සෝභිත හාමුදුරුවෝ
Posted on November 11th, 2015

නලින් ද සිල්වා

මේ ලිපිය කියවන බොහෝ දෙනකු මා සමග උරණ වීමට ඉඩ ඇත. මා කුහකයකු  යැයි ඇතැම් ජනමාධ්‍යවේදීන් කීමට ඉඩ ඇත. එසේත් නැත්නම් තවත් අය මා කෙළෙහි ගුණ නොදත් අයකු යැයි කියනු ඇත. අයකු මළවුන්ගේ අගුණ කීමෙන් මා සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව ක්‍රියා කර ඇති බව ප්‍රකාශ වනු ඇත. මගේ වයස අනුව වුවත් දැන් මට අනෙක් අය මා ගැන කියන දේ ගැන කල්පනා කිරීම අවශ්‍ය නො වේ. ඒ නැතත් මට සමාජයට කීමට අවශ්‍ය යැයි මා සිතන දේ විපාකය නොතකා ප්‍රකාශ කරමි. මේ ලිපිය කාලය වෙබ් අඩවියේ පමණක් පළ කෙරෙන්නේ පුවත්පතක් එය පළ කරාවිද යන සැකය නිසා ය.
 
මින් වසර විස්සකට පමණ ඉහත දී සෝභිත හාමුදුරුවන් අපවත් වී නම් අද උන්වහන්සේගේ ගුණ ගයන මෙරට ඇමරිකානු තානාපති, ඊනියා රාජ්‍ය නොවන සිවිල් සමාජය, එතෙර හා මෙතෙර අනුකාරක බුද්ධිමතුන් එ ජා පක්‍ෂය හා තවත් එවැනි අය කුමක් කීමට තිබිණි ද?  එකල සෝභිත හාමුදුරුවෝ චින්තන පර්ෂදයේ සභාපති ධුරය දැරූහ. මම එහි ලේකම් වීමි. මට මතක් වන්නේ සෝභිත හිමියන්ගේ රූපය මුල්පිටුවේ රැගත් මහාචාර්ය ස්ටැන්ලි තම්බයියාගේ බුඩිසම් බිටේ්‍රඩ් (ඹඋඩඩහඉසම ඹඑටරඅයඑඩ) කෘතිය ය. තම්බයියා ඇමරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව හා සම්බන්ධ මහාචාර්යවරයකු විය. දෙමළ කතෝලිකයකු වූ ඔහු  කලකට පෙර අභාවප්‍රාප්ත විය. අපි චින්තන පර්ෂදයේ ද වෙනත් සංවිධානවල ද එකතුවෙන් ඒ පොතට විරුද්ධව ක්‍රියා කෙළෙමු. තම්බයියා කියා සිටියේ යුද්ධ (එය යුද්ධයක් නොව දෙමළ ත්‍රස්තවාදයට එරෙහිව කළ හමුදා මෙහෙයුමක් පමණක් විය) කළ යුතු යැයි කීමෙන් සෝභිත හාමුදුරුවන් ද අප ද බුද්ධාගම පාවාදී ඇති බව ය. ඒ සම්බන්ධයෙන් බුදුදහම පාවාදීම යනුවෙන් පොත් පිංචක් පළ කිරීමට මට ඩිදු විය. අපි බොහෝ විට නාග විහාරයෙහි දී රැස් වී කළ යුතු දේ සාකච්ඡා කෙළෙමු. අපට විරුද්ධව තම්බයියා නිවැරදි යැයි කී අය තම මතය තහවුරු කිරීම සඳහා තායිලන්තයෙන් ද ඊනියා බෞද්ධ විදග්ධයන් ඉදිරිපත් කළහ.
 
මම සෝභිත හිමියන් මවුබිම සුරැකීමේ ව්‍යාපාරය කාලයේ සිට ම හඳුනමි. උන්වහන්සේ ජාතික ව්‍යාපාරයෙහි කටයුතු කර ඇත්තේ එයටත් පෙර ය. සිංහල බල මණ්ඩලය පිහිටුවීමෙහි ලා පුරෝගාමි වූ මහතා අසූවේ දශකයේ මුල එංගලන්තයේ සිට ඒ වෙනුවෙන් ම ලංකාවට පැමිණ ඇත. ඔහු දැන් නිහඬ ව ලංකාවේ පදිංචි වී සිටියි. මා සිංහල බල මණ්ඩලයට නොබැඳුණේ එකල මා මාක්ස්වාදයෙන් හා බටහිර විද්‍යාවෙන් බිඳී නොතිබීම හේතුකොටගෙන ය. බටහිර විද්‍යාවෙහි දී බටහිර චින්තනයත් දේශපාලනයේ දී සිංහල බෞද්ධ චින්තනයත් අනුව කටයුතු කිරීමට මට නොහැකි විය. එසේ කළ හැක්කේ දෙබිඩ්ඩන්ට ය. 
 
සිංහල බල මණ්ඩලයවත්, මවුබිම සුරැකීමේ ව්‍යාපාරයවත් සෝභිත හිමියන්ගේ නිර්මාණ නො වීය. උන්වහන්සේ ඒ සංවිධානවල ප්‍රමුඛ කථිකයා පමණක් විය. සියල්ල සංවිධානය කරනු ලැබුයේ වෙනත් අය විසිනි. එහෙත් සාමාන්‍ය ජනතාව සිතුවේ ඒ සියල්ල සෝභිත හිමියන් සංවිධානය කළ බව ය. උන්වහන්සේගේ චතුර කථිකත්වය හේතුකොටගෙන තම්බයියාට මෙන් ම සාමාන්‍ය ජනතාවට ද පෙනී ගියේ උන්වහන්සේ ඒ සංවිධානවල නායකත්වය ඉසිළුෑ බව ය. සෝභිත හාමුදුරුවෝ නායකයෙක් නොවූහ.  නායකත්වය උන්වහන්සේට පිටතින් ආරෝපණය කරනු ලැබිණි. පළල් සමාජයට තබා දේශපාලනඥයන්ටවත් ඒ බව අවබෝධ නො වීය. ධර්ම දේශකයකු ලෙස උන්වහන්සේ ලබා තිබූ ප්‍රසිද්ධිය ද මේ ආරෝපිත නායකත්වයට හේතුවක් විය.
 
චින්තන පර්ෂදයේ සභාපති ලෙස උන්වහන්සේ අපට කාලය සඟරාව මුද්‍රණය කිරීමෙහි ලා උපකාර කළහ. අප මුල් කාලයේ දී කාලය සඟරාව මුද්‍රණය කෙළේ උන්වහන්සේ සභාපතිත්වය දැරූ අමද්‍යප තරුණ පුහුණු මධ්‍යස්ථානයේ මුද්‍රණාලයේ ය. කිසි දිනෙක (හතර වරක් ආරම්භ කර අත්හරීනු ලැබ අද මෙම වෙබ් අඩවියට පමණක් කාලය සීමා වී ඇත) ලාභ නොලැබ පාඩුවට පවත්වාගෙන ගිය කාලය සඟරාව වෙනුවෙන් චින්තන පර්ෂදය එකි මුද්‍රණාලයට ගෙවිය යුතු මුදල් විශාල ප්‍රමාණයක් අත්හැරවීමට උන්වහන්සේ මැදිහත් වූහ.  
 
නායකයකු නොවූව ද ජාතික ව්‍යාපාරයේ කැපී පෙනෙන සමාජගත ආරෝපිත නායකයා වූ සෝභිත හාමුදුරුවෝ අනූවේ දශකයේ අග භාගය වන විට ඒ කටයුතුවලින් ඈත් වුහ. අප සමග තිබූ සම්බන්ධතා ඉන්පසු නැති විණි. උන්වහන්සේ දක්‍ෂිණාංශික පාප මිත්‍රයන්ගේ ඇසුරට පත්විය. ඒ මිතුරෝ උන්වහන්සේ ක්‍රමයෙන් වෙනත් අතකට යොමු කළහ. පාප මිතුරෝ එ ජා පක්‍ෂයට හිතවත් වූහ. ඔවුන් සමග උන්වහන්සේ වාම දේශපාලනයක සිට දක්‍ෂිණ කඳවුරට ගමන් කළහ. මෙහි දී අපට පල්ලි නිකාය හා පස්ගව මහණුන් සිහිවෙයි. 
 
සෝභිත හාමුදුරුවන්ගේ මේ වෙනස ජාතිකවාදියකු ඊනියා ප්‍රජාතන්ත්‍රවාදියකු බවට පත්වීමක් ලෙස අර්ථකථනය කළ නොහැකි ය. එය හුදෙක් ආරෝපිත නායකයකු තවත් භික්‍ෂූන් වහන්සේලා පිරිසක් විසින් දක්‍ෂිණාංශික දේශපාලනය දෙසට තල්ලු කිරීමක් විය. තමන්ගේ ම වූ දැක්මක් නොමැති වූ සෝභිත හාමුදුරුවන් එසේ වෙනස් වීම අපට තේරුම් ගත හැකි විය. උන්වහන්සේ විචිත්‍ර ධර්ම දේශකයකු වූ නමුත් ධර්මය පිළිපැද පාප මිත්‍ර සේවනයෙන් මිදීමට තැත් නො කළහ. පාප මිත්‍ර සේවනයේ යෙදෙමින් ම පාප මිත්‍ර සේවනයේ ආදීනව ගැන උන්වහන්සේ දේශනා කළහ. පසු කලෙක ජාතික හෙළ උරුමය බවට පත්වූ දේශපාලනඥයන් ප්‍රසිද්ධ භික්‍ෂූන් වහන්සේ තම දේශපාලනය උදෙසා යොදා ගැනීමට සෝභිත හාමුදුරුවන්ගේ ආරෝපිත නායකත්වය පාඩමක් වූයේ දැයි නො දනිමි. ජාතික හෙළ උරුමයේ නායකත්වයේ සිටි භික්‍ෂූන් වහන්සේ ද (රතන හිමියන් හැර) හුදෙක් ආරෝපිත නායකයෝ පමණක් වූහ.  
 
අපි සෝභිත හාමුදුරුවන් ජාතිකවාදියකු ලෙස වැඩ සිටි කාලයේ සිදුකරන ලද ජාතික සේවාව අමතක නො කරමු. විශේෂයෙන් ම ඉන්දු ලංකා ගිවිසුමට, දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයට, පළාත් සභාවලට, දෙමළ බෙදුම්වාදයට එරෙහිව රටේ ඒකීය භාවය, ස්වෛරීත්වය වෙනුවෙන් කරන ලද උද්ඝෝ’ෂණ, විරෝධතා ආදිය පිළිබඳ ව ජාතියේ ප්‍රණාමය උන්වහන්සේට හිමිවෙයි. එහෙත් උන්වහන්සේ අපවත් වූයේ ඇමරිකානු තානාපතිගෙන් සහතික ලත්, දෙමළ ජාතිවාදයේ අතකොළුවක් ලෙසිනි. උන්වහන්සේ ආරෝපිත නායකත්වය දැරූ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ද ඉන්දීය හා වෙනත් රටවල ඒජන්තයන් විසින් පිහිටුවන ලද්දකි. 
 
ඉන්දියාවට, එංගලන්තයට හා ඇමරිකාවට අවභ්‍ය වූයේ ඊනියා රාජපක්‍ෂ රෙජිමය පැරදවීම, චීනය සමග වූ සම්බන්ධතා අවමයක් කිරීම හා දෙමළ ජාතිවාදයට අවශ්‍ය දේ සැපයීම ය. ඔවුහු ද ඔවුන්ගේ ඒජන්තයෝ ද දෙමළ ජාතිවාදයට කප්පන් දීම ඉදිරියට නොගැනීමට වග බලාගත්හ. ඔවුන් ඊනියා භීෂණයට හා දූෂණයට එරෙහි ව්‍යාපාරයට ප්‍රමුඛත්වය දී දෙමළ ජාතිවාදයට කප්පන් දීම යටගැසූහ. එහි දී ඔවුන්ට හමු වූ බලවත් ම පුද්ගලයා සෝභිත හාමුදුරුවන් විය. සාමාන්‍යයෙන් ප්‍රසිද්ධියට කැමති සෝභිත හාමුදුරුවෝ කැරෙල් කරත්තයට කියන්නටත් පෙර ගොඩවූහ. උන්වහන්සේ මහින්ද රාජපක්‍ෂට එරෙහිව මෛත්‍රි රනිල් දුස්සංයෝගයට සහාය දුන්හ. 
 
මෛත්‍රි රනිල් ආණ්ඩුව ගැන පසුකාලීනව උන්වහන්සේගේ අකමැත්තක් විය. තව කලක් වැඩ සිටියේ නම් ඇතැම් විට උන්වහන්සේ මේ ආණ්ඩුවට විරුද්ධ වීමට ද තිබිණි. වැරදි දේශපාලනයක නිරත වී පසුව එයට අකමැතිවීම මගින් ද පෙන්නුම් කෙරුණේ උන්වහන්සේට දැක්මක් නොවූ බව ය. දැක්මක් ඇති අයකු රනිල් වික්‍රමසිංහ ගැන වැරදි තීරණයකට නොඑළඹෙනු ඇත. උන්වහන්සේට පහරදුන්නේ රනිල්ගේ මාමාගේ  ආණ්ඩු කාලයේ දී බවත් එකල රනිල් වික්‍රමසිංහ ද කැබිනට් ඇමතිවරයකු වූ බවත් උන්වහන්සේට අමතක විණි දැයි නො දනිමු. මෙහි දී උන්වහන්සේ පෞද්ගලිකව ඒ සියල්ලට සමාව දුන්නේ යැයි කෙනකුට කිව හැකි ය. එහෙත් රනිල් වික්‍රමසිංහගේ දේශපාලනය අමතක කළ හැකි ජාතිකවාදියකු නැත. කෙසේ වෙතත් එකල උන්වහන්සේ ජාතිකවාදියකු නොවූ අතර සෑමදාමත් මෙන් ම පැහැදිලි දැක්මක් ඇත්තකු ද නොවූහ. 
 
අද සිදු වී ඇත්තේ කුමක් ද? සෝභිත හාමුදුරුවන්ට නායකත්වය අරෝපණය කළ විජාතික බලවේග උන්වහ්සේගේ ද කරපිටින් බලයට පත්වී තවමත් දුෂණය හා භිෂණය ගැන කතාකරමින් දෙමළ ජාතිවාදයට දොළ පිදේනි දෙනු දැකිය හැකි ය. ජෙනීවා යෝජනා මගින් රණවිරුවන්ට දඬුවම් දීමට උත්සාහ කරන්නෝ මිනීමරුවන් නිදහස් කිරීම ගැන සාකච්ඡා පවත්වති. දේශපාලන සිරකරුවා හා මිනීමරුවා අතර වෙනස විජාතික බලවේග විසින් අමතක කෙරෙයි. සෝභිත හිමියන් එදා විරුද්ධ වූ දහතුන්වැනි සංශෝධනය හා පළාත් සභා පනත මුළුමනින් ම ක්‍රියාත්මක කිරීමට එහිමියන්ගේ ද සේවය ලබමින් විජාතික බලවේග විසින් බලයට පත්කෙරුණු ආණ්ඩුව සැරසෙයි. දෙමළ ජාතිවාදීන්ට අවශ්‍ය හැකිනම්  මුළු ලංකාව ම දෙමළ රාජ්‍යයක් කිරීම ය. මධ්‍යයෙහි දෙමළ නායකත්වයක් ඒ සඳහා අවශ්‍ය වෙයි. දෙමළ වෙල්ලාල නායකයන්ට මධ්‍යයෙහි නායකත්වයට පැමිණීමට නොහැකි බැවින් ඔවුහු වෙන ම රාජ්‍යයක් උදෙසා අරගල කරති. සිංහල ග්‍රාමීය නාම දෙමළ බවට පත්කළ මිනුන්දෝරුවන් අනුගමනය කරමින් උතුරු පළාත් සභාව නාගදීපය නයිනතිවූ යනුවෙන් නම් කළ යුතු යැයි පවසන බව අපවත් වූ සෝභිත හිමියන්ට දන්වන්නේ කෙසේ ද? මහියංගණං නාගදීපන් ගාථාව වෙනස් කිරීමට ඊනියා උගතුන්ගේ බසින් නම් පශ්චාත් සෝභිත හිමි සමයේ සිදු වෙි ද? අපවත් වී වදාළ සෝභිත හාමුදුරුවන්ට ඉක්මණින් ම නිවන් සැප ලැබේවා! 
නලින් ද සිල්වා
 
2015 නොවැම්බර් 10

23 Responses to “සෝභිත හාමුදුරුවෝ”

  1. Dr.K Says:

    අපවත් වී වදාල සෝභිත හිමියන් පිළිබඳව ආචාර්ය නලින් සිල්වාගේ දැක්ම ඉදිරිපත් කිරීම අගය කරමි. එහි 6 වන චේදයේ සඳහන් වන ‘මෙහි දී අපට පල්ලි නිකාය හා පස්ගව මහණුන් සිහිවෙයි’ යන ප්‍රකාශයේ ‘පස්වග මහනුන්’ යන්න වෙනුවට ‘පස්ගව මහනුන් ‘ යනුවෙන් සඳහන් වීම මුද්‍රණ දෝෂයක්ද එසේත් නැතිනම් හිතා මතාම සඳහන් කල එකක්ද යන්න දැන ගැනීමට කැමැත්තෙමි.

  2. Kumari Says:

    No doubt about ven. Sobitha ‘ s wrong views. Buddhist clergy should not involve themselves in politics. especially modern politics where so many evil powers are pulling strings from behind the curtain.

  3. Senevirath Says:

    දේශපාලන දර්ශනයක් හෝ අපේ උරුමය ගැන පැහැදිලිවටහීමක් සෝභිත හිමියන්ට තිබුනානම් රනිල් වන්නෙක් පිටුපස යන්නේ නැත . රූපකා යත් කතිකත්වයත් නිසා ජනප්‍රියවූ එතුමෝ ජාතික වාදී වුයේ අනුන්ගේ දැනුමෙනි . ප්‍රේමදාසට බැ න බැ න ඔහුගේ දානෙට පිරිතට වැඩ වරක් මාද්‍ය වේදීන් පින්තුර ගන්නා විට ” අපෝ මම මෙතන ඉන්න බව පෙන්නන්න නම් එපා” කියා වාහන වුන හැටි ගැන මට කිව්වේ කුසල ධම්ම හාමුදුරුවෝ සිනාවෙමිනි ( වැලමිටියාවේ කුසල ධම්ම හිමි නොවේ ) . දර්ශනයක් තිබුනානම් අනෙක් හිමිවරු එහෙම හිනා වෙයදා . එතුමා නොමගට ඇදගෙන ගියේ ”’බලයෙන් ”’ මෙනි ඒ එතුමාගේ ” අඩුපාඩු ”’ නිසාමය ඉස්සර නම් එතුමාට මම ඉතා හිතින් ගරු කලෙමි

  4. Ratanapala Says:

    One hundred percent agree with Prof Nalin.

    In the eighties he came into the limelight as a political speaker. I remember very well his role at the Janatha Raliya in early eighties against the arch traitor J R Jayawardene. As the good Prof said – he did not have a clear cut vision on anything other than his developing ego. In those days he was a fill-in speaker who kept patriotic crowds spell bound for hours till the main speakers came on stage. He allegiances were rather dubious at all times.

    In the end he became another victim of the Catholic Church, just like Mahinda Rajapakse. He joins millions of other victims of the Catholic Church. He was roped into betray his religion and race by the late Catholic Jayalath Jayawardana and I guess Ravi Karunanayagam. To a certain extent I believe that he was blackmailed to do what he did in the end – handing over Sri Lanka to a Catholic Administration. By the time he realised his treachery and how he was fooled the foul deed has been done. Once in power the Yahapalana Traitors simply neglected hims as if he did not exist. He simply became a bunch of Karapincha. This bunch of Karapincha will be cremated tomorrow with Catholic Administration’s blessings. Karapincha has done its duty and no longer of any value!

    He was a great voice for Buddhism and Sinhala rights in the past albeit what he did was give blood curdling speeches according to what was put in front of him. If one looks at his past – it is easy to discern that he was always confused as to his proper vocation. His ego took him to realms unknown and he got mired in a quagmire of blackmail, lies and deceptions.

    May his ‘soul’ rest in peace and for any good he did in the long distant past May he attain Nibbana – after he has expired his sins against his motherland!

  5. charithsls Says:

    May he attain Nibbana at his earliest & as Buddhists we should pay our respect to Maha Sangha (whatever your personal beliefs) .
    Prof Nalin, as one of the very few true patriots, should try to form a true effective patriotic force as we do not know for sure now, who are our real heroes at present. Many are in lamb clothes. We all supported MR but does he have a future ? Who should we bring together in these challenging times, you probably have the best answer. Gota,Wimal,Gammanpila,Ven Meddhananda,or Ven Ratna,just to name a few. I would rather like to read your thoughts on such future steps & measures which will be very valuable to the nation.

  6. Independent Says:

    “May his ‘soul’ rest in peace and for any good he did in the long distant past May he attain Nibbana – after he has expired his sins against his motherland!”

    – What a hateful statement !

    This statement is against Buddhism to the extreme.

    Buddhist do not go and kill Catholics , Muslims or Tamils to save Buddhism.
    Buddhist do not lie against Catholics , Muslims or Tamils to save Buddhism.
    Buddhist do not steal Catholics and Muslims properties to save Buddhism.

    There was an abattoir next door to Jetavanaramaya when Buddha live there.

  7. Lorenzo Says:

    Well said charithsls. But NO RATANA. A vicious anti-MR person driven by hate. No way.

    SLs are LEADERLESS today. The sooner we accept it the better. MR is no leader anymore. He CANNOT organize people into a force. He is torn between THIRUPATHY and the VATICAN. NEVER heard him make a good speech in parliament. He gives TNA Sambanthan, Anura Kumara and Run-nil crowd a FREE RUN.

    Only WIMAL and UDAYA shout against the govt. and suffer FCID grilling. Even their wives are unsafe. People say MR and family have come to a DEAL with the UNP govt. It no longer drags MR family members to the FCID, CID, Thajudeen, etc. In return they KEEP QUIET against UNP govt’s horrible crimes. UNP rabies dogs have bitten MR.

  8. Hiranthe Says:

    I salute Prof Nalin for his bold stand to open up, risking serious criticism.

    It is the quality of a true patriot. Every thing is second to one’s own Motherland. He is a true son of Mother Lanka.

    After Sobitha Hamuduruwo’s death, I can see a dark cloud gathering over our little Island nation and it is becoming more dangerous day by day… All the evil forces are rushing for something sinister soon. They made him silence and more losses can be expected.

    All the true sons of Mother Lanka who are in the forefront should be very mindful of their movements and their own security and protection.

    Especially with hard core LieTTE members in the loose now, following Yama Palanaya released them, WW, Udaya, Gota, MR, Dinesh, Prof Nalin etc should take extra measures. Similarly the strong second tear leaders like Govindu Kumarathunga etc should take extra care. LieTTE snipers may be in action… Nato and Raw can train more snipers out of these un-rehabilitated hard core terrorists.

    “coming colour is no good Patriots”

  9. Independent Says:

    This the answer to the question why Lorenzo said “But NO RATANA. A vicious anti-MR person driven by hate”.

    This was the reaction by Sobhitha Thero to closing of sluice gates by Lorenzo.

    Q. Ven. Thero , what do you think of the current situation in the country ?
    A: Yes, now we can see an uncertainty in everything and everywhere. We cannot fathom as to what would happen in the next minute. The government was pushed to this type of a situation even if the government doesn’t like it. Because all our leaders including President J. R. Jaye-wardene, President Premadasa, President Kumaratunga and Premier Ranil Wickremesinghe tried hard to solve this matter amicably with the LTTE.
    All of them put in their maximum effort honestly. They did a lot of sacrifices. Those people also used the maximum international influence to solve this matter. But LTTE never wanted to solve this problem amicably. Instead they grew day by day and became a deadly terrorist organisation. LTTE never stood for peace. They even killed all the people who demanded them to accept peace such as Rajiv Gandhi, Kethesh Loganathan, Neelan Thiruchelvam, Lakshman Kadirgamar etc.
    Through these incidents the LTTE has clearly shown their dislike for peace. Killing of Loganathan is a message sent by the LTTE in protest of peace. So this developed day by day and this war became very brutal day by day. Small children were killed, monks were killed and large masses of people were killed such as in the Kebithigollewa incident. And the closing down of Mawilaru anicut is the culmination of the LTTE’s brutality.
    As a nation we never withhold water to anyone, even to the enemy. Here the LTTE stopped giving water not to its enemy but to innocent farmers. Given this kind of a situation how could a responsible government just wait and act blind? The duty of a government is to protect its people. Therefore the government had to fight. But LTTE purposely dragged the government in to this. The government has clearly stated that they are for peace and they still stand by that.
    It is the LTTE that always denounces peace. Going for a war is a very dangerous thing. It wastes valuable human lives and assets. But to give water to these 15,000 farmers government had to fight and defeat the LTTE. With the defeat of Mawilaru the LTTE has now gone berserk. Now they are attacking everywhere they could including Jaffna.
    So the government can’t stay without fighting when they are being attacked and they fight back. The President has clearly indicated that he always wants peace and this is only a retaliation for the LTTE attacks. However all these incidents have finally created an intense war situation in the country.
    Lots of small children had been killed. The LTTE still rejects that the school in Pudukkudiyiruppu is a military training centre. But it is actually a military training centre. Most of the LTTErs who died recently were female child soldiers.
    That shows a lot of forced child conscription is going on. When someone attacks you with arms you have to fire back, even though she is a child, because she still is a soldier of the enemy.
    The LTTE still has the opportunity to go for a negotiated settlement. The government also should keep in mind that the consensus of the UNP is essential in bringing in a permanent solution to this problem.

    This is how Ven Ratana acted on closing of sluice gates by Lorenzo.

    https://www.youtube.com/watch?v=LpJv9aVe_eU

    No wonder he hates Buddhism and all Buddhist monks, except when one is popular he takes his side.

  10. Indrajith Says:

    Once again, a real and very bold analysis by Prof. Nalin De Silva.
    Thank you professor for enlightening us on the true colours of the late venerable Sobitha Thero.

  11. Sampath Says:

    රට යන විදියට සෝභිත තෙරට යන්න සිද්ධ වුනා. ඒ අතර එයාට පුළුවන් විදියට රටට සේවයක් කළා. අඩුපාඩු තිබුනා ඇත්ත. ලංකා දේශපාලනයේ කාටද දැක්මක් තියෙන්නේ. මුළු රටම හොරා කෑ රාජපක්සලට දැක්මක් තිබුනද? රාජපක්සලා යුද්ධෙන් පස්සේ දෙමල බෙදුම්වාදයට උදවු දුන්නේ නැද්ද?

  12. Sampath Says:

    “ජාතික හෙළ උරුමයේ නායකත්වයේ සිටි භික්‍ෂූන් වහන්සේ ද (රතන හිමියන් හැර) හුදෙක් ආරෝපිත නායකයෝ පමණක් වූහ”. මේ මනුස්සයට පිස්සුද?

  13. Dr.K Says:

    සම්පත් මහතාණනි.

    රට යන විදියට සෝභිත හාමුදුරුවන්ට යන්ට සිද්ද වුණා නොව, අද රට යන විදිය සකස් කරන්න සෝභිත හාමුදුරුවෝ දායක වුණා. නමුත් ඒක එහෙම සිද්ධ වුණේ සෝභිත හාමුදුරුවෝ හිතා මතාම මේ රට දෙකඩ කරන්න බලාගෙන නොවෙයි උන්වහන්සේ අද බලයේ සිටින නායකයන් කිවුව බොරුවලට රැවටිච්ච නිසා. ඒක තේරුම් යනකොට උන්වහන්සේ හොඳටම පරක්කු වැඩියි. ඒක තමයි උන් වහන්සේට කියන්න සිද්ද වුණේ ‘ අපිට වැරදුනා මත්තයෝ’ කියලා.

  14. Hiranthe Says:

    Dr.K – Very well said!!

  15. Independent Says:

    https://www.youtube.com/watch?v=tgvar3_K_ZQ#t=19

    https://www.youtube.com/watch?v=tgvar3_K_ZQ#t=44

  16. Independent Says:

    සෝභිත හිමිට සමාජ ජාල වෙබ් අඩවි හරහා කරන්නේ සුළුපටු අපහාසයක් නොවෙයි..

    November 11, 2015 at 12:00 pm | lanka C news

    සෝභිත හිමිට සමාජ ජාල වෙබ් අඩවි හරහා කරන්නේ සුළුපටු අපහාසයක් නොවෙයි..
    අපවත් වී වදාල කෝට්ටේ ශ‍්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියන් ගැන ඇතැම් වෙබ් අඩවි හා සමාජජාලාවල පළකර ඇති දේවල්වලින් එහිමියනට කර ඇත්තේසුළු පටු අගෞරවක් නොවන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    කැලණියේ මානෙල්වත්ත විහාරස්ථානයේදී ජනාධිපතිවරයා කියා සිටියේ සමාජයේ වේගවත් පරිහානිය කොතෙක්දැයි මේ හරහා පෙනෙන බවත්ය.

  17. Kumari Says:

    I agree with the writer and also with lot of comments given.

    Lorenzo is saying that Mahinda does not give even a good speech in parliament. I agree, not only Mahinda, even the rest of the SLFPers who are with him in the opposition. I thought the reason why they don’t talk against the Joint or the combined government is if they do, the traitor pambaya could take action against and sack them from their parliamentary seats. If that happens more frogs will get into parliament to support Ranil.

  18. Lorenzo Says:

    Kumari,

    Other SLFPers are not worth talking about. Just crap. But a MP cannot be sacked from parliament that easily. NO ONE has been sacked that way so far for a long period of time while being a MP. Keeping quiet is NOT going to save MR and others. People will DROP them. That is WORSE. Then the UNP will come down on them like animals.

    A hero who keeps quiet fearing the bloody govt. is also a frog. He or she has jumped from hero to zero.

  19. NAK Says:

    The real trouble Sri Lanka has is we have too many of the Sampath (above)kind. Who still mutters the hora mantras without revealing any such acts. When did MR support seperatism?he did the best he could to defeat it. I remember very well,just before the Jan 8th elections Wimal had discussion with Sobhitha thero where he asked questions regarding the lies and false promises of the unholy alliance and Sobhitha thero had no answers. He simply stuck to Sissons instructions!

  20. Sampath Says:

    “When did MR support seperatism?”- නක්. 10000ක් ත්‍රස්තයෝ නිදහස් කලේ එයා නොවේද, තව අවුරුදු 4-5කින් බලාගන්න පුළුවන් මේ මෝඩකම්වල පල. ලය්ස්තුව දිග වැදියි මෙහි ලියන්න

  21. anura seneviratna Says:

    “තමන්ගේ ම වූ දැක්මක් නොමැති වූ සෝභිත හාමුදුරුවන් එසේ වෙනස් වීම අපට තේරුම් ගත හැකි විය”

    “දෙමළ ජාතිවාදීන්ට අවශ්‍ය හැකිනම් මුළු ලංකාව ම දෙමළ රාජ්‍යයක් කිරීම ය.”

    Ihatha sadahan sath vadanvalata Nalin Sureenta mage hada thulin Ping!

  22. Asanga Says:

    Sampath,

    ‘නක්. 10000ක් ත්‍රස්තයෝ නිදහස් කලේ එයා නොවේද, තව අවුරුදු 4-5කින් බලාගන්න පුළුවන් මේ මෝඩකම්වල පල. ලය්ස්තුව දිග වැදියි මෙහි ලියන්න’

    Unlike your darling USA who holds terrorist suspects for over a decade-and who were later proven to be innocent- MR’s government took steps to free those LTTErs who were rehabilitated, were given worthwhile training to build a better life for themselves and who simply wanted to return to their families.

    The hardcore ones were not released. THESE are the ones they are releasing now! There is a significant difference which you either fail to notice, or are ignoring.

    And yes, you are right, maybe with what is going on now those non-hardcore people may be forced to take up arms again-very probably by the hardcore thugs being released now. Quite possibly not through brain washing, but through force, threats and violence.

    But nevertheless, blaming MR for causing the calamity that is about to hit our country-due to those hard core terrorists being released at the present, is way off base!

  23. Lorenzo Says:

    Asanga,

    Do you think they were REHABILITATED? No way. They go back to TNA INFESTED TNA Vigneswaran controlled north. Army had to arrest and rearrest them. Now they are into terrorism again according to news from the north.

    Lets leave politics aside. MR releasing those 10,000 TERRORISTS is wrong. Not punishing KP was also WRONG.

    These terrorists are WORSE than hard core terrorists DURING PEACE TIME because these ones are MAKKAL PADAI who can mingle with people very well and carry out terrorist attacks.

    I don’t care about politics when it comes to security. I look for WHAT IS RIGHT/WRONG not who is right/wrong.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress