ඇවන්ගාඩ් සමාගම ඩැහැගැනීමේ කොටි මෙහෙයුම පරාජය කරමු.
Posted on November 11th, 2015

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි 

ඇවන්ගාර්ඩ් සමාගම හා ඒ සමාගමේ ක්රියාන්විතය, කොටි ත්රස්තවාදයටද වඩා මහා භයානක කාර්යයක් බවට මවා පාමින්, රටත් රජයත් මහා අස්තාවර තත්වයකට තල්ලු කරන පසුබිමක් අපි නරඹමින් සිටින්නෙමු. රටක පාලන බලය මෙහෙය වන්නේ  ව්යාවස්තාධායකය, විධායකය හා අධිකරණය වුවද? මෙතන මේ ආයතන තුනට එ හාගිය තවත් ආයතනයක බලය මේ රටේ‌ පාලන යාන්ත්රණයට ඉහලින් සිට විශාල බලපෑමක් කරන පසුබිමක් අපි දකිමු. මේ බලවේගය කුමක්ද? මේ බලවේගයේ අරමුණ කුමක්ද? යන්න සම්බන්ධව ඉතා පුලුල්ව සාකච්ඡා කලයුතු අවධියකට මේ රට තල්ලුවී ගොස් ඇත.

ඇවන්ගාර්ඩ් සමාගමට හා එහි ක්රියාකාරිත්වය සම්බන්ධව එලව එලවා පහරදීමේ ක්රියාවලියක් මෙරට ඇති බලවත් සම්බන්ධතා ඇති ජාලයක් විසින් සිදුකරන බව අපි දනිමු. මෙරට ඇති ඕනෑම ගැටලුකාරී කරුණක අවසාන විසදුම ලබා දෙන්නේ අධිකරණයයි. එතනින් එහාට එම ප්රශ්නය ගෙනයාමට කිසිදු අයිතියක් කාටවත් හිමි නොවේ. නමුත් මේ ඇවන්ගාර්ඩ් සමාගමට එරෙහිව ආරම්භ කල මෙහෙයුමේදී අධිකරණය මේ සමාගමේ නීතියාණුකූලභාවය කිපවරක්ම තහවුරු කලද, නීතියටත් උඩින් සිටිනවායයි සිතන ඒ බලවේගය; මේ රටේ තවත් නීති විරෝධී කටයුත්තක් කිරීමට වත්මන් ආණ්ඩුව පොලොඹවා ගෙන ඇත. ඒ අනුව රට නොදන්නා ආකාරයකට මේ සමාගම සම්බන්ධව පරීක්ෂණ කිරීමට යලිත් ආරම්භ කිරීමට සූදානම් වන බවක් දිස්වේ. මේ තුලින් ඒ අදෘෂ්යමාන බලවේගය විසින් තම අරමුණු ඉටු කරගැනීම සදහා මෙරට පාලනය කරන පාලකයින්ව නිරුවත්කර ජනතාව ඉදිරියේ ඔසවා තබන්නේ  ” බලව තොපේ විධායකය හා ව්යවස්ථාදායකය” මේන් කියන්නාක් මෙනි. නමුත් මෙරට අධිකරණය හා නීතිපතිතුමා ඇතුළු ඇමතිවරු කීප දෙනෙක්  සිය ඇදුම් උනා නිරුවත් වීමට වඩා ඇමතිකම් අත්හැර තම ගෞරවය රැක ගැනීමට ඉදිරිපත් වීම මෙරට ජනතාවගේ ඉහලම උපහාරයට ලක්විය යුතු කරුණකි. මේ ගරුකටයුතු ඇමතිවරු සෘජුවම මහින්ද රාජපක්ෂ මහතාගේ රජය පෙරලා දැමීමට දායක වූ අය වුවද; ඔවුන් තුල බලවත් කම තුලින් මතු කරන අසාධාරණය ඉදිරියේ දනින් වැටීමට සූදානම් නැතිකම තුල ඇතිපෞර්ෂවය මෙරට ජනතාවට සුළු කොට තැකිය නොහැක. ඇවන්ගාර්ඩ් සිදුවීම යනු වර්ෂ 1972 යාපනයේ දොරෙ අප්පා ක්රීඩාඞගනයේ පුපුරුවා‌ හරින ලද බෝම්බයට වඩා ප්රබල ත්රස්තවාදී මර උගුලක ආරම්භයකි. මේ ත්රස්තවාදී මර උගුල සම්බන්ධව දැනුවත්ව හෝ නොදැනුවත්ව; නමුත් සාධාරණත්වය වෙනුවෙන් ඉදිරිපත්වූ තිලක් මාරපන මහතා හා විජේදාස රාජපක්ෂ මහතා මේ පෙරමුණ ගත්තේ අනාගතයේදී මෙරට  ලක්ෂ ගනනක ජන ජීවිත විනාශ කිරීමේ අරමුණින් ක්රියාත්මක වන ව්යාපෘතියකට එරෙහිව බව එතුමන්ලාද නොදන්නවා විය හැක. නමුත් කුමන පදනමකින් හෝ ඒ මහා විනාශකාරී මෙහෙයුමට එරෙහිව මේ මහතුන්වද මෙහෙයවන මහා බලවේගයක් ඇත. ඒ බලවේගයේ ආශිර්වාදයත් මෙරට දේශප්රේමී ජනතාවගේ ආශිර්වාදයත්  එම මහත්වරුන්ට ඉතා ගෞරවයෙන් පුදකරනවා පමණක් නොව, ඕවුන් වෙනුවෙන් පෙනී සිටින මහා බලවේගයක්ද අප විසින් නිර්මාණය කල යුතුය.

යහ පාලනය යනු කොටි සංවිධානයේ තවත් දේශපාලන ව්යාපෘතියක් වුවද එයට ජීවය ඇත්තේ තමන් කොටි සංවිධානයෙන‌් වියෝවූ රජයක්  බවට ප‌ෙනී සිටින තාක් කල් පමණි. නමුත් මේ විගඩම දිගුකාලීනව කල නොහැක. එය කෙටිකාලීන ක්රීඩාවකි. නමුත් මේ කෙටි කාලය තුලදී, පෙර තිබුණාටත් වඩා බලවත් කොටි සංවිධානයක් මේ බිම මත බිහිකිරීම අරමුණු කරගෙන වැඩ කිරීම ජාතික හා ජාතයන්තර සහය ලබන කොටි බලකාය ක්රියා කරයි. තමන්ගේ යහපාලන නඩය විසින් ඌතුරේ හමුඩ‌ාව සංකෝචනය කරමින් ඉඩ කඩම්  කොටි හිතවාදීන් වෙත මුදා හරින විට, ආයුධ පුහුණුව ලැබූ කොටි හමුදා සාමාජිකයින් නිදහස් කරමින් එම භූමිවලට ග ලා එන විට, ආයුධ පුහුණුව ලැබූ ලමා සොල්දාදුවන් දස දහස් ගනනක් ඒ පලාත් සිසාරා සිටින පදනමක් තුල අවි ආයුධ අවශ්යතාවයක් හා එම ආයුුධ පරිහරණයට නීතිමය පසුබිමක් නිර්මාණය කර ගැනීමට එම බලවේග වලට ඇවැසිව තිබේ. ඒ සදහා ඉතාම සුදුසු පසුබිම වන්නේ මෙරට සිටින බලවත් මහාරාජෙක් යටතට එම ව්යාපාරය පවරා ගැනීමයි. ඒ බලවත් ත්රස්ත මහා රාජා විසින් මෙරට අධිකරණයටත් ඉහලින් අභීතව සිටගෙන ඇවන්ගාඩ් සමාගම විනාශ කොට එය විසින් සිදුකල සියලුම කටයුතු ඔවුනතට ගෙන, අද විශ්රාමික හමුදා සෙබලුන් විසින් සිදු කරන කාර්යයන් වෙනුවට නිදහස ලද මුහුදු කොටි සාමාඦිකයින් එයට බදවා ගැනීම ඔව ුනගේ උපක්රමය කර ගෙන ඇත. මේ තුලින් ඔවුන්

1.ගෝථාභය රාජපක්ෂ මහතා ඇතුළු රණවිරුවන් දඩයම් කිරීම

2..මුහුදු කොටි බලකාය එදාට වඩා බලවත්ව නීතිමය පදනමකින් ගොඩනැංවීම

3.අවි ආයුධ ප්රවාහණය සදහා නීතිමය අවසරයකින් යුුතු නැව් ජාලයකට උරුම කම් කීම

  1. විශාල ආදායම් මාර්ගයකට උරුමයක්ද ලබා ගනී

මේ සම්බන්ධව බුද්ධිමත්ව සිතීමට ඒකාබද්ධ විපක්ෂය හා මෙරට ජනතාව ආරම්භ කල යුතුය. ඇවන්ගාඩ් සමාගමේ කටයුතු පරීක්ෂා කිරීමට අධිකරණ තීන්දුවට එහාට කිසිවෙකුටත් අයිතියක් නැති බව හඩගා පල කල යුතුය. නීතිය නැති තැන ජනතාවට නීති ගර්ක පුර වැසියන් විය නොහැකි බැවින් සාධාරණය හා යුක්තිය සුරකීම උදෙසා ඔ්නෑම දෙයක් කිරීමට ජනතාව සූදානම් විය යුතුය. එහ අනාගත ස්රී ලංකාවේ කොටි ඝාතන ක්රියාවලියකට තිතක් තැබීමකි. ජනතාවනි අවදිවන්න.

3 Responses to “ඇවන්ගාඩ් සමාගම ඩැහැගැනීමේ කොටි මෙහෙයුම පරාජය කරමු.”

  1. Kumari Says:

    I fully endorse what you say. If Avangard goes to Maharajas a well known LTTE supporter the future of Sri Lanka is doomed. Arjuna Mahendran is another son of the Maharaja family with connections to the Aloisius family who are crooks ready to milk the country.

  2. Hiranthe Says:

    I fully agree with this too. If this operation goes to Maharaja, then it will be the sea tigers main cover. Our navy cannot do anything.. they will be in barracks. Through this route, LieTTE armory will get filled again. US will bring the arms to the middle of the Indian ocean and transfer to this ship to bring to SL.

    American economy will be more stable.. We will be doomed.

    Yamapalanaya at its best!!

  3. NAK Says:

    The question however is, are JaRajitha,Pa.cha and AKD(Another Kidney Decease)from the same maha family?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress