ලකුණු  දා ගැනීම හා ලකුණු කැපීම
Posted on November 11th, 2015

එස්. අකුරුගොඩ

‘ඇවන්ට්ගාඩ් සමාගම’ වැටලීම,  ‘මිලේනියම් සිටි’ වැටලීම මෙන් පොලීසිය ලකුණු  දා ගැනීමට කලා දැයි සිතෙන බව පාර්ලිමේන්තුවේදී පැවසීම නිසා නීතිය, සාමය හා බන්ධනාගාර ප්‍ර‍තිසංස්කරණ අමාත්‍ය තිලක් මාරපන මහතාට සිය ඇමති දුරයෙන් වන්දි ගෙවීමට සිදුව තිබේ.

‘මිලේනියම් සිටි’   වැටලීම යනු අතුරුගිරියේ ‘මිලේනිම් සිටි’ නිවාස සoකීර්ණය තුල පවත්වා ගෙන ගිය  රජයේම හමුදා බුද්ධි අoශ ඒකකය, 2001 දෙසැම්බර් මාසයේදී බලයට පත්වී 2002 ජනවාරි 2 වෙනිදා රනිල් අගමැති දුරය දැරූ එජාප පාලනය මගින් කරනලද මහා පාවා දීමයි.   

එදිනට පසු එම බුද්ධි අoශ ඒකකයේ සියලුම නිළධාරීන්, එයට සම්බන්ධව සිටි සියලුම ඔත්තුකරුවන්   සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් (දෙමළ හා මුස්ලිම් ජාතිකයින්ද ඇතුලුව) එල්.ටී.ටීය විසින් සමූල ඝාතනය කරන ලදි. රනිල්ගේ එජාප රජය, ඊනියා සටන් විරාමයට බාදාවක් වේයයි යන මතයේ සිටිමින් එල්.ටී.ටීයේ සහ නෝර්වේ ඇතුලු ඊනියා ජාත්‍යන්තර සාම කාක්කන්ගෙන්  ලකුණු දා ගැනීමට දෝ එම ඝාතන වැලැක්වීමට කිසිදු පියවරක් නොගත් බැව් පැවසේ.

එවකට පොලීසිය භාරව ඇමතිවරයා වූයේ ජෝන් අමරතුoග වන අතර ආරක්ෂක අoශ භාරව ඇමතිවරයා වූයේ තිලක් මාරපන මහතායි. ලකුණු දා ගැනීමට ජෝන් අමරතුoග ගේ පොලීසිය කටයුතු කල අතර මාරපන ලකුණු කැපේ යයි සිතා කල වැරැද්ද දැන දැනම එවිට නිශ්ශබ්දව ඉන්නට ඇත.

සිතා මතා නොවූවත්, සිතේ පැල පඳියම් වී කාලාන්තරයක් සැගවී සිටි ඇත්ත තමන්ටත් හොරා කටින් ගලිහීම නිසාදෝ මාරපන මහතාගේ ලකුණු අද කැපී ඇත.

තමාට දිගට හරහට මඩ ගැසීමට මාධ්‍යය මගින් ක්‍රියා කළ බැවින්, පොලීසිය විසින් තවදුරටත් කරගෙන යනු ලබන පරීක්ෂණ වලට බාධාවක් නොවන පරිදි ඉල්ලා අස්වීමට තීරණය කළ බව මාරපන මහතා පවසා තබිණ. තවද මාධ්‍යය විසින් එවැනි මඩගැසීම් නොකළ යුතු බවත් ඒ මහතා කියා තිබේ.

වාසි පැත්තට ‘හුරේ’ දමන අමන දේශපාලකයින් මෙන්ම මාධ්‍යය වේදීන් යයි කියා ගන්නා පිරිස් සිටින රටක මාරපන මහතාගෙන් ඇත්ත පිටවෙන විටත්, රටට හෙන ගැහුනත්, පාලකයින්ගෙන් ලකුණු දාගෙන තම තමන්ගේ බඩවියත් රැක ගැනීමට උත්සුකවීම පුදුමයක් නොවේ.

මේ අතර අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා කියා සිටින්නේ විශාල ලාබ ලබන ඇවන්ට්ගාඩ් සමාගම පවරාගැනිමට එක්තරා මාධ්‍යය ආයතනක් හිමි ව්‍යාපාරික සමාගමක්  රජයට මහත් පීඩනයක් ඇතිකරන බවත් ඒ අතර සරත් ෆොන්සේකාට කෙසේ හෝ ගෝඨාභය රාජපක්ෂ මහතාව හිර භාරයට ගැනීමට අවශය්‍යව ඇතිබවත්ය.  එහෙත් ගෝඨාභය රාජපක්ෂ මහතාව හිර භාරයට ගැනීමට නොගත්තේ ඔහු පවසන පරිදි ඊනියා යහපාලනය නිසා නොව, තමා ඉදිරියේ ඇති කුමන්ත්‍ර‍ණය කලින්ම දැන, ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අදාල වාරණ නියෝගයක් ගෙන තිබුනු බැවිනි.

‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යාමට එක්සත් ජාතීන්ගේ අවසරය ඇතුළු සියලුම නීතිමය විධිවිධාන සපුරා පැවති බවත්, අවැන්ට්ගාඩ් නෞකාවේ සේවා කටයුතු හා රක්නා ලංකා සමාගම හා ඒකාබද්ධ කටයුතු සාධරණය කරමින්, ගිනි අවි ආඥා පනත, පුපුරණ ද්‍ර‍ව්‍ය පනත හෝ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ආදියෙන් නඩු පැවරිය නොහැකි බවට තමන් පසුගියදා තමන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ නීතපතිවරයාගේ වාර්තාව පදනම් කරගෙන බවත්, එය මුළුමනින්ම සත්‍ය බවත්, නීතිපතිවරයාටද මේ සම්බන්ධයෙන් එල්ලවන චෝදනා පදනම් විරහිත බවත්, හිටපු නීතිපතිවරයෙකුද වන අමාත්‍ය මාරපන සහ ජනාධිපති නිතිඥවරයෙකුද අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතුන් ඉතා පැහැදිලිව පෙන්වා දී තිබේ.

රජයේම ඇමතිවරුන් ලක්ව ඇති පීඩනය මෙබඳු නම් රජයේ වග කිවයුතු නිළධාරීන් ඊනියා යහපාලනය යටතේ පත්ව ඇති අසරණ තත්වය අපට සිතාගත හැකිය.  මෙවන් තත්වයක් යටතේ තම රාජකාරිය නිසි පරිදි ඉටු කරන නීතපතිවරයාට මුලු මහත් ජනතාවගේ ගෞරවය  හිමි යුතුවේ.

වත්මන් පාලකයින් නීතපතිවරයාගේ වාර්තා සහ නිර්දේශ නොතකා තවදුරටත් පොලීසිය මෙහෙයවන්නේ තමන්ට බලයට පැමණවීමට සියලු උපදෙස්, උදවු පදවු හා ගුරු හුරුකම් දුන් පුද්ගලයින්ගේ, මහරාජා වරුන්ගේ හා අනෙකකුත් විවිධ බලවේගවල (දේශීය හා විදේශීය) මනදොල පුරවා ලකුණු දා ගෙන තමන්ගේ පැවැත්ම රැක ගැනීමට මිස රටට වන සෙතක් ගැන සිතා නොවන බැව් දනිනෝ දනිති.

එස්. අකුරුගොඩ

4 Responses to “ලකුණු  දා ගැනීම හා ලකුණු කැපීම”

  1. Ancient Sinhalaya Says:

    Fox in charge of the chickens!

    Catholic John, police minister, looking after millennium city officers for the catholic tigers of tamil dreelam
    aka ltte!

    No chance for the millennium city officers, with catholic traitor chief pol pot ponil as the boss and his right hand man
    catholic john mara in charge!

    Marriage made in heaven! Sinhalese can’t wait to vote for the UNPatriotics!

  2. Independent Says:

    PM-finance minister clash worsens! Featured

    – Nov 11, 2015

    PM-finance minister clash worsens!

    From a minor difference, the clash between prime minister Ranil Wickremesinghe and finance minister Ravi Karunanayake has now worsened into a major concern for the government, say UNP sources.

    It began after the state banks and many other institutions were taken away from the finance ministry and given to a separate ministry called state enterprise affairs under UNP general secretary Kabir Hashim. Karunanayake has expressed his objections to this to the PM, who has not taken much note of it.

    Later, Karunanayake used the media friendly with him and carried out a campaign for several weeks that the PM has agreed to return the institutions taken away from him.

    In the meantime, the state enterprise affairs ministry has informed the chairmen and directors of the institutions taken away from the finance ministry to resign, in order to make new appointments. However, the finance minister has told them not to resign under any circumstance.

    Hashim has now informed the PM about this situation. For example, the PM appointed chairman of the People’s Bank, UNP legal affair secretary, advocate Nissanka Nanayakkara is still not able to assume duties as Karunanayake appointee Hemasiri Fernando is still on the job at his request.

    The PM has apointed Krishantha Cooray as chairman of Hilton Hotel, but Sagarika Delgoda, appointed by Karunanayake, remains in the position.

    The PM is angry and dejected over the finance minister’s conduct and has instructed his secretaries to gazette the names of the new appointees and pave the way for them to assume duties immediately. But, Karunanayake says that if that happens, that will be the end of the ‘Yaha Paalana’ government.

    The president is looking on silently. Activists of the ‘Yaha Paalana’ government are going to request the president to take up the matter with both parties and give a solution before the situation worsens further.

  3. Independent Says:

    ආණ්ඩුව ගැන ජනතා විශ්වාසය බිඳ වැටිලා…

    November 11, 2015 at 2:10 pm | lanka C news

    ආණ්ඩුව ගැන ජනතා විශ්වාසය බිඳ වැටිලා…
    දූෂණ වංචා සම්බන්ධ පරීක්ෂණවල ප්‍රගතියක් නොමැති වීම හේතුවෙන් ආණ්ඩුව කෙරෙහි සිය විශ්වාසය බිඳ වැටෙමින් තිබෙන බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පැවසීය.

    ඇවන්ට්ගාඩ් සමාගමේ පාවෙන අවි ගබඩා සම්බන්ධ ප්‍රශ්නය පමණක් නොව තවත් බොහෝ පරීක්ෂණ කෙරෙහි තම විශ්වාසය බිඳ වැටී ඇති බව ඔහු කියා සිටියේය.

    ‘අපි දන්නවා කලින් අල්ලස් දූෂණ කොමිසම අකාර්යක්ෂම කිරීමට හේතු වුනා කළුතර දිස්ත්‍රික්කයේ එක්තරා මන්ත්‍රීවරයෙකුගේ, එවකට ඇමතිවරයෙකු ගේ දේපල පිලිබඳ කාරණය. ඒ පරීක්ෂණ කටයුතු ඊට පස්සේ ආරම්භ වුනේ නැහැ. තව කාරණා බොහොමයක් තියෙනවා. ඔබට මතක ඇති හිටපු ජනාධිපතිවරයා ගේ නිල බෙන්ස් රථයේ අංකය භාවිතා කළ රේසිං කාර් එකක් අත්අඩංගුවට ගත්ත. අද වෙනකම් චෝදනා ගොනු වෙලා නැහැ. මේ වන විට ඒ රථය අධිකරණ භූමියේත් නැහැ. මට ආරංචි වුනා ඒ රථය ආපසු භාර දීල කියල. මට තේරෙන්නේ නැහැ ජනාධිපතිවරයෙකු ගේ නිල රථයක අංකයක් භාවිතා කරපු රථයක් කොහොමද ආපසු භාර දෙන්නේ කියල.’ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පැවසීය.

    මෙවැනි කාරණා නිසා නව රජය කෙරෙහි ජනතාවගේ විශ්වාසය ද බිඳ වැටී ඇති බව තමා පිළිගන්නා බවද නියෝජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළේය.

    යුක්තිය ඉටු වනවා මෙන්ම යුක්තිය ඉටු වන බව පෙනෙන්නට ද තිබිය යුතු බව අජිත් පී පෙරේරා නියෝජ්‍ය ඇමතිවරයා කියා සිටියේය.

  4. Independent Says:

    ඇවන්ගාඩ් ගිවිසුම් ඉවරයි : මෙහෙයුම් නාවික හමුදාවට

    2015 නොවැම්බර් මස 11 18:43:48 | තරිඳු ජයවර්ධන
    Tweet ඇවන්ගාඩ් මැරිටයිම් සමාගම හා රජය අතර ගිවිසුම් සියල්ල අහෝසි කර මෙහෙයුම් සියල්ල නාවික හමුදාව යටතට පැවරීමට රජය තීරණය කළ බව ඇමැති රාජිත සේනාරත්න මහතා කියයි.

    අද පස්වරු හතරට මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී මේ තීරණය ගෙන තිබේ.

    එම සාකච්ඡාවට පොලිස්පති, නීතිපති, ආරක්ෂක අමාත්‍යංශ නිලධාරීන්, නාවික හමුදාපති, රක්නා ලංකා නියෝජිතයන් ඇතුළු නිලධාරීහු ද, ඇමැතිවරුන් වන රාජිත සේනාරත්න, විජයදාස රාජපක්ෂ සහ පාඨලී චම්පික රණවක මහත්වරු ද සහභාගී වූහ.

    මෙම සාකච්ඡාවේ දී හොර ගනුදෙනු ගැන තොරතුරු හෙළි වූ බවත්, ඒ සියල්ල ගැන විමර්ශනය කර වහාම නීතිමය පියවර ගන්නැයි පොලිස්පතිට හා නීතිපතිට ජනපති දැන්වූ බවත් සේනාරත්න මහතා කීවේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress