ඡායාවේ මායාව
Posted on July 13th, 2016

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

ඒකාබද්ධ විපක්‍ෂය, ඡායා කැබිනෙට්ටුවක් ගොඩනංවා ඇති බවට පුවතක් රට පුරා ප්‍රචලිත විය. බලවත් දේශපාලන මධ්‍යස්ථානයකින් සිදුවිය විය යුතු මෙවන් කාර්‍යයක්, ළදරු, නොමේරූ දේශපාලන ප්‍රපංචයකින් ගොඩනැංවී ඇති බව ඇසීමත් ආශ්වාදණීය සුභාරංචියක් විය. මේ ලාබාල දේශපාලන ව්‍යපාරය  තුල සිටින පලපුරුදු කෘතහස්ත දේශපාලඥයින්ට ඇවැසි නම් ඕනෑම අභියෝගයකට මුහුණ දිය හැකි බව දන්නා බැවින් මේ පුවත සත‍්‍ය පුවතක් ලෙස අපද වැළඳ ගත්තෙමු. මෙය කලහැකි හා කලයුතු ප්‍රබල දේශපාලන කර්තව්‍යකි.  එවැන්නක් ඒකාබද්ධ විපක්‍ෂය විසින්ම ගොඩනැංවූ බව පුවත් මගින් යලි යලිත් සනාථ කරන්නට විය.

අමාත්‍යධූර 51කින් සමන්විත මේ දේශපාලන ක්‍රියාවලිය එලි දැක්වීමත් සමගම වඩාත්ම වික්‍ෂිප්තභායට පත්වූයේ, ඒකාබද්ධ විපක්‍ෂට සම්බන්ධව කටයුතු කරන පිරිස්ම වීම විශේෂිතය.වික්ෂිප්තභාවයට පත් සමහරෙක් තමන්ට ලබාදුන් කැබිනට් අමාත්යධූර ප්තික්ෂේප කලහ. ඡායා කැබිනෙට්ටුව හා එම අමාත්ය තනතුරු වල ප්රබලත්වය කුමක්දැයි නොදත් අපේ දේශපාලඥයෝ අවඥා සහගත ලෙස මේ ක්රියා වලිය දෙස බලන්නට විය. ආණ්ඩුපක්ෂ හා විපක්ෂ දේශපාලඥයෝ මෙය අපහාසයට හා උපහාසයට ලක්කරමින් කථා කරනුද දක්නට ලැබිණි. සමහරෙක මෙය විකාර රූපී කාර්යයක් ලෙස දුටු අතර, තවත් සමහරෙක් මෙය නිකම්ම නිකම් දේශපාලන කෝළමක් ලෙසද හුවා දක්වන්නට වෙර දැරූහ.

ඇත්තටම මේ රට තුල රජයක් නැත. අප එසේ කියන්නේ, ඉතා බලගතු පැහැදිලි කරුණු සහිතවය. රජය යනු

  1. විධායකය,
  2. ව්යාවස්ථාධායකය
  3. අධිකරණය යන කරුණු වලින් යුක්තව රට සංවර්ධනයේ දිසාවට මෙහෙයවන යාන්ත්රණයයි.

1අ. ජනාධිපතිතුමාගේ විධායක බලතල ඉවත්කරන බව මැතිවරණ පොරොන්දුවයි. එය ව්යාවස්ථානුකූලව  ඉවත් නොකලාට, සැබෑ ලෙසම එම බලතල ඉවත්කර ඇති බවක් රටට දිස්වේ.

2අ. ව්යාවස්ථාදායකය කෝළමක් බවට පත්ව ඇත. සමහර බදු ගැසීම ආරම්භකර පසුව පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්නා තත්වයේ මස්තබාල්දු පාර්ලිමේන්තුවක් නිර්මාණය කර ඇත.

3අ. මහා බැංකුව සුද්ද කරන්නේ කිසිදු බියක් හිරිකිතක් නැතිවය. ඒ මහා මුදල් වංචාවන් හමුවේ අධිකරණයට කල හැකි කිසිවක් නැත. විනිසුරුවරුන්, චූදිතයින්, සිරගත කරන්නේ කිසිදු නීතියක් නොදන්නවුන් සේය.

රට අරාජිකය, රජයක් නැත. නව රජයක් ඇවැසිව ඇත. ඒ සදහා අපට, ඡායා කැබිනෙට්ටුවක් නොව, ඡායා රජයක් අවශ්‍ය තත්වයක් තුල අඩුම තරමින් මේ ඡායා කැබිනෙට්ටුවේ ආරම්භය සම්බන්ධව සැකමුසු සියුම් සතුටක්ද ඇතිවිණි. සතුට බිද වැටී, සැකය පන ගැන්විණි. තමන් මේ සිටින්නේ රජයක් නැති අස්ථාවර රටක බව නොදත්තවුන් සේ හා තමන් කිසිදා අසා නැති දෙයක් සේ, ඡායා කැබිනෙට්ටු සංකල්පය ගලවා ඉවත් කලේ, මෙය ස්ථාපිත කිරීම තුලින් තමන් ලොකු වරදක් කලවුන්සේය. ඇත්තටම මේ ඉවත් කලේ තමන් ස්ථාපිත කරන ලද බලවත්, වටිනාම යුගයේ සිදුකල යුතුව තිබූ කාර්යයක් බව මෙය ඉවත් කල කිසිවෙකුටත් වැටහෙන්නේ නැති බව, මෙය ඉවත් කල ආකාරයෙන්ම පැහැදිලිවේ. දැන් මේ තත්වය යටතේ අප විසින් සිදුකල යුත්තේ කුමක්ද?  ජනතාව සියලූම මායම් වලින් ගලවා ගැනීමට කටයුතු කිරීමයි; ඡායා කැබිනෙට්ටුවක් නොව අවශ්යව ඇත්තේ, ඡායා රජයක් පිහිටුවා ගැනීමයි. මෙය ජනතාවට අවබෝධ කරදිය යුතුය. මෙහි ඇති වාසිදායක තත්වයන්ද ජනතාවට පැහැදිලි කරදීය යුතුය.

අප ඉගෙන ගත යුත්තේ, අප තුලින්මය.
මෙෙත්රීපාල සිරිසේන මහතා යනු කවුද?

මෙරට විධායක ජනාධිපතිවරයාය.

1.එතුමාව මහින්ද රාජපක්ෂ මහතාගෙන් ගලවා ඉවත්කර ගත්තේ කවුද?
2.එසේ ගලවා ඉවත්කරගෙන, ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන ලද්දේ කවරෙක්ද?

3.රනිල් වික්රමසිංහ මහතාව ජනාධිපතිවරණ සටන් වලින් ඉවත් කරන ලද්දේ කවරෙක්ද?
4.එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ ඡන්ද මෙෙත්රීපාල සිරිසේන මහතාට ලබාදීමට කටයුතු කලේ කවුද?
5.දෙමළ ජාතික සන්ධානයේ හා මුස්ලිම් ඡන්ද මෙෙත්රීපාල සිරිසේන මහතාට, ලබාදීමට කටයුතු කලේ කවුද?
6. සැබෑ ලෙසම උතුරු පලාතේ ජනතාව ඉහලම ප්රතිශතයන්ගෙන් ජන්දය පාවිච්චි කලාද?
7.මැතිවරණ දෙපාර්තමේන්තුව තුල මහින් රාජපක්ෂ මහතා පරදවීම සදහා ඉටුකල කාර්යයන් මොනවාද?
8. පරාජයට පසුව ඒ සම්බන්ධව අධිකරණ ක්රියාමාර්ගයක් නොගත්තේ ඇයි?
9.මහා‌මැතිවරණයේදී මෙෙත්රීපාල සිරිසේනගේ පිලෙන්ම මහින්ද රාජපක්ෂ කණ්ඩායමට තරග කිරීමට බලකර සිටියේ කවුද?
10.අවසාන මොහොතේ සන්ධානයේ ලේකම්ව මාරු කර මෙෙත්රීපාල අතට බලය ගොනුකර ගන්න උපදෙස් දුන්නේ කවුද? 11.මහින්ද ජයගත්තත් මහින්දට අගමැති වෙන්න දෙන්නේ නැහැ යන ප්රකාශය කිරීමට මෙෙත්රීපාල සිරිසේන මහතාට සිදුවුණේ ඇයි? 12.වසරක් පුරා මහින්ද රාජපක්ෂ මහතාට මානසික වධ  බන්ධන වල නිර්මාතෘවරු කවුරුන්ද?
13.නීත්යානුකූල නොවෙන ආයතනවලින් අත් අඩංගුවට ගැනීම සදහා ඒකාබද්ධ විපක්ෂය ඉඩදී බලා සිටින්නේ ඇයි?
14.හදිසි නීතියක් නැති රටේ, උසාවියෙන් අඩ ගැසූ විට ඉදිරිපත්වෙන පාර්ලිමේන්තු මන්ත්රීලාව සිරගතකල නොහැකි පදනම කදී වුවද ඊට ඉඩදී බලා සිටින්නේ ඇයි?
15.ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කල ඡායා කැබිනෙට්ටුවට එරෙහිව මෙහෙයුම දියත්කලේ කවුද?

මේ සියල්ලක් පිටුපසම සිටින්නේ තවත් ඡායා රජයක් බව මෙරට ජනතාව අවබෝධ කරගත යුතුය. ජනාධිපතිවත්, අගමැතිවත් මේ වනවිට මෙරට ජනතාව පත්කල අය ලෙස කටයුතු නොකරන්නේ ඔවුනද ඡායා රජයක ඉත්තන් වන බැවිණි. ඒකාබද්ධ විපක්ෂයට ඒ ඡායා රජයේ ඉත්තන් ලෙස කටයුතු කල නොහැක. ඒබැවින් වහාම 57 ලක්ෂයක් ජනතාවගේ ගෞරවය ආරක්ෂා කරමින් ඒ ජනතාව වෙනුවෙන් නිසි වැඩපිලි වෙලක් සහිතව, මධ්යගත ප්රජාතන්තරවාදී ලෙස චායා රජයක් මේ අවස්ථාවේදී ගොඩනංවාගෙන ජනතාව තුලට ගොස් වැඩකිරීම ආරම්භ කරන ලෙස අපද ගෞරවපූර්වකව ඉල්ලා සිටිමු. ඡායා රජයක් යනු බලවත් කටයුත්තක් මිස විගඩමක් නොවේ.

 

One Response to “ඡායාවේ මායාව”

  1. Kumari Says:

    Sri Lanka has an offshore Shadow Government from January 8th. Our current suckers who are holding these legislative positions don’t even understand what the expectations of the electorate are. Specially Sirisena, Ranil, Chandrika and Mangala are brain dead.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress