කන් බිහිරි කරවන ජයඝෝෂා ඔල්වරසන් මැද විමල් යහපාලනය පතුරු යැවූ ජන සටනේ වීඩියෝව මෙන්න..
Posted on March 18th, 2016

වැඩබැරි නායකයන් කරන්නේ අතීතයට බනිමින් සිටීම
වැඩපුළුවන් නායකයන් කරන්නේ අනාගතයට සැලසුම් සෑදීම, මහින්ද එහෙම නායකයෙක්!
– ජානිපෙ නායක විමල් වීරවංශ

වැඩබැරි නායකයන් සැමවිටම සිදුකරන්නේ අතීතයට බනිමින් සිටීම බවත් වැඩපුළුවන් නායකයන් සැම විටම සිදුකරන්නේ අනාගත සැලසුම් හදමින් රටට හෙටක් උදා කිරීම බවත් පවසන ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පෙන්වා දෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අනාගතය විනිවිද දුටු රටට හෙටක් උදා කළ නායකයකු බවය.

විමල් වීරවංශ මහතා මෙසේ පෙන්වා දුන්නේ ඒකාබද්ධ විපක්‍ෂය විසින් හයිඞ් පිටියේදී පැවත්වූ ජන සටන දැවැන්ත විරෝධතා රැලියට සහභාගී වූ ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවගේ ජයඝෝෂා මැදය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.

‘‘මේ රැස්වීමට දින දෙකකට කලින් මෙතැනට අලියාගේ කරපිටින් එන්න හදපු රනිල් වික‍්‍රමසිංහ ලිප්ටන් වටරවුමට පසුබස්සන්න අපට පුළුවන් වුණා. 15 වැනිදා රනිල් හයිඞ් පාර්ක්, 17 වැනිදා ඒකාබද්ධ විපක්‍ෂය හයිඞ් පාර්ක්, විදිහටයි රටට පණිවිඩය ගියේ, පසුතල එල්ලලා, ශබ්ද විකාශන යන්ත‍්‍ර සවි කරලා එජාප ක‍්‍රියාකාරීන්ට එන්න කියලා මෙන්න 15 උදේ කියනවා ‘සෙනග නැහැ. ලිප්ටන් වටරවුමට එන්න’ කියලා. ඔව්! රනිල් වික‍්‍රමසිංහට සෙනඟ නැහැ. රට පාවාලා දෙන හොරිකඩ පාලකයාට සෙන`ග නැහැ. කොහොමහරි අපි මේ වැඬේ පටන් ගන්න කලින්ම රනිල්ව බැස්සුවා ලිප්ටන් වටරවුමට. අපි මේ ජන සටන අවසන් කරන්නේ රනිල් වික‍්‍රමසිංහව අරලියගහ මන්දිරයෙන් කොල්ලූපිටියට ඇද දමලා. ජනවාරි 08 වැනිදා හංසයාට කතිරය ගහපු බොහොම දෙනෙක් ඒ වැරැද්ද නිවැරදි කරන්න අවස්ථාව එනකම් හූල්ලමින් ඉන්නවා. හීල්ලූවා ඇති, මේ ජන සටනට එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා. දැනටමත් ගොවි ජනතාව, සරසවි සිසුන්, වෘත්තීයවේදීන් පාරට බැහැලා. අපි මේ කාලකන්නි ආණ්ඩුව එලවලා දැමිය යුතුව තිබෙනවා.

‘ජෝකර්ලා බානගේ වැඩ’

ඒ දවස්වල අපි ක‍්‍රිකට් තරග නරඹන විට අරවින්ද සිල්වා ක‍්‍රීඩකයා පන්දුවට පහර දෙන අවස්ථාවේ අපට හිතෙනවා ක‍්‍රිකට් ගහන එක කොතරම් ලෙහෙසි වැඩක්ද? පන්දුයවන්නන් කොතරම් දුර්වලද?’ කියලා. හැබැයි අරවින්ද සිල්වා ක‍්‍රීඩකයා දැවී ගිය පසු පැමිණෙන අනෙක් පිතිකරුවෝ පන්දුවට පහරදෙන විට අපට හිතෙනවා ‘ක‍්‍රිකට් මොන තරම් අමාරු ක‍්‍රීඩාවක්ද? පන්දු යවන අය මොනතරම් දක්‍ෂද?’ කියලා. ඒ වගේ මේ රටේ සමහරු හිතුවා ‘මහින්ද රාජපක්‍ෂ බලයට ආවා. අවුරුදු දෙක හමාරෙන් යුද්ධ අවසන් කළා. රට බලාගෙන ඉන්නවිට නැගිට්ටෙව්වා. රට පාලනය කරන එක නම් අමාරු දෙයක් නොවෙයි’ කියලා. ඒ හින්දා මධ්‍යම පාන්තික ඇතැම් පිරිස් එහෙම හිතලා හංසයාට කතිරය ගහලා මේ රට ජෝකර්ලා බානකට භාර දුන්නා. එක ජෝකර් කෙනෙක් දැන් පාර්ලිමේන්තුවේදී කෝට් බෑය දෙපැත්තෙන් ඇදගෙන, බඩගෙඩිය එළියට දමාගෙන තමන්ගේ විරුද්ධවාදීන් හැමදෙනාටම බැන වදිමින් සිටිනවා. අනෙක් ජෝකර් රටේ වැදගත්ම ගැටළුවක් මතු වුණාම නිහඩව ඉඳලා කියනවා, ‘මම දැනන් හිටියේ නෑ හිටං’ කියලා. දැන් තමයි තේරෙන්නේ, මහින්ද රාජපක්‍ෂ කොතරම් දක්‍ෂ පාලකයකුද?’ කියලා.

අද මේ ජෝකර්ලා බාන මේ රටට වෙන්න ඕනෙ සියලූ ව්‍යසන කරලා ඉවරයි. ආර්ථිකය අද හතරගාතෙන් ඇදවට්ටලා. මාස 14ක් ඇතුළත ආර්ථික වර්ධන වේගය 7.5% සිට 4.3% දක්වා පල්ලම් බස්සලා තිබෙනවා. රුපියල බලාගෙන සිටින විට අවප‍්‍රමාණය වෙනවා. කොටස් වෙළඳපොළ කඩාගෙන වැටෙනවා. අද ශ‍්‍රී ලන්කන් එයාර්ලයින්, ශ‍්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව, ඛනිජ තෙල් සංස්ථාව ඇතුළු බලවත් රාජ්‍ය සමාගම් කොටස් වෙළඳපොළට දමලා විකුණන්න හදනවා. ගොවියාගේ පොහොර සහනාධාරය කප්පාදු කළා. වීවලට දෙනවා කියපු රුපියල් 50ක සහතික මිල ලැබුණාද? අද මේ අයගේ වී මාෆියාව ඇවිල්ලා රුපියල් 18ට ගොවියාගේ වී ටික කොල්ලකනවා.

‘තිත්ත බෙහෙත් පොවන්න හදන දොස්තර වික‍්‍රමසිංහ’

අද රනිල් වික‍්‍රමසිංහ ‘දොස්තර මහත්තයා වෙද නලාව පපුවට තියලා ජනතාවට ‘තිත්ත බෙහෙත් පොවන්න’ හදනවා. ඒ අතරේ මැති ඇමති වරප‍්‍රසාද වැඩිකරගෙන ඒ අය ‘පැණිරස බෙහෙත්’ බොන්න හදනවා. රනිල් වික‍්‍රමසිංහගේ ‘තිත්ත බෙහෙත්’ බිව්වොත් ඔබ සියලූ දෙනා කම්මුතුයි. එයා පෙළපාලි ගියා ‘රැකියා දශලක්ෂයක් දෙන්න ඒකාබද්ධ විපක්‍ෂය බාධා කරනවා’ කියලා. ගෙදර උන්දෑ බාධා කරනවාද කියලා අපි නම් දන්නේ නැහැ. අනේ අපි නම් බාධා කරන්නේ නැහැ. කාටද මේ රැකියා දශලක්‍ෂය දෙන්න හදන්නේ? එට්කා (ETCA) ගිවිසුම අත්සන් කරලා මේ රටේ තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත‍්‍රය, නාවික ඉංජිනේරු ක්‍ෂේත‍්‍රය ඇතුළු සියලූ වාත්තිකයන්ගේ රැකියා ටික විතරක් නොවෙයි කොණ්ඩය කපන කෙනාගේ රැකියාවත් ඉන්දියාවට ගිලගන්න දෙන්නයි මොවුන් හදන්නේ. ඒක තමයි වික‍්‍රමසිංහගේ ආර්ථික මොඩලය. මහින්ද රාජපක්‍ෂ පාලන කාලය තුළ තිබුණේ ජාතිකවාදී ආර්ථික ප‍්‍රතිපත්තියක්. රාජ්‍ය ආයතන විකුණාගෙන කෑවේ නැහැ. රාජ්‍ය අංශය බලවත් කළා. දේශීය කර්මාන්තකරුවාට, ව්‍යවසායකයාට හිතකර ප‍්‍රතිපත්තිවල සිට රට පාලනය කළා. ඒකට කියනවා, ‘ජාතිකවාදී ආර්ථික උපායමාර්ගයක සිට රට පාලනය කිරීම’ කියලා. දැන් තිබෙන ආර්ථික උපායමාර්ගය කුමක්ද? ඒකට දාන්න පුළුවන් එකම නම ‘දොලපිදේනි වාදය’ ජනවාරි 08 වැනිදා බලයට එන්න උදව් කළ නිසා ඉන්දියාවට දොලපිදේනි දෙන්න ඕනෙ. හීලෑ වුණු විපක්‍ෂයටත් දෙනවා දොලපිදේනි. ‘ඞීල් කුමාර’ දිසානායකගේ තමයි මේ හීලෑ වුණු විපක්ෂය.

‘ඞීල් කුමාර දිසානායක හීලෑ වුණු හැටි’

මම අද කියන්නම් ‘ඞීල් කුමාර’ දිසානායක හීලෑ වුණු හැටි. ‘ඞීල් කුමාර මහත්තයෝ, ඔයාගේ නෝනාගේ මල්ලිගේ නමින් කැස්බෑවේ පටන් අරගෙන තිබෙන ව්‍යාපාරය කුමක්ද? කියලා අපි දැන් හොයාගෙන ඉවරයි. මලික් සමරවික‍්‍රමගෙන් ලැබුණු සල්ලි පුරවපු බී‍්‍රෆ්කේස් තුනෙන් දෙකක් පක්‍ෂ මූලස්ථානයට යවලා. අනෙක යැව්වේ ඔයාගේ නෝනාගේ මල්ලිගේ නමින් තිබෙන කැස්බෑවේ කොම්පැනියට කියලා අපි අද දන්නවා ඞීල් කුමාර මහත්තයෝ. මෙයා ජනතා විමුක්ති පෙරමුණ, යූඑන්පී සල්ලිවලට වික්කා. ඒක තමයි හිලෑ වුණු විපක්‍ෂය. අද හයිඞ් පිටියට රොද බැඳපු ලක්‍ෂ සංඛ්‍යාත ජනතාව පෙන්වූවා, මේ රටේ සැබෑ විපක්‍ෂය කියන්නේ, ඒකබද්ධ විපක්‍ෂය බව.

‘ඒකාබද්ධ විපක්‍ෂයට එරෙහි දඩයම’

මේ රටේ සැබෑ විපක්‍ෂය, ඒකාබද්ධ විපක්‍ෂය බව මේ අය දන්නවා. ඒ හින්දා ඞීල් කුමාරලාට දොලපිදේනි දෙන ගමන් ඒකාබද්ධ විපක්‍ෂය මට්ටු කරන්න ඕනෙ. ඒකට හිටපු ජනාධිපතිතුමාගේ පුතාලා හිරේට දමන්න ඕනෙ, එහෙම මුළු රාජපක්‍ෂවරුන්ම දඩයම් කරලා මහින්ද රාජපක්‍ෂ මැතිතුමා දේශපාලනයෙන් එලවන්න පුුළුවන්ද, කියලා බලන්න ඕනෙ. එතුමා සම`ග සිටින පක්‍ෂ නායකයන් දඩයම් කරන්න ඕනෙ. අනේ අර සිල්බිඳ ගත්තු ‘ආලාපාලූවාට’ කිසි කරදරයක් නැහැ, දරුවකු වාහනයට හප්පලා බරපතළ තුවාල සිදු කළාට. අර හිරුණිකා නෝනා, ‘ඩිෆෙන්ඩර් කුමාරි’ එයාටත් තරුණයකු පැහැර ගත්තාට කිසි කරදරයක් වුණේ නැහැ. ‘ක්‍ෂණික නූඞ්ල්ස්’ වගේ පටගාලා ඇප ලැබුණා. කොළඹ මහාධිකරණ විනිසුරුතුමා යෝෂිත රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිසගේ ඇප අයදුම්පත සලකා බලා කියනවා ‘කඩුවෙල මහේස්ත‍්‍රාත්වරයා යෝෂිත ඇතුළු කණ්ඩායම පිළිබඳව තීරණය දී ඇත්තේ අධිකරණ මනසකින් නොවෙයි’ කියලා. අද මුළු අධිකරණ පද්ධතියටම බලපෑම් කරලා නටවනවා. අධිකරණයේ ස්වාධීනත්වය ගැන එදා කප්පරක් කතා කියපු ශී‍්‍ර ලංකා නීතිඥ සංගමය අද ගොළු වෙලා ඉන්නවා, කට අරින්නේ නැහැ. අද තමන්ට එරෙහි සියලූ බලවේග මර්දනය කරලා යටත් කරන්න හදනවා. අපි කියනවා රනිල් වික‍්‍රමසිංහ මහත්තයාට ‘නුඹලාගේ බටලන්දට යටත් නොවුණු අපව හිරේට දමන කතාවලින් යටත් කරන්න බැහැ. මේ ජන බලවේගය යටත් කරන්නත් බැහැ’ කියලා. පළාත් පාලන මැතිවරණය ජාතික මැතිවරණයක් ලෙස සලකලා මේ රූකඩ, පරගැති ආණ්ඩුවට ‘සබ්බුව’ දෙන්න මේ රටේ ජනතාව සූදානම් වෙනවා.

‘වෙල් විදානේ අද මුළු හමුදාවම පාවා දෙනවා’

දැන් පලිගැනීම් විතරයි තිබෙන්නේ. දිනපතා ප‍්‍රවෘත්ති බැලූවොත් පාතාලය විසින් දෙතුන් දෙනෙක් මරා දමන ලද ප‍්‍රවෘත්තියක් අනිවාර්යෙන්ම ‘ප‍්‍රවෘත්ති මෙනූ’ එකේ තිබෙනවා. ආයෙ තිබෙනවා, අර ‘වෙල් විදානේ’ කියන අවටියල් කතාවක් අනිවාර්යෙන්ම. ඇමති කටුවක් සූප්පු කරන්න දුන්නාම අර ‘වෙල් විදානෙට’ එකෙන් හැම විටමින් එකක්ම ලැබිලා තිරිහන් වෙලා ‘යුද අපරාධ අධිකරණ පිහිටුවන්න ඕනෙ. නඩු අහන්න විදේශ විනිසුරන් ගේන්න ඕනෙ’ කියලා දැන් එයා කියනවා. හිටපු ජනාධිපතිතුමනි, ඔබතුමා මෙහෙම යුද හමුදාපති කෙනෙකු තියාගෙන යුද්ධය දිනවලා දීපු එක කොච්චර ලොකු දෙයක්ද කියලා අපට දැන් තමා තේරෙන්නේ. මේ ‘වෙල් විදානේ’ අද මුළු හමුදාවම පාවලා දෙනවා ‘ෆොන්සේකා පවුලේ නඩුවකට අදාළ ඩොලර් මිලියන 800ක මුදලක් අධිකරණය භාරයේ තිබෙනවා. එය නිදහස් නොකරපු එක නිසයි මාත් එක්ක වෛර බැඳගත්තේ’ කියලා පසුගිය දිනවල විජේදාස රාජපක්‍ෂ මහත්තයා කීවා. රනිල් වික‍්‍රමසිංහ මහත්තයෝ ඔයාගේ ඇමතිවරයකුම කියනවා ‘කොහොන්ද ආවේ කියලා දන්නේ නැති ඩොලර් මිලියන 800ක් වෙල් විදානේ ගාව තිබෙනවා’ කියලා. ඒක මූල්‍ය විශූද්ධිකරණ පනත යටතට වැටෙන්නේ නැද්ද වික‍්‍රමසිංහ ‘බබෝ’. ඔන්න බලන්න, සී.එස්.එන්. එකට මූල්‍ය විශූද්ධිකරණ පනත අදාළයි, තමන්ගේ කැබිනට් ඇමති ‘වෙල් විදානෙට, ඒ පනත අදාළ නොවේ. ඔන්න ඔය විදිහට අද නීතීය, නීතිය ක‍්‍රියාත්මක කරන ආයතන දඩාවතේ ගෙන යනවා.

‘පොලීසියත් සූදානම්’

අද මේ රැලියේ එළියට ඇහෙන්න දාලා තිබුණු ශබ්ද විකාශන යන්ත‍්‍රවල වයර් ටික කපන්න කියලා පොලීසියට ඕඩර් එක ආවා. ඒත් පසුගිය 15 වැනිදා ලිප්ටන් වටරවුමේ ශබ්ද විකාශන යන්ත‍්‍ර දමා ගෙන පාරවල් අවහිර කරගෙන, රනිල් වික‍්‍රමසිංහලා පෙළපාලි යන කොට පොලීසිය ‘සැලියුට්’ ගහනවා. පොලීසිය ගැන අපට දුකයි. පොලීසියටත් පඩි වැඩි කරනවා කියලා තමයි ජනවාරි 08 වැනිදා බලයට ආවේ. අද ශ‍්‍රී ලංකා පොලීසියටත් මේ වහපාලනය එපා වෙලා තිබෙන්නේ. එතුමන්ලාත් සූදානම් වෙලා ඉන්නේ පළමු වාරය ආපු ගමන් මේ කාලකන්නි පාලනය එලවා දමන තැනට මේ රට රැගෙන යන්න.

‘කොටි සල්ලිවලට රටම ගිලගන්න දෙනවා’

හිටපු ජනාධිපතිතුමනි, අද ඔබතුමා පරාජය කරපු ජාතියේ සතුරා යළි උතුරේ හිස ඔසවමින් ඉන්නේ. මේ වහපාලකයන්, පරාජය කරපු සතුරාව අද බලසම්පන්න කරමින් සිටිනවා. ලංකා හොස්පිටල් නැමති ලාබ ලබන රාජ්‍ය ආයතනයේ කොටස්වලින් 50%ක් අද කොටි ඩයස්පෝරාවේ සල්ලිවලින් ව්‍යාපාර කරන ‘ලයිකා මොබයිල්’ නැමති සමාගමට විකුණලා තිබෙනවා. දැන් රටේ සියලූ රාජ්‍ය ව්‍යවසායන් කොටි සල්ලිවලින් ගිල ගන්න ඔවුන් බලා ඉන්නවා. රාජ්‍ය ව්‍යවසායන් පාඩු ලබනවා කියලා කොටස් වෙළඳපොළට දාන්නේ ඒකට. මේ ආණ්ඩුව ඉන්දියාවේ සහාය ඇතිව විදුලි බල අර්බුද හදලා විදුලි බල මණ්ඩලයත් කොටස් වෙළදපොළට දාන්න හදනවා. අද එක පැත්තකින් මුළු රටම දෙමළ ඩයස්පෝරාවේ ධනපතියන්ට ගිලගන්න දෙනවා. අනෙක් පැත්තෙන් මේ රට ඉන්දියාවේ කොලනියක් බවට පත් කරන්න යනවා. ‘හනුමන් බි‍්‍රජ්’ හැදුවාම ඉන්දියාවේ ‘හනුමන්ලා’ කෙල කෝටියක් ලංකාවට ඒවි. දකුණු ඉන්දියාවේ දනුෂ්කොඩි සිට මන්නාරමට දිවෙන පාලමේ දිග කිලෝමීටර් 22 නිසා එහෙම වෙනවා. මේවා එහෙම වෙන්න ඉඩ දීලා බලා හිටියොත් හරිද?

‘මේ පාපී පාලනයට තවත් ඉඩදිය යුතු නැහැ’

යුද අපරාධ අධිකරණ පිහිටුවීමට යනවා මැයි, ජූනි වෙනකොට. ජූනි මාසයට කලින් එට්කා ගිවිසුම අත්සන් කරලා අපේ රැකියා වෙළඳපොළ සම්පූර්ණයෙන් ඉන්දියාවට විවෘතකර දීමට යනවා. රාජ්‍ය ආයතන විකුණන් කාගෙන යනවා. ජනතා සහන කප්පාදු කරගෙන යනවා. දුන් පොරොන්දු කඩ කරමින් සිටිනවා. රණවිරුවන් අත්අඩංගුවේ තියාගෙන වද දෙනවා. ඒ විතරක් නොවෙයි හිරගෙවල් මහා සංඝරත්නයෙන් පුරවනවා. තව ටික කාලයක් මෙහෙම ගියොත් තමුන්නාන්සෙලාට පාංශකූලයට හාමුදුරුනමක් හොයාගන්න යන්න වෙන්නේ ‘ වැලිකඩාරාමයට.’ මේ යන විදියට රටට ආදරය කරන එක භික්ෂූන්වහන්සේ නමකටවත් පන්සලේ ඉන්න වෙන්නේ නැහැ. ඒ නිසා මේ පාපී ගමනට තව එක දිනයක් හෝ ඉදිරියට යාමට ඉඩ දිය යුතු නැහැ.

‘වැඩබැරි සේන’ සහ ‘වැඩබැරි සිංහ’

වැඩබැරි සේන – වැඩබැරි සිංහ තමන්ට වැඩබැහැ කියලා දැන් පෙන්වලා ඉවරයි. ඒ නිසා අපි වැඩ පෙන්වපු අපේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා සම`ග මේ ජාතික සටන ඉදිරියට ගෙන යා යුතුයි. වැඩබැරි ටාසන්ලා කරන්නේ අතීතයට බනිමින් ඉන්න එක. වැඩපුළුවන් නායකයෝ කරන්නේ අනාගතයට සැලසුම් හදන එක, අනාගතය විනිවිද දකින එක, රටට හෙටක් උදා කරන එක. මහින්ද රාජපක්‍ෂ මැතිතුමා එහෙම කරපු නායකයෙක්. දැන් පිටි මිලත් නැගලා. ඒක තිබුණේ අර බඩුමිල අඩු කරපු ලැයිස්තුවේනෙ. දැන් මිල වැඩි කළේ ‘රොටී තව කරවෙයි’ කියලාද දන්නේ නැහැ.

‘ශබ්දකෝෂයෙන් ඉවත් කළ වචන යළි එනවා’

දැන් පාතාලය හොඳට ඔළුව උස්සලා. ඒ නිසා කොළඹ ආයේ තිබෙනවා ‘මාර්ග පරීක්‍ෂණ මුර කපොලූ’. හිටපු ජනාධිපතිතුමා ‘මාර්ග පරීක්‍ෂණ මුර කපොලූ’ කියන වචනය ශබ්දකෝෂයෙන් ඉවත් කරලයි තිබුණේ. ‘තර්ජිත ගම්මාන, රැකියා විරහිත උපාධිධාරීයා’ කියන වචනත් හිටපු ජනාධිපතිතුමා ශබ්දකෝෂයෙන් ඉවත් කරලයි තිබුණේ. දැන් මේ වහපාලනය යටතේ යළිත් ‘රැකියා විරිහිත උපාධිධාරියා’ පාරේ. ‘මාර්ග පරීක්‍ෂණ මුර කපොලූ’ පාරේ තිබෙනවා. දැන් නැගෙනහිර පළාතේ ඇතැම් සිංහල ගම්මානවල මිනිසුන් එලවා දමනවා. ඒ ප‍්‍රදේශවල යළිත් ‘තර්ජිත ගම්මාන’ ඇති වෙමින් තිබෙනවා. එදා ඞීල් කුමාර කිව්වා, ‘රාජපක්‍ෂගේ ඇමති මණ්ඩලය මෙච්චරයි. අච්චර කළොත් මෙච්චර ඉතිරි කර ගන්න පුළුවන්’ කියලා. අද කැබිනට් මණ්ඩලය කීයද? කවුද දන්නේ? සිරිසේන, වික‍්‍රමසිංහ නොවෙයි ඞීල් කුමාර දන්නෙත් නැහැ හරි ගණන. වෙල් විදානෙට කැබිනට් ඇමති ධුරයක් දීලා, එම්.කේ.ඞී.එස්. ගුණවර්ධනගෙන් පුරප්පාඩු වුණු ඉඩම් අමාත්‍ය ධුරය තවත් කෙනෙකුට දුන්නා. ඞීල් කුමාර අද නිශ්ශබ්දයි. කෝ මේ ඞීල් කුමාර? බලන්න, මේ කකුල් අස්සේ හැංගිලාද කියලා. (සභාවේ සිනා)

ඇති වෙමින් තිබුණු ‘ඊළාම් රාජ්‍යය’ මහින්ද රාජපක්‍ෂ හොරකම් කළා. ජන ජීවිතය විනාශ කළ යුද්ධය එතුමා නතර කළේ. එහෙම කරලා යුද්ධය වෙනුවෙන් වැය වුණු ජාතික ධනය එතුමා ඉතිරි කළා. ජාතික ධනය ඉතිරි කරපු එතුමාට ‘හොරා’ කියනවා. මහ බැංකුව ශුද්ධ කරලා, පොලී අනුපාතය ඉහළ දාලා, රටේ ආර්ථිකය බංකොලොත් කරපු වික‍්‍රමසිංහ අද සුදනා වෙන්න හදනවා.

ඒ හින්දා ආදරණීය අම්මේ, තාත්තේ අපි මේ කාලකන්නි ගමන අවසන් කරන්න ඕනෙ. ජන සටන අද ආරම්භ කළේ මෙතැනින් නතර කරන්න නොවෙයි, මේ රට 2005 ඇද වැටී තිබුණු තැනට යළි ඇද වට්ටන්න ඉඩ දෙන්න එපා! සියලූ වාද භේද පසෙක තියලා මව් පොළොව මත වැටී තිබෙන මේ අනතුරෙන් එය නිදහස්කර ගැනීම සඳහා එකාවන්ව සග, වෙද, ගුරු, ගොවි, කම්කරු පමණක් නොවෙයි වෘත්තිකයන් ඇතුළු සකලවිධ ජනී ජනයා එකතු විය යුතුයි. ඒකාබද්ධ විපක්‍ෂය වටා රොද බැඳගෙන මහා ජන බලයක් ගොඩනගන්න පෙරමුණ ගනිමු!

ඒ සඳහා ඔබ සැමට ධෛර්ය, ශක්තිය ලැබේවා!
මාතෘභූමියට ජයවේවා!
මහින්ද රාජපක්‍ෂ මැතිඳුන්ට ජයවේවා!
ඒකාබද්ධ විපක්‍ෂයට ජයම වේවා! ’’
– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

One Response to “කන් බිහිරි කරවන ජයඝෝෂා ඔල්වරසන් මැද විමල් යහපාලනය පතුරු යැවූ ජන සටනේ වීඩියෝව මෙන්න..”

  1. Jag Says:

    Whatever people say about WW, no one can deny the oratory skills he is blessed with. He talks to the common man and the message can’t be any more clearer than this.

    Both ”sena” and ”singha” must be suffering in agony after WW’s onslaught. No one dared to skin them like the way WW did.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress