අධ්‍යාපන ඇමති අකිල විරාජ්ට එරෙහිව දූෂණ මර්ධන කාර්යාලයට පැමිණිල්ලක්
Posted on March 1st, 2016

National Trade Union Center 

වර්තමාන අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා විසින් තම දේශපාලන උවමනාවන් මත සිදු කරන ලද පත්වීම් ලබාදීමට එරෙහිව ලංකා ගුරු සේවා සංගමය මගින් දූෂණ මර්ධන ලේකම් කාර්යාලයට පැමිණිල්ලක් ඉදිරිපත් කෙරිණි. දිවයින පුරා 2000 කට ආසන්න පිරිසක් මෙලෙස අධ්‍යාපන ඇමතිවරයා විසින් පත්වීම් ලබාදී ඇති බව මෙහිදී එම සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සහෝදරයා හෙළිකරන ලදී. එහිදී අදහස් දැක්වූ ඔහු

Akila Viraj

‘‘ජාතික පාසල් සඳහා රටපුරාම කුරුණෑගලින්, කුලියාපිටිය වැනි ප‍්‍රදේශවලින්  සියළු නීති රීති උල්ලංඝනය කරමින් විශාල ලෙස පත්වීම් ලබාදෙමින් තිබෙනවා. මේ සඳහා කිසිදු නීතියක් පිළිඅරගෙන නෑ. විධිමත් ලෙස ගැසට් කරල නෑ. සම්මුඛ පරීක්‍ෂණ තියල නෑ. ආයතන සංග‍්‍රහයට පටහැනි ලෙස මෙම පත්වීම් ලබාදීල තියෙන්නෙ. එජාපය විසින් ඉදිරිපත් කරපු පසුගිය අයවැයෙන් රාජ්‍ය සේවක විශ‍්‍රාම වැටුප අහිමි කරල දායක විශ‍්‍රාම වැටුපක් ගෙන එන්න යෝජනා කරල තියෙන්නෙ. ඒ නිසාම මේ පත්වීම් බොහොමයක් කරල තියෙන්නෙ පසුගිය දෙසැ. 31 දිනට අදාලව. මේ හරහා විශාල මූල්‍ය වංචාවක් සිදුවෙලා තියෙනවා. මේ වගේ නීති විරෝධී, සදාචාර විරෝධී පත්වීම් කරල තියෙන්නෙ තමන්ගෙ දේශපාලන හිතවත් කම් මත. අධ්‍යාපන සුදුසුකම් සහිත විශාල පිරිසක් ඉන්දැද්දි තමයි මේ විදියට නුසුදුකම් සහිත පුද්ගලයන්හට පත්විම් ලබාදීල තියෙන්නෙ. මේ නිසා මේ හරහා සිදු කරන ලද මූල්‍ය වංචාවට එරෙහිව දූෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලයට පැමිණිල්ලක් අද දින ඉදිරිපත් කරා. අපි හිතනවා මොහු වර්තමාන ආණ්ඩුවෙ ඉන්න නිසාම මේ පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් පවත්වල අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගනීවි කියල. මොකද පසුගිය රාජපක්‍ෂ පාලනය පරාජය කරන්න මූලික හේතුවක් වුනෙත් දැවැන්ත මූල්‍ය වංචා, දූෂණ සිදු කිරීමට එම පාලනය කටයුතු කළ නිසයි. ඊට එරෙහි ජනවරමකින් බලයට පත්වුණු වර්තමාන ආණ්ඩුව නැවත වරක් දූෂණ, වංචා සිදු කිරීමට කටයුතු කරනවානම් ඊට එරෙහිවද සියළුම ජනතාව පෙළගැස්වීමට කටයුතු කිරීමට සූදානම්’’ යනුවෙන්ද පැවසීය. 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress