මූසිලගේ අභියාචනය
Posted on November 14th, 2015

 වෛද්‍ය රුවන් එම් ජයතුංග​

සෞන්දර්ය අංශයේ නිළධාරි මහතුන් වෙත ලියා දන්වන වගනම්,

දස වසක් නොකඩවා ගාන්ධර්ව සේවයේ යෙදුණු නමුත්

තවමත් ස්ථිර නැත මගෙ රැකියාව

සේවය කරන්නෙමි අනියම් පදනමට

නැත ස්ථිර වැටුපක් මා හට

ලැබෙන්නේ දීමනාවක් පමණි.

 

ලැබෙන සොච්චමින්

දරුපවුලක් නඩත්තු කරන්නේ කෙසේද?

මහ ඇදුරු ගුත්තිල

මගේ ගුරුතුමා බව සැබැයි.

එතුමා දැන් මහළුය

හන්දිරුදාව නිසා නිතරම රැුකියාවටද නොඑයි.

එතුමන්ගේ වැඩකොටසද

ඉටුවන්නේ මා අතිනි

 

පසුගිය වසරේ රාජ්‍ය ප‍්‍රසංගය

සියළු වැඩකළේ කවුරුන්ද කියා

දන්නෝ දනිති.

මගේ හමගියත්

නම ගියේ ගුත්තිල මහ ඇදුරුගේය

 

දර පැළුවා, දිය ඇද්දා

අත පය මිරිකා තෙල් ගැල්වූවා

කැඹුරුවා ගුත්තිලයන්ට

උගැන්වූ ශිල්පයට

මුළු ජීවිතයම මෙලෙස

වහල්බවේ රඳවාගන

ගුරුපූජා දියයුතුද?

 

නැද්ද මටත් දිනාගන්නට ලෝකයක්

ගොඩනගන්නට මගේම ශිල්පයක්

එළිදක්වන්න මගේම තනුවක්

මෙම කරුණු සලකා බලා

මහ ඇදුරු ගුත්තිල විශ‍්‍රාම ගන්වා

මට හිමි තැන සහ

නිසි වැටුප් ලබා දෙනු මැන

මේ වගට ගාන්ධර්ව මූසිල

 

 

One Response to “මූසිලගේ අභියාචනය”

  1. Independent Says:

    හැම දේ ගුරු තුම ලෙස කලැ හැකි මුත්
    තම දිවි නොතකා සේවය කෙරුවත්
    නිම නැති දේ ඇත සතු කොට ඔහුපුත්
    නොම වෙයි පල වෙය් නුඹ උඩපැන ඇඬුවත්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress