පුණ්ඩේ අඩි
Posted on November 22nd, 2015

වෛද් රුවන් එම් ජයතුංග 

මම  මීගමුව රෝහලේ  නාරි හා ප්‍රසව ජ්‍යෙෂ්ඨ  වෛද්‍ය නිලධාරී ලෙස 1998 දී සේවය කලෙමි. ඒ කාලයේ මම නැවතී සිටියේ නිර්වින්දන වෛද්‍යවරුන් ගේ නිල නිවසේය​.  මෙම නිල නිවාසයේ වෛද්‍යවරුන් වූ ගෝවින්ද රාජා (ගෝවි) , පීරිස් (පීරා) , සමන් මෙන්ම දහවල් කාලයේ නිල නිවාසයට පැමිණි ශ්‍යල්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ  වෛද්‍ය නිලධාරී  ලිලිත් ප්‍රසන්න ලියනගේ යනාදීන් සමග ඉතා සුහද මෙන්ම විනෝදමත් කාලයක් අප ගත කලෙමු.

ගෝවි නිර්වින්දන වෛද්‍යවරුන් ගේ නිල නිවසේ බැල්ලක ඇති කලේය​. බ්‍රවුනි නම් වූ මෙම බැල්ල අපට ඉතා හිතවත්  වූවාය​. නමුත් ආගන්තුකයන් පැමිනෙන විට ඔවුනට බුරාගෙන පැන්නාය​. කාලයක් යන විට බ්‍රවුනි පැටවුන් කීප දෙනෙකු වැදූ අතර ලස්සන පැටවුන් රෝහලේ කාර්‍යමණ්ඩලයේ අය විසින් රැගෙන ගිය අතර කැතම කැත බළු පැටවා අපට ඉතිරි විය​.

sri_lanka_dog_skinny

දිනක් අප සියළු දෙනා සාමීචීයේ යෙදෙමින් සිටි අවස්ථාවක බළු පැටවාට නමක් තැබිය යුතු බව මම යෝජනා කලෙමි. පීරා ජිමී යන නම යෝජනා කලේය​, මම බ්‍රවුන් යන නම යෝජනා කලෙමි. මෙසේ ජිමී , බ්‍රවුන් , කඩියා, ටික්කා , විස්කි , යනාදී නම් රැසක් යෝජනා වූ අතර වෛද්‍ය ගෝවින්ද රාජා මෙම බළු පැටවාට පුණ්ඩේ අඩි ලෙස නම් කල යුතු බව කීවේය​. ඒ අනුව බ්‍රවුනිගේ පැටවා පුණ්ඩේ අඩි නම් විය​. නමුත් කථා කිරීමේ දී මෙම බල්ලා පුණ්ඩේ , පුණ්ඩයා යනාදී වශයෙන් කෙටි විය​.

පුණ්ඩේ අඩි උගේ අම්මා වන බ්‍රවුනිට වඩා වෙනස් සතෙකු විය​. ඌ කෑම හොරා කෑමට පුරුදු විය​. වරක් පීරාගේ මේසය උඩ තිබූ බත් පාර්සලය බිමට දමාගෙන ඌ හොරා කෑවේය.මේ නිසා  පුණ්ඩේ අඩි  කරදරකාර සතෙකු ලෙස නිර්වින්දන නිල නිවස්නයේ වෛද්‍යවරු  සැලකූහ​. සමහර විට ඌ හෙදි නේවාසිකාගාරය අසලටද ගියේය​. ඇතැම් දින වල හෙදියන් ” අනේ ඩොක්ටර් ඕගොල්ලන්ගේ අර පුණ්ඩේ අඩි කියන බල්ලා අපේ මිස් කෙනෙක්ට බුරාගෙන පැන්නා ” වැනි පැමිණිළි ඉදිරිපත් කරන්නට වූයෙන් පුණ්ඩයා වදකාරයෙකු ලෙස නිර්වින්දන නිවාසයේ වෛද්‍යවරු දුටූහ​. මේ හැර පුණ්ඩේ අඩියාට චර්ම රෝගයක් ද වැළදීම නිසා ඌ කෙරෙන් ගඳක් ද වහනය විය​.

මේ කරච්චල් නිසා  ගෝවිත් මමත් වරක් පුණ්ඩේ අඩියා වරපටකින් බැඳ ගෝවිගේ  මෝටර් රථයේ දමාගෙන   කොච්චිකඩේ ප්‍රදේශයට ගොස් අතහැර දැමුවෙමු. නමුත් එදින සවස් වීමට ප්‍රථම පුණ්ඩයා මීගමුව රෝහල කරා පැමිනියේය​. ඉන්පසු අපට සිදු වූයේ පුණ්ඩයා ගේ හිරිහැර විඳගෙන සිටීමටය​.

මෙසේ කාලයක් යන විට  පුණ්ඩයාගේ චර්ම රෝගය අසාධ්‍ය වී ඌ පණ අදින්නට විය​. පුණ්ඩයාගේ අවසන් මොහොත දුටු සායනික වෛද්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ  වෛද්‍ය නිලධාරීයෙකු වූ සුජීව පැවසුවේ පුණ්ඩයාගේ පණ යන මොහොතේද අසීරුවෙන් ඌ හිස ඔසවා සුජීව දෙස බලා  නගුට මළානිකව වැනූ බවය​.

පුණ්ඩයාගේ මරණින් මාස අටකට පමණ පසු බ්‍රවුනිද හදිසියේ මිය ගියාය. බ්‍රවුනි බැල්ල මීගමුව රෝහලේ  මහල් 7කින් යුත් ප‍්‍රධාන ගොඩනැගිල්ල හදමින් සිටි කම්කරුවන්ට බුරාගෙන පනින නිසා ඔවුන් විසින් බ්‍රවුනිට වස දැමූ මස් දමා බැල්ල මරා දැමූ බව පසුව අපිට ආරංචි විය​.

මෙසේ දෙවසරක් පමණ ගත වන විට අපගේ වෛද්‍යවරු සීසීකඩ මාරු වී ගියහ​. ගෝවි ගම්පහ රෝහලට ගියේය​. පීරා කුරුණෑගලට ගියේය​. මම හලාවත රෝහලට ගියෙමි. ලිලිත් පමණක් මීගමුවේ ඉතිරි විය​. පසු කාලයක පුණ්ඩේ අඩි යනු දෙමළ කුණුහරපයක් බව මම දැනගත්තෙමි. ඒ වන විට පුණ්ඩයා මිය ගොස් බොහෝ කලක් ගතවී තිබිණි.

වෛද් රුවන් එම් ජයතුංග 

9 Responses to “පුණ්ඩේ අඩි”

  1. Independent Says:

    මේ මයිල් හැලෙන ලෙඩේ දැන් පාර්ලිමේන්තුවේ සියලුම පුඬේයාඩි ලාට බෝවී ඇත​.

  2. Kumari Says:

    Dr. Jayatunga, It appears you have had a good time while practising your noble profession. Your lack of knowledge of the Tamil language is one example that we all should have learnt Tamil from our young days. Though our National Anthem says “Eka Mawakage Daru Kela Bevina”, we are segregated from our child hood.

  3. sarathk Says:

    මෙම ලිපිය කියවීමෙන් අපට වැටහෙන්නේ බල්ලා හෙවත් සුනකයා නමැති සත්වයා කෙරෙහි ලංකික සමාජය තුල ඇති අධම ස්වභාවයයි. බටහිර වෛද්‍ය වරයෙකු වූ ලේඛකයා සහ සෙසු වෛද්‍ය සගයෝ ලෙඩ දුකට පත් රෝගියෙකුට සැලකු අධම දුෂ්ට උපහාසාත්මක ස්වභාවය පෙන්වීමට තරම් මෙම ලේකකය නරුමයෙක් වී ඇත.

  4. cwije Says:

    Punde means cunt. Punde Adi means what?

    Anyway, this shows that this Tamil doctor was a joker who disgraced his profession. Ruwan did lot of damage to himself now in 2015 by telling this story. How can he face those nurses today if they read this note by him.

    Doctors are number one blood suckers in the corrupt and criminal SL today.

    I heard of a doctor who was in love with a janitor in his hospital and married her and let her continue to work in the same hospital. Now that is godliness.

  5. Independent Says:

    cwije,
    It means –uker in Tamil. ( But it is not pronounce as two words).

    It is not stylish to behave like westerners uttering the four letter word every now and then. Very common among Engineers in construction industry, you should know it.

  6. Jag Says:

    There’s no need to get that excited. Dr.Jayatunge undoubtedly is a top class gentleman and also a top class doctor who keeps us educated on a vast array of topics.

    Why on earth, anyone is disallowed to share his or her experiences in a public forum?

    It has become very important nowadays to learn the most important expletives in Tamil language, because there is a need for that. That has become the best way of addressing those racist Tamils.

    So leave the scholar aside and let him continue with his excellent work.

  7. cwije Says:

    JAG,

    Did you know that even those who do excellent work has a darker side? That was what that came out from Ruwan. Let him explain with psychology that he was right and I was wrong. I have nothing against him, only I pointed out a side that he himself did not realized when he wrote this.
    JAG, you cannot become a dog psychologist when animal cruelty was also evident. If you want to know vulgar Tamil words you can get it from Google. If this is is your excuse may God help you.

  8. Asanga Says:

    CWije,
    I too believe that Dr. Jayatunge should not be ostracized for writing this. In fact, I believe what he is trying to do is show that he too, is a human being with his own shortcomings. The very fact that he was honest and open enough to admit this, I think is admirable.
    And if one considers the last paragraph, where he says that he finally found out what Pundaya meant, and that it was a long time gone, after the death of the dog is in a way saying -just as Jag has pointed out- that he does regret how the little canine was treated, but it was too late now.
    As you have said, each of us does have a ‘dark side’, or more appropriately, each of us have done/are capable of doing socially unacceptable things. Only a small number of us, have the courage to come forward and admit to these failings.

  9. cwije Says:

    Asanga,

    If a similar naming was done in Jaffna hospital by a Sinhala doctor he would have been chased out by the DMO or the people or other Tamil doctors would have objected.

    This incident showed that these young doctors were living in a silly world of their own. Did they not have small brains at least to find out what the name meant. Some shameful acts should not be revealed as it does not bring any good. It is not a path to nobleness.

    I know Ruwan learned a lesson after 30 yrs or 20 yrs of this incident. That is why he is silent. I did my duty to help him.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress