ඉබාගාතේ කට වාචාලකම් දොඩවන්නෙක් කැබිනට් ප‍්‍රකාශක කර ඇති එකම රට ලංකාවයි..
Posted on November 14th, 2015

lanka C news

ඉබාගාතේ කට වාචාලකම් දොඩවන්නෙක් කැබිනට් ප‍්‍රකාශක කර ඇති එකම රට ලංකාවයි..ඇමති රාජිත සේනාරත්න දිගින් දිගටම තමන් ඉලක්ක කර මඩ ගහන්නේ කලක සිට තමා සමග ඇති බද්ද වෛරයක් නිසා යැයි ඇමති විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

1999 දී රාජිත සේනාරත්න මහතා වැරදිකරැවෙකු කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධූරයෙන් නෙරපුවේ තමන් ගොනු කළ නඩුවක් නිසා බව කී විජයදාස රාජපක්ෂ මහතා අධිකරණයකින් මන්ත‍්‍රී ධුරය අහෝසි කරනු ලැබු මෙරට එකම පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයා ඔහු බවද කියා සිටී.

‘රාජිත සේනාරත්න මහතා කැබිනට් රැස්වීමේ දී හැමදාම කරන්නේ අනෙකුත් ඇමතිවරුන්ට දොස් කීමයි. එලෙස කටයුතු නොකරන්නැයි ජනාධිපතිවරයාත් ඔහුට උපදෙස් දී තිබෙනවා.

1994 වසරේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රාජිත සේනාරත්න මහතා පත් කළේ වත්මන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතායි. කලින් ඔහු සෞඛ්‍ය උපදේශක කාරක සභාවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළා. ඒ කාලයේ සිට ඔහු යුද හමුදාවට හා ඔසුසලට දන්ත වෛද්‍ය ඖෂධ හා උපකරණ සැපයුවා. පසුව මන්ත‍්‍රිවරයකු ලෙස සිටියදීත් ඒ දේ කළා. විදේශවලින් ඖෂධ ගෙන්වා ත‍්‍රිවිධ හමුදාවට ලබා දුන්නා. එහි ඇති වූ දුෂණ ගැන පවසමින් ඔහු මන්ත‍්‍රිකමට සුදුසු නැතැයි මම අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කළා. නඩුවේ පැමිණිලිකරු වුණේ ඩිලාන් පෙරේරායි. නඩුවෙන් ඔහු වැරැුදිකරු බව ඔප්පුවීම නිසා 1999 දී ඔහු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධූරයෙන් නෙරපනු ලැබුවා. ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ මේ වැනි සිද්ධියකට නෙරපනු ලැබු එකම මන්ත‍්‍රිවරයා වන්නේ රාජිත සේනාරත්නයි.

කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සංවරශීලි හා බුද්ධිමත්ව කළ යුතුයි. එසේ නොමැතිව කට වාචාලකමින් දොඩවන මාධ්‍ය ප‍්‍රකාශකවරයෙක් සිටින එකම රට ලංකාව’

One Response to “ඉබාගාතේ කට වාචාලකම් දොඩවන්නෙක් කැබිනට් ප‍්‍රකාශක කර ඇති එකම රට ලංකාවයි..”

  1. Independent Says:

    He is very similar to Mervyn Silva , then Rajapakse spokesman. But to his credit so far he ha been more accurate than Wijedasa and Lanka C news.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress