ජවිපෙ නායක අනුරගේ අයර්ලන්ත ගමනේ තවත් රහස් හෙලි වේ.. මෙන්න වීඩියෝ..
Posted on May 14th, 2016

lanka C news

ජවිපෙ නායක අනුරගේ අයර්ලන්ත ගමනේ තවත් රහස් හෙලි වේ.. මෙන්න වීඩියෝ..ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගියදා අයර්ලන්තයේ සිදුකල සංචාරයේදී තවත් තොරතුරු එම අවස්ථාවන් සියැසින් දුටු ලාංකිකයෙක් විස්තර කරයි.

යුරෝපයේ වෙසෙන වජිර කමල් සමරක්කොඩි අයර්ලන්තයේ ඩබ්ලින් ගුවන්තොටුපලේදී ජවිපෙ නායකයා මුණ ගැසී ඇති අතර ඔහු එහිදී නැවතී සිටි හෝටල් ගැනද විස්තර කරයි.

වජිර කමල් විසින් අදාල චාර්කාව ගැන තවත් තොරතුරු හෙලි කරමින් අන්තර්ජාලය වෙත මුදා හැර ඇති වීඩියෝව මෙසේය.

 

ඒ සමගම ඔහු එක් කර ඇති සටහනක්ද මේ සමග වෙයි.

ඉරිදා දිවයිනේ පළවූ ‘අනියම් බිරියන් සහ කෝටි ගණන් මුදල් අතර පැටලුනු වාමාංශික දේශපාලනයේ අලුත්ම අභිරහස අයර්ලන්ත ගමනේ රස රහස්‌ මොකක්‌ද?’ යන ලිපියට අභියෝග කරමින් පවත්වන ලද ජවිපෙ පුවත් පත් සාකඡ්චාවේ දී ජ.වි.පෙ. ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා විසින් පහත සදහන් ප්‍රකාශය කර තිබිණ .

‘තමන් ලියපු දේ ඔප්පු කරන්න හැකියාවක්‌ ඔවුන්ට නැහැ. අපි නම් ගම් සහිතව ඉදිරිපත් කළ තොරතුරු අසත්‍ය යෑයි ඔප්පු කරන්න හැකිනම් අභියෝගය බාරගන්නා ලෙස අපි නැවතත් අවධාරණය කරනවා. ජනතා විමුක්‌ති පෙරමුණේ නායකත්වය කෙරෙහි විශ්වාසය බිඳ වට්‌ටන්න මේ කුණු අවලාදවලට හැකි වෙන්නේ නැහැ. ජනතාවත් එක්‌ක එකතුවී මේ බොරුව පරාද කරන බව අපි ස්‌ථිර වශයෙන්ම කියා සිටිනවා’.

ඔවු ඒ අභියෝගය වජිර කමල් සමරක්කොඩි නමැති මා බාරගන්න බවට මෙයින් ප්‍රකාශ කර සිටිමි.

අනුර කුමාර දිසානාකම් මහතාට පෙර ජවිපෙ ක්‍රියාකාරිකයකු වූ මා ජවිපෙ ඉතාලියේ ඉදිරිපෙළ කටයුතු කල අයුරු අනුර කුමාර දිසානාක මෙන්ම, ප්‍රේම කුමාර ගුණරත්නම් සෝමවංස අමරසිංහ පමණක් නොව ජිනදාස කිතුලේගොඩ වැනි ජවිපෙ කිලිටු නොවූ පැරණි නායකයන් පවා සහතික වනු ඇත.

ඩබ්ලින් ගුවන් තොටුපොලේදී අනුර කුමාර දිසානායකම් මහතා සම්බන්ද සියලු තොරතුරු පටිගත් කලේ මා බව මා නොබියව ප්‍රකාශ කර සිටිමි. දැනට එංගලන්තයේ ජිවත්වන මා අනුර කුමාර දිසානායක මහතා පමණක් නොව මුළු ජවිපෙ දේශපාලන මණ්ඩලයටම විවුර්ත අබියෝගයක් කරමි. මා ලංකාවට පැමිණ ඔබ සියලු දෙනා සමග විවුර්ත විවාදයකට සුදානම් බව ප්‍රකාශ කරමි.

අනුර කුමාර දිසානයකම් මහතා ඩබ්ලිනයට ගොඩ බැස්සේ අප්‍රියෙල් 2වනදාය. ලංකාවේ සිට EK 651 ගුවන් යානයෙන් ඩුබායි දක්වා පැමිණි ඔහු EK 163 යානයෙන් ඩබ්ලින් බලා පැමිනියේය. ඔහු දබ්ලිනයට ගොඩබසී බවට තහවුරු කරගතිමු.
ඔහු යලි ලංකාවට පැමිණියේ EK 164 එමිරේට්ස් ගුවන්යානයෙන් ඩබ්ලින් වේලාවෙන් රාත්‍රී 10.25ට පිටත් ව, ඔහු අප්‍රියෙල් 30 දින උදේ 10.10ට ඩුබායි සිට EK 54 ගුවන් යානයෙන් ලංකාවට පැමිණීයේය. අවශ්‍ය වුවොත් ඔහුගේ ගුවන් ගමන් පිළිබද ලිකනය ඉදිරිපත් කිරීමට මට හැක.

අප්‍රියෙල් 2 වනදා සිට ඔහු කල කි සියලු දේ මා දැනගන්නේ අනුර කුමාරට වඩා අප ගැන විශ්වාස කරන ජවිපෙ පැරණි සගයන් ඩබ්ලින් නුවර සිටි නිසාය.

ඩබ්ලින් නුවර අපේ සගයාගේ පුර්ණ අනුග්‍රහය මත මා ඩබ්ලිනයට පැමිණීමට (තවත් සගයන් දෙදෙනෙකු සමග) ලන්ඩන් හිත්රෝ ගුවන් තොටුපොලෙන් පිටත් වුයේ අප්‍රියෙල් 29 සවස 3ට පමණය. මා භාවිතා කල ටිකට් පත මා ඉදිරිපත් කිරීමට සුදානම්ය.

රාත්‍රී 9.10 වනවිට අනුර කුමාර ගුවන්තොටුපොළට එන බව අපට අපේ ඩබ්ලින් නුවර සගයා වාර්තා කළේය. ඒ අනුව මමත් මගේ සහයක සහෝදරයන් දෙදෙනාත් එතැන් සිට සියලු දේ පටිගත් කළේය. චාය රුප ගත කළේය. හරියටම රාත්‍රී 9.10 ට ඔහු අවතිර්ණවිය. ඒ මොහොතේ අපි ගුවන් ගමන් විස්තර සිලල්ල දැක්වෙන TV ස්ක්රිනයේද චය ගත කළෙමු.

අනුර කුමාර සමග පැමිණි ප්‍රධාන සගයාගේ දුරකථන අංකය මෙසේය. 00353894076620 ඔහු මට මේ නොම්මරය ලබාදෙන අවස්ථාවද අප විඩියෝ ගත කර ඇත.

නික්ම යාමට පෙර ‘පොඩි කේස් එකක් පොඩි ගමනක් ආවා’ අනුර කුමාර මා වැළදගෙන පාපොඡ්චාරණය කළේය.

එයාට මෙයාට අභියෝග කරමින් ප්‍රශ්නයෙන් පළා නොයන ලෙසත් ඩබ්ලින් නුවරට අප්‍රියෙල් 2 පැමිණි අනුර කුමාර දිසානායකම් මහතා (මා එසේ සදහන් කරන්නේ ඔහුගේ itinerary එකේ ඔහුගේ නම තියෙන්නේ එසේය) 29 වනදා වනතුරු කලේ මොනවාද, හමුවුනේ කවුරුඳ, ගිය වෙනත් රටවල් මොනවද, නැවතුන හෝටල් මොනවාද. මා ඔහුට හිතා බැලීමට ඉඩක් දෙමි. තවදුරටත් පක්ෂයේ පහල සාමාජිකයන් නොමග යැවීමට ඉඩදීමට මා සුදානම් නැත.

මා අනුර කුමාර දිසානායක මහතා පමණක් නොව මුළු ජවිපෙ දේශපාලන මණ්ඩලයටම විවුර්ත අබියෝගයක් කරමි. සියලුම විද්‍යුත් නාලිකා ඉදිරියේ වාදයකට එන ලෙස අභියෝග කරමි.

– වජිර කමල් සමරක්කොඩි

4 Responses to “ජවිපෙ නායක අනුරගේ අයර්ලන්ත ගමනේ තවත් රහස් හෙලි වේ.. මෙන්න වීඩියෝ..”

  1. Christie Says:

    These Socialists are Indian slaves working for the Indian Empire to kill as many Sinhalese as possible.

  2. Dham Says:

    How about people like us ?
    Working for Australian Empire, American Empire , UK Empire, Italian Empire, German Empire, Japanese Empire, Jihadi Empire , ISIS etc. We are paying huge Taxes to these Empires , not a cent to our Mother Empire ?

  3. Ananda-USA Says:

    What is the problem with Anura Kumara Dissanayake travelling to Dublin that Vajira Kamal Samarakkody speaking in the video is having?

    Any man can legally travel anywhere if he has the proper legal travel documents; so what is the problem/secret at issue here?

    Is there some SKULDUGGERY that I am missing?

  4. Dham Says:

    Because රතු අලි පැටියා went to see his හොර ගෑණි. Didn’t you see the reports in Samarakkody’s boss’s web site and then දිවයින​ ? His boss also has few හොර ගෑණිs but that is OK.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress