චන්ද්රිකා කුමාරතුංග මහත්මියගේ කක්කුස්සි පෝච්චිය හෙවත් නෙළුම් පොකුණ.
Posted on March 14th, 2016

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

හිටපු ජනාධිපතිණි චන්ද්රිකා කුමාරතුංග ම හත්මිය පසුගියදා අපූරු කථාවක් සිදුකලාය. ඒ මෙසේය.

අපි දැක්ක පහුගිය අවුරුදු 9යේ, 10 වෙච්ච දේවල්, ව්යාපෘති කරනවා කියල කරපු දේවල් කලේ නැහැ කියන්නේ නැහැ. ව්යාපෘතියට යා යුතු වාගේ දෙකහමාරක මුදලක්, වැඩියෙන් දාලා ඉතිරි එකහමාර ඒගොල්ලන්ගේ සාක්කුවට දාගන්නවා. නොරොච්චෝලෙ ගැන මට කථාවක් තියෙනවා, මම නොරොච්චෝලෙට අත්සන් තැබුවේ. ප්රෙජෙක්ට්ස් 6ක් මම අත්සන් කෙරුවා. හම්බන්තොට වරාය මම අත්සන් කරපු එකක්. නෙලුම් පොකුණ කියන එක හරි ලස්සන ව්යාපෘතියක් අද ඒක කක්කුසි පෝච්චියක් වගේ, කැතම කැත ජරාවක් හදල තියෙන්නේ, කාගෙ වත්කම්ද? දැන් ඒවා ගෙවාගන්න බැරුව, අපේ පිට මේවා ඔක්කොම ඇවිල්ල තියෙන්නේ. කවුද දන්නෙ නැහැ මේ පක්ෂෙ ඉන්නවා.මොකක්ද නමක් තියෙනවා, ඩලස්ද, මොකක්ද කියල මේ මිනිහා, කොහෙද කියල තියෙනවා ප්රෙස් කොන්ෆරන්ස් එකක, චන්ද්රිකා, පක්සෙ ලාංඤනය යූ. ඇන්. පී එකට භාර දෙන්න ගියාලු. මේ මිනිස්සු භාර දෙන්න යනකොට අපි ජීවිතය පරදුවට තියෙලා, මේකට සටන්කරලා මැතිණියගේ නායකත්වය බේරගෙන පක්ෂය බේරගත්තෙ. මිනිහා පක්ෂය ගැන දන්නේ නැහැ. තව මාසෙකින් සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ 100 වෙනි උපන් අවුරුද්ද අප්රේල් 17 වෙනිදා. පක්ෂය මුකුත් හිතලා නැහැ. පක්ෂය මුකුත් කෙරෙන් නැහැ කියන කොට ඒක ලොකු ලැජ්ජාවක් අපට. ඒක නිසා තමුන්නාන්සේලා මොකක්හරි හිතන්න, දුව හැටියට මට මුකුත් කියන්න බැහැ අරක කරන්න මේක කරන්න කියලා, මොකක් හරි කරන්න හිතාගන්න, නිකම් ගිහිල්ලා මල්ටික තියෙන එක නෙමෙයි. ඊට වැඩිය දෙයක් කෙරෙන්න ඕනි.

ඔනෑම  පුද්ගලයෙක් කථාවක් කිරීමට පෙර සලකා බැලිය යුතු කරුණු කීපයක් තිබේ.

  1. තමා සිදුකරන කථාවේ අරමුණ.

2.කථාව සිදු කරන තමා හා කථාවට සවන්දෙන සමාජය අතර ඇති සබැදියාව.

  1. කථා කිරීමට භාවිතා කරන භාෂාවේ විලාෂය යනාදියයි.මිනිසෙකු සතු ප්රභලම ආයුධ වලින් එකක් වනුයේ ඔහු සතු වචන සමුදාය හා ඒවා භාවිතා කරන ආකාරයයි. වචන නිසි ආකාරයට භාවිතා කිරීම හා නොකිරීම මත, මිනිසෙකුගේ නැගී සිටීම හා පිරිහීමද සිදවන බැවින් මෙතුමිය විසින් සිදු කරන ලද මේ කථාව, සාමාන්ය ජන මනස විසින් අවබෝධ කරගන්නේ කෙසේදැයි යන්න තේරුම් ගැනීම ඉතා වැදගත් වේ. රටේ සාමාන්ය ජනතාව වන අප, ගුවන් විදුලියේ හෝ රූපවාහිනියේ ඇති සෑම පුද්ගලයෙකුගේම කථා අසන්නෝ නොවෙමු. අපට චන්ද්රිකා කුමාරතුංග මහත්මිය, එක්තරා යුගයකදී අප රට පාලනය කල රාජ්ය නායිකාව යන ගෞරවය අප හදතුල ඇත.. ඒ ඇයට දක්වන විශේෂ ගෞරවයක් නොව, ඒ යුගයේදී ඇය විසින් දරණ ලද පදවියට දක්වන ගෞරවයයි. ඇත්ත වශයෙන්ම, ඇය එක්තරා යුගයකදී මෙරට පාලනය කල රැජිණයයි හැදින්වුවද වරදක් නැත. එවන් ගෞරවණීය තලයක සිටින  මහත්මියකගෙන් අප සමාජය හැම විටෙකම අපේක්ෂා කරන්නේ උදාර කථා විලාශයක් හා හරවත් කථාවක්ය. නමුත් මේ කථාවෙන් ඇය සිදුකරන්නේ කුමක්ද? මේ කථාව තුල ගැබ්ව ඇත්තේ මොනවාද යන්න සමාජය සාකච්ඡා කල යුතුම තත්වයකට පත් ව ඇත.

ඇය පලමුව කියන්නේ, 1. “අපි දැක්ක පහුගිය අවුරුදු 9යේ, 10 වෙච්ච දේවල්, ව්යාපෘති කරනවා කියල කරපු දේවල් කලේ නැහැ කියන්නේ නැහැ.”

ඇය පසුගිය රජයේ මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව නැගී සිටින්නේ එසේය. ඇය ඉතා හොදට දැක ඇත. මොනවද ඇය දැක ඇත්තේ? පසුගිය අවුරුදු 9යේ 10 යේ වෙච්ච දේවල්ය. ව්යාපෘති කරනවා කියලා කරපු දේවල් ඇය දැක ඇත. හැබැයි ඇයට මුකුත්ම මහින්ද රාජපක්ෂ රජය කලේ නැහැ කියන්නට ශක්තියක් නැත. ඒ නිසා ” කරපු දේවල් කලේ නැහැ කියන්නේ නැහැ.” යනුවෙන් ඇයට පැවසීමට‌ සිදුව තිබේ. ඒ කියන්නේ ඇයට, “මහින්ද මොනවද කලේ?” යන ප්රශ්නය ඇසීමට නොහැකි බව ඇයම එක්තරා ආකාරයකට පිලිගෙන ඇත.

සාමාන්ය ජනතාව, මහින්ද රාජපක්ෂ විසින් සිදු කරන ලද කාර්යයන් ඉතා හොදට දන‌්නා අතර, ඔවුන් නොදන්නේ, චන්ද්රිකා කුමාරතුංග මහත්මිය විසින් ඇගේ පාලන කාලය තුල සිදුකල රටේ සංවර්ධනයට උරදෙන කාර්යයන් මොනවාද යන්නයි. එමනිසා ඔවුන්ට කිසිදු චකිතයකින් තොරව “ගරු හිටපු ජනාධිපතිතුමියණි,  ඔබ විසින් රට පාලන සමයේදී සිදු කරන ලද ව්යාපෘතින් මොනවාද?” යන ප්රශ්නය ඇසිය හැකිව තිබේ.. මෙරට සාමානම්ය ජනතාවට අනුව, ඔබතුමියගේ පාලන සමයේදී රටට ලබාදුන් කිසිදු සංවර්ධන  ව්යාපෘතියක් දක්නට නැත. ඔවුන් වැරදි නම් ඔවුන්ව කරුණාකර නිවැරදි කරනු මැනව.

ඔබතුමියගේ මහින්ද රාජපක්ෂ මහතාට ඇති මීලග චෝදනාව වන්නේ, 2.ව්යාපෘතියට යා යුතු වාගේ දෙකහමාරක මුදලක්, වැඩියෙන් දාලා ඉතිරි එකහමාර ඒගොල්ලන්ගේ සාක්කුවට දාගන්නවා.” යන්නයි.මෙරට ජනතාව ඔබතුමියට ඒ සම්බන්ධව අභියෝග නොකරන අතර,. ඊට හේතුව වන්නේ මහින්ද රාජපක්ෂ එසේ කලාද? නොකලාද යන ප්රශ්නය ඔවුනට, එතරම් වැදගත් නොවන බැවිණි. නමුත් මෙරට ජනතාවට වැදගත් වන්නේ ජනතාව වෙනුවෙන් පාලකයා විසින් සිදුකරන ලද කාර්යයන් මොනවාද යන්නයි. ඒ අනුව, මෙරට ජනතාව, මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදු කරන ලද උසස්ම කාර්යය වශයෙන්, ප්රභාකරන් මිනීමරුවාව විනාශ කොට, ජනතාව ත්රස්තවාදයෙන් ගලවා ගැනීම හදුනාගෙන ඇත.. ඒකත් මෙරට ජනතාවට, අනුව ව්යාපෘතියක්ය. ඔබතුමියට අනුව මහින්ද රාජපක්ෂ මහතා ඒ ව්යාපෘතියෙනුත් සාක්කුවට අර කිව්ව එකහමාර දමා ගන්න ඇතැයි සිතුවද, ප්රභාකරන් මහත්තයාව විනාශ කිරීමට එතුමා විසින‌් වැයකල මුදල කීයක් වුවද, මේ රටේ ජනතාව ඒ සම්බන්ධව කිසිවෙක් කථා කරනවාටත් කැමත්තක් දක්වන්නේ නැත්තේ, පෙර සිටි පාලක පාලිකාවන් මිනිස් ජීවිත රකිනවාට වඩා මුදල නම් වූ කඩදාසි කැබලි පසු පස හඹාගිය ආකාරය සම්බන්ධව දන්නා බැවිණි. කීයක් වැය වුනද මෙරට සිදුකල එෙතිහාසික වශයෙන් ඉහලම කාර්ය මෙය බව ජනතාව හදුනාගෙන ඇත.

ගරු හිටපු ජනාධිපතිතුමියණි, ප්රභාකරන්ව, මරා දැමීම, මෙරට ජනතාවට වටින්නේය. ඒ ඔහු ඔබතුමියගේ පාලන කාලය තුලදී මේ රටට ලගාකරදුන් විනාසයන් දෙස බලන විටය.  වර්ෂ 1994 සිට වර්ෂ 2005 නොවැම්බර් මස 18 වෙනිදා දක්වා කාලය තුලදී, මේ රටේ පාලකයින් හා ත්රස්තවආදීන් එකාවන්ව මේ රට මහා විනාශයක් කරා ගමන් කරවමින් තිබූ ආකාරය සිහිපත් කලවිට මහින්ද රාජපක්ෂ මහතා වේළුපිල්ලේව හා ඔවුන්ගේ ඇම්බැට්ටයින්ව විනාශ කිරීම යුගයේ සිදුකල විශාලම ව්යාපෘතිය බව ඉතිහාසය පෙන්වා දේ. ඒ යුගයේදී,  රාජ්ය පාලකයින් කිසිදු සංවර්ධනයක් සිදු නොකලේ යුද්ධය පෙන්නමිණි. ඔබතුමියගේ පාලන කාලයේදී, වර්ෂ 1995 සිට 2005 නොවැම්බර් මස 18 වෙනිදා දක්වා, ප්රභාකරන් මහත්මයා ඔබේ රජය පවතින කල සිදුකල ක්රියාකාරකම් මෙරට ජනතාව,
1. අහිංසක සිංහල ගම් ඉලක්ක කරගෙන සිදුකල වාරිගික පදනමින් කල ජන සංහාරයන්.

  1. රජයේ ආර්ථික වශයෙන් වැදගත් ස්ථාන කේන්ද්රීය කරගත් විනාශ කරීම්
  2. ආරක්ෂක අංශ ඉලක්ක කරගෙන සිදුකල ප්රහාරයන්.
  3. ද්රවිඩ දේශපාලකයින් ඉලක්ක කරගෙන සිදුකල ප්රහාරයන් වශයෙන් හදුනාගෙන ඇත.

වර්ෂ 1995,දී ගම්මාන පිටින් කැතිගෑම හා නගරවල බෝම්බ පුපුරුවා හැරීමෙන් පොකුරු පිටින් මිනිසුන් මරාදැමීම සාමාන්ය දෙයකඅ බවට පත්ව තිබූ යුගයක, ඔක්තෝම්බර් 20 වෙනිදා, කොලොන්නාවේ තෙල් ගබඩා සංකීර්ණයට පහරදීම විශේෂිත පහරදීමක් විය.

වර්ෂ 1996 ජනවාරි මස 31 වෙනිදා මහා බැංකුවට එල්ල කරන ලද ප්රහාරයද අති විශේෂිත ප්රහාරයක් වන අතර, ලංකාවේ ආර්ථිකයට පහරදීම මෙහි ඉලක්කය විය.

වර්ෂ 1996දී ජූලි 18 වෙනිදා මුලතිව් කදවුරට පහරදී හමුදා බටයින් 1200කට අදික සංඛ්යාවක් ඝාතනයට ලක්කර් යටත් වුන සොල්දාදුවන් සිය ගනනක් පන පිටින් පුලුස්සා මරා දමන ලද්දේද, චන්දඅරිකා කුමාරතුංග ජනාධිපතිතුමියගේ යුගයේ වීම විශේෂිතය. ඊට දින හයකට පසුව දෙහිවල කෝච්චියක් තුල බෝම්බයක් පුපුරවා 70කට අධික ජනතාවක්ද මරා දමන ලදී.

වර්ෂ 1997 ඔක්තෝම්බර් 15 කොළඹ ලෝක වෙලද මශ්යස්ථානය ඉලක්ක කරගෙන පුපුරවන ලද බෝ්බයෙන් මිනිසුන්13 ඝාතනය කර, සිය ගනනකට බරපතල තුවාල සිදු කරන ලදී.

වර්ෂ 1998 ජනවාරි මස 25 වෙනිදා ශ්රී දළදා මාලිගාවට පහරදීමත්’ එම අවුරුද්දේම අගෝස්තු මස 29 වෙනිදා ලයන් එයාර් ගුවන් යානයට වෙඩිතබා මගීන් හා කාර්ය මණ්ඩලය 55 දෙනෙක් විනාශ  වූයේද චන්දඅරිකා කුමාරතුංග මැතිණියගේම පාලන සමයේදීය.

වර්ෂ 1998දී තවත් අමතක නොවන ප්රහාරයක් දියත් කරන ලද්දේ කිලිනොච්චි හමුදා කදවුරට එරෙහිවය. එහිදී, හමුදා සබලුන් 1500කට අධික පිරිසක් ඝාතනයට ලක්වූ අතර, 500 කට අධික පිරිසක් අතුරුදන් වූවන් සේ සලකන ලදී, තවද 3000කට අධික සෙබලුන් තුවාල ලදහ. මේ අන්ත පරාජයට ලක්වන්නේද චන්ද්රිකා කුමාරතුංග සේනාධිනායිකාව ලෙස සිටි ස්රී ලංකා හමුදාවය.

වර්ෂ 1999 මෙරට යුධ ඉතිහාසයට ඉතා වැදගත් වර්ෂයකි. මේ වර්ෂයේදීන් සාමාන්ය ලෙස සිවිල් වැසියන් පොකුරු පිටින් ඝාතනය වන අතර,නොවැම්බර් මස 1 වෙනිදා සිදුවූ ඔඩ්ඩුසුඩාන් හමුදා කදවුරට පහරදීම තුලින් සොල්දාදුවන් 800කට වැඩි පිරිසක් මියගිය අත, සොල්දාදුවන් 1200ක් හමුදාව අතහැර පලා යෑමෙන් රටේ යුද්ධය මෙහෙයවන සේනාධිනායිකාව, යුද්ධය කරනවා නොව, තමන්ව මරා දැමීම සදහා සතුරා වෙත ගාලකර බාදෙන ආකායක් අවබෝධ කරගත්  බැවිණි.

වර්ෂ 1999 අප හමුදාවන්ට විශාල පරාජයන‌් අත්කර දෙමින්, දෙසැම්බර් 11-  වර්ෂ 2000 ජනවාරි මස 2 දක්වා වූ මසකට අඩු කාලය තුලදී,සොල්දාදුවන් 250කට අධික සංඛ්යාවක් මියගොස්, 2118 ආසන්න සංඛ්යාවක් තුවාල ලදහ. ඒ අතර, දෙසැම්බර් මස 18 වෙනිදා සේනාධිනායිකාව වූ ජනාධිපතිතුමියද බෝම්බ පහරකට ලක්ව එක ඇසකට බරපතල තත්වයකට පත්විය.

වර්ෂ 2000 අප්රේල් 22දින එලිෆන්ට්පාස හමුදා කදවුරට එල්ල කරන ලද ප්රහාරයෙන් හමුදා භ‌ටයිනම් විශාල සංඛ්යාවක් මරුමුවට පත්ව කදවුරේ පාලනයද අහිමි කරගන්නා ලදී. එයද සේනාධිනායිකාව වශයෙන් චන්ද්රිකා කුමාරතුංග මැතිණිය මෙරටට උරුම කරදුන් දැවැන්ත පරාජයකි

වර්ෂ 2001 ජූලි 24 වෙනිදා කතුනායක ගුවන් තොටුපලට සිදු කරන ලද බලවත් විනාශයත් සමගම වාගේ,ශ්රී ලංකා ජනරජයේ සේනාධිනායිකාව කොටි සංවිධානය ඉදිරියේ විවෘතවම යටත් වීමේ ස්වභාවයක් දක්වන ලද අතර, 2002දී සාම ගිවිසුමක් මගින් උතුරු නැගෙනහිර දෙපලාතම කොටි සංවිධානයේ පාලනයට නතු කර නිවට නියාලු ස්වභාවයක් රජය පාර්ෂවය පෙන්නුම් කරන ලදී.

රජය නිවටව කටයුතු කරන විට ස්වභාවය ප්රචණ්ඩව කොටි සංවිධානයට දැඩි ප්රහාරයක් එල්ල කිරීමත් සමගම කොටි සංවිධානය මහා අර්බූදකාරී තත්වයකට ඇද වැටුන වෙලේ,  ශ්රී ලංකාවේ සේනාධිනායිකාවට දකුණේ විනාශයන් ගොඩනංවමවාට වඩා, තමන් ලිඛිතව කොටි සංවිධානයට බාරදී තිබූ දෙපලාතට සුනාමි සහන මණ්ඩලය ලබාදීමට උත්සහ කිරීමේ හේතුවෙන් බලයෙන් ඉවත්ව යන්නට සිදුවිය. එහි ප්රතිඵලය වූයේ 2005 නොව‌ැම්බර් මස 18 වෙනිදා මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූයට පත්වීමයි

දැන් මහින්ද රාජපක්ෂ මහතා අතට ශ්රී ලංකාවේ පාලන බලය හිමිව ඇත. ඇත්තටම කුමන ආකාරයක රටක්ද ඔහු අතට ලැබුණේ.?

  1. 1. උතුරු නැගෙනහිර, දෙපලාතම, ලිඛිතව පාලනය, කොටි සංවිධානයට පැවරා තිබූ, උතුර හා නැගෙනහිර අහිමිවූ ශ්රී ලංකාවක පාලන බලය, චන්ද්රිකා කුමාරතුංග මැතිණිය ගෙන් පසු මහින්ද රාජපක්ෂ මහතාට උරුම විය.
  2. හමුදා කදවුරු වලට ගාල් කරන ලද, සමාජය විසින් බිලි බෝයිලා වශයෙන් පරාධීනත්වයම උරුම කරණ ලද ආරක්ෂක හමුදාවක්, මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා අතට භාර විය.
  3. වසර 37ක් මුලුල්ලේ ගලායන යුද්ධය නිසා ගරා වැටී විනාශව ගිය යටිතල පහසුකම් සහිත රටක් මහින්ද රාජපක්ෂ මහතාට බාරවිණි.

4.යුධ බියෙන් සලිත මානසික වාතාවරණයකින් පිරි ජනතාවක් සහිත රටක් ඔහුට බාර විිණි.

  1. ඊට අමතරව, රටේ රාජ්ය දේපල වූ. ලංගමය, රක්ෂණ සංස්ථාව, ශ්රී ලන්කන් ගුවන් සේවය, වී අලෙවි මණ්ඩලය, සතොස, යන සියලූ රාජ්ය සම්පත් විකුණා දමා තිබූ රජයක් මහින්ද රාජපක්ෂ මහතාට බාරවිය.
  2. ජාත්යන්තර වශයෙන් කිසිදු රටක් පිලි නොගන්නා, සංචාරකයෙකුටවත් ලගා නොවන ලෙස ජාත්යන්තරය විසින්දැනුවත් කරන ලද රටක් උරුම විය.

2005 නොවැම්බර් මස 18 වෙනිදා බලය ලබාගත් මහින්ද රාජපක්ෂ මහතා,

  1. හරියටම අවුරුදු 3 යි මාස 6ක් ගෙවෙන දිනයේදී, වසර 37ක් පුරා පැවති යුද්ධය නිමාකොට, මුලු රටේම ජනතාව යුද්ධයෙන් මියදෙන එක හා අණග විකලත්වයට පත්වෙන එක නවතා ලන ලදී

2.ලමා සොල්දාදුවන් වශයෙන් සිටි දරුවන් මරණින ් මුදවාගෙන ඔවුනට පාසල් දිවිය ආරම්භ කිරීමට මග සලසා ලන ලදී.

  1. වසර 37 පුරා දිනෙන් දින සිදුවූ යටිතල පහසුකම්‌ිනාශයට තිතක් තබණ ලදී.

4.යුධ බිය නැති සමාජයක් ගොඩනංවන ලදී.

5.විකුණා දමා තිබූ ලංගමය, රක්ෂණ සංස්ථාව, ශ්රී ලන්කන් ගුවන් සේවය, වී අලෙවි මණ්ඩලය, සතොස,යලි පවරාගෙන යලි රාජ්ය ආයතන වශයෙන් පවත්වාගෙ යන ලදී. ඒ අනුව, චන්ද්රිකා කුමාරතුණග මැතිණියගේ යහපාලන රජයට ඉතිහාසයේ, දෙවැනි වරටත්, විකුණා දැමීමට බන්දේසියක් මත තබා ලංගමය, රක්ෂණ සංස්ථාව, ශ්රී ලන්කන් ගුවන් සේවය, වී අලෙවි මණ්ඩලය, සතොස, යන ආයතන ලබාදී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාගේ පසුගිය රජය බව වැටහේ නම් එයද යම් දෙයකි.

  1. ජාත්යනතරය තුල සංචාරකයින්ට ආරක්ෂිතම රටක් බවට පිලි ගන්වන්නටත් සංචාරකයින් පිරි දේශයක් බවට මේ දිවයින පත් කරන්නට මහින්ද රාජ පක්ෂ මහතාට හැකිවීම චන්ද්රිකා කුමාරතුංග මහත්මියගේ නොහැකියා‌ුෟුප්පා පෙන්වන පසුබිමක, එතුමියගේ කථාව සම්බන්ධව අපට ඇය ගැන හිරිකිතක් ඇතිව තිබේ.

7 මේ සියල්ලටම අමතරව,  අධිවේගී මාර්ග ජාලය ජනතාවගේ කාලය ඉතිරි කරමින්, ජනතාවගේ ආයුකාලය වර්ධනය කිරීම සම්බන්ධව අවබෝධ කර ගැනීමට තරම් බුද්ධියක් නැති ලක්ෂ 62ක් ජනතාවක් සමග චන්ද්රිකා කුමාරතුංග මහත්මියද පෙලගැසී සිටී.

ඇය මෙසේද කියයි. 3.නොරොච්චෝලෙ ගැන මට කථාවක් තියෙනවා, මම නොරොච්චෝලෙට අත්සන් තැබුවේ. ප්රෙජෙක්ට්ස් 6ක් මම අත්සන් කෙරුවා. හම්බන්තොට වරාය මම අත්සන් කරපු එකක්. නෙලුම් පොකුණ කියන එක හරි ලස්සන ව්යාපෘතියක් අද ඒක කක්කුසි පෝච්චියක් වගේ, කැතම කැත ජරාවක් හදල තියෙන්නේ, කාගෙ වත්කම්ද?

ගරු මැතිණියනි, ඔබතුමිය අත්සන් කර මුල්ගල් තැබූ සංඛ්යාව ඔබතුමිය කියන ආකාරයට 6ක් නම් නොවේ ඊට වඩා බොහෝ වැඩිය. නමුත් ඉදිවූ එකද ව්යාපෘතියක්වත් නැති බව නොකියාම බැරිය. ඔබගේ වචන වලට අනුව කක්කුසි පෝච්චියක්වන් නෙලුම් පොකුණ නම් වූ මහා රංගන ශාලාව අපට උරුමව ඇත. ඔබතුමිය සිටියා නම,මේ වන විට එහි මුල්ගල පමණක් ඉතිරිව මුදල්ද අතුරුදහන් වෙන බව මෙරට ජනතාව දනී.

ඔබතුමිය අවසන් වශයෙන් ඉතා වැදගත් ප්රකාශයක් කලාය. මෙසේය.” තව මාසෙකින් සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ 100 වෙනි උපන් අවුරුද්ද අප්රේල් 17 වෙනිදා. පක්ෂය මුකුත් හිතලා නැහැ. පක්ෂය මුකුත් කෙරෙන් නැහැ කියන කොට ඒක ලොකු ලැජ්ජාවක් අපට. ඒක නිසා තමුන්නාන්සේලා මොකක්හරි හිතන්න, දුව හැටියට මට මුකුත් කියන්න බැහැ අරක කරන්න මේක කරන්න කියලා, මොකක් හරි කරන්න හිතාගන්න, නිකම් ගිහිල්ලා මල්ටික තියෙන එක නෙමෙයි. ඊට වැඩිය දෙයක් කෙරෙන්න ඕනි.

අප ඔබ තුමියගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ මේ උතුම් කාන්තාවගේ සතුරන් සමග එකතුව, ඇයගේ ප්රතිපත්තීන්ට ගරහමින් සිදුකරන එෙතිහාසික විනාසය නවතා,එස්.ඩබ්ලිව් ආර්. ඩී බණ්ඩාරනායක හා සිරිමා බණ්ඩාරනායක යන නාමයන් ඉහලින් ඔසවා තැබීමට ඉදිරිපත් වෙන ලෙසයි.

5 Responses to “චන්ද්රිකා කුමාරතුංග මහත්මියගේ කක්කුස්සි පෝච්චිය හෙවත් නෙළුම් පොකුණ.”

  1. vichara2 Says:

    She is the only Head of State who was fined by the Supreme Court for questionable privatization of Stare property.

  2. Ancient Sinhalaya Says:

    Wretched woman is an out and out traitor. One look at her face says it all. When she was
    the head of state, she didn’t try stop sacrificing Buddhist canon fodder to catholic tigers of tamil
    drealam to please the west and the diasporats. Then her plundering of state assets is well known
    in Sri Lanka. Only person doesn’t know this is herself.

    She has been rejected by the people of Sri Lanka. Now she thinks if she make outrageous remarks, people
    will believe her lies and it is possible to make a come back. Only place she can get now is political dust bin
    and Mother Lanka can’t wait for to her go to mount elizabeth to join traior low lives and never come back!

  3. Senevirath Says:

    කක්කුස්සි පෝච්චිය චන්ද්‍රිකාගේ කටය් ඔය පෝච්චියට මොනතරම් දේ වල් දාල ඇත්ද අම්ම තාත්තත් මුළු රටත් පාවාදී ඒමදිවට සිංහලයෙක් වීම ගැන ලජ්ජාවෙන දරුවනුත් බිහිකලා නුතන ක්ලියෝපැට්‍රා විශිෂ්ට නළුවෙක්ද විනාශ කළා එමනුස්සයා දැන් අසු තැවෙනවා මේ මර උගුලට අහුවීම ගැන

  4. jay-ran Says:

    Mema balu jada KUPADI,WAK GEHENI,MINIHA MERUNATA PASU ARA NALUWATH EKKA HORENG JEEWATH UNA.Mehema WAL GEHENIYAKATA PULUWANDA THAWA KENEKUTA EKA EKA WERADI KIYALA KUNU ENGILLAK DICK KARANTA.Thawa manthree kenekuta “MOKADA ARAKA XXXXXXXXX DALLAS KIYANA EKA” kiya puluwanda AAMANTHRANAYA KARANTA???
    MEMA WESA GEHENI,THAMAGE AMMAGE(SIRIMAO METHINIGE) PRAJA AITHIYA NETHI KALA BATALANDA MINEEMARU RANILAGE UNP EKKA EKATHU WELA APEY RATA DEMALA LTTE THRASTHWAADENGENG AVURUDU 3k ETHULA LANKAAWA BERAGATHTHU APEY UTHUM HITAPU JANAPATHI THUMATA VIRUDDAWA KATUTHU KARANTA,WAIRASENA KIYANA GUNAMAKU HORA BALLAI,BATALANDAMINEEMARUWAI EKKA EKATHUWELA KUMANTHRANAYA KARALA MR UTHUMAWANWA PERADDUWE EKIGE LOKU PAAPA KARMAYAKATA!!!
    LANGADEEM”DHITTA DHAMMA VEDANEEYA KARUMAYA” ANUWA MAHINDA UTHUMANANTAI GOTABAYA KIYANA UTHUMAI UTHUM THRIVIDHA HAMUDAWAI” KARANNAWOO DRHIKAM WALATA DANDUWAM LEBENAWA,SIKURUI,ETHTHAI, SATHTHYAI!!!!!!!

  5. Hiranthe Says:

    evil woman!!

    Why don’t you go to uk and live there leaving this blessed land in peace?? You have so many properties to live there.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress