ජ වි පෙ, විශ්වවිද්‍යාල හා නව සංධානය
Posted on March 7th, 2016

නලින් ද සිල්වා

ඕනෑම ගොනකුට යුද්ධ කළ හැකි යැයි කී ලක්‍ෂමන් කිරිඇල්ල ඕනෑම ගොනකුට විශ්වවිද්‍යාල කටයුතු පිළිබඳ ඇමතිවරයා විය හැකි යැයි කී බවක් දැනගන්නට නැත. කෙසේ වෙතත් ඔහු නීතිඥයකු බව පැවසෙයි. එබැවින් ඔහු අ පො ස (සාමාන්‍ය පෙළ) පරීක්‍ෂණය සාමාන්‍ය අන්දමටවත් සමත් යැයි අපි විශ්වාස කරමු.  එහෙත් ඔහු විශ්වවිද්‍යාලයක ඉගෙනගත් බවක් දැනගන්නට නැත. විශ්වවිද්‍යාලයක ඉගෙන ගත් පමණින් යමකු බුද්ධිමතකු වන්නේ නො වේ. එබැවින් විශ්වවිද්‍යාලයක ඉගෙනීම ලබා නැත්නම් ඒ කිරිඇල්ලගේ නුසුදුසු කමක්  නො වෙයි. මෙරට අනුකාරක විශ්වවිද්‍යාලයක ඉගෙනීම ලැබීම නම් බොහෝ විට නුසුදුසු කමක් විය හැකි ය. 

කිරිඇල්ල කැලණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයනංශයට තාවකාලික කථිකාචාර්යවරුන් බඳවාගැනීම පිළිබඳ තමා දන්නා හඳුනන අයකු ගැන නිර්දේශයක් කර ඇතැයි කියැවෙයි. ඕනෑම අයකුට තමා හෝ වෙනත් අයකු හෝ තනතුරකට බඳවා ගැනීම පිළිබඳ නිර්දේශ කළ හැකි ය. මෙහි දී ප්‍රශ්නය වන්නේ කිරිඇල්ල තම නිර්දේශය 1978 අංක 18 දරණ විශ්වවිද්‍යාල පනතෙහි 19 වැනි වගන්තිය යටතේ කිරීම ය. ඒ බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශය නිකුත් කර ඇති මාධ්‍ය ප්‍රකාශයක දැක්වෙයි. අමාත්‍යවරයාගේ වගකීම පිළිබඳ ව වන එකී වගන්තිය මෙසේ ය. අප ඒ උපුටා දක්වන්නේ පනත කියවා නැති අති විශාල ජනතාවකගේ මෙන් ම ඇතැම් ජනමාධ්‍යවේදීන්ගේ ද සරසවි ඇදුරන්ගේ ද ඔවුන්ගේ වෘත්තීය සමිති නිලධාරීන්ගේ ද ප්‍රයෝජනය හා මතු ආරක්‍ෂාව සඳහා ය. (19) විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනය පිළිබඳ සාමාන්‍ය මෙහෙයවීම සම්බන්ධයෙන් ද, මේ පනත ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා වගකිව යුතු ය”. විශ්වවිද්‍යාල පනතේ 20 වැනි වගන්තිය කොමිෂන් සභාව වෙත විධාන නිකුත් කිරීමට අමාත්‍යවරයාට ඇති බලතල පිළිබඳ ව ය. එහි 20 (4) යටතේ උසස් අධ්‍යාපන ආයතන වසා දැමීම හා නිසි බලධාරීන් පත්කිරීම පිළිබඳ ව සඳහන් වන නමුත් වෙනත් කිසිම සේවකයකු පත්කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා සතු බලතල ගැන නො කියවෙයි. බටහිර ක්‍රමය යටතේ ඇදුරෝ ද සේවකයෝ වෙති. 

ඉහත කී 19 වැනි වගන්තියේ සඳහන් සාමාන්‍ය මෙහෙයවීම (General direction) යනු කුමක් දැයි ඉතා පැහැදිලි ය. එය විශ්වවිද්‍යාලයේ සේවකයන් පත්කිරීම, පාඨමාලා නිර්දේශ සකස් කිරීම, විභාග පැවැත්වීම ආදිය සම්බන්ධයෙන්වත්, විශ්වවිද්‍යාල පරිශ්‍රයේ මල්වැවීම හා මල්කැඩීම (විශ්වවිද්‍යාලවල විිවිධ මල්කැඩීම් වෙයි) සම්බන්ධයෙන්වත්, විශ්වවිද්‍යාල භූමිය හා ගොඩනැගිලිවල බිම අතුගැම සම්බන්ධයෙන්වත්, ගොඩනැගිලිවල මකුළුදැල් කැඩීම සම්බන්ධයෙන්වත් නො වේ. (විභාග පැවැත්වීම, ඊනියා පරයේෂණ පැවැත්වීම, දැනුම සංස්කරණය කිරීම ආදිය සම්බන්ධ නීති රිති නොදන්නා ඇදුරෝ බොහෝමයක් වෙති. ඔවුහු කැලණියේ ද වෙති. එහෙත් ඒ වෙන ම කරුණකි) ඒ සියල්ල සඳහා විවිධ මණ්ඩල හා සේවකයෝ වෙති. විශ්වවිද්‍යාලවල සාමාන්‍ය මෙහෙයවීම යනු ජාතික ප්‍රතිපත්තිවලට අනුකූලව ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් ඇමතිවරයා කරන ඉතා සාධාරණ (පොදු යන අර්ථයෙන්) ක්‍රියා ය. ඒ ප්‍රතිපාදන කොමිෂන් සභාවට ද ඉහළින් වූ ප්‍රතිපත්තිමය මෙහෙයවීමකි.  

කිරිඇල්ලට අද අමතක වුවත් විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය ඊනියා මහින්ද රාජපක්‍ෂ රෙජිමය පෙරළීම සඳහා කටයුතු කෙළේ ය. 6% ව්‍යාපෘතිය ද එකී ඊනියා රෙජිමයට විරුද්ධව විය.  ආචාර්ය සමිති සම්මේලනය ක්‍රියා කෙළේ මෛත්‍රිපාල සිරිසේන දිනවීමට මෙන් ම එ ජා ප –- ශ්‍රී ල නි ප ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ය. අද සම්මේලනය ඉහත සඳහන් කරුණෙහි දී කිරිඇල්ල මහතාට විරුද්ධව ක්‍රියාකළත් එදා ඔවුන් ක්‍රියා කෙළේ වෙනත්  ආකාරයකට ය. ඇතැම් ඇදුරෝ ඊනියා සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ ක්‍රියාකාරීහු වූහ. අද ද ක්‍රියාකාරී වෙති.

ඒ අතර ජ වි පෙ ආණ්ඩුවේ වැඩ තදින් විවේචනය කරයි. ඔවුන් එට්කා ගිවිසුම ගැන ද වෙනත් දේ ගැන ද විරුද්ධ ය. අද ඔවුන්ට විජේවීරගේ කාලයේ සිට විටින් විට වැළඳෙන ඉන්දියානු විරෝධ රෝගය නැවතත් වැළඳී ඇත. ඔවුහු අද යටත්විජිතවාදීන් මෙරටට කරන බලපෑම් පිළිබඳ ව ද කතා කරති. එහෙත් ඊනියා රාජපක්‍ෂ රෙජිමය පරාජය කිරීම සඳහා ජ වි පෙරමුණ ද විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය මෙන් ම වැඩ කොටසක් ඉටු කෙළේ ය. ඔවුන්ගේ කෙරුවාව නිසා මහින්ද රාජපක්‍ෂ පරාජය වී යැයි මම නො කියමි. එහෙත් ඔවුහු තම කාර්යභාරය” ඉටුකළහ. 

එදා ඔවුන් මහින්ද රාජපක්‍ෂ පරාජය කිරීමට කටයුතු කෙළේ රනිල්ලා කිරිඇල්ලලා ගැන කිසිවක් නො දැන ද? ඔවුන්ට රනිල්ගේ අධ්‍යාපන ධවල පත්‍රිකාව අමතක වී ද? එ ජා ප ආණ්ඩු ගැන ඔවුන්ට දැනුමක් නො වී ද? අද ද පත් වී ඇත්තේ එ ජා ප ආණ්ඩුවකි. ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවා නැතිවා පමණක් නොව ඒ සංකල්පීය වශයෙන් ද වැරදි ය. අද ශ්‍රී ල නි ප මරා දමා ඇති අතර මෛත්‍රිපාල සිරිසේන ව්‍යායාම කරන, රෝගීන් බැලීමට යන, මළගෙවල්වල යන, ජම්බෝරිවලට යන ජනාධිපතිවරයකු බවට පත් වී ඇත. ඔහු කටයුතු කරන්නේ රනිල්ට අවශ්‍ය ආකාරයට ය. රනිල් කටයුතු කරන්නේ බටහිරට හා ඉන්දියාවට අවශ්‍ය ආකාරයට ය. මේ මා කැමති නෑනට, නෑනා කන කෑමට යන්නෙහි විලෝමයකි. 

ඒ අතර ලංකාව ක්‍රමයෙන් ඉන්දියාවේ ප්‍රාන්තයක් බවට පත්වෙමින් සිටියි. බෑණාගේ එට්කා ගිවිසුම මාමාගේ 1987 ඉන්දු ලංකා ගිවිසුමේ දෙවැනි පියවර වෙයි. දේශපාලන වශයෙන් ද ආර්ථික වශයෙන් ද ඉන්දියාවට අපේ ඇති ගැති බව වැඩිවෙමින් පවතියි. ඉන්දියාව තම රැකිරක්‍ෂා ප්‍රශ්නය ඇතුළු ආර්ථික ප්‍රශ්න යම් ප්‍රමාණයකට විසඳා ගැනීම සඳහා ලංකාව යොදා ගැනීමට යයි. මෝදිගේ භාරතීය ජනතා පක්‍ෂය 1980 දී පිහිටුවනු ලැබූ එනමින් වූ පක්‍ෂය නො වේ. මෝදි පක්‍ෂයේ නායත්වයට පත්වූ විට අතල් වාජ්පායි පක්‍ෂයේ කටයුතුවලින් ඉවත් විය. අද භාරතීය ජනතා පක්‍ෂයට එ ජා පක්‍ෂය ද සාමාජිකයකු වන ඊනියා ඊනියා ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ සාමාජිකත්වය හිමි වී ඇත. මේ සංගමය ලෝකයේ තිබෙන දක්‍ෂීණාංශීක සංවිධානවල එකතුවකි. මූලික ප්‍රතිපත්තිමය වශයෙන් ඒ පක්‍ෂ යටතවිජිතවාදී ය. ඇමරිකන් හා ඉංගිරිසි ගැති ය. පසුගිය දා නවසීලන්ත අගමැති ජෝන් කී ලංකාවට මූලික වශයෙන් පැමිණියේ මේ සංගමයේ විධායක සභා රැස්වීමකට ය. භාරතීය ජනතා පක්‍ෂයට සංගමයේ සාමාජිකත්වය පිරිනැමුණේ එකී විධායක සභා රැස්වීමේ දී ය. රනිල් මේ සංගමයේ ආසියානු ශාන්තිකර කලාපයේ සභාපති ය. එක්සත් ජාතික පක්‍ෂය මෙන් ම භාරතීය ජනතා පක්‍ෂය ද අද වන විට බටහිර ගැති යටත්විජිතවාදී පක්‍ෂ වෙයි.  

ඉන්දියාව අද බටහිරයන්ගේ අනුග්‍රහයෙන් සීකිම් දේශය මෙන් ලංකාව තම ප්‍රාන්තයක් කර ගැනීමට සැරසෙයි. ඉන්දියාව හා බටහිර රටවල් ද ඔවුන්ගේ ඔත්තු සේවාවන් ද ඊනියා මහින්ද රෙජීමය පරාජය කෙළේ මූලික වශයෙන් රනිල් ලවා ඒ කටයුත්ත ඉටුකර ගැනීමටත්, දෙමළ ජාතිවාදයට දොළ පිදේනි දීමටත්, අවසානයේ දී මෙරට සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීමට බැරි නම් දුර්වල කිරීමටත් ය. මහින්ද පරාජය කිරීම සඳහා රෝ ඔත්තු සේවය ද බටහිර ඔත්තු සේවාවන්ද මෛත්‍රිපාල සිරිසේන යොදා ගත්තේ ය. ඔවුන් නිමල් සිරිපාල සිල්වා වුව ද ඒ සඳහා යොදා ගැනීමට තිබිණි.  දෙමළ ජාතිවාදයට දොළ පිදේනි දීම වෙනුවෙන් මෙවර ජෙනීවාහි දී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ ඊනියා මානව අයිතිවාසිකම් සැසිවාරයේ දී එහි මහාකොමසාරිස් කුමාරයා තම ආරම්භක දේශනයෙහි දී ලංකාව ගැන සඳහන් නොකිරීමට වගබලාගෙන ඇත. කිරිඇල්ලලා ඒ ක්‍රියාව ආණ්ඩුවේ රාජ්‍යතාන්ත්‍රික ජයග්‍රහණයක් ලෙස හඳුන්වනු ඇත! නිවටකම, ගැතිබව යනු රාජ්‍ය තාන්ත්‍රිකභාවයක් ලෙස සැලකීම විශ්වවිද්‍යාල ගොඩනැගිලිවල මකුළුදැල් කැඩීම විශ්වවිද්‍යාල පනතේ 19 වැනි වගන්තියේ සඳහන් සාමාන්‍ය මෙහෙයවීම හෙවත් සාධාරණ මෙහෙයවීම යටතේ කෙරෙන ක්‍රියාවක් ලෙස හැඳින්වීමෙන් බෙහෙවින් වෙනස් නො වේ. 

අද රටේ සිදුවන සියළු ක්‍රියා බටහිර රටවල, විශේෂයෙන් එංගලන්තයේ හා ඉන්දියාවේ අවශ්‍යතාව මත සිදුවෙයි. සන්ධීය රාජ්‍යයක් මැදින් අපි ඉන්දියාවේ ප්‍රාන්තයක් බවට පත්වෙමින් සිටිමු. මහින්ද රාජපක්‍ෂ පරාජය කරනු ලැබුයේ එංගලන්තය හා ඉන්දියාව හා ඔවුන්ගේ ඔත්තු සේවා විසින් තම විවිධ දේශීය ඉත්තන් යොදා ගනිමිනි. මේ සියල්ල වසාගැනීමට ඔවුහු ඊනියා අක්‍රමිකතා හා භිෂණ කතා ජනාධිපතිවරණයේ දී ද මැතිවරණයේ දී ද යොදා ගත්හ. දැනුදු යොදා ගනිති. ජ වි පෙ හා ඊනියා රාජපක්‍ෂ රෙජිමයට විරුද්ධව ක්‍රියාකළ සාධාරණ සමාජකාරයන් ඇතුළු විවිධ සිවිල් සමාජකාරයන්, ඊනියා රාජ්‍ය නොවන සංවිධානවල බටහිර ගැත්තන් ආදීහු ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයේ බැළයෝ වෙති. මේ ආණ්ඩුව බලයට පත්කෙරුණේ ඔවුන් විසින් නොවුන ද, ඔවුන් ඉත්තන් පමණක් වුව ද ඔවුන්ට මේ ආණ්ඩුවේ සිංහල බෞද්ධ විරෝධී යටත්විජිතවාදී ක්‍රියාවලින් නිදහස් විය නො හැකි ය. ඔවුන්ට ආණ්ඩුව විවේචනය කිරීමෙන් සුදනන් විය නො හැකි ය. එසේ වීමට ඉඩ නොදිය යුතු ය.

සන්ධානයට පළමුව ජනාධිපතිවරණයේ දී ජාතිකත්වය මත පදනම් ව සටන් කරන ලෙසත් දෙවනුව මැතිවරණයේ දී එලෙස ම ජාතිකත්වය මත පදනම් ව වෙන ම කණ්ඩායමක් හෝ පක්‍ෂයක් හෝ ලෙස තරග කරන ලෙසත් අප ඉල්ලා සිටි නමුත් ඔවුහු එසේ නො කළහ. සන්ධානයේ ඇතැම්හු ජාතිකත්වයට විරුද්ධ වෙති. සන්ධානයේ ඇතැම් ඊනියා උගත්්තු සන්ධීය හෙවත් ෆෙඩරල්වාදියෝ වෙති. මහින්ද රාජපක්‍ෂ ජාතිකත්වයේ ලේ උරා බොන මේ කූඩැල්ලන්් ගලවා දැමිය යුතු ය. මෛත්‍රිපාල සිරිසේන අද පැරණි ශ්‍රී ල නි පා’ක්‍ෂිකයන් ඉවත්කරමින් සිටියි. එහෙත් ඔහු සභාපතිවන්නේ මරා දැමූ පක්‍ෂයක බැවින් ඔහුගේ ක්‍රියා පුස්ස බිඳීමක් පමණකි. කෙසේ වෙතත් පැරණි ශ්‍රී ල  නි පාක්‍ෂිකයන්ට අදවත් ජාතිකත්වය මත පදනම් වූ වෙනත් පක්‍ෂයක්, සංධානයක්, සංසදයක් හෝ පර්ෂදයක් හෝ යම් සංවිධානයක් අවශ්‍ය වෙයි. එය පවත්නා සංධානයේ පක්‍ෂවල ද එකතුවකින් සමන්විත යුතු ය. සංධානයේ ඇතැමුන් හා ඇතැම් උපදේශකයන් එවැන්නක් ඇති කිරීම කල්දැමීමට උත්සාහ දරණ බව ද රහසක් නො වේ. ඔවුන් වක්‍රව නමුත් ක්‍රියා කරන්නේ රනිල්ලා කිරිඇල්ලලා වෙනුවෙනි.  නව සංවිධානය පිහිටුවීම පළාත් පාලන මැතිවරණය තෙක් කල්දැමිය නො හැකි ය. පළාත් පාලන මැතිවරණයක් ලබාගැනීමට වුව ද සංවිධානයක් අවශ්‍ය වෙයි. 

නලින් ද සිල්වා

2006 මාර්තු 03

4 Responses to “ජ වි පෙ, විශ්වවිද්‍යාල හා නව සංධානය”

  1. Dham Says:

    “සන්ධානයේ ඇතැම්හු ජාතිකත්වයට විරුද්ධ වෙති. සන්ධානයේ ඇතැම් ඊනියා උගත්්තු සන්ධීය හෙවත් ෆෙඩරල්වාදියෝ වෙති. මහින්ද රාජපක්‍ෂ ජාතිකත්වයේ ලේ උරා බොන මේ කූඩැල්ලන්් ගලවා දැමිය යුතු ය. ”

    මහ පොදු සාධකය ඉන්දියානුවන් අප ග්‍රහණය කරගැනීමයි. මෙය පරම සත්‍යයක් බව පැහැදිලි වී බොහෝ කල්‍ ගතවිනි.
    මහපොදු සාධකය නැතිකර දැමීමට අනන්තයෙන් බෙදිය යුතුය​. අපි අනන්තය යයි සිතාසිටි අංකය අවාසනාවකට මෙන් එකටත් වඩා අඩුවී ගියේය​. එයට හේතුව ,

    “සන්ධානයේ ඇතැම්හු ජාතිකත්වයට විරුද්ධ වෙති. සන්ධානයේ ඇතැම් ඊනියා උගත්්තු සන්ධීය හෙවත් ෆෙඩරල්වාදියෝ වෙති.” ?මහින්ද රාජපක්‍ෂ ජාතිකත්වයේ ලේ උරා බොන මේ කූඩැල්ලන්් ගලවා දැමිය යුතුය.

    මෙය මෙසේ සිතාගෙන් සිටියාට පලක් නොවේ. බෙහෙත් කූඩැල්ලා හරිහැටි හඳුනා නොගෙන වනය සුවකල නොහැක​.
    පලමුව තමාත් කූඩැල්ලෙකු නොවන බව පෙන්විය යුතුය​. බීපු ලේ වමාරා ඒ බව ඔප්පු කල යුතුය​. එසේ නැතිනම් බෙහෙත් කූඩැල්ල් එක් බවට පත්විය යුතුය​. මේ සඳහා පැහැදිලි ප්‍රකාශයක් අවැසියි. වාසුලා බැසිල්ලා නාමල්ලා එල්ලාගෙන මෙය කල නොහැක​. තමන් බටහිර බෙරයට නටමින් සොප්‍රානෝට බනින බොරු ජාතිකත්ව වලින් කාලය නාස්ති නොකරන අලුත් නායකත්වයක් අවශ්‍ය වී ඇත​. ගෝඨාභයට එන්නට නොදෙන්නේ ඇයි ?

  2. Dilrook Says:

    This is the nationalist’s worst nightmare. But it is upon us thanks to our politicians including Mahinda. Sinhalas are forced to sacrifice their land, economic prospects, university quota rights, etc. to appease Tamils so that Tamils will not cry for separation. This is never ending extortion that has already ruined the Sinhala economy even in Colombo. This cannot continue like this. The prime determinant of an ethnic group is their economy. This is why Tamils are taking a stranglehold on all economic nerve centres of the country and all businesses pushing Sinhala women to toil in the middle east while their families in Lanka give their earnings to Tamil businesses.

    Unitary Sri Lanka and Sinhalas cannot be both protected at the same time as things are now. We have to make a hard choice between the two. Do we want to appease Tamils endlessly by giving them all economic prospects outside the north-east as in Colombo City and go extinct? Or are we going to compromise the north and parts of the east to Tamils and retain the little that is left to us? The federal structure must come with majority rights as well as in all federal structures around the world. Sinhala-only (language) outside the north-east is not unacceptable to western and Indian masters.

    If we had leaders who had not compromised Sinhala interests to appease Tamils, then we can think of the ideal (a unitary state). Not anymore. The sooner we come to this realisation of hard truths, the better.

  3. Dilrook Says:

    To change Dham’s comment a little,

    වාසුලා බැසිල්ලා නාමල්ලා දයාන්ලා පිබීලා එල්ලාගෙන මෙය කල නොහැක​.

    Voters may not accept even the cleanest politician if he is infested with leeches. Even Wimal, Dinesh and Udaya will ruin their election fortunes if they put up with them. Sinhala voters have shown many times how insanely ruthless they can be on these matters in 1977, 2015 and 1994.

  4. Wetta Says:

    “Sinhala-only (language) outside the north-east is not unacceptable to western and Indian masters.”

    Aren’r we still trying to receive the approval of our enemies here? Who cares if they like it or not, unless we still are there slaves?
    Also i am at a loss to understand why Sinhala cannot be the official language everywhere in the country. If we give those two now we will surely have to give another province or two in another 60 years or so. It is just a matter of “breading like mice” in the areas “they” like.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress