ගස්ලබු කොලෙන් ඩෙංගු රෝගය සුව කිරීම ගැන නැවතත්  වගකීම් රහිත ප්‍රචාරයක්!
Posted on March 29th, 2016

බෝධි ධනපාල, කිබෙක්, කැනඩාව

අලුතෙන් යම් බෙහෙතක් සොයා ගැනීමේදී ලෙඩුන්ගේ යහපත සලකන, වග කීමක් ඇති වෛද්‍යවරු තමන්ට භාර වී ඇති ලෙඩුන් අත්හදා බැලීම් වලට ලක්  කිරීම වැනි අවදානම් තත්වයන්ට යට කරන්නේ නැත. ඕනෑම ලෙඩෙක් වෛද්‍යවරයෙකුට භාර වෙන්නේ තමාට ලැබෙන්නේ ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාර මිස තවම අත් හදා බැලීමක් ලෙස තිබෙන උදු හිතලුවන් මත රැඳී තිබෙන “බෙහෙතක්” ලබා ගැනීමට නොවේ. එවැනි අත්හදා බැලීම් වලට ලෙඩුන් භාජනය කිරීම නීතියෙන් ද තහනම්ය.  පරම්පාරික ක්‍රමයට වැඩ කරන වෙදවරු ප්‍රත්‍යක්ෂ බෙහෙත් මිස වෙන යමක් ලෙඩුන් ට දෙන්නේ නැත.

එහෙත්, ධර්මසිරි සෙනෙවිරත්න නැමැති ලේඛකයෙක් කියන (Lankaweb, March 25) අන්දමට, එවැනි නීති විරෝධී ක්‍රියාවන් ලංකාවේ දැන සිදුවන බව පෙනේ. ඩෙංගු රෝගයට යට වී බැටකන රෝගීන්ගේ ජීවිත හුදු ඉත්තන් ලෙස සලකමින් නපුරු සූදුවක් කෙලින සමහර “වෙදුන්” දැනුත් එන්නා බව එයින් පෙනේ.

බෙහෙතක් සඳහා “පේටන්ට්” බල පත්‍රයක් ලබා ගත් විට ඉන් පසු එම බෙහෙත රෝගීන්ට දීමට කිසිම අවසරයක් නොමැත. එම පේටන්ට් එක යටතේ පළමුවෙන්ම මිනිසුන්ට නොව, වෙන සතුන්ට එම බෙහෙත යොදා එය නිරුපද්‍රව රෝගය මඬින බව ඔප්පු කල යුතුය. පාලි වංශ කථා අනුව බුද්ධදාස රජු වෛද්යවරයෙක් වූවා පමණක් නොව සතුන්ටද සත් කාර කිරීමට දත් බව ප්‍රකාශ වේ. එහෙයින් බෙහෙත් වර්ග මුලින් සතුන්ට යොදා ඒවා යහපත් යැයි තීරණය කිරීමේ වගකීම් සහිත ක්‍රමය එකලත් තුබුනේ යැයි සැලකිය හැකිය 

එවිට, එම ප්‍රතිඵල වල සාර්ථකත්වය අනුව මනුෂ්‍ය රෝගීන්ට ද ප්‍රතිකාර කිරීමට අවසරයක් රජයෙන්  ලබා ගත යුතුය. එම පරීෂණය කිරීමේදී එකාකාර රෝග තත්වයෙන් පසුවෙන්නේ යැයි සැලකිය හැකි රෝගීන් දෙකොටසක් ගත යුතුය. මෙම  දෙකොටස A සහ B යැයි හඳුන් වමු. එම A කොටසට ප්‍රතිකාරය ඇතුලු කරණ ලද ගුලියක් දෙමු. දෙවෙනි B කොටසට  ප්‍රතිකාරය ඇතුල් නොකල, එහෙත් පෙනුමෙන් එකාකාර වූ ගුලියක් දෙමු. A කොටසෙහි හෝ B කොටසෙහි ඉන්නා කිසිම ලෙඩෙක් තමාට ලැබුනේ සැබෑ ගුලියද, නොහොත් ව්‍යාජ ගුලිය ද යන්න නොදනී. අන්තිමේදී, A කොටසේ කී දෙනෙක් සුව වේද, B කොටසෙහි කී දෙනෙක් සුව වේද යන්න අනුව බෙහෙතෙන් රෝගය සුව කරන්නේ ද, නැද්ද යන්න තීරණය කල හැකිය. එපමණක් නොව, රෝගය සුව කරන අතර, බෙහෙත නිසා වෙන අමතර අමාරුවක් හෝ දෝෂයක් ඇති නොවුනු බවද ඒත්තු විය යුතුය. එවැනි පරීක්ෂණ ශ්‍රේණියක් පවත්වා බෙහෙතේ ප්‍රත්‍යක්ෂ තාව සහ නිරුපද්‍රිත බව ඔප්පු වූ විට එම බෙහෙත දේශීය සහ “බටහිර” ක්‍රමයේ රෝහල් වල පාවිච්චියට ගැනීමට රජයෙන් අවසර ලැබේ.

ඉහත කී අන්දමට, වගකීමක් සහිතව ගස්ලබු කොල වලින් ඩෙංගු රෝගයට බෙහෙතක් සොයා ගත් බවක් අපට ආරංචි වී නැත. එහෙයින් කෝකටත් තෛල කාරයන් වැනි නියම අවසර නොලැබූ, ප්‍රත්‍යක්ෂ නොවූ හිතලු පමණක් වන “පිලියම්” ගැන දුසමාන ආරංචියක් ධර්මසිරි මහතා නැවතත් කරලියට ගෙන ඇත්තේ වග කීම කින් තොරව යැයි මම කණගාටුවෙන කියා සිටිමි .

    සිංහල වෙදකම ගැන මම හොඳින් දන්නෙමි. එහි හොඳ දේවල් සහ නරක දේවල් ද ඇත. මගේ මාමා කෙනෙකු සහ බාප්පා කෙනෙක් තරමක් දුරට ගමේ බෙහෙත් කලේය. නොමුත් මගේ බාප්පා එකල ලංකාවේ තුබූ “වින්සන්ට් ගේ ඒ පී සී” නැමති බටහිර පෙත්තක් කුඩු කොට ඔහුගේ ගුලි වලට එකතු කල බව මම දනිමි. “එහෙම තමයි දරුවො, හරියන  කොයි දෙයක් උනත් යොදා ගන්න ඕනෑ” යයි බප්පා මට කිව්වේය. ගුලියේ තුබුනේ අරත්ත මුල්,, තිප්පිලි, මුද්දරප්පලම්, එලංගිතෙල් සහ නෙල්ලි මිශ්‍රණයකි.  ඔහු ගේ නොදැනීම නිසා වග කීමකින් තොරව ඔහු කටයුතු කල බව මම තේරුම් ගත්තේ සරසවියට ගොස් රසායන විද්‍යාව හදාරන්නට පටන් ගත් විටය.

ධර්මසිරි මහතා මෙසේ ලියයි:
       …  ධනපාල වැනි බටහිර ගැත්තෙක් නොදන්නවා විය නොහැක .වෙදහාමිනෙට
        බටහිර වය්ද්‍යා වරු රෝහල් වල  ඉඩක් දුන්නේ නැත  එහෙත් දොස්තරට ඉඩ දුන්නේය .”

වෙද හාමිනේත්” පිලිගත් ක්‍රමයට “පේටන්ට්” බලපත්‍ර  ඉල්ලීමක් රජයේ බලධාරී මණ්ඩ්ලයට ඉදිරි පත් කලා නම් ඇයටද එය ලබන්නට තුබුනි. ඉඩම අයිති වූවත් ඔප්පුවක් ලියවා ගැනීමට වත් නොදන්නේ නම් ධරම්සිරි මහතා වත් මැදහත් වී උදව් කරන්වා වෙනුවට පත්තර වලට ලියුම් ලියමින් “බට හිර” දොස්තරුන් ට සහ අයින්ස්ටයින් ට බැනීමෙන් පලක් නැත.
 
ධර්මසිරි මහතා මෙසේ ලියයි:
        “බොහෝ   දොස්තරලා ට  අවශ්‍ය තමන් වැජබෙන්නට  ය . ඔවුන් හැම විටම  සින්හල
        වේද කමට ගරහති . …අයින්ස්ටයින් , නිව්ටන් වැනි විද්‍යාඥයින්ගෙන්   ගෙන් බේරුන
        හැකි බේරෙන්න බැරි විද්‍යාඥ යන්යය් කියා ගන්නා    වට පඩ යන්ගෙනි.”

ධර්මසිරි මහතාද නලින්ද සිල්වා මහතා ගේ දුර්මත විචාර බුද්ධියක් තොරව බදාගෙන නිව්ටන් සහ අයින්ස්ටයින් “වට පඩයන්” කියන බවක් හඟවයි. ආචාර්ය සිල්වා මහතා “බටහිර” විද්‍යාව සහ “බටහිර” වෙදකම ගරහන නමුත්, පසුගිය දා අසනීප වූ විට බටහිර රෝහලකට ඇතුල් වී හෘදයාබාධයට බටහිර ප්‍රතිකර්ම ගත්තේය!

කියන්නේ එකක්, කරන්නේ තවත් එකක්!

10 Responses to “ගස්ලබු කොලෙන් ඩෙංගු රෝගය සුව කිරීම ගැන නැවතත්  වගකීම් රහිත ප්‍රචාරයක්!”

  1. Senevirath Says:

    මාර්තු මාසයේම ඉරිදා දිවයිනක බටහිර දොස්තරගේ බෙහෙත පිළිබඳව ඔහු සමග සම්මුඛ සාකච්චාවක් පලවිය ඔහු නමින් ලේනොරාය . දුෂමාන ආරංචි නොවේ

  2. Senevirath Says:

    බාහිර නවීන විද්‍යාව අන්ධානුකරණය කිරීමට මිස අවශෝෂණය කිරීමට නලින් ද සිල්වා කිසිදා විරුද්ධ වී ඇති බවක් නොදනිමු .අරි අටගි මගට නොගැලපෙන සියල්ල බොරු බව ඔහු කියන්නේ සිංහල බෞධ්ධයෙකු ලෙසින්ය එසේ කියන්නේ බෞද්ධයන් ”’ ගැලවිජ්ජා ” සහ ”විද්‍යා ”’ අතර අතරමන් වීම වැලක් වනු සඳහාය .

  3. Asanga Says:

    Dear Mr. Dhanapala,

    There is more than one research paper out there, done by Scientists around the world, that conclude the effectiveness of Papaya leaf extract in treating Dengue fever. Sri Lanka is not the only country that is hit by this disease. The Malaysian medical community officially recognizes its effectiveness, while unfortunately, ours does not.

    Almost all of these research papers, actually note treatments carried out on human subjects, and their subsequent improvement. Not animal test subjects, Human test subjects.

    Please do a google search if you are doubtful, unfortunately, I am not sure if the admin of lankaweb will allow me to attach links to this mail so I do not want to try it. But the papers are not that hard to search for.

    Just like Senevirath has said above, please try and understand the message that Nalin is trying to convey. You and Dr. Amaratunge have to remove those blinds that the formalized western educational system imposes on its followers.

    May I kindly also ask you to study the lives of some of the greats of quantum physics? If you look into the lives of Schroedinger, Niels Bohr, Werner Heisenberg and others, you will realize that these learned men had also realized, how little they knew. And more so, of how all their well formed and thought out theories all fell apart upon close scrutiny.

    But they were also humble enough, and honest enough, to admit these shortcomings. I am sure they would have been more in agreement with Nalin’s thoughts than you would have liked to believe!

  4. Christie Says:

    Bodhi, jut getting a patent does not allow prescription of drugs in the West. In the US there is the Food and Drugs Administration. I am sure you got one in Qbec; may be a French one.

  5. AnuD Says:

    I am sure you got one in Qbec; may be a French one. – By Health Canada.

  6. AnuD Says:

    If it is true, it has to be an international patent. Mostly be careful of india.

  7. Dham Says:

    I think this writer is misleading the public.
    Papaya leave shall be considered as a herbal medicine not a western drug. Surely drugs in western medicines are required to be tested thoroughly before approved to be used, although they are permitted to be used for certain serious conditions on humans without testing on animals.
    However, herbal medicines are not required to de tested in the same way and a different set of rules apply.
    Nevertheless all medicines have side effects and specially western medicines are sometimes designed to kill human being slowly ( they bribe approving authorities) or make them addicted to it – making money is the only moral value in the west where the write proudly residing.
    There are a lot of cases people died or developed cancers taking western medicines.

    I don’t think Nalin ever named Newton , Einstein as “වට පඩයන්” . Please show us where he used that term.

  8. NAK Says:

    This is exactly how the westerners scoffed at the consept of rebirth back then. It’s not going to be long before these ‘pandiy’s’ in wetern blinds to eat their own words.

  9. sarathk Says:

    “එහෙම තමයි දරුවො, හරියන කොයි දෙයක් උනත් යොදා ගන්න ඕනෑ” යයි බප්පා මට කිව්වේය.

  10. Asanga Says:

    Sarthk,

    It looks like the ‘Uneducated’ Baappa was a lot more open minded than the ‘Enlightened’ and ‘Educated’ nephew.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress