පොහොර සහනාධාරය කපා මුදල් දෙන මෝඩයෝ
Posted on November 27th, 2015

– දිල්රුක් කන්නන්ගර

හද්දා ගොන් කමකට අත ගසමින් UNP ආණ්ඩුව පොහොර සහනාධාරය කපා ඒ වෙනුවට මුදල් දීමට තීරණය කර ඇත. ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු රිංගා ගත් බත් බැලයෙක් කියනුයේ වස විස පොහොර නිසා ගොවීන් ලෙඩ වන බැවින් මෙම තීරණය ගත් බවයි. මෙහි ගොන්කම වන්නේ එම මුදලින් ගොවීන් එම වස විස පොහොර ම ගන්නා බැවිනි. ආදේශක පොහොර හඳුන්වානොදී මුදල් පමණක් දීමෙහි වැඩක් නැත.

මෙහි සැඟවුණු අරමුණක් තිබේ. ලෝක බලවත් කෘෂි සමාගමක තැරැව්කරුවන් සමග එක් වී මෙරට ගොවි තැන කාබාසීනියා කිරීම ඔවුන්ගේ සැලසුමයි. සිංහලෙන් කථා කිරීම අපහසු යයි පින්සෙන්ඩු වූ පනික්කියා ඊටම උර දෙමින් කියන්නේ සහල් නොවවා ඒ වෙනුවට ළූණු, අල වැනි වා වවන ලෙසය. සිංහලයාගේ ප්‍රධාන ආහාරය බත යයි උච්චාරණය කරන නොදරුවාගේ පමණ වත් දැනුමක් නැති අම්බරුවෙක් රටේ මූල්‍ය බලා කියා ගැනීම රටේම අවාසනාවකි.

සහනාධාර මුදල් ගොවියා අත පත්වන්නට පෙර හොරු දහ පහළොස් දෙනෙකු හරහා යයි. එයින් පොහොසත් වන්නේ නියඟයට නියන් සහනාධරයෙන්ද ගං වතුරට ගං වතුර සහනාධරයෙන්ද යටි මඩි ගහන දෙසපාලු තක්කඩින්ය. ගල් අඟුරු මගඩි සිඳුණු තැන එහෙම හෝ හරි හමබා කර ගන්නට අසමත්ජාතීන් සිටිති.

රට වැටී ඇති ණය උගුලෙන් ගැලවෙන්නට තව තවත් ණය ගන්නා ආණ්ඩුවට ලෝක බැංකුව ද කියා සිටින්නේ ගොවිතැන වනසා ලන ලෙසටය.

මුදල් ලද ගොවියා ට වෙනත් මූල්‍ය අවශ්‍යතා ඇත. ගොවිතැන අත හැර දමා වෙනත් දේවල මුදල් නාස්තිකර ගොවියෝ අන්ත අසරණ වෙති.

ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු රිංගා ගත්තන් තව කලෙකින් බුද්ධ දේශනා වෙනුවට මුදල් ගෙවන ක්‍රමයක් සොයා ගනු ඇත. මුදල් ලත් පින්වතා එම මුදලින් සැදැහැම් සිතුවිළි පහල කර අමා මහා නිවන් සුව විඳිනුයේ මනු ලොවෙමය.

6 Responses to “පොහොර සහනාධාරය කපා මුදල් දෙන මෝඩයෝ”

  1. Hiranthe Says:

    When the farmers got the fertilizer money from the government, drug dealers can approach them and solve their burden by taking them to colorful dream world by introducing them to drugs…

    Two problems can be solved with one shot. Farmers problem is solved with govt money and Drug dealers problem solved with farmer’s money…

    We will be almost closer to “Kethumathie” land.

  2. Hiranthe Says:

    In addition, School uniform money will end up with Drug dealers pockets. School children will get access to colorful dream land in their torn clothing while Drug Dealers get their share.

    We will be self sufficient soon.

  3. Hiranthe Says:

    This will help develop the rural community;

    Name of the Project is “Gama Neguma”

    Theme song:

    “Avilla avilla Gamatath Kudu avilla”

    “Warella warella Gamae padimu Run Onchilla”

  4. Dilrook Says:

    The other despicable trick of 6% of budget to education is a nasty one. It includes revaluation of Mahinda era school buildings and labs too. When the revuluations are taken out, the real allocation is smaller in percentage than in some previous years.

    Budget is done in cash terms and should only include the cash allocation. The Finance Minister despite being a qualified accountant, knows nothing about budgeting and accounting.

    Hopefully this smoke and mirrors trick will fool the dumb university dons and others who demanded 6% of budget is allocated to education. Yahapalanaya is all about changing the goal post.

  5. NAK Says:

    This is the first step towards destroying paddy cultivtion in Sri Lanka.Our self sufficiency in rice production is a thorn in the flesh of those who wants to keep us under their thumbs.
    If the claims of those who abolished the supply of fertilizer are real they should have first arranged for an alternative source of fertilizer instead of just handing money.
    Had this hefty amount of money spent on chemical fertilizer year after year been spent wisely,spending just one years money on garbage recycling the whole fertilizer requirement of the country could have been met while resolving the garbage problem at the same time.

  6. NAK Says:

    This is the first step towards destroying paddy cultivtion in Sri Lanka.Our self sufficiency in rice production is a thorn in the flesh of those who wants to keep us under their thumbs.

    If the claims of those who abolished the supply of fertilizer are real they should have first arranged for an alternative source of fertilizer instead of just handing money.

    Had this hefty amount of money spent on chemical fertilizer year after year been spent wisely,spending just one years money on garbage recycling the whole fertilizer requirement of the country could have been met while resolving the garbage problem at the same time.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress