කනට ගහන්න කියලද කියන්නේ? – මට මඩ ගාගන්න බෑ
Posted on November 9th, 2015

Adaderana

අද දවසේ මේ මොහොතවනතුරුත් ඇවන්ට්ගාඩ් නෞකාවේ රාජකාරි කටයුතු සිදුවන බව තමන් වගකීමෙන් යුතුව කියා සිටින බව හිටපු නීතිය, සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තිලක් මාරපන මහතා පවසයි.

දිනකට 30 වතාවක් පමණ මෙම නෞකාවෙන් නාවික හමුදා හා රක්නා ලක්නා සමාගමේ අය මෙම නෞකාවෙන් අවි රැගෙන බෝට්ටුවල ආධාරයෙන් රැගෙන යන බවත්, නැවත රැගෙන එන බවත්, එම කටයුත්ත මේ මොහොතෙත් සිදුවන බවත් ඔහු කියා සිටියේ අද (09) ඔහුගේ නිවසේ පැවති මාධ්‍ය හමුවේදීය.

ගාල්ල වරායේ පොලීසිය පවතින්නේ මෙම නැවට මීටර් 100 ක් පමණ දුරින් නිසා මේ මෑත කාලය වන තෙක් ඔවුන් මෙය නොදැක්කා යයි සිතීම සැක සහිත බැවින්, මෙය හදිසියේ වටලා ලකුණු දා ගත්තාදැයි සිතෙන බව ඔහු සඳහන් කළේය.

තමාට දිගට හරහට මඩ ගැසීමට මාධ්‍ය මගින් ක්‍රියා කළ බැවින්, මඩ ගා ගැනීමට අකමැතිව ඉල්ලා අස්වීමට තීරණය කළ බවත්, මාධ්‍ය විසින් එවැනි මඩගැසීම් නොකළ යුතු බවත් හෙතෙම කියා සිටියේය.

පරීක්ෂණ වලට බාධාවක් නොවන පරිදි ඉල්ලා අස්වීමෙන් පරීක්ෂණ මගින් තහවුරු වන කාරණා සම්බන්ධයෙන් ජනතාව තුළ පිළිගැනීමක් ඇතිවන බව මාරපන මහතා අවධාරණය කළේය.

තමා අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වුවද මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේ දිගින් දිගටම රැඳී සිටින බවත්, මේ ආණ්ඩුව පත්කර ගැනීමට තමන් දැවැන්ත කැපකිරීමක් කළ බවත් ඔහු සඳහන් කළේය.

ඇවන්ට්ගාඩ්  සමාගමෙන් රක්නා  ලංකා සමාගමට 18%ක් හා නාවික හමුදාවට 18% ක් පමණ වන ලෙස පිරිවැටුමක් හිමිවුණු බව තමාට මතක යයිද, එම මුදල දල වශයෙන් බිලියන 3.8 ක පමණ මුදලක් බවත් මාරපන මහතා පෙන්වා දුන්නේය.

මෙම නෞකාවේ පවතින්නේ විදේශ සමාගම්වලට අයත් නමුත් ලංකා රජය මගින් සහතික කළ නීත්‍යනුකූල අවි බවත්, ඒ බව තමන් පෙන්වාදී ඇති බවත්, අද දක්වාම නෞකාවේ කටයුතු නිසි ලෙස සිදුවන්නේ ඒ නිසා බවත් හෙතෙම අවධාරණය කළේය.

මෙහිදී නැගෙන චෝදනා අසත්‍යය වන්නේනම් හා තමාට සිදුවූයේ හානියක් නම් නීතිමය පියවර නොගන්නේ මන්දැයි මාධ්‍යවේදියෙකු විසින් විමසන ලදුව මාරපන මහතා ප්‍රශ්න කර සිටියේ ‘මට කියන්නේ කනට ගහන්න කියලද? යනුවෙනි.

කනට ගැසීම හා නීතිමය පියවර ගැනීම යනු එකක් නොව දෙකක් බව මාධ්‍යවේදියා විසින් පෙන්වාදෙනු ලැබූ පසු මාරපන මහතා කියා සිටියේ එසේ කිරීමට තමාට වුවමනාවක් නොමැති  බවයි.

ගිනි අවි ආඥා පනත, පුපුරණ ද්‍රව්‍ය පනත හෝ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ආදියෙන් නඩු පැවරිය නොහැකි බවට තමන් පසුගියදා තමන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ නීතපතිවරයාගේ වාර්තාව පදනම් කරගෙන බවත්, එය මුළුමනින්ම සත්‍ය බවත් මාරපන මහතා කියා සිටියේය.

නීතිපතිවරයාටද මේ සම්බන්ධයෙන් එල්ලවන චෝදනා පදනම් විරහිත බවත්, නීතිපතිවරයා විසින් මේ සම්බන්ධයෙන් තමන්ගේ තීරණය දැනුම්දෙනු ලැබුවේ ඉකුත් ජූනි මාසයේදී බවත්, තමන් පොලීසිය භාර අමාත්‍යවරයා ලෙස දිවුරුම්දෙනු ලැබුවේ ඊට මාස 3ට  පමණ පසුව සැප්තැම්බර් මාසයේදී බවත් ඔහු පෙන්වා දුන්නේය.

තමා ඇවන්ට්ගාඩ් සමාගම වෙනුවෙන් නීති උපදෙස් ලබාදෙනු ලැබුවේ ඇමති ධූරට බාර ගැනීමට ප්‍රථම බවත්, ඇමති ධූරය ලැබීමෙන් පසු හෝ තමන් එම පරීක්ෂණ වලට කිසිදු ඇඟිලිගැසීමක් සිදුනොකළ බවත්, ඉල්ලා අස්වන්නට තීරණය කරනු ලැබුවේ ඇතිවූ සැක සංකා දුරු කිරීමට පමණක් බවත් මාරපන මහතා අවධාරණය කළේය.

ඒ නිසාම ඉල්ලා අස්වීමට ඊයේ රාත්‍රීයේ තීරණය කොට ඒ බව අග්‍රාමාත්‍යවරයාට දැනුම්දී අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කොට අද (09) උදෑසනින් තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට යොමු කළ බවත් හෙතෙම සඳහන් කළේය.

තමා‍ගේ හිතේ ඒ සම්බන්ධයෙන් කිසිම කහටක් නොමැති බවත්, අත්වල ලේ ගෑවී නොමැති බවත්, මොළේ විකෘතිභාවයක් නොමැති බවත් ඔහු පෙන්වා දුන්නේය.

තමාගෙන් මෙම සිද්ධියට අදාළව නීති උපදෙස් ගැනීමට ඇවන්ගාඩ් සිද්ධියේ තැනැත්තා පැමිණියේ තවත් ජනාධිපති නීතිඥයෙකු සමග බවත්, ඒ මොහොත් අවශ්‍යව තිබුණේ ඔහුට විදේශගතවීම සඳහා විදේශ ගුවන්බලපත්‍රය ලබාගැනීම හා බැංකු ගිණුම් තහනම් කිරීම වළක්වා ගැනීම බව මාරපන මහතා සිහිපත් කළේය.

නයිජීරියානු නාවික හමුදාය බෝට්ටු විකිණීමකට අදාළ ගිවිසුමක් අත්සන් කිරීම සඳහා ඔහු විදේශතවීම අත්‍යවශ්‍යව තිබුණු බවත්, බැංකු ගිණුම් තහනම් කළේ නම් ඒ වන විටත් ගොඩබිම සිටි එහි ආරක්ෂකයින් 6000 ක් හා මුහුදේ සිටි 3000 ට වැටුප් ගෙවීමට හෝ නොහැකිව මහා කලබැගෑණියක් ඇතිවිය හැකිව තිබුණු බැවින් ඒ මොහොතේ හදිසි අවශ්‍යතාව සලකා තමන් තීති උපදෙස් ලබාදුන්නු බව ඔහු කියා සිටියේය.

අවැන්ට්ගාඩ් නෞකාවේ සේවා කටයුතු මීට ප්‍රථම සම්පූර්ණයෙන්ම පාහේ වසර ගණනාවක් තිස්සේ නාවික හමුදාවෙන් සිදුකර ඇති බවත්, පසුව ඔවුන්ට එය තනිව කළ නොහැකි බැවින් රක්නා ලංකා සමාගම හා ඒකාබද්ධව කටයුතු කළ බවත් හෙතෙම සිහිපත් කළේය.

මෙම අවි ආරක්ෂක අමාත්‍යංශයේ ලියාපදිංචි ක‍ර නොතිබීම සත්‍යයක් නමුත් එම අවි අයත් රටවලට එම රටවලින් බලපත්‍ර ලබාදී ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යාමට එක්සත් ජාතීන්ගේ අවසරය ඇතුළු සියලුම නීතිමය විධිවිධාන සපුරා පැවති බවත්, ඒ නිසාම රටේ ඕනෑම වරායකට ඇතුළුවීමට ඊට ආරක්ෂක අමාත්‍යංශය විසින් අවසර ලබාදී තිබුණු බවත් මාරපන මහතා අවධාරණය කළේය.

කෙසේ වෙතත් ලංකා ආණ්ඩුවෙන් සත පහක හෝ වියදමක් නැතිව මෙමගින් විශාල ආදායමක් රටට ලැබුණු බවත්,  2014 දෙසැම්බර් වන විට එය බිලියන 3.8 ක් පමණ වූ බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

2 Responses to “කනට ගහන්න කියලද කියන්නේ? – මට මඩ ගාගන්න බෑ”

  1. NeelaMahaYoda Says:

    A Logical explanation by one of the most educated lawyer to a handful of uneducated journalists.
    You need little bit of knowledge on maritime laws to follow this discussion fully.
    Sirisena, Rajitha or Anura will never be able to understand the legality of the Avant Garde Security Service. It is beyond their educational capacity to grasp the fine details.

  2. Hiranthe Says:

    I agree with NMY,

    Anura Kumara can turn any good thing into stinking garbage and preach to his followers, the Hyena clan, and the Face Book generation for their consumption.

    Those who have developed a little bit of logical thinking will doubt… but majority will swallow.

    the day they get diarrhea they will realise.

    Already some in the SL society have realised their folly of believing these lies. Ven Sobitha has been one of them.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress