගේ පුත‍්‍රයන් විසිනි. විදේශ ඇමැතිවරයාගේ සිට ඇමති මණ්ඩලය ද, මහ බැංකු අධිපතිවරයාගේ සිට රාජ්‍ය නිලධාරීහු ද රාජපක්‍ෂ පුතුන්ගේ මේ රැුස් වළල්ලට කැමැත්තෙන් මෙන් ම අකැමැත්තෙන් ද යටත් වී සිටියෝ ය. එහෙත්, රාජපක්‍ෂ පුතුන්ගේ විවිධාකාර ආසාවන් තෘප්ත කිරීම වෙනුවෙන් සියලූ වියපැහැදම් දැරුවෝ මේ රටේ බදු ගෙවන ජනතාව ය. මහින්ද රාජපක්‍ෂ මහතාගේ අරමුණ වූයේ තමා සිංහාසනයෙන් බැස යන විට ජ්‍යෙෂ්ඨ පුත‍්‍රයාට එහි අසුන්ගත හැකි වන සේ සියල්ල සූදානම් කර යෑමට ය. 18වැනි සංශෝධනයෙන් තමාට කැමති තාක් කල් ජනාධිපතිවරණයට තරග කිරීමේ වරම හදා ගත් එක් හේතුවක් නම් එය යි. ජනවාරි 8 වැනි දා වන විට රටේ බහුතර ජනතාවට මහින්ද රාජපක්‍ෂත් සමග ම මේ සහෝදර සමාගම්, පුත‍්‍ර සමාගම් හා ගජමිතුරු සමාගම් සියල්ල ද අන්තයට ම තිත්ත වී තිබිණි. මෛත‍්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්‍ෂකයා වශයෙන් ශ‍්‍රීලනිපය හැර දා පැමිණ සිටගත්තේ ඒ ජනතාවගේ අභිලාෂයන් නමැ’ති වේදිකාව මත ය. එනයින්, රාජපක්‍ෂ කළ ආකාරයේ සහෝදර, පුත‍්‍ර හා ගජමිතුරු සංග‍්‍රහයකට විරුද්ධ වන බව ඔහු ක‍්‍රියාවෙන් පෙන්වූවා මෙන් ම වචනයෙන් ද පොරොන්දු වූයේ ය. එය රටේ දැනුවත් පුරවැසියා හා ඔහු අතර ඇති කර ගත් පොදු න්‍යාය පත‍්‍රයේ වැදගත් අංකයකි. ජනාධිපති ධුරයට පත් වූ පසුත් ඔහුගේ පාර්ශ්වයෙන් ඥාති සමාගම් පැවැත්වීම අවම විය. ටෙලිකොම් සභාපති ධුරයට සිය සහෝදරයා පත් කිරීම වැනි දෙයක් විවේචනය කළ හැකි වුවත්, ඔහුගේ සාපේක්‍ෂ ව විශාල පවුල් පසුබිම දෙස බලන විට එම ඥාති සංග‍්‍රහය ද එතරම් විශාල එකක් නොවීයැ’යි කිව හැකි ය. එහෙත්, එය වුව ද නොකළ යුතු ව තිබුණු එකකි. දැන්, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සිය පුත‍්‍රයා රැගෙන යෑමෙන් මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පැහැදිලිව ම රටේ දැනුවත් පුරවැසියන්ට තමා දුන් එක් පොරොන්දුවක් කඩ කොට තිබේ. පොදු අපේක්‍ෂක ජනාධිපතිවරයා, මහින්ද රාජපක්‍ෂ කළාක් මෙන්, රටේ බදු ගෙවන ජනතාවගේ මුදලින් තමාගේ දරුවන් කැමති කැමති රාජ්‍ය තාන්ත‍්‍රික ගමන් ගෙන නොයනු ඇතැ’යි රටේ ජනතාව තබාගෙන තිබූ එක් බලාපොරොත්තුවක් එමගින් කඩ වී තිබේ. තමාගේ නිව්යෝක් ගමන ගැන ජනාධිපති පුත‍්‍රයා සමාජ මාධ්‍ය හරහා කර තිබූ පැහැදිලි කිරීම පිළිගත නොහැකි දුර්වල එකකි. ඔහු එහි ගියේ ඇයි ද යන්නට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පවා පිළිගත හැකි හේතුවක් තවමත් ඉදිරිපත් කර නැත. තත්ත්වය එසේ හෙයින්, ජනාධිපති පුත‍්‍රයාගේ නිව්යෝක් ගමනට රටේ සැබෑ වෙනසක් අපේක්‍ෂා කරන පුරවැසියන් විරෝධය පළ කළ යුතු ය. එය ජනාධිපතිවරයා නොකළ යුතු තිබුණු එකකි. ජනතාව සමග ඔහු ඇති කර ගත් යහපාලන එකඟතාවට පටහැණි එකකි. රටට වෙනසක් කිරීමට අවශ්‍ය නම් කළ හැකිව තිබෙන එක් දෙයක් වන්නේ මහින්ද රාජපක්‍ෂ කළ මෙවැනි වැරදි දේවල් නොකර සිටීමට තදින් ම සිතට ගැනීම ය. – See more at: http://ravaya.lk/?p=10114#sthash.aw4m2xPe.dpuf

  4. Senevirath Says:

    අනගාරික ධර්මසේකර තමන් කලකීදේ ඇසුරින් අපට කියන්නේ අපිත් ඒ අයුරින්ම කටයුතුකර රට බේරා ගත යුතු බවය් එය ආත්ම වර්ණනාවක් නොවේ කෙනෙක් එහෙම හිතන්නේ එතුමා ගැන නොදන්නා කමටය් . සම්පත් ඉක්මන් නොවන්න අනෙක් ලේඛකයින්ටත් තමන්ගේ ඉතිහාසය ලියන්න වෙය විටෙක එය රට බලපෑ ඇත්නම් . ඒ ලියන දේ ආත්ම වර්ණනා ලෙස පෙනුනත් රටට හොඳ නම් උපේක්ෂාවෙන් බලන්න
    අනගාරික තුමා සෑහෙන වැඩකොටසක් රට වෙනුවෙන් කල කෙනෙක් බව පුද්ගලිකව මම දන්නවා
    ජාතිද්‍රෝහී සිංහලයන්ට දොස් කිව්වත් සමරු කියන්නේ එහෙම කියන කෙනා කාලගුණ නොදන්නා කෙනෙක් බවය් ඔන්න ඔහොමය් මිනිස්සු

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress