ජනාධිපති මන්දිරයේ බංකරය හා ජිනීවා යෝජනා
Posted on November 3rd, 2015

-උදයංග සුගතපාල යුතුකම සංවාද කවය

ජනාධිපති මන්දිරය යනු ජනාධිපති වරයකුගේ පෞද්ගලික බූදලයක් නොවේ. කාලින අවශ්‍යතාවය අනුව එය නවීකරණය කිරීම පාලකයන්ගේ වගකීමක් හා යුතුකමක් වෙයි. මානුෂිය මෙහෙයුම පැවතී කාලයේ ඊට නායකත්වය දුන් නායකයා විනාශ කිරීමට කොටින්ගේ දැඩි උත්සහයක් තිබෙන්නට ඇතුවාට සැකයක් නැත. කුරුම්බැට්ටි යානා වලින් පහරදීම ආරම්බ වනවාත් සමගම රාජ්‍ය නායකයාට එල්ලවූ තර්ජනය බලවත් විය. එවැනි විටක ගුවනින් හෙලන බෝම්බ වලින් ආරක්ෂා වීමට සුදුසු පරිදි භූගත ආරක්ෂක ස්ථානයක් ඉදිකිරීමට සිදුවී ඇත.

අති සුඛෝපබෝගී වෙඩි නොවදින කාර් හා හෙලිකොප්ටර් වලින් ගමන් බිමන් යන වත්මන් ජනාධිපතිතුමා ඒ කාලයේ රටේ නායකයා වී සිටියේනම් කුමක් කරනු ඇත්ද? ඇතැම් විට සටන් විරාමයකට එකඟ වනු ඇත. එවිට ඔහුට භූගත ආරක්‍ෂිත ස්ථානයක් පමණක් නොව පහතින් එන ගුවන්යානා හදුනා ගත හැකි ත්‍රිමාණ රේඩාර් පද්ධති ද අවශ්‍ය නොවනු ඇත. අවශ්‍ය උවත් ඉන්දියාව අමනාප වේ යැයි බියෙන් චීනෙන් හෝ වෙනත් රටකින් අදාල රේඩාර් උපකරණ ආනයනය නොකරනු ඇත.

වත්මන් අගමැති එදා රටේ නායකයා වී සිටියා නම් කිසි දිනක ජනාධිපති මන්දිරයේ බංකර් ඉදි නොවනු ඇත. එවැන්නක් අවශ්‍ය වන්නේ ස්ථිර අධිෂ්ටානයෙන් ත්‍රස්තවාදය මැඩලීම සඳහා බටහිර බලවේග වලට මුහුණ දෙමින් කටයුතු කිරීමට සුදානම් නායකයෙකුට පමණි. රනිල් මහතාට බංකර් පමණක් නොව තොප්පිගල වැනි කැලෑ ද අවශ්‍ය නැත. ඔහුට අවශ්‍ය මෙගපොලිස් මහා නාගරිකය වැනි දේවල් ය.

එක් අතකින් ඒ බංකරය රාජපක්ෂ මහතා කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා එඩිතරව සුදානම් වී සිටි බවට සංකේතයකි. එතුමා නොසිටින්නට කුරුම්බැට්ටි බෝම්බ වලින් බේරීම සඳහා කොළඹ බොහෝ නිවෙස්වල භූගත බංකර් ඉදිවීමට ඉඩ තිබුනේ ය.

ආණ්ඩුව කඩිමුඩියේ එම බංකරය ගැන ජනතාවට හෙළිදරවු කලේ ඇයි? එයින් බලාපොරොත්තු වන්නේ නිදහස් දිනයේදී ගුවන් හමුදාව කෆීර් , මිග් වැනි යානා ප්‍රදර්ශනාත්මකව පියාසර කරවා බලාපොරොත්තු වන දේ මෙන් යමක් නොවේ. රාජපක්ෂ මහතා කෙරෙහි ජනතා අප්‍රසාදයක් ඇතිකරවීම එහි එක් අරමුණකි. අනික් අරමුණ ජෙනිවා පාවාදීම යට ගැසීමයි. බංකර් ගැන හෙළිදරවු කරනවා මෙන් ජිනීවා යෝජනා ගැන ජනතාවට එළිදරවු කිරීමට යහපාලකයින් කටයුතු කලේ නැත.

3 Responses to “ජනාධිපති මන්දිරයේ බංකරය හා ජිනීවා යෝජනා”

  1. Hiranthe Says:

    Pathetic bunch of rogues this Yama Palanaya team is.

    More than that, lazy and selfish lot of public we have!!

  2. NAK Says:

    Yes Hiranthe, the problem is we the people,Majority of whom are deaf dumb, and blind and are with heads with nothing inside.

  3. NAK Says:

    Pathetic it is, how ungrateful can people be. Laughing at a bunker with out giving any thought to the great risks they took on themselves and their kith and kin to rid the country of the curse called LTTE.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress