ඇවන්ට් ගාර්ඩ් රැකියා අහිමිවූවන්ගේ සංවිධානයේ කාරුණික ආයාචනයයි
Posted on November 24th, 2015
ඇවන්ට් ගාර්ඩ් රැකියා අහිමිවූවන්ගේ සංවිධානය
ඇවන්ට් ගාර්ඩ් මැරිටයිම් සේවා (පෞද්ගලික) සමාගමේ මෙතෙක් සේවයේ නියුක්තව සිටි විශ්‍රාමික රණවිරුවන් සහ සිවිල් සාමාජිකයන්ගෙන් 85% ක පමණ පිරිසක් 2015 නොවැම්බර් මස 23 වෙනි දින සිට ඔවුන් විසින් මෙතෙක් එම ආයතනයේ කරගෙන් ආ රැකියාවන් අහිමිව ඉතා අසරණ තත්වයෙන් මහමගට වැටී ඇත.
ඇතැම් දේශපාලනඥයන්ගේ හා ආයතනයන්හි යම් යම් අත්තනෝමතික ක්‍රියා කලාපයන් නිසා මේ රටේ සුවහසක් ජනතාවට පිළිසරණක් වූ ඇවන්ට් ගාර්ඩ් මැරිටයිම් සේවා (පෞද්ගලික) සමාගම වැසී යාමේ තර්ජනයට ගොදුරු වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස අපගේ රැකියා මේ වන විට අහිමිවීම තුලින්, අප ආයතනයේ සේවයේ නියුතුව සිටි විශ්‍රාමික රණවිරුවන් හා සිවිල් සාමාජිකයන්ගේ දරු පවුල් අද මුහුණපා ඇති සාමාජීය හා ආර්ථික ගැටළු වලට විසඳුම් සොයා ගැනීමේ පරම අභිලාෂයෙන් මෙන්ම මේ රටේ වගකිවයුත්තන්ගේ හා ආයතනයන්හි ඍජු අවධානය මතු වී ඇති මෙම බරපතල තත්ත්වය කෙරෙහි යොමු කර ගැනීමටත්, අපට සිදුවූ බරපතල සමාජ අසාධාරණය පිළිබඳව මේ රටේ ජනතාව දැනුවත් කිරීමටත්, ඇවන්ට් ගාර්ඩ් ආයතනයේ සේවය අහිමිව ඇති විශාල පිරිස විසින් 2015 නොවැම්බර් මස 26 වෙනි බ්‍රහස්පතින්දා පෙරවරු 10.30 ට, අංක 63, සිංහපුර, බත්තරමුල්ල (අපේ ගම ට ප්‍රතිවිරුද්ධ දිශාවේ පිහිටා ඇති පාර) යන ස්ථානයේදී මාධ්‍ය සාකච්චාවක් සංවිධානය කර ඇත.
අපට උරුම වී ඇති මෙම කණගාටුදායක තත්වය පිළිබඳව අපගේ හඬ මේ රටේ වගකිවයුත්තන්ටත්, පොදු මහ ජනතාවටත් යොමු කිරීමේ සද් කාර්යයට මෙම මාධ්‍ය සාකච්චාව ආවරණය කරමින් ඒ පිළිබඳව ප්‍රචාරයක් ලබා දෙන ලෙසත් , කවදත් සමාජ සාධාරණත්වය අගයන ඔබ ආයතනයෙන්, ඇවන්ට් ගාර්ඩ් ආයතනයේ සේවයේ යෙදී සිට රැකියාව අහිමිවූ වීරෝධාර විශ්‍රාමික රණවිරුවන් සහ සිවිල් සාමාජිකයන් වෙනුවෙන්, ඇවන්ට් ගාර්ඩ් රැකියා අහිමිවූවන්ගේ සංගමය ගෞරවයෙන් ඉල්ලා සිටී.
මේ වෙනුවෙන් ඔබගේ පැමිණීම අප ඉතා අගය කරමු.
ස්තුතියි!
මෙයට විශ්වාසී,
ඇවන්ට් ගාර්ඩ් රැකියා අහිමිවූවන්ගේ සංවිධානය
කමල් ගමගේ කොමාන්ඩර් (විශ්‍රාමික) අනුර ආරියරත්න
කැඳවුම්කරු සභාපති
වින්ග් කොමාන්ඩර් (විශ්‍රාමික) එරික් වීරසිංහ ලුතිනන් කර්නල් (විශ්‍රාමික) නිලන්ත ජයවීර
ලේකම් මාධ්‍ය ප්‍රකාශක
ඇවන්ට් ගාර්ඩ් රැකියා අහිමිවූවන්ගේ සංවිධානය
අංක 63, සිංහපුර
(අපේ ගම ඉදිරිපිටින් ඇති මාර්ගය)
බත්තරමුල්ල.
දුරකථන අංකය / ෆැක්ස් අංකය 011-2786699
ඊ මේල් saveavantgarde@email.com ; aedpagavantgarde@gmail.com
November 24th, 2015 at 7:34 pm
Isn’t there a leftover bomb that you can accidentally drop on the executive council of the ruling pigs?! We need to do something before we lose it all!
November 24th, 2015 at 10:55 pm
But NO brave men in the army after years of political abuse. So we have to ENDURE THE UNENDURABLE.
May be when the war crimes issue hots up some brave men will emerge.