ත්‍රස්ත භීතිය රජයන යුගයක් යලි ඉල්ලන් කෑම
Posted on November 21st, 2015

එස්. අකුරුගොඩ

ත්‍රස්තවාදයේ ආදීනව පැරිසියේ ප්‍රහාරවලින් පසු යලිත් බටහිර හා බටහිරගැති මාධ්‍යය ජාලයන් හරහා ලොව පුරා රැව්දෙන්නට පටන්ගෙන තිබේ.  එහෙත් ඒ දිනවලම ලෙබනනයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය, පසු ගිය මස ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්තානයේ රෝහලකට බෝම්බ දමා සිදුකල මිනිස් ඝාතන,  ඊට සති කිහිපයකට පෙර සව්දි අරාබි-ඇමරිකානු හමුදා සoධානය යේමනයේ රෝහලකට බෝම්බ දමා සිදුකල මිනිස් ඝාතන ආදිය නිකම්ම ප්‍රවෘත්ති කණ්ඩයකට පමනක් සීමාවිය.

කෙසේ වෙතත් ශිෂ්ට සම්පන්න ලෝකය ප්‍රoශයට එල්ලවූ මෙම බියගුළු ත්‍රස්ත ප්‍රහාරය මෙන්ම ලෝකයේ අනෙකුත් රටවල සිදුකරන සියලුම ත්‍රස්ත ප්‍රහාර රටේ තරාතිරම (ලොකු, කුඩා, බලවත්, දුබලවත් ආදී වසයෙන්) නොබලා එකහෙලාම හෙලාදකිනු නොඅනුමානය.

ත්‍රස්තවාදීන් අද ලොව පුරා මෙතරම් බලවත් විමට මූලික වි ඇත්තේ තම ගෝලීය අරමුණු ඉටුකර ගැනීම උදෙසා ඇමරිකා එක්සත් ජනපදය, ප්‍රoශය, බ්‍රීතාන්‍යය ඇතුලු බටහිර රටවල් ද තම කලාපීය හා දේශපාලනික අරමුණු ඉටුකර ගැනීම උදෙසා අප අසල් වැසි ඉන්දියාව වැනි රටවල්ද ත්‍රස්තවාදීන් පිලිබඳව අනුගමනය කරන දෙබිඩි ප්‍රතිපත්තිය යි.

ඇෆ්ගනිස්ථානයේ සිටි සෝවියට් හමුදාවන්ට එරෙහිව සටන් කිරිම සදහා1970 දී අමෙරිකා එක්සත් ජනපදය  පුහුණුකොට යෙදවූ ඔසාමා බින් ලාඩන් හා ඔහුගේ අනුගාමිකයින්ගෙන් ඇමරිකාව 2001 සැප්තැම්බර් 11 දී ඉල්ලන් කැවේය.

අපේ හමුදාවන්ට එරෙහිව සටන් කිරිම සදහා 1983 දී ඉන්දියාව පුහුණුකොට යෙදවූ ප්‍රභාකරන්ගේ හා ඔහුගේ අනුගාමිකයින්ගෙන් ඉන්දියාව1991 මැයි 21දා ඉල්ලන් කැවේය.

පැරිසිය, ලොව පුරා විසිරී සිටින ත්‍රස්ත කණ්ඩායම්ල ‍ක්‍රියාකාරී කේන්‍ද්‍රස්ථානයක් බව රහසක් නොවේ. ඒ අනුව අද ත්‍රස්ත භීතියෙන් පෙලෙන ප්‍රoශය, බ්‍රීතාන්‍යය ඇතුලු බටහිර රටවල් වල පාලකයන් කරඇත්තේ ද එක්තරා විදියක ඉල්ලන්  කෑමක් බව අමුතුවෙන් කිවයුතු නොවේ.

බටහිර ගැති අපේ පාලකයෝද විවිද අවස්ථාවල ත්‍රස්තවාදීන්ගෙන් ඉල්ලන් කෑ අවස්ථා තිබේ. වරක් ‍ ප්‍රේමදාස ජනාධිපතිවරයා කොටින්ට ආයුධ දී ඉල්ලන්  කෑ වේය.   එල්.ටී.ටී ත්‍රස්තවාදීන් ට ඊනියා ‘පැකේජ්’ දී සනසවන්නට ගොස් චන්ද්‍රිකා ජනාධිපතිවරිය ඇසක් අහිමිකර ගනිමින් ඉල්ලන්  කෑ වේය.   

එල්.ටී.ටී ත්‍රස්තවාදීන් සමඟ ගිවිසුම් ගසමින්, ඔවුන්ගේ පාලන ප්‍රදේශ පිළිගනිමින්, ත්‍රස්තවාදීන් රටේ ආරක්ෂක හමුදා සමඟ සමතත්වයේ ලමින්, ගුවන් හමුදාව ලවා ඔවුනට සියලු ආරක්ෂාව සහිත ගුවන් ගමන් පවා සලසමින්, රටේ ආරක්ෂක ලේකම්වරයා ත්‍රස්තවාදී නායකයින්ට ‘මචo’ කියා අමතමින්, රටේ පොලීසිය මිලේනියම් සිටි වැනි හමුදා බුද්ධි අoශ ඒකකයන් වටලමින් ත්‍රස්තවාදීන් පිනවීමට ගොස් ඉල්ලන් කෑ හැටිත් අද බොහෝ දෙනෙකුට මතක නැති ගානය.

සුප්‍රකට 9/11 ත්‍රස්ත ප්‍රහාරයත් සමගම එවකට ඇමරිකානු ජනාධිපතිව සිටි ජෝර්ජ් බුෂ්ගේ ප්‍රකාශය අනුකරණය කරමින් ප්‍රoශ ජනාධිපතිවරයාද ත්‍රස්තවාදීන්ට එරෙහිව යුද්ධ ප්‍රකාශකර ඇත. ප්‍රoශ ජනාධිපතිවරයාගේ සංත්‍රාසය අන් කවරෙකුටත් වඩා ශ්‍රී ලoකාවාසී අපට දැනෙන්නේ අප 30 වසරක් පුරාම එවැනි සංත්‍රාසයෙන් දිනපතාම පෙළුන බැවිනි.

එසේවුවද, බටහිර රටවල් අපිට නොකියා කියන දෙයක් නම් මිනිස් ජීවිත යනු ඔවුන්ගේ (බටහිරයන්ගේ) ජීවිත පමණක් බැවින් මිනිස් ඝාතන ප්‍රහාරයන් වැලැක්වීම සදහා යුද්ධ කිරීමට ඔවුනට පමණක් සාධාරණ අයිතියක් ඇතිබවය. ඔවුන්ගේ වර්ගකිරීම අනුව බලවත් බටහිරයන්ට පහර දෙනවිට ත්‍රස්තවාදියා, ‘ත්‍රස්තවාදියෙකු’ වේ. අපි වැනි කුඩා රටකට පහර දෙනවිට ත්‍රස්තවාදියා ‘සටන් කාමියෙකු’වේ.

ඒ බව සනාථ කරමින්, අසූව දශකයේ මුල් භාගයේ දී යැoකි ඩිකී නමින් විරුදාවලී ලත් බටහිර ගැති ජනාධිපතිවරයෙක් අපට සිටියදීත්, අප රටේ ත්‍රස්ත ප්‍රහාරයන්ට ලක් වෙමින් සිදුවූ ජීවිත හා දේපල විනාශයන් බටහිර රටවල් සත පහකට තරම්වත් ගනන් ගත්තේ නැත.

ඔවුන් අපේ පාලකයින්ට දිගටම කීවේත් කියා දුන්නේත් ත්‍රස්තවාදීන් සමඟ ඊනියා සාම ගිවිසුම්, සුනාමි ගිවිසුම් ආදිය ගසන සැටි මිස ත්‍රස්තවාදීන්ගේ මිනිස් ඝාතන ප්‍රහාරයන් වැලැක්වීම සදහා යුධ වැදීමට නොවේ. අද මෙන්ම අසූවේ දශකයේ සිට 2005 වන තෙක්ම අපේ පාලකයින් මෙන්ම පාලිකාවද කලේ බටහිරයන්ගේ පදයට නැටීමය.

එදා 2009 අ‍ප්‍රේල් මස ත්‍රස්තවාදී නායකයින් මුදාගැනීමේ අරමුනෙන්,  ආරක්ෂක හමුදා මෙහෙයුම් නතර කරන ලෙසට බල කිරීමට පැමිණි ප්‍රoශ හා බ්‍රීතාන්‍යය විදේශ ඇමති වරුන්ගේ පදයට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඇහුම්කන් දුන්නේ නම් අද අප රටේ තත්වය කෙබඳුවේද? රට ත්‍රස්තවාදයෙන් මුදවාගත් මහින්ද රාජපක්‍ෂ පරාජය කොට තමන්ගේ පදයට නටන රෑකඩ පාලනයක්  බිහි කිරීම බටහිරයන්ගේ හා අසල්වැසි ඉන්දියාවේ කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් බව අද රහසක් නොවේ.

මෙම රෑකඩ දේශද්‍රෝහීන් එක්සත් ජාතීන්ගේ සමුළුවේදී තමන්ගේම රටේ ත්‍රිවිද හමුදාවට එරෙහිව යුද්ධ අපරාධ චෝදනා නගමින් රටට එරෙහිව යෝජනාවක් සම්මත  කරගනී.

තවද, එක්‌සත් ජාතීන්ගේ දූත මණ්‌ඩලය ත්‍රිකුණාමල නාවික හමුදා  කඳවුර පරීක්‍ෂා කර එහි වධකාගාරයක්‌ තිබූ බවට මුළු ලොවටම ප්‍රකාශ කිරීමට රහස් පොලීසියේ සහයද ලබා දෙමින්, දිවි පරදුවට තබා සටන්කොට ත්‍රස්තවාදීන්ගෙන් රට බේරාගත් අපේ හමුදාවන් පවාදෙයි.

බටහිර රටවල්, ත්‍රස්තවාදීන් පමණක් නොව ත්‍රස්තවාදියෙකු යයි සැක කරන සෑම ප්‍රානියෙකුම පරලොව යවද්දී,  වත්මන් දේශද්‍රෝහී පාලනය තම කෙටි කාලීන පැවැත්ම ගැන පමනක් සිතා දරුණු ප්‍රහාර වලට වග කිවයුතු කොටි ත්‍රස්තවාදීන් නිදහස් කරමින් සිටී.  කොටි ත්‍රස්තවාදීන් නිදහස ඉල්ලා උපවාස කරති. නිදහස් වී යන මෙම ම්ලේච්ඡයින් යලි සන්නද්ධ නොවේයයි තිබෙන සහතිකය කුමක්ද?

වත්මන් පාලකයින් කොටි ත්‍රස්තවාදීන් හා රන විරුවන් පිළිබඳව දක්වන අදූරදර්ශී ආකල්පය අත නොහැරියොත් හෝ පරගැති පාලනයේ වෙනසක් සිදු නොවුවහොත් රට යලිත් 2009 ට පෙර පැවති ත්‍රස්ත භීතිය, සංත්‍රාසය රජයන යුගයක් ඉල්ලන් කෑම වැඩි ඈතක නොවේ.

එස්. අකුරුගොඩ

6 Responses to “ත්‍රස්ත භීතිය රජයන යුගයක් යලි ඉල්ලන් කෑම”

  1. aravinda Says:

    Looking back, the FIRST plan to divide Sri Lanka in ethnic lines was to be evolutionary.

    Since 1948, Indians have operated an evolutionary system of weakening and dividing neighboring countries. With the policies of UNP in 1977, India saw a window of opportunity to divide and rule Sri Lanka. The option was to create number of small Tamil terror groups divided on caste lines. Indian plan was invade the country as the unifying liberating force, and to hand over two peaceful separate countries to Sinhala and Taml people. This is how Pakistan was divided. This was staged from 1975 to 1983.

    The best opportunity to break up Sri Lanka came in 1983. But this evolutionary plan to break up Sri Lanka took far more time than first imagined. It was India’s only mistake. The resilience of Sri Lankans was unexpected. Yet by 1990s they were in the final stages of the break up.

    The uncovering LTTE’s hand in Rajiv murder was a spanner in the works. If the bombing photos were not found, the Sikhs were to be blamed. Now, Indian politicians had to run for cover. Then the unexpected win by Mahinda as President was a GAMECHANGER. India’s 30 year project was a failure and they came empty handed. Main reason for this failure was not supplying strategic weapons for LTTE in the crucial moments.

    The Americans have developed better way of breaking up nations. Three years ago,The ISLAMIC STATE was unheard of. The funding and arming was done blitzkrieg in secret, and there was no time for Syrians to prepare a defense. In future, we may see same methods used to break up Sri Lanka. It would be a terrorist blitzkrieg and Sri Lankans will not react in time. Sri Lankan state has now lifted the ban on LTTE back up groups. Those who had dreams of destroying Sri Lanka can now operate freely. Soon we will get what we deserve.

  2. Ancient Sinhalaya Says:

    You don’t need americans to break up Sri Lanka. Thambi mudiyanselage alugosu (to Sinhalese Buddhists only)
    put the foundation by implementing 13. Still a lot of Sinhalese vote for this treacherous party. Now traitor thambi’s
    nephew doing the job for the minorities. Pol pot ponil is outdoing his uncle thambi mudiyanse.

    Pol pot ponil is the most powerful man in Sri Lanka whoever is in power. He knows he is untouchable. Batalande report
    showed how he tortured and killed jvpers in Batalande with his fellow catholic policemen.
    ernest perera igp
    merryl gunarathne -dig
    douglas peris – sp
    ronnie gunasinghe – sp
    See the connection? All catholics. Buddhist canon fodder jvpers. Still no punishment for them. They know nobody cares
    about the Buddhists in Sri Lanka. No Amnesty (selective) international, no un, no monki boon, no uk, no us, no france,
    no germany, no candada, no australia, no norway. No way for them. Not even the so called Buddhist ministers, Buddhist
    mps utter a word for them. That’s how pathetically they are treated in so called Buddhist Sri Lanka.

    But catholic tigers of tamil drealam (ltte) were treated with a lot of respect by UNPatriotic party aka BKP (Buddhists killing
    party) since pira (mala) paharan, tamil selvan, balasingham, kasippu joseph, em manure etc. etc. are all catholics. They bombed and killed Buddhists at the dalada maligawa and Sri Maha Bodiya. Two of the most sacred places for the Buddhists in Sri Lanka in so called Buddhist (on paper only) Sri Lanka. killed 100s of Buddhist monks. Destroyed 100s of Buddhist temples in the north and the east. Ever heard of harming a priest or damaging a church?

    You can’t expect all too powerful catholic traitor chief pol pot ponil to be tough with them. That’s the simple truth!

    If anybody cares to do a google search for Sri Lankan mobsters you will see how the UNPatriotic party (BKP) run the country. Check the names and see the connection! Yama pallange yama paalanaya!

  3. Fran Diaz Says:

    To whom are the Sinhala Buddhists USEFUL ?

    All minorities of Lanka find Sinhala/Buddhists a useful bulwark against other minorities & Tamil Nadu extreme Caste imposition ? No more.

    Also, Buddhist religion bedrock is ideal spot for Caste/Cold War war games ? Killing is a ‘sin’ for Buddhists.

    We have to find permanent solutions for Lanka.

    * To that end, remove the Tamil Language as a National/Official language of Lanka.
    * Zero tolerance for illegal migrants from anywhere.

    See items below for more information :

    * RECOGNISE that there are 15 Million Tamil Dalits wanting to flee Tamil Nadu atrocities. This has gone on for 3,000 yrs and not likely to stop soon.

    * RECOGNISE that division in Lanka is through LANGUAGE. Remove the Tamil Language as a National/Official language. Few in Lanka know that India is separated into sub-states through language, so separation of Lanka via language is natural to Tamil leaders. Tamils of Tamil Nadu think Lanka is an extension of Tamil Nadu sans Caste because of Tamil language in place plus FREE Education & Health care, Jobs, plus other free items.

    * RECOGNISE THE CASTE MATTER. LANKA is important to Tamil Dalits of TN, because entering Lanka crossing sea water is supposed to lose Caste. Tamil Nadu also has Caste on birth certificates whilst Lanka does not. It is automatic “NO Caste” in Lanka. This is the main attraction.

    Whilst we feel sorry for those suffering from Caste atrocities, Lanka is not the place to solve that problem. Problem must be solved at the source where it occurs.

  4. Kumari Says:

    As I read, the Paris attack was not planned by terrorists. It was planned by French Intelligence Services and CIA. Just like how CIA planned and executed 911. Why did the French kill their own? Because NATO had no way of getting into Syria. In the pretext of going after ISIS they can now enter Syria and destroy Assad’s forces. All the news and surprise lock downs of European cities are all that is happening. This is to get appropriate legislation passed in respective parliaments.

    The human rights are not for you and me, the ordinary citizens. They are rights of the terrorists working for the international war industry.

  5. Lorenzo Says:

    Agree. ONLY terrorists have human rights.

  6. sarathk Says:

    හොඳට ලියල තියෙනව. මැරුණත් කමක් නැහැ යැංකි ඩිකිය වලෙන් ඇදල උගේ මූන කට සමතල වෙන්න ආයේ ආයේ ගහන්න ඕනේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress