කෙමරූජ් භීෂණය -කර්තෘ : වෛද්‍ය රුවන් එම් ජයතුංග -සරසවි ප්‍රකාශනයකි
Posted on March 9th, 2016
ගාමිණී වියන්ගොඩ
ඔබ ව ජීවත් කැරැවීම වාසියක් නො වේ. ඔබ ව විනාශ කිරීම ද අවාසියක් නො වේ.˜ නූතන ශිෂ්ටාචාරය මහා මිනිස් සංහාර තුනක් අත්දැක තිබේ. එකක්, හිට්ලර් විසින් යුදෙව් වැසියන් හැට ලක්ෂයකට අධික සංඛ්‍යාවක් ඝාතනය කරනු ලැබීම යි. දෙ වැන්න, කාම්බෝජයේ බලයට පත් පොල්පොට් එම රටේ මුළු ජනගහනයෙන් කාලකට ආසන්න පිරිසක් විනාශ කිරීම යි. තුන් වැන්න, රුවන්ඩාවේ දී හත් ලක්ෂයක වැසියන් පිරිසක් මාස පහක් වැනි කෙටි කාලයක් ඇතුළත සංහාරයට ලක් වීම යි. පළමු ව කී සංහාරය සහ අවසානයේ කී සංහාරය ගැනෙන්නේ ජාතිය, වර්ගය සහ ගෝත්‍රය මුල් කරගෙන සිදු කළ ම්ලේච්ඡ ක්‍රියාවන්ට ය. කාම්බෝජය හෙවත් කම්පුචියාවේ දී එය සිදු කෙරුණේ, ජාතියක් වර්ගයක් හෝ ගෝත්‍රයක් වෙනුවෙන් නො ව, ඊට වඩා සංකීර්ණ යුතෝපියානු සමාජ අභිලාෂයක් වෙනුවෙන් ය. එය හැඳින්වෙන්නේ සමාජයීය යාන්ත්‍රික කළමණාකරණය යනුවෙනි.
ලෝකය මේ දක්වා දුර ඇවිත් තිඛෙන්නේ, පුද්ගල මැදිහත්වීම් හරහා සමාජය පරිවර්තනයන්ට භාජනය වීමේ ප්‍රතිඵලයක් වශයෙනි. එ වැනි පුද්ගල මැදිහත් වීම් බොහෝ විට යොමු වී ඇත්තේ, සමාජ ප්‍රගතියට යි. එහෙත් කලාතුරකින්, සමාජයක් සහ රටක් ප්‍රපාතයට හෙලීමට ද එ වැනි පුද්ගල ක්‍රියාකාරකම් දායක වී ඇත. කම්පුචියාවේ දී අප අත්දුටුවේ එ වැන්නකි. මිනිසා යනු සමාජ සත්වයෙකු නිසා ම, සමාජ ප්‍රගතිය වෙනුවෙන් ඔහු වෙනස් කිරීමේ අභියෝගය ජයගත යුතු ව ඇත්තේ සමාජ බලවේගවලට ඉහළින් ගොස් යාන්ත්‍රික කළමණාකරණයකට සමාජය යටත් කිරීමෙන් නො ව. මිනිසා මෙහෙයවන සමාජ බලවේග නිවැරදි ව හඳුනා ගැනීමෙනි. එහෙත් යන්ත්‍රයකින් නිමැවෙන භාණ්ඩයක් සේ මිනිසුන් වත් සකස් කළ හැකි යැයි පොල්පොට් විශ්වාස කෙළේ ය.

පොල්පොට් සැළකුණේ මාක්ස්වාදියෙකු වශයෙනි. මාක්ස්ගෙන් පසු බිහි වූ බොහෝ මාක්ස්වාදීන් ඉතිහාසය වෙනස් කිරීමට යාමේ දී වැටුණු බොරු වළවල් අපමණ ය. එ වැනි පුද්ගලයන් ගේ ඒ අත්හදාබැලීම් සිදු කෙරුණේ බලයෙන් පිටස්තර ව, හුදෙක් දෘෂ්ටිවාදී තලයක නම්, ඒ මගින් ඇති කෙරුණු දුර්විපාක බලපෑවේ ඔවුනොවුන්ගේ මතවාදීමය දේශපාලනයට පමණි. එහෙත් එම අත්හදාබැලීමේ දේශපාලනය ක්‍රියත්මක කෙරුණේ රාජ්‍ය බලයක ආවරණය යටතේ නම්, ඒ වෙනුවෙන් සමාජයකට ගෙවන්නට සිදු වූ වන්දිය අපමණ බව විසි වන සියවසේ ඉතිහාසය පුරා අප අත්දැක තිබේ. මෙය මාක්ස්වාදීන් ගේ වරදක් මිස මාක්ස්වාදයේ වරදක් නො වේ. එ සේ හෙයින්, පොල්පොට් සහ මාක්ස්වාදය අතර සම්බන්ධය භයානක ව්‍යාජයකට වැඩි දෙයක් නො වු බව සැළකිය යුතු ය. උපැස් යුවළක් පැළඳීම, විදේශ භාෂාවක් දැන සිටීම සහ අත්ඔරලෝසුවක් වැනි සුඛෝපභෝගී භාණ්ඩයකට හිමිකම් කීම මරණ දඩුවම ලැබීමට වරදක් යැයි ගත් දෘෂ්ටිවාදයක් මනෝ ව්‍යාධියක් වශයෙන් මිස විසි වන සියවසේ කුමන දෘෂ්ටිවාදයක් වශයෙන් වත් ගිණිය නො හේ.
පසු කලෙක, මහජන අධිකරණය˜ නම් වූ රැවටිලිකාරී නඩු විභාගයකින් ජීවිතාන්තය දක්වා සිර දඩුවමකට˜ ලක් වූ පසු පොල්පොට් මෙ සේ කීවේ ය: —මගේ හෘද සාක්ෂිය පිරිසුදු ය˜. ඕනෑ ම අපරාධකාරයෙකුට හෘද සාක්ෂියක් තිබිය හැක. එහෙත් ජීවිතයේ අවසාන භාගයේ පවා එය පිරිසුදු˜ එකකැ යි ඔහු අවංකව ම අදහන්නේ නම්, එයින් ගම්‍ය වන්නේ, මිනිස් නපුර පරාජය කිරීම කෙ තරම් දුෂ්කර ද යන්න යි.
විද්‍යාවෙන්, තාක්ෂණයෙන් අසීමිත දියුණුවකට පත් ව ඇති නූතන ශිෂ්ටාචාරය තව මත් මේ අරගලය ජයග්‍රාහී නිමාවකට පත් කොට නැත. පරිසමාප්ත මිනිසෙකු කිසි දිනෙක නිර්මාණය නො වනු ඇතත්, පරිසමාප්ත නොමිනිසෙකු බිහි වීම වළක්වාලනු වස්, එ වැන්නන් බිහි කරනු ලබන තත්කාලීන සමාජ බලවේග වටහා ගැනීම නිරන්තර අවශ්‍යතාවයක් බව නො කිවමනා ය. ඉතිහාසය එහි නග්න ස්වරූපයෙන් දැක බලා ගැනීමට සැළැස්වීම තරම් සාර්ථක ක්‍රමවේදයක් මේ අවබෝධය ලබා ගැනීම සඳහා මෙ තෙක් සොයාගෙන නැත. රුවන් ජයතුංග වෘත්තියෙන් වෛද්‍යවරයෙකු වුව ද, ඉතිහාසය කෙරෙහි ඔහු දක්වන්නේ අසීමිත භක්තියකි. හෙට දවස වෙනුවෙන් කළ යුතු සූදානමකට අවශ්‍ය අමුද්‍රව්‍ය ඔහු එම ඉතිහාසය පිරික්සා සොයා බලනු පෙනේ. එය ගෞරව කටයුතු, ප්‍රශංසනීය වෑයමකි. —ඔබ ව ජීවත් කැරැවීම වාසියක් නො වේ. ඔබ ව විනාශ කිරීම ද අවාසියක් නො වේ˜ යැයි කියන පොල්පොට්ලා ලංකාවේ බිහි නො වනු වස්, රුවන් ජයතුංග ගේ මේ වෑයම සිංහල පාඨකයන් කෙරෙහි සාධනීය අයුරින් දායක වනු ඇතැ යි උදක් ම අපේක්ෂා කරමි.
ගාමිණී වියන්ගොඩ
Leave a Reply
You must be logged in to post a comment.
Disclaimer: The comments contained within this website are personal reflection only and do not necessarily reflect the views of the LankaWeb. LankaWeb.com offers the contents of this website without charge, but does not necessarily endorse the views and opinions expressed within. Neither the LankaWeb nor the individual authors of any material on this Web site accept responsibility for any loss or damage, however caused (including through negligence), which you may directly or indirectly suffer arising out of your use of or reliance on information contained on or accessed through this Web site.
All views and opinions presented in this article are solely those of the surfer and do not necessarily represent those of LankaWeb.com.
This entry was posted
on Wednesday, March 9th, 2016.
You can follow any responses to this entry through the RSS 2.0 feed.
You can skip to the end and leave a response.
March 9th, 2016 at 5:47 pm
අපේ රටේ පොල්පොට්ලා දෙදෙනෙකි. දෙදෙනාම ඉන්දියානු අදිරදයේ ඉත්තන්ය. විජේවීර හා ප්‍රබාකරන්ය. ලක්ෂ දෙකක් පමන සින්හලයන් අමු අමුවේ මරනයට පත්කිරීමට මොවුන්ට හැකිවිය.
March 10th, 2016 at 6:18 am
“නූතන ශිෂ්ටාචාරය මහා මිනිස් සංහාර තුනක් අත්දැක තිබේ. එකක්, හිට්ලර් විසින් යුදෙව් වැසියන් හැට ලක්ෂයකට අධික සංඛ්‍යාවක් ඝාතනය කරනු ලැබීම යි. දෙ වැන්න, කාම්බෝජයේ බලයට පත් පොල්පොට් එම රටේ මුළු ජනගහනයෙන් කාලකට ආසන්න පිරිසක් විනාශ කිරීම යි. තුන් වැන්න, රුවන්ඩාවේ දී හත් ලක්ෂයක වැසියන් පිරිසක් මාස පහක් වැනි කෙටි කාලයක් ඇතුළත සංහාරයට ලක් වීම යි. ”
Millions of unarmed Russians, Chinese and East Europeans perished during the Second World War. Unfortunately no one wants to know about their plight.
There are other ways of wiping out and taking over groups of people.
1. Excessive breeding by one group over the other. Examples: Mauritius, Guyana, Fiji, Andaman and Nicobar Islands and other Indian colonies.
2. The group of people who control the economy deprive the other group of basic essentials by manipulation supply and prices. Examples: Indian colonial parasites depriving the locals.
This is happening in our country and look at the last budget and the proposed current budget.
This is known as non violent aggression and oppression and we are victims like other hosts of Indian colonies.
March 10th, 2016 at 6:21 am
Correction:
Examples: Indian colonial parasites depriving their hosts of their basic needs..
March 11th, 2016 at 5:59 am
ඔය වියන්ගොඩ NGO ඩොලර් කාක්කා පහුගිය කාලෙම LTTE නාසි ත්‍රස්තවාදයට කඩේ ගිය පක්කිලියෙකි.ඊට පස්සේ බටළන්දේ ඝාථකයා රජ කරන්ට පෙරහැරේ ඉස්සරහින්ම ගිය කස කාරයෙකි.පොල්පොට්ට බනිමින් ඊට අන්ත ප්රාභාකරන්ට, රනිල්ට වඳින්නා කුහකයෙක්ද, තක්කඩියෙක්ද?