ලබ්බට තැබූ අත පුහුල් වැලටම..! මාරපනට දුන් බේත විජයදාසට වජිරට පසුව රනිල්ටත්..!! අගමැති එළවා ශ්‍රීලනිප අගමැතිවරයෙක් ගේන මෛත්‍රී කුමන්ත්‍රණයක්..! සජිත්වාදී මන්ත්‍රීන් 25 ක් සමග සාකච්ඡා කරලා
Posted on November 16th, 2015

උපුටා ගැන්ම ලංකා ඊ නිව්ස්

(ලංකා ඊ නිව්ස් -2015.නොවැ.15, පෙ.ව.8.10) රනිල් අගමැති ධූරයෙන් එළවා පරාජිත ශ්‍රීලනිපයේ අගමැතිවරයෙක් පත් කර ජාතික ආණ්ඩුවක් ලෙසම ඉදිරියට ගෙන යෑමේ කූඨ කුමන්ත්‍රණයක් පිලිබඳ ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ. මේ සඳහා එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් ඇමැතිධූර නොලැබීම නිසා කලකිරී සිටින රාජ්‍ය නියෝජ්‍ය ඇමැතිවරුන් ස්වල්ප දෙනෙකුද ඇතුළු සජිත්වාදී මන්ත්‍රීවරුන් 25 ක් පමණ සමග මේ වන විටත් රහස් සාකච්ඡා පවත්වා ඇතැයිද වැඩිදුරටත් වාර්තා වේ. මෙකී 25 දෙනා කව්දැයි ඉදිරියේදී හෙලිදරව් කිරීමට ලංකා ඊ නිව්ස් බලාපොරොත්තු වන අතර මේ ඊට අවස්ථාව නොවේ.

මෙම කූඨ කුමන්ත්‍රණය පසුපස සිටින්නේ තමාගේ නායකත්වය තුල ශ්‍රීලනිපය පරාජය වීම ගැන දුක් වී තමාගේ නායකත්වයෙන් ශ්‍රීලනිප ආණ්ඩුවක් එනවා නම් හොඳ යැයි ආකල්පයෙන් ‘දැක්කොත් බුවා, නොදැක්කොත් එබුවා තියරියෙන් කටයුතු කරන, තමාට බලය දුන් ජනමතයට දින දෙකින් පයින් ගැසූ ගුණමකු ජනාධිපතිවරයාම නමුත් පෙන්වන්නේ රාජපක්ෂලාගේ වැඩක් ලෙස බවද වාර්තා වේ.

මෙම කූඨ කුමන්ත්‍රණයේ පළමු පියවර ලෙස රනිල් වික්‍රමසිංහට හිතවත් තිලක් මාරපනට ඉල්ලා අස්වීමට කටයුතු සැලැස්වීම සාර්ථක කර ගැනීමෙන් පසු ඒ බෙහෙතම රනිල් වික්‍රමසිංහට හිතවත් විජයදාස රාජපක්ෂට සහ වජිර අබේවර්ධනට ලබා දීම සැලසුම් කර තිබේ. එහි එක් පියවරක් ලෙස මෛත්‍රීවාදී තිලංග සුමතිපාලට අයත් සති අන්ත පුවත් පතක ‘වජිර, මාරපන, විජේදාස එපා – එජාප මන්ත්‍රීවරුන්ගෙන් පෙත්සමක්‘ යනුවෙන් අතේ රෝල් පුවතක් ප්‍රධාන පුවත ලෙස පලකර ඇත. එහි සඳහන් එජාප මන්ත්‍රීවරුන් ලෙස දක්වා ඇත්තේ මෛත්‍රී මහින්ද රාජපක්ෂට එජනිසයෙන් නාම යෝජනා ලබා දීම හේතුවෙන් එජනිසයෙන් විසිවී එජාප පාක්ෂිකයාගේ ඡන්දයෙන් ගොඩ ගිය මෛත්‍රීවාදීන්ගේ නම්ය.

ආණ්ඩුවත් විපක්ෂයත් දෙකම අතට ගෙන ඒකාධිපති ගමනකට සැරසේ

නව ආණ්ඩුවක් ලෙස නව වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කිරීම වෙනුවට ජනමතයෙන් ජයගත් කණ්ඩායම වූ රනිල් ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු බලය දුර්වල කිරීමට මේ කණ්ඩායම කූඨ කුමන්ත්‍රණ රාශියක් ආරම්භ කර තිබේ. ඉන් ප්‍රධාන තැනක් ගන්නේ මෛත්‍රීපාල සිරිසේනම මෙහෙයවන නිල නොවන විපක්ෂයක් නිර්මාණය කිරීමය. නිල විපක්ෂ නායකයා ලෙස සම්බන්ධන් මහතා සිටියදී මෙකී නිල නොවන විපක්ෂය තම නායකයා ලෙස දිනේෂ් ගුණවර්ධනද විපක්ෂයේ ප්‍රධාන සංවිධායකයා ලෙස ඩලස් අලහප්පෙරුමද නම් කර ඇත. අය වැය විවාදයේදී ඔවුන්ට වෙනම කාලය වෙන්කරන්නැයි ඉල්ලා සිටී.

එම කණ්ඩායමද පාර්ලිමේන්තුවේ එජනිස කණ්ඩායම ලෙස රැස්වන්නේ මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වය යටතේම වීම අපූරුය. මීට අමතරව මෛත්‍රීපාල සිරිසේන විසින්ම ආණ්ඩුවේ ඇමැතිධූර ලබා දුන් එජනිස ඇමැතිවරුන් ආණ්ඩුවේම ක්‍රියාකලාපය ප්‍රසිද්ධියේ විවේචනය කරමින් ජනතා වෛරය ජයග්‍රාහී රනිල් සහ එජාපය පිට පටවමින් සිටී. උදාහරණයක් ලෙස ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකරගේ ක්‍රියා කලාපයයි. ඔහු ඇමැතිවරයෙක් ලෙස කටයුතු කරන අතරේ FCID යේ ක්‍රියා පිලිවෙත දැඩිව විවේචනය කරයි. ඔහු පසුපසින් ජනාධිපතිවරයාද තමා යටතේ සිටින හමුදාපතිවරුන්ගෙන් ප්‍රශ්න කරනවා නම් තමාට දැනුම් දිය යුතු යැයි පවසයි. දයාසිරිට FCID ය විවේචනය කිරීමේ බලය ලැබුනේ කොතැනින්දැයි පැහැදිලිය.

මෙලෙස ඉතාමත් නීච ආකාරයෙන් මෛත්‍රීපාල සිරිසේන විසින් ආණ්ඩුවත් විපක්ෂයත් එකවර මෙහෙයවමින් අවශ්‍ය වෙලාවේදී ‘දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා‘ තියරියෙන් ක්‍රියාත්මක වීමට ‍උත්සාහ කරමින් ශ්‍රීලනිප ආණ්ඩුවක් හදා ගැනීමට යටින් ක්‍රියා කරමින් සිටී. නොඑසේනම් ඔහු කළ යුතුව තිබෙන්නේ සම්මුතියට එරෙහිව ක්‍රියා කරන තමන්ගේ ගෝලයන්ට තරවටු කර හදා ගැනීමය. ඔවුන් එජනිස මන්ත්‍රීවරුන්ය. එජනිස නායකයා මෛත්‍රීපාල මිස රාජපක්ෂ නොවේ.

දූෂිත මල්ලී රැක ගන්න එජාපය වෙනුවෙන් කැප වූවන් එළවන්න යයි

ඒ සමගම මෛත්‍රීපාල සිරිසේන රාජපක්ෂ යුගයේ අතිශය දූෂිතයන් තනතුරු වලට පත් කරමින් ශ්‍රීලනිප බලය ශක්තිමත් කරමින් සිටින්නේ ඔහුට ජනවාරි 8 වෙනිදා ඡන්දය ලැබුනේ කාගෙන්දැයි යන්න ඉතාමත් ගුණමකු ආකාරයෙන් අමතක කරමිනි. ඊට සමගාමීව එජාපය විසින් තනතුරු වලට පත් කළවුන් එළවා දමමින් සිටී. මරාවාදී හෙට්ටිආරච්චිලා චමුදිතලා ලැජ්ජාවක් නැතිව තනතුරුවලට පත් කරද්දී එජාපයෙන් පත් කළ සුහෙයියර් ලා අස්කරමින් සිටී.

මෙහි අලුත්ම ආරංචිය ඉතාමත් නින්දා සහගතය. හරීන් ප්‍රනාන්දුගේ ඩිජිටල් අමාත්‍යාංශය එක්සත් ජාතික පක්ෂයට අයත් අමාත්‍යංශයක් නමුත් ඊට අයත් ටෙලිකොම් මොබිටෙල් සභාපති වරයා ලෙස බලෙන්ම පත්වී ඇත්තේ මෛත්‍රීගේ දූෂිත මල්ලී කුමාරසිංහ සිරිසේනය. එහිදී එජාපයට කැමැති සභාපති කෙනෙක් පත් කර ගැනීමට ඉඩ දුන්නේ නැත. මලයා තම වැටුප රුපියල් කෝටියක් ලෙස වැඩිකරගැනීමටත් තවත් දූෂණ රාශියකටත් එරෙහිව එහි එක්සත් ජාතික පක්ෂයෙන් පත් කළ අධ්‍යක්ෂ වරුන් වූ ක්‍රිෂාන්ත කුරේ සහ තුසිත හල්ලොලුව දෙදෙනා දැඩි මතයක සිටියහ. පසුගියදා හරීන් ප්‍රනාන්දු කැඳවූ මෛත්‍රීපාල සිරිසේන දන්වා ඇත්තේ ක්‍රිෂාන්ත කුරේ සහ තුසිත හල්ලොලුව දෙදෙනා අධ්‍යක්ෂ ධූර වලින් ඉවත් කරන ලෙසයි. හේතුව ලෙස පවසා ඇත්තේ ඔවුන් තමන්ගේ මල්ලීට විරුද්ධව ක්‍රියා කරන බවයි. මේ නම් හරි අපූරු තත්ත්වයකි. ක්‍රිෂාන්ත සහ හල්ලොලුව දෙදෙනා රාජපක්ෂලා පන්නා දමා විපක්ෂයේ ආණ්ඩුවක් ගෙන ඒමට ක්‍රියා කෙළේ මෛත්‍රීපාල සිරිසේන සහ මල්ලිලා රාජපක්ෂලා සමග එක්ව අපූරුවට ගස් කපමින්, හාල් ඒකාධිකාර හදමින්, බලෙන් වැලි පටවමින් සිටි අවධියේ සිටය. දැන් තම හොර මලයා රැක ගැනීමට එළවා දමන්න හදන්නේ මේ ආණ්ඩුව පත් කර ගැනීමට දිවි පරදුවට තබා දැඩි සේ කැපවූ දෙදෙනෙකි.

ආණ්ඩුව බලයට පත් කළ ජනතාව චෝදනා නගද්දී මාරපනට ඉල්ලා අස්වන්නැයි කියා රනිල් දුන් ආදර්ශය මෛත්‍රී දෙනවා නම් කළ යුත්තේ තමාගේ දූෂිත මලයාට ඉල්ලා අස්වන්නැයි කීම මිස මලයාගේ දූෂණ වලට එරෙහි වූවන් එළවා දැමීම නොවේ.

ඒ සියල්ල සමග දැන් මෛත්‍රීපාල සිරිසේන කැබිනට් මණ්ඩලයද ගණන් නොගෙන රටේ ව්‍යාපාර හමුදාවට පවරා ගැනීම සිදුකර තිබේ.

ජනතාව මෛත්‍රී බලයට ගෙනාවේ ඔහු ලවා ජනාධිපති කම් කරවා ගන්න නොව ජනාධිපතිකම අහෝසිකරවා ගන්නට ය

මේ තත්ත්වයන් ගැන ජනතාව නිවැරදි අවබෝධයකට පැමිණිය යුතුය. ජනතාව මෛත්‍රීපාල සිරිසේනව ජනාධිපති කෙළේ ඔහු ලවා ශ්‍රීලනිප ආණ්ඩු හදා ජනාධිපති කම් කරවා ගැනීමට නොවේ. ඔහු ලවා ජනාධිපති ධූරය අහෝසි කරවා ගැනීමට ය. ජයගත් පසු දින දෙකෙන් ඔහු ශ්‍රීලනිපයේ නායකයා වෙනවා යැයි කීවා නම් බල්ලෙක් මෛත්‍රීපාලට ඡන්දය දෙන්නේ නැත. මෛත්‍රීපාල දිව හැලෙනකම් කීවේ තමා පොදු අපේක්ෂකයා නිසා ජයගත් පසු නිර්පාක්ෂික වෙනවා කියා ය. 

දැන් ඒ සියල්ල අමතක කර ඇති මෛත්‍රීපාල ජනාධිපතිගේ විධායක බලතල යොදා කැබිනට් මණ්ඩලයට නොදන්වා ව්‍යාපාර හමුදාවට පවරා ගනිමින්ද, මල්ලිලා දූලා සහ බෑණලා හරහා රටේ හැකි සෑම ව්‍යාපාරයකටම අත පොවමින් හම්බ කර ගන්න හදනවාට අමතරව ජයගත් ජනමතය අනුව පත් වූ අගමැති ධූරය වෙනස් කර ශ්‍රීලනිප ආණ්ඩුහැදීමේ සිහින දකිමින්ද සිටී.

(මල්ලිලා දූලා සහ බෑණලා හරහා රටේ ව්‍යාපාර වලට අත පොවමින් හම්බ කර ගැනීමට වලිකන හැටි ඉදිරියේදී වෙනම ලිපියකින් හෙලිදරව් කරමු)

මාස 10 න් සතා හඳුනාගැනීමට හැකිවීම ජනතාව ලද භාග්‍යයකි..! ජනාධිපතිවරුන් 5 දෙනෙකු ලෙස ක්‍රියා කළ රාජපක්ෂ රෙජීමය පරාජය කිරීමට ජනතාවට අවශ්‍ය වූයේ මාසයක් හමාරක් පමණක් බවද මෛත්‍රීපාල සිරිසේන ලොක්කාත් හෙංචයියනුත් මතක තබා ගත යුතුය.

4 Responses to “ලබ්බට තැබූ අත පුහුල් වැලටම..! මාරපනට දුන් බේත විජයදාසට වජිරට පසුව රනිල්ටත්..!! අගමැති එළවා ශ්‍රීලනිප අගමැතිවරයෙක් ගේන මෛත්‍රී කුමන්ත්‍රණයක්..! සජිත්වාදී මන්ත්‍රීන් 25 ක් සමග සාකච්ඡා කරලා”

  1. NeelaMahaYoda Says:

    යහපාලන පනික්කියා රනිල්ට පයින් ගහයි…නී.අගමැති සජිත්,අගමැති නිමල්

    යහපාලනය “ජහපාලනය” වේ- සජිත් පිල සමග මෛත්‍රී නව ආණ්ඩුවක් හදයි! යනුවෙන් පසුගිය 7 වැනිදා අප කල අනාවරණය සත්‍යක් බවට මේ වන විට අනාවරණය වි තිබේ.පසුගිය නොවැම්බර් 5 වැනිදා හේමා ප්‍රේමදාසගේ කපුකමින් හමුවුනු සජිත් ප්‍රේමදාස සහ මෛත්‍රීපාල සිරිසේන අතර ඇතිවු සාකච්ඡාවට අනුව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිල සහ එක්සත් ජාතික පක්ෂයේ සජිත් පිළ අතර එකතුවෙන් නව ආණ්ඩුවක් සෑදිම සදහා මේ වනවිට සාකච්ඡා අවසන් වටයට පැමිණ තිබේන බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටි.
    තවදුරටත් එක්සත් ජාතික පක්ෂය සමග ආණ්ඩුව පවත්වාගෙන යැමට තමන්ට කිසිසේත්ම අවශ්‍යතාවයක් නොමැති බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වනවිටත් තීරණය කර ඇති බවත් ඒ අනුව ලබන වසරේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට පෙර අගමැති රනිල් වික්‍රමසිංහ මහතාව අගමැතිධුරයෙන් ඉවත් කර නව අගමැතිවරයකු යටතේ එජාප ශ්‍රී ලංකා හවුල් ආණ්ඩුවක් පිහි‍ටුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් ප්‍රබලයන් අතර රහස් සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.
    පසුගිය 7 වැනිදා අප කල අනාවරණය – යහපාලනය “ජහපාලනය” වේ- සජිත් පිල සමග මෛත්‍රී නව ආණ්ඩුවක් හදයි!
    ඒ අනුව සජිත් සමග මන්ත්‍රිවරුන් 30 දෙනෙකු මෛත්‍රී සමග එකතු විමට නියමිත අතර එහිදි ඇති කරන ආණ්ඩුවේ නියෝජ්‍ය අගමැති ධුරය සජිත් ප්‍රේමදාසට ලබාදිම්ට නියමිත අතර අගමැතිවරයා වශයෙන් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පත් කිරිමට නියමිතයි.
    මේ අතර සජිත් පිළේ ප්‍රභලයෙකු වන බුද්ධික පතිරණ මන්ත්‍රීවරයාට ප්‍රභල අමාත්‍ය ධුරයක් සහිත දක්ෂිණ සංවර්ධනය අමාත්‍ය ධුරයද ලබාදිමට නියමිතයි.
    රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධූරයෙන් පන්නා දමා ශ්‍රීලනිප අගමැතිවරයෙකු පත්කර ගැනීමටත් උප අගමැතිධූරය සජිත් පාර්ශවයට ලබාදීමටත් අරමුණු කරගෙන දුමින්ද දිසානායක ඇමතිවරයා හරහා චන්ද්‍රිකා සහ මෛත්‍රීපාල සිරිසේන විසින් දියත්කර ඇති කුමණ්ත්‍රණය සදහා රාජිත සහ චමිපික සටනට කැදවා තිබේ.

  2. Kumari Says:

    Only good news is that Ranil is loosing the premiership. He is a born enemy of the country. Sirisena was used for him to grab power.

    However, Sirisena too cannot be trusted with such a important portfolio as the President of the country. He hasn’t got the vision nor can he win the trust of capable individuals. I only hope that Sri Lanka will not become a pickle where LTTE, India, the US and the West start claiming their own portions.

  3. Lorenzo Says:

    Honorable Maithiripala Sirisena, His Excellency the President of Srilanka,

    We worked hard to elect you the president amidst threats and abuse for good governance. But your prime minister engages in his usual corrupt work with a massive Cabinet (twice more than what you promised), hateful people and thugs. He also discredited the good name of the army. Now his plan is to get rid of you and grab the president’s post which he tried to grab for the past 21 years by vote without success. Please replace this disgrace called Ranil and appoint people’s choice Mahinda Rajapaksha as prime minister. Please also take action to replace Karu Jeyasuriya as Speaker by a SLFP MP. He has blocked Udaya, Wimal and Dinesh in their speeches. Please don’t forget what Mr Batalanda is capable of and take care.

  4. Leela Says:

    In my opinion, Sira couldn’t careless about the country. His talk and of abolishing the presidency is a joke. Look at his facial expressions; he seems to enjoy power and all he want is to remain in power. So, we’re not even a bit surprised of Sira’s move to unseat Ranil. We welcome it with with a glee but we shall not forget that Sira is a traitor and once a traitor always a traitor.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress