89 පරම්පරාව කපටින්ට රැවටුන මුග්ධයන්ද ?
Posted on November 12th, 2015

වෛද්‍ය රුවන් එම් ජයතුංග​

යකාගේ අඩවිය විසින් 89 පරම්පරාව කපටින්ට රැවටුන මුග්ධයන් බව කියයි. වැඩි දුරටත් කරුණු පවසන ඔහු මෙසේ ලියයි

…….89 පරම්පරාව කපටින් රැවටුන මුග්ධයන්ය. දැන් සිටින්නේ කාර් ගැන සිහින දකින සොෆ්ට්වෙයා නිර්මානය කරන  කරන නව නිර්මාන බිහිකරන ක්රෙඩිට් කාඩ් පරම්පරාවකි. අද ඇටෙන් පොත්තෙන් එලියට එන කොල්ලන් පවා  කතා කරන්නෙ අලුත් වාහනයකට යන විදිය ගැනය. ඔවුන්ගේ දිවේ වාහන වල බ්රෑන්ඩ් නිතරම ඇත.මෙය දියුණුවකි. 89 පරම්පරාව අනේ පවුය. (යකාගේ අඩවිය)

burning bodies

යකාගේ අඩවියේ පළවූ එම ලිපිය කියවන විට මට අපගේ පාසලේ සිටි දක්‍ෂ සිසුවෙකු මතක් වේ. ඔහු 88-89 කාලයේ මුළු හදවතින්ම ශිෂ්‍ය ව්‍යාපාරය වැළඳගෙන පෝස්ටර් ඇලවීම් , උද්ඝෝශන වැනි දේ වලට සම්බන්ධ වූයේ උසස් පෙළ අධ්‍යාපනයද කඩාකප්පල් කරගෙනය​. පළමුව මව්බිම දෙවනුව ඉගෙනුම කියා මෙම සිසුන්ව පාරට බැස්සවූ නායකයා (ඔහුව ව්‍යාපාරයට ගෙන ආ නායකයාද එම පාසලේ ඉහල පන්තියක සිටි සිසුවෙකි) කැරැල්ලෙන් පසු ඕස්ටෙ‍්‍රලියාවට පළා ගියේය​. (මේ මව්බිම නැත්නම් මරණය යැයි කියූ අයෙකි) අධ්‍යාපනය කඩාකප්පල් වී පුනරුත්ථාපන කඳවුරු වල කාලය ගෙවූ උක්ත සිසුවා අද ඉච්ඡාභංගත්වයට පත් වැඩිහිටියෙකි. ඔහු සෙකුරිටියෙකුව දිවි ගැට ගහගනියි. ඉතා පහසුවෙන් ඉංජීනේරුවෙකු හෝ ගණකාධිකාරිවරයෙකු වීමට තිබූ අවස්ථාව අහිමිව ඔහු දූවිලි කමින් අව්වේ වැස්සේ සෙකුරිටි රැකියව කරයි. ජනතා ව්‍යාපාර  දැන් ඔහුට අරහංය​.

මේ W3Lanka බ්ලොගයේ සෙනෙවි  හෙවත්  කමල් දේශප්‍රිය ගැන තිබූ සටහනකි (සෙනෙවි  යනු 1988/1989 යුගයේ පේරාදෙනියේ වෛද්‍ය පීඨ ශිෂ්‍යෙයකුව සිටිය අවදියේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවෙහි සාමාජිකයෙකු ව සිට කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෙනුර, කොල්ලුරේ, ත්‍රීමා ලා ආණ්ඩුවේ හමුදා විසින් ඝාතනය කරද්දී පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ගාමිනී සිසිර කුමාරලා ආණ්ඩුවේ හමුදා විසින් ඝාතනය කරද්දී අනූනවයෙන් පණ බේරා ගත්තෙකි. ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු වශයෙන් දැවැන්ත වැඩ කොටසක් ඉටු කළ ඔහු එවකට ජවිපෙ විප්ලවීය දේශපාලනය සඳහා දැඩි කැපකීරීමක් සිදු කළ දක්ෂ සංවිධායකයෙකි. පසු කලෙක වෛද්‍ය පීඨයෙන් ඉවත්ව ඔහු ජවිපෙ දේශපාලනය සඳහා පූර්ණ කාලීනව කැප වූයේය)

සෙනෙවි යනු 1989 මර්දනයෙන් පසු ජවිපෙ ප්රතිසංවිධානය කරන්නට දිවි පරදුවට තබා වැඩ කළ නායකයෙකි. ඔහු වෙනුවෙන් සිය වෛද් උපාධිය අත්හැර දැමූ බව බොහෝ දෙනෙක් කියති. වෛද්යවරයකු වූවා නම් සෙනෙවිට අත් පත් කර ගත හැකිව තිබුණු ජීවිතයෙන් අංශු මාත්රයක්වත් ස්පර්ශ කළ නො හැකිව සෙනෙවි ඉක්මණින් සමු ගත්තේ . ඔහුට හමු වූ ජීවිතය ගැන ඔහු තෘප්තිමත් වන්නට ඇතැයි මම නො සිතමි (W3 Lanka) 

මේ අනුව  89 පරම්පරාව අර්ථ දක්වන්නේ කෙසේද​? 71 පරම්පරාව මෙන් ඔවුන්ට අන්තර්ජාලය ගෝලීය දැණුමට විවෘත වීමට ඉඩකඩ නොවීය​. ඔවුන් දැණුම ලබාගත්තේ මූලිකවම සිංහල පොතපත පුවත්පත් හරහාය​.ඉන් ඔවුන් ගේ දැණුම ජීවන අත්දැකීම් පටු වීද ?

89 පරම්පරාව කපටින්ට රැවටුන මුග්ධයන්ද ? – සංවාදයට විවෘතය​.

4 Responses to “89 පරම්පරාව කපටින්ට රැවටුන මුග්ධයන්ද ?”

  1. NAK Says:

    Regardless of whether it was 71 or 89 it was not a case of lack of knowledge but a lack of common sense.

  2. Independent Says:

    Living example of this generation is WW.

  3. Kumari Says:

    Not only our young generation, the Americans and the West are manipulating all world communities alike. It is very important that we protect the current generation as they will be our next leaders. We don’t want imported leaders who have learnt foreign garbage.

    I have greatest admiration for those with genuine feelings for their causes. Sad that some had to disappoint their parents and themselves in the process.

  4. Fran Diaz Says:

    I am constantly puzzled as to why the GoSL of those times never spoke with the JVP leaders. Was serving the Cold War players more important than life itself in Sri Lanka ?
    Are we going into similar patterns now with the UNP leader ?

    The Cold War finished in 1991. Russia is part of NATO (North Atlantic Treaty Organisation, which means western organisation).
    China is being wooed by none other than Britain.

    What is the problem here in Lanka ?
    Are some “old tyme” leaders still in Cold War mode ?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress