කුමාර් ගුණරත්නම් හට ‘ද්විත්ව පුරවැසි භාවය‘ සදහා අයදුම් කිරීමේ අවස්ථාව ලබා දෙමු.දහස් ගණනකට ලබා දුන් ද්විත්ව පුරවැසි භාවය කුමාර්ට අහිමි ඇයි?
Posted on March 10th, 2016

කීර්ති තෙන්නකෝන් විධායක අධ්‍යක්ෂ/ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය

කුමාර් ගුණරත්නම් මහතා හට ද්විත්ව පුරවැසි භාවය සදහා අයදුම් කිරීමට ඇති අවස්ථාව හිමිකර දීමට රජය වහා කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයෙකු වන කුමාර් ගුණරත්නම් මහතා මේ වන විට දින 100 කට වැඩි කලක් කෑගල්ල රිමාන්ඩ් බන්ධනාගාරයේ බන්ධනාගාරගත කොට ඇත.  ලෝකයේ කිසිදු රටක සිදු නොවන ආකාරයෙන් ආගමන විගමන වරදකට ඔහු මෙලෙස දීර්ඝ කාලයක් රදවා ගෙන සිටී. 

කුමාර් ගුණරත්නම් සම්බන්ධයෙන් ඇත්තේ ආගමන – විගමන නීති ප්‍ර‍ශ්ණයක් නොව ‘දේශපාලන ප්‍ර‍ශ්නයකි.  එය දේශපාලන නායකත්වයේ මැදිහත්වීමෙන් විසදිය යුතු ගැටළුවකි. 

මේ වන විට නව රජය හාර දහසකට ආසන්න පිරිසකට ‘ද්විත්ව පුරවැසි භාවය‘ ලබා දී හෝ ඒ සදහා අවශ්‍ය මුලික කටයුතු අවසන් කොට හෝ ඇත.  කුමාර් ගුණරත්නම් අර්බුදය දිග් ගැසෙන්නේ දහස් ගණනක් ලාංකිකයින්ට හිමිවන නමුත් කුමාර් ගුණරත්නම් ට පමණක් අහිමිවන ද්විත්ව පුරවැසි භාවය සදහා වන අයදුම්පතක් ඉදිරිපත් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව විසින් අවහිර කිරීමේ පරිසරය තුලය.

ත්‍ර‍ස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රදවා සිටින පිරිස හැරුණු කොට අද වන විට සිරගතව සිටින වැඩිම අවධානයට ලක් වූ දේශපාලන සිරකරුවා කුමාර් ගුණරත්නම් ය.  ඔහු තවදුරටත් රිමාඩ් බන්ධනාගාර ගත කර තැබීමෙන් රටට සිදුවන සෙතක් නැත.  රජය මේ අර්බුදයට විසදුම් සෙවීම සදහා නිර්මාණාත්මක ප්‍රවේශයක් ලබා ගත යුතුය.  දේශපාලන උත්තරයක් ලැබිය යුතු ප්‍ර‍ශ්නයකට නීතිමය විසදුමක් තිබිය නොහැකිය. 

ජනාධිපතිවරයා ද අගමැතිවරයා ද මැතිවරණයට පෙර මේ රටේ සියලු ජනතාවට දේශපාලන නිදහස ලබා දෙන බව නැවත නැවතත් ප්‍ර‍කාශ කරනු ලැබීය.  නමුත්, අද කුමාර් ගුණරත්නම් හැර අනෙක් බොහෝ දෙනෙකුට පමණක් දේශපාලන නිදහස ලැබී තිබේ.  මෙය වහා නිවැරදි කළ යුතු තත්වයක් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය දැඩිව අවධාරණය කරයි.

කීර්ති තෙන්නකෝන්

විධායක අධ්‍යක්ෂ/ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය

2016 මාර්තු 10

2 Responses to “කුමාර් ගුණරත්නම් හට ‘ද්විත්ව පුරවැසි භාවය‘ සදහා අයදුම් කිරීමේ අවස්ථාව ලබා දෙමු.දහස් ගණනකට ලබා දුන් ද්විත්ව පුරවැසි භාවය කුමාර්ට අහිමි ඇයි?”

  1. Christie Says:

    “ලෝකයේ කිසිදු රටක සිදු නොවන ආකාරයෙන් ආගමන විගමන වරදකට ඔහු මෙලෙස දීර්ඝ කාලයක් රදවා ගෙන සිටී”.

    You hardly know anything about detention by immigration authorities in the world.

    This foreign guy has been involved in local politics and should be immediately deported back to where he belongs.

  2. Christie Says:

    This guy is an Australian pass port holder called Noel Mudalige.

    A Former Australian High commissioner most probably an Australian Green or a Socialist took a personal interest in him when he was allegedly lost.

    Looks like he is not getting any help from the Australian representatives in the island.

    The writer and his organisation should contact the Australian High Commission for help or complain about not helping its citizen Mr Noel Mudalige.

    Looks like Australian High Commission has failed to uphold the human rights of one of its citizens.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress