සන්දීප් සමරසිංහගේ බෙල්ල කැඩීම රඟපෑමක් බව හෙළි වෙයි. මෙන්න වීඩියෝව…
Posted on May 10th, 2016

www.mahinda.info

[1]. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඇති වුණ සිදුවීම ගැන උදය ගම්මන්පිල මහතා සිය ෆේස්බුක් පිටුවේ විස්තර කර තිබුණේ මෙලෙසයි.

[2]. පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයාගේ අතීත ක්‍රියාකාරකම් දන්නා කෙනෙකුට ඔහුව සුද්ද කිරීම කළ හැක්කක් නොවේ.

[3]. ඒ අතර සන්දීප් සමරසිංහ එජාප මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ ඇති වූ ගුටිබැට හුවමාරුවෙන් බෙල්ල කැඩී රෝහල් ගත වූ බවක් මාධ්‍ය වෙලට පෙන්වුවේය.

[4]. නමුත් මාධ්‍ය වලට එලෙස පෙන්වීමෙන් මොහොතකට පසුව ඔහු හොඳට බෙල්ල කෙලින් තියාගෙන, සිය ජංගම දුරකථනය ඔබමින්, කාටත් හොරා රෝහලෙන් පිටව ගිය ආකාරය එක්තරා මාධ්‍යවේදියෙකුගේ රහසිගත කැමරාවකට මෙලෙස හසු විය.

[5]. බෙල්ල කැඩී ගිය සන්දීප් සමරසිංහ මන්ත්‍රීවරයාට එය විනාඩි කිහිපයකින් එලෙස හොඳ වෙන්නනම් ඔහු එක්ස් මෑන් චිත්‍රපටයේ වොල්වරින් වැනි මියුටන්ට්” කෙනෙක් විය යුතුය.

සන්දීප් සමරසිංහ මන්ත්‍රීවරයාගේ බෙල්ල කැඩී තිබුණානම් ඔහුව ගෙන යාමට තිබුණේ රෝද පුටුවක නොව ට්‍රොලියක යි. මන්ද යත් රෝද පුටුවක යන විට බෙල්ල ඔසවන් යාමට සිදුවෙන බැවිනි. බොරුව කරන්න ගියද අන්තිමට මාට්ටු විය.

ඒ අනුව මහින්ද රාජපක්ෂ මැතිතුමාට සහය දක්වන මන්ත්‍රීවරුන්ට මඩ ගැසීමට හැදූ පිළිකුල්සහගත වෑයමක් මෙලෙස අනාවරණය විය.

 

[6]. සමස්ත කලාකරුවන්ටම නිග්‍රහ කරමින් පසුගිය ජනාධිපතිවරණයේදී සමනලී ෆොන්සේකා කළ රඟපෑමත් මේ අවස්ථාවේදී සිහි වෙයි. එදා සමනලී ෆොන්සේකාට ගැහුවා කියූ දේශපාලඥයාට, සමනලීගේම ඡන්දයෙන් ආ ජනාධිපතිවරයා අතින් නැවතත් පත් වීම් ලැබුණි. ඒ අනුව එදා රට රැවටූ රඟපෑමට සමනලීට අමතර පිරිස්ද එක්ව සිටි බව පෙනෙයි.

 

[7]. අන්තර්ජාල පරිහරණය නොමැති රූපවාහිනී පමණක් බලන ජනතාව ඔය ආකාරයෙන් එක වීඩියෝ පටයක් දැකීමෙන් රැවටුණත්, අන්තර්ජාලය හරහා සියලු පාර්ශව වල පුවත් බලන තරුණ පරපුර තවදුරටත් රැවටීමට ඔවුන්ට හැකි වේවිද? බොරුවෙන්ම රට රවටන එජාප සොරු රැළ ගැන මේ ආකාරයෙන් ගවේශනාත්මකව තොරතුරු රටටම හෙළි කරන ලෙසට මාධ්‍යවේදීන්ගෙන් අප ඉල්ලා සිටිමු.

අනිත් අයටත් බලන්නට SHARE කරන්න.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress