61% ක ඡන්ද ප්රතිශතයක් ලබා ජයගත් උගන්ඩා ජනපතිගේ දිවුරුමට ප්‍රධාන ආරාධනාව මහින්ද මැතිඳුන්ට
Posted on May 13th, 2016
www.mahinda.info
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උගන්ඩා සංචාරය
ශ‍්‍රී ලංකාවේ 5 වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උගන්ඩා ජනරජයෙන් ලැබුණු නිල ආරාධනයකට අනුව මැයි 11 වන දා උගන්ඩාව බලා පිටත්ව යාමට නියමිතය. උගන්ඩා ජනරජයෙන් මහින්ද රාජපක්ෂ මහතාට මෙම නිල ආරාධනාව ලැබී ඇත්තේ එරට ජනාධිපති යොවේරි කජුටා මුසෙවෙනි මහතාගේ හයවෙනි වරට ජනාධිපති පදවි ප‍්‍රාප්ති ජාතික උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගී වීම සදහායි. උගන්ඩාවේ දෙවෙනි නිදහස් අරගලයේ පුරෝගාමියකුවූ ජනාධිපති යොවේරි කජුටා මුසෙවෙනි පසුගියදා පැවති ජනාධිපති වරනයෙන් 61්‍ර%ක ඡන්ද ප්රතිශතයක් ලබා හය වෙනි වරටත් එරට මහජන ඡුන්දයෙන් ජනාධිපති ධූරයට තේරීපත්වී ඇත.
ව්‍යුහාත්මක ගැලපුම් ආර්ථික සංකල්ප ක‍්‍රියාවට නංවමින් උගන්ඩාවේ ආර්ථිකය සාධනීය වෙනසකට පත්කල නායකයා ලෙස සහ AIDS උවදුර තුරන් කිරීමේ ලෝක අරගලයට ඉහලම දායකත්වයක් සපයන අප‍්‍රිකානු නායකයෙකු ලෙසත් උගන්ඩා ජනාධිපති යොවේරි කජුටා මුසෙවෙනි ලෝක අවධානයට ලක්වුනු අයෙකි. යොවේරි කජුටා මුසෙවෙනි ජනාධිපති ටැන්සානියා ආර්ථික විශ්ව විද්‍යාලයේ ආර්ථික සහ දේශපාලන විද්‍යා පිළිබ`ද උපාධිධරයෙකි.
පසුගිය රජය නොබැදි ජාතීන් සමග පැවැත්වූ සුහද සම්බන්ධතාවල ප‍්‍රතිඵලයක් ලෙස මෙම ආරාධනාව මහින්ද රාජපක්ෂ මහතා වෙත ලැබී ඇත.
අනිත් අයටත් බලන්නට SHARE කරන්න. |
Tweet |
May 13th, 2016 at 8:05 pm
උගන්ඩාවත් අපේ රට මෙන් ඉන්දියානු පරපෝසිතයන් විසින් සූරා කෑ රටකි.
ඉඩි අමින් ඉන්දියානු පරපෝසිතයන් පිටුවහල් කල වීරයෙකි.
අපි උගන්ඩාව වැනි රටවල් සමග එක්වී ඉන්දියානු අදිරදය විනාස කල යුතුය.
May 13th, 2016 at 8:10 pm
what is that first class or business class ?
All with the MP salary or the president’s pension ?