නියර් ඩෙත් එක්ස්පීරියන්ස් (Near Death Experience / NDE)
Posted on May 14th, 2016

වෛද් රුවන් එම් ජයතුංග

නියර් ඩෙත් එක්ස්පීරියන්ස් (Near Death Experience / NDE)  හෙවත් මරණය අද්දරට ගිය මිනිසුන් ගැන ලොව නන් දෙසින් වාර්තාවේ. වෛද්‍යවරයෙකු ලෙස සේවය කල කාලයේ මෙවැනි පුදුමාකාර කතන්දර කීපයක් මගේ රෝගීන් ගෙන් මම ඇසුවෙමි. මින් එක් කතාවක් මට කීවේ මාගේ රෝගියකු වූ යුද හමුදා සෙබළ මුණවීරය​.

මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර සඳහා සෙබළ මුණවීර මා වෙත යොමු කලේ විශේෂඥ කායික වෛද්‍ය මොරීන් විජේවර්ධන මිය විසිනි. ඔහු ඊලාම් යුද්ධයේ දී තුවාල ලැබූ සොල්දාදුවෙකි. අර්ටිලරි ප්‍රහාරයකදී  හිස තුවාල වූ මුණවීර පශ්චාත් ව්‍යසන අපස්මාරයෙන් ( Post Traumatic Epilepsy) )  මෙන්ම යුද ආතතියේ ලක්‍ෂණද පෙන්වයි. 2003 සිට 2004 දක්වා මම ඔහුට ප්‍රතිකාර කලෙමි. සෙබල මුණවීර තුවාල ලැබූ අවස්ථාවේදී අද්භූත අත්දැකීමකට මුහුණ දුන්නේය​. එම අත්දැකීම ඔහුගේ වචනයන් කීවේ මෙසේය​.

” කොටි අපේ බංකර් වලට ආටි ගැහුවා. ඒ වෙලාවේ මම හිටියේ කලිසමයි කැමා ටී ෂර්ට් එකයි ඇඳගෙන. මම හිටියේ  බංකරයේ එලියේ. ඒ නිසා මට ඩවුන් යන්න වෙලාවක්වත් තිබුනේ නෑ. හෙණ ගහන ශබ්දයකුත් එක්ක විශාල ආලෝකයක් නිකුත් උනා. පස් සීසීකඩ විසි උනා. මට තේරුනා ආටියක් තමයි කියලා. එක පාරටම යකඩ කෑල්ලක් මගේ ඔලුවේ වැදුනා. ඒ පාරට මම විසිවෙලා ගිහිල්ලා වැටුනා. මගේ හිසෙන් තද වේදනාවක් ආවා. ඒ එක්කම මගේ ඔලුවෙන් ගලන ලේ  කැමා ටී ෂර්ට් එක තෙත් කලා “

” මම මිය යයිද කියා බයක් ආවා. මට බිරිඳ ළමයි මතක් උනා. ඒ සමග මට ඇහෙනවා කොටි තව ආටි ගහන හඞ, ඒ වගේම අපේ බංකර වල ඉන්න කොල්ලෝ කෑ ගහන සද්දේ . ඒ එක්කම ෆයර් දෙන සද්දේ. මම පොලවේ වැතිරිලා. ටිකෙන් ටික මගේ ශරීරයේ බර ගතිය අඩු වෙලා යන ගතියක් මට දැනුනා. මාව පාවෙනවා වගේ. මගේ හිසේ වේදනාව ක්‍රමක් ක්‍රමයෙන් අඩු වෙනවා. මාව ඉහලට ඇදිලා යනවා. දැන් මම අපේ බංකර් පෙලට උඩින් ඉන්නේ. මට අපේ බංකර් සියල්ලම වගේ ඉහලින් පේනවා. ඒ එක්කම දුමාරය මම දැක්කා. නමුත් කිසිම ශබ්දයක් මට ඇහෙන්නේ නෑ. උඩ ඉඳන් බලන කොට මට මගේ ශරීරය පේනවා. මගේ ඇස් වැහිලා. මම මැරිලා වගේ පොලවේ වැතිරිලා ඉන්නවා. මගේ හිස , ටී ෂර්ට් එක ලෙයින් තෙත් වෙලා. මට ජීවිතයේ කිසිම දවසක අත් නොවිඳපු ශාන්ත ගතියක් සැහැල්ලුවක් දැනුනා. මට අවශ්‍ය උනා එහෙම පාවි පාවී ශාන්තව ඉන්න​. ඒත් හුලං ඉවර වෙච්ච බැළුමක් වගේ මම පල්ලෙහාට ඇදී ආවා. මම ඇදී ගියා මගේ ශරීරය වෙත​. මම ශරීරයට බද්ධ උනා, ඒ සමගම මට හිසේ වේදනාව දැනෙන්න ගත්තා. අර ශාන්ත සමාදාන ගතිය නැතිවෙලා ශරීරයේ බර ගතිය දැනුනා. මට සද්ද ඇහෙන්න ගත්තා. කොල්ලෝ කෑ ගහනවා, නිලධාරීන් නියෝග දෙනවා, ඒ එක්කම වෙඩි හඞ, අර්ටිලරි හඞ, මම අසරණව වැතිරිලා ඉන්නවා. මට ශරීරය හොල්ලන්නවත් බැහැ. මෙහෙම ඉන්නකොට තුවාලකාරයෝ ගෙනියන සෙබලුන් පිරිසක් ඇවිත් මාව ප්‍රථමාධාර ඒකකයකට ගෙන ගියා. ඉන් පසු මාව පලාලි රෝහල වෙත එව්වා.

මෙම සෙබලා තම අත්දැකීම පැවසීමෙන් පසු මම විශේෂඥ ශල්‍ය වෛද්‍ය එස් එස් ජයරත්න , විශේෂඥ කායික වෛද්‍ය නිමල්කා ආරියරත්න යන මහත්ම මහත්මීන්ටද මගේ කාමරයට ආරාධනා කොට රෝගියාගේ මුවින්ම ඔහුගේ අත්දැකීම විස්තර කිරීමට සැලසුවෙමි. එහෙත් අපට මේ අත්දැකීම වෛද්‍ය විද්‍යාත්මකව පැහැදිලි කිරීමට නොහැකි විය​.

මෙම රෝගියා පැවසූයේ සත්‍යක් නම් ඔහු අත් දුටුවේ කුමක්ද ? තම ශරීරය ඔහු ඉහල සිට දුටුවේද ? එය ඇස්ට්‍රල් බොඩි නම් සංසිද්ධියද ? මෙම අද්දැකීම මොළයට ලේ ගමනාගමනය අඩු වීමෙන් හට ගත් ඔක්සිජන් අඩු තත්වය නොහොත් හයිපොක්සියාව විසින් ඇති කල මනෝ භ්‍රාන්තියක්ද ? මම නොදනිමි . තවමත් මෙයට පිළිතුරු සොයමි.

වෛද් රුවන් එම් ජයතුංග

2 Responses to “නියර් ඩෙත් එක්ස්පීරියන්ස් (Near Death Experience / NDE)”

  1. NeelaMahaYoda Says:

    Dr. Pim van Lommel, a cardiologist in Holand has done some extensive research and published a book on his findings. “Consciousness Beyond Life, The Science of the Near-Death Experience”

    In his book he suggests that the consciousness is nonlocal and can exist without a body. This is very similar to theory explained in Abhidhamma.

    For more than twenty years cardiologist Pim van Lommel has studied near-death experiences (NDEs) in patients who survived a cardiac arrest. In 2001, he and his fellow researchers published a study on Near Death Experiences in the renowned medical journal The Lancet. He, then, wrote the Dutch bestseller Endless Consciousness in 2007; over 100.000 copies were sold in the first year.

    The NDE is an authentic experience which cannot be attributed to imagination, psychosis or oxygen deprivation. After such an profound experience, patient’s personalities underwent a permanent change. In Van Lommel’s opinion, the current views on the relationship between the brain and consciousness held by most physicians, philosophers and psychologists is too narrow for a proper understanding of the NDE phenomenon. The author provides examples and ways that our consciousness does not always coincide with brain functions; that consciousness can even be experienced separate from the body.

  2. Dham Says:

    NMY,
    A person cannot “see” except from ‘eye Ayathana (physical eye+ eye consciousness ?) ‘ or special ‘Ganana’. Here the soldier has “seen” his own body, so he must have had one of these.

    Question 2 – Do you believe “anthara Bhavaya” ?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress