නවක වදය
Posted on May 10th, 2016

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතනයන් හී බොහෝවිට කනිෂ්ඨ සිසුන් වෙත වාචිකව, ලිඛිතව සිදුකරනු ලබන සරදමක්, ශාරීරිකව සිදු කරනු ලබන පරුෂ සැලකීමක් හෝ ඔවුන් තුල මානසික අස්ථාවරත්වය, බිය හා චකිතය ඇතිකරවන සුලු, සාමාන්‍ය අවස්ථාවේදී පුද්ගලයෙකු විසින් සිදුනොකරන්නාවූ ක්‍රියාවන් කිරීමටයැයි සිදු කරනු ලබන බලකිරීමක් නවක වදය අර්ථ දැක්වෙයි. අනෙකුත් රටවල් සමග සැළකීමේදී, ශ්‍රී ලංකාව ලෝකයේ නවක වදය දරුණු ලෙස මුල් බැසගත් රටක් ලෙස සැළකෙයි  (රැගිං: හිස්ට්‍රි ඇන්ඩි ඉවොලූෂන්).

උසස්  අධ්‍යාපන  අමාත්යාංශය පෙන්වා දෙන පරිදි මේ වන විට නවක වධය නිසා නවකයන් 20 ක් මරු  දැක   27000 ක් සරසවි හැර ගොසිනි.

සිසුන් නවක වදයට යොමු වන්නේ මන්ද ? මේ සඳහා බහුවිධ කාරනා තිබේ. මූලික වශයෙන් නවක වද වධකයන් සතු පොදු ලක්‍ෂණ කීපයක් තිබේ

1) හීනමානය (හීනමානය මතුවන්නේ  කුල පීඩනය / දරිද්‍රතාව / සමාජ අවස්ථා අඩු බව / ශරීරගේ  අඩුපාඩු නිසා මතු වන ඩිස්මෝර්ෆික් තත්වය Body dysmorphic  conditions)

2) පවුරුෂ අක්‍රමතා (anti social personality / borderline personality)

3) ළමා කාලයේ කාංසාමය තත්වයන්ට යොමු වී තිබීම. ​ මාතෘ / පීතෘ දුර්ස්ථකරණයට ලක් වීම (maternal or paternal deprivation)  ,  අපයෝජනයන්ට ලක්වී තිබීම

4) බාහිර ක්‍රියාකාරකම් නිර්මානශීලීතාව වැනි දක්‍ෂතා අඩු බව, අව  ආත්ම සම්මානය ( poor self-esteem)

5) කන්ඩායම් තත්ව වලදී ඉස්මතුවීම සඳහා දරන ප්‍රයත්නය කැපී පෙනීම​ට අන් අයගේ අවධානයට ලක් වීම සඳහා ඕනෑම අවධානමක් කර ගැසීම.  කැපී පෙනීම සඳහා ඇති අත්‍යන්ත යොමුව

6) තමන් කෙරෙහි (self loathing) මෙන්ම සමාජය කෙරෙහි ඇති වෛරය

7) සාමාජීය හුදකලභාවය සහ එය වසන් කිරීමට දරන අධි ප්‍රයත්නය

8) අන්තවාදීබව සහ ධ්‍රැවගත චින්තනය ( සියල්ල කලු සුදු ලෙස දැකීම​) (polarized thinking)

9) අඩු සහනුභූතිය (lack of empathy)

10) පරපීඩා  කාමුකත්වය (sadism)

නවක වදය, ඊට ලක්වූ වින්දිතයන් අතර නිරන්තරයෙන් පුළුල් පරාසමය ශාරීරික, චර්යාත්මක, සංවේදනාත්මක සහ සාමාජයීය ගැටළු ඇතිකිරීමෙහිලා සමත් වී තිබෙයි. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල තුල ස්වාධීනව සියදිවි නසා ගැනීමේ අවදානම ඉහල නැංවීමටද එය හේතු වී ඇත. නවක වදය සිදුවන කාල පරාසය තුල එය දැරිය නොහැකිව සිය පාඨමාලා හැරයන සිසුන් පිළිබඳවද වාර්ථාවන් පවතියි. මීට අමතරව දැකිය හැකි නව ප්‍රවණතාවයක් වනුයේ උසස් පෙළ සමත් වන සිසුන් රාජ්‍ය විශ්වවිද්‍යාලයන් තුලට පිවිසීම මගහැර, නවක වදය අවම පුද්ගලික උසස් අධ්‍යාපන ආයතන වලට ඇතුළු වීමයි (විශ්ව වර්ණපාල)

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress