පොලිස් නිල රථ යේත්  දෙවියෝ  වැඩ සිටී
Posted on July 6th, 2016

ධර්මසිරි සෙනෙවිරත්න

ඇමරිකාවේ  පොලිස් නිල රථ වලද    POLICE  යන වචනයට පහලින්    IN  GOD  WE  TRUST  යනුවෙන් ලියා තිබෙනු ඔබ දැක තිබේද  . ඇමරිකාවේ සාමය රකින  නීතිය ක්‍රියාත්මක කරන පොලිසිය  වැඩ කරන්නේ රටේ ව්‍යවස්ථාපිත නීතිවලට අනුකුලවද එහෙම නැත්නම් කිසියම්  නොපෙනෙන දෙවියකුගේ නීතිරීතිවලට අනුවදය් පැනයක් මතුවේ . රට ව්සියා විශ්වාසය තැබිය යුත්තේ  කා වෙතද . මැවුම්කාර දෙවියන්වහන්සේ  ඔවුන්ගේ දෙවියන්ය . දෙවියන් විසින් මවු සියල්ලෝම දෙවියන්ගේ දරුවෝය .එහෙත් මේ දරුවන් අතර බෙහෙවින් අසමානකම් ඇත .එකෙක් මවු කුසේ සිටම අබ්බගාතයෙකි එකෙක්  මෙලොව එලිය දකින්නෙම  ප්‍රකොටිපතියෙකු ලෙසය . මේ දෙන්නාම  බිහිකළ පියා ගේ අදහස්  ගැන සමහරුන්ට විශ්වාසයක් නැත අ බ්බගාතයා බිහිකළේ .  හිතක් පපුවක් නැතුවද . එසේනම් එවැන්නෙක් ගැන  විශ්වාසය තැබිය හැකිද මැවීමක් නැතිව වෙනත් ක්‍රමයකට  බිහිවන්නේ නම් ප්‍රශ්නය බරපතල නැත .ඒවාට විවිධ හේතු ඇත ලෝකයට පාඩමක් උගන්වන්න කියා අබ්බගාතයන් බිහි කරන පියෙක්  සිටිය හැකිද පාඩම් ඉගැන්වීමට හොඳම දෙය හොඳ මොලයක් ඇති ය බිහිකිරීමය් .මේවා විස්තර කිරීම අවශ්‍ය නැත .  මෙවැනි  අ  යුක්ති සහගත  ක්‍රියාවක් කරන කෙනෙක්  ගැන පොලිසියත්  ජනතාවට මතක් කරන්නේ නම් ..  ලංකාවේ කලක් රජ කල    ජේ ආර් ජයවර්ධන  කිව්වාක් මෙන් ඇමරිකන් ජනතාවද  ”””’තමන්ගේ ආරක්ෂාව තමන් විසින්ම  බලාගතයුතුය  ”’.
                                     මුදල් නොට්ටුවේද   එයම සටහා න් කර ඇත .මුදල් නොට්ටුවත් පොලිසියත් දෙකම එදිනෙදා ජීවිතයට  එකසේ වැදගත් දෙකකි  .හැමවිටම god මතක් කකිරීමට රජය කටයුතු කර ඇත  . එහෙත් රට අනාගමික    ලු . god  හැමටම ඉහළිනි .එංගලන්තයේ රැජින එහි ආගමික නායකයාය . රැජින එනවිට බිශෝප්ලාත් නැගිටිති .  සිංහලේ රට හැදුවේ බෞද්ධයන් වුවත්   ඔවුන්ගේ රට ” මේ සිංහල අපගේ රටය් ” යනුවෙන් කීමත්  ලැජ්ජාවට කරුණක්  බව  ”’ප්‍රගතිශීලී ”’ ගායිකාවෝ පවසති . දාගැබ් වෙහෙර විහාර ගඩොල් මෝඩයන්ගේ වැඩ බව මාක්ස් වාදීහු පවසති සිංහල බෞද්ධ  ”සම–  හරක් ”’ තමන්ගේම දර්ශනය   නදත්තුකිරීමේ කාර්යය    අන්‍යාගමිකයන්ට පවරාදී  බලා සිටිති උන්  දැන් වසර දෙතුන්දාහක් තිස්සේ   පැ වතී බෞද්ධ ජීවන ක්‍රමය  විනාශ කර   ව්‍යවස්තාව මගින්ම රට අනාගමික  කිරීමට  වැඩකරගෙන යති  ..
                      තව ටිකකලෙකින් ..”’IN GOD  WE  TRUST පුවරු     ”නමෝ බුද්ධාය ”’    – තෙරුවන් සරනය් ”’ පුවරු වලට ඉහලින් දිස් වෙනු ඇත .  .මල වුන් අතර සිටින    දෙවියන් වහන්සේ  නැගිට අවුත්   අවුකන  පිළිම වහන්සේ  වලට දමනු ඇත .
 එවිට                   ”’ඇසේ  මතුවන කඳුළු බිඳු  ගෙන ”” කාගේ සිරිපා දොවන්නද    බොදුනුවනි .

4 Responses to “පොලිස් නිල රථ යේත්  දෙවියෝ  වැඩ සිටී”

  1. S.Gonsal Says:

    Simply do not let that happen. Don’t cry just yet.

  2. NAK Says:

    The same police make sure to leave the GOD inside the car when they kill a black boy!!!

  3. Christie Says:

    මම නම් හිතන්නෙ එක් එක් ආගම් ගැන වෙනත් ආගමක අය කතා කරන එක හරි නැහැ කියලයි.

  4. Senevirath Says:

    ඉස්ලාම් දහමට අනුව isis ත්‍රස්තයෝ මිනිසුන් මරනකොට අන්‍යාගමිකයෝ කටවහගෙන ඉන්න ද සමාජයට බලපාන ඕනෙම දෙයක් විවේචනය කිරීමේ සනාතන අයිතියක් හැමට ඇත

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress