බුදු රජාණන් වහන්සේ ඉතා පැහැදිලිව, මහා හොරාට රාජ්ය භාණ්ඩාගාරයට වැදී සොරකම් නොකරන ලෙස තරයේ අවවාද කර තිබියදී, මහා භාණ්ඩාගාරයට වැදී හොරකම් කලේ ඇයි?
Posted on June 26th, 2016

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

අප ජීවත් වනුයේ බෞද්ධ රාජ්යයකය. මේ රාජ්ය තුල මුල් බැසගෙන ඇත්තේද බෞද්ධ සංස්කෘතිය බැවින් ඒ තුල ඇති මූලික අංග වලින් බැහැරව කටයුතු කිරීමට අපට කොහෙත්ම හැකියාවක් ඇත්තේම නැත. අප,

1,පර පණ නැසීම වරදක් හා මහා පාපයක් ලෙසද.

2.අන් සතු දේ සොරා ගැනීම මහා පාපයක් ලෙසද,

3, පරදා සේවනය මහා පාපයක් ලෙසද,

  1. බොරු කීම මහා පාපයක් ලෙසද,

5, මත්පැන් පානයද මහා පාපයක් ලෙසද, දකින, සංස්කෘතියක කොටස් කරුවෝ වෙමු.

බුදු දහම බෞද්ධ සංස්කෘතිය තුල ඇති මහා විද්යාත්මක සත්ය ඉන්දියාවේ දඹදිවින් ආරම්භව, ලෝකයේ විශාල පෙදෙසක් කරා පැතිර ගියේ තුවක්කුවේ හා යුධ ආක්රමණ තුලින් නොවන බවද ලොවම දනී. බුදු දහම ලෝකයේ ජී වත්වෙන සියලුම සත්වයන්ට ප්රේම කරන මෙෙත්රී කරන දහමක් වුවද? එය හරියට තේරුම් ගන්න බැරිනම් වැලද ගන්න එපා යන්නද කියා ඇති දහමකි.මේ දහම තුල සියල්ලම අන්තර්ගතව ඇති අතර, පුද්ගලයා, පවුල, සමාජය හා රාජ්යයන් කරන හා කල යුතතු ආකාරයද ඉතා පැහැදිලිව දකවා ඇති දහමකි. එබැවින් මේ දහම සමග රජය හැම විටම බැදී සිටිය අතර, ලෝකයේ වෙන කිසිදු රටක දක්නට නැති ආකාරයට මේ රට ආක්රමණය කර අල්ලාගත් සතුරා පවා මේ රටේ බුදු දහම පෝෂණය කර පවත්වා ගෙන යන බවට ගිවිස ගැණිනි. අප සමාජය හා මුල් බැසගත් මේ දහම තුල “මහා සොරෙකු විසින් නොකල යුතු කාර්යයක් ලෙස, රාජ භාණ්ඩාගාරය කොල්ල කෑම” සදහන් කර ඇත. ලංකා ඉතිහාසයේ නිදහස්ලංකාව තුල,පලමුවරට මහා බැංකුව තුලට නීත්යාණුකූල පදනමකින් කඩා වැදී නීතිය ආවරණයක් කර ගනිමින් එහි ඇති මුදල් මංකොල්ල කන කණ්ඩායමක් සම්බන්ධව මුලු රටම ඉතා උණුසුම් තත්වයකට පත්වෙමින් සිටින අවසියක් හරහා අප ගමන් කරමින් සිටිමු

https://www.youtube.com/watch?v=o_BQvwy-v0s

මේ ඔබ දකින වීඩියෝව මගින් ඉතා පැහැදිලිව, මහා බැංකුව තුලසිදුවූ බැඩුම් කර වංචාව සම්බන‌්ධව මුලු රටටම එලි දක්වන තත්වයකඅ තුල, ඇත්තටම මේ සි දුවීම තුල සිටින මහා හොරා කවුද සහයක හොරුන්කවුද යන්න සම්බන්ධව අවබෝධයක් ලබා ගතයුතුමය. මේ සංවාදය දෙස බලන විට, මෙරට ජනතාවට විශාල හොර නඩයක් කෝටි දෙකක්වූ මෙරට ජනතාව සතුවූ මුදල් සමග මහා පරිමාණයේ, වංචාවක් අඛණ්ඩව සිද‌ුකරමින් සිටින බවට චිත්රයක් මවාපායි.

මෙය සත්යක් නම් මෙරට ජනතාව මේ මුහුණ දෙමින් සිටින්නේ, ඉතිහාසයේ මේ රටට සිදුකරන මහාම ඛේදවාචක් සමග බව අවබෝධ කරගතයුතුය. මෙය කොටි ත්රස්තවාදයට වඩා විනාශකාරී මහා ත්රස්ත ප්රහාරයක් බව සාමාන්ය ජනතාවට වටහා ගැනීමට හැකි ආකාරයට මේ සිද්ධියේ සත්යතත්වය ජනතාවට පැහැදිලි කරදී මේ මහා වංවා නවතාලීමට කටයුතු කල යුත්තේ මේ කොල්ල කන්නේ මෙරට ජනතාව සතු මුදල් බැවිණි. මේ අවස්ථාවේදී, “සිරස රූපවාහිනී නාලිකාව” ඉදිරිපත්ව ජනතාවට නිසි අවබෝධයක් මේ සම්බන්ධව ලබාදීමේ මේ කාර්යය ඉතා අගය කල යුතු මහා පින්කමක් බව සටහන් කල යුතුමය.

මේ සංවාදය, ඉතා පැහැදිලිව, මහා බැංකු වචාවට සම්බන්ධව මහා චිත්රයක් ජනතාව ඉදිරියේ නිර්මාණය කර ඇති අතර, ඒ චිත්රයට අනුව, මෙය පෙර සැලසුම් කර, ඒ කටයුත්ත සදහාම මහා බැංකු අධිපතිවරයා පත්කර ඇති බවත් , ඔහුව පාවිච්චි කර රාජ්ය පාලක හොරු කණ්ඩායම මුදල් එලියට ඇද ඇති බවක් මනාව ඉදිරිපත් කරයි. මේ අනුව මෙම මබැදුම්කර වංචාව පිටුපස,

  1. මහා බැංකු අධිපතිවරයා,
  2. එතුමාගේ බෑනා හා ඔහුගේ සමාගම,

3රාජ්ය පාලක දේශපාලන නායකයින්,

  1. ශ්රී ලංකා බැංකුවේ සභාපතිවරයා

ජනතාව ඉදිරියේ නිරාවරණයව ඇත. අඛණ්ඩව සිදුකරමින් යන මේ මහා බැංකු මකොල්ලය මගින් දැනට ජනතා‌ට‌ බදු බර පටවා, ගිය රජය ගත් ණය පියවීමට යයි කියමින් අය කරන 15% වැට බද්දේන් ලැබෙන සියලුම ධනය මහා හොරුන්ගේ අතට ගලා යාම නීත්යාණු කූල කටයුත්තක් බවට පත් කර ඇත. කෝටි දෙකක ජනතාවගේ උන්නතිය සදහා ඇති මුදල් මේ මිනිසුන් 7ත් 8ට දෙන‌ෙකු අතට පත්වීම දෙස මෙරට කෝටි දෙකක ජනතාව බලා සිටින්නේ නම් ඒ මේ රටේම කරුමයක් බව සටහන් කල යුතුමය. මෙතන දේශපාලනයක් නැත. එක්සත් ජාතික පක්ෂයද, නැත්නම් ඒකාබද්ධ විපක්ෂයද, එහෙමත් නැත්නම් ජනතා විමුක්ති පෙරමුණද යන්න මෙතනට අදාල නොවේ, මේ කථාව සත්යක්නම් මේ හොරා කන්නේ පක්ෂ බේදයකින් තොතව සියල්ලන්ගේම ධනයයි. මෙය නවතා ලිය යුතුය. නවතා ලිය හැකිය. එය කල හැකඅකේ මෙරට ජනතාවටයි. ඒ කෙසේද යන ප්රශ්නය දැන් ඔබ ඉදිරියේ ඇත.

මේ බැදුම්කර වංචාවට පාවිච්චිකර ඇත්තේ ඔබේ ලංකා බැංකුවේ තැන්පත්කර ඇති ධනයයි. ඔබට මට ණයක් ගන්නට යනවිට ඇති දහසක් බාධක ඉවතලා මේ වංචාකරුවන්ට, ලංකා බැංකුවේ තැනඅපත් කර ඇති අපේ ධනය පාවිච්චි කර ඇත. මේ ආකාරයේ කටයුතු හේතුවෙන් ලංකා බැංකුවත් මෙරට තිබූ ප්රමුඛ බැංකුවට අත්වූ ඉරණමට පත්කර මෙරට ජනතාවගේ මුදල් ඔවුනට අහිමි කරන අන්තයක් දක්වා ගමන් කරවියද හැක. එබැවින් මඑරට ජනතාව ලංකා බැංකුව තුල ඇති තමන්ගේ සංචිත ඊට වඩ් ආරක්ෂිත බැංකුවක තැන්පත් කිරීමට පියවර ගත යුතුය. ඒ තුලින් මේ බැදුම් කර වංචාවට දායකත්වය සැලසූ එම බැංකුවට අමතක නොවන පාඩමක් උරුම කර ජාතියම නව සටන් මාවතකට යොමු කිරීමට පලමු පියවර තැබිය යුතුය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress