දැනට උපාධිය සම්පූර්ණ කල උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන් 850ක් වසර 05කටත් වැඩි කාලයක් තිස්සේ රැකියා නොමැති කමින් පීඩා විදිති.
Posted on September 19th, 2016

 – UAMGU – 2016.09.19 

          2015 වර්ෂයේ 02/24 දින සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමති තුමන් රැකියා 600ක් කඩිනමින් ලබා දෙන බවට පොරොන්දු විය. ඒ අනුව 2015/06/11 දින කැබිනට් තීන්දුවක් ලැබුණු අතර එය වසරක් ගතවන තුරුත් ඉටු නොවන තත්වයක් තුල අප සංගමය විරෝධතා ක‍්‍රියා මාර්ග වලට යොමුවූ අතර අවසාන ලෙස 2016/07/13 සිට 07/26 දක්වා අඛණ්ඩ සත්‍යග‍්‍රහයකද නිරතවීමේ ප‍්‍රතිඵලයක් ලෙස සෞඛ්‍ය අමාත්‍යතුමන් 08/03 වන දින අප සංගමයට ලබා දුන් සාකච්චා අවස්ථාවකදී 932 ක  නව තනතුරු ප‍්‍රමාණයක් කලමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියට යවා ඇති බවත් ඊට අදාල සියළු මුදල් වෙන් කරගෙන ඇති බවත් ප‍්‍රකාශ කරන ලදී එය අනුමත වූ වහාම බඳවා ගැනීම් සිදුකරන බවට පොරොන්දු විය. ඊට අමතරව පාර්ලිමේන්තුවේ දීත් මාධ්‍ය මගින් ද ඒ බව තහවුරු කරමින්  ප‍්‍රකාශ නිකුත් කරන ලදී.     

            නමුත් 2016/09/13 වන දින විට කලමනාකරණ සේවා දෙපාර්තමේන්තුව ප‍්‍රජා සෞඛ්‍ය වෛද්‍ය තනතුරු 166ක ප‍්‍රමාණයක් සදහා පමණක් අනුමැතිය ලබා දී සෞඛ්‍ය අමාත්‍යංශය වෙත එවා ඇත. එම ප‍්‍රමාණය දැනට රුකියා විරහිත ගැටළුවට කිසිසේත්ම සෑහීමට පත්විය හැකි විසඳන ප‍්‍රමාණයක් ද නොවේ.

            යහපාලන ආණ්ඩුව තරුණ ප‍්‍රශ්න විසදනවා වෙනුවට අරගලයන් නැවැත්වීමට පමණක් බොරු පොරොන්දු ලබා දෙමින් ඒවා ඉටු නොකර තවතවත් එම ගැටළු උග‍්‍ර තත්වයට පත්කරමින් කල් මරමින් සිටීම සම්බන්ධව අප සංගමයේ දැඩි විරෝධය ප‍්‍රකාශ කර සිටිමු. රජය තවදුරටත් මෙම ප‍්‍රශ්නයට සාධාරණ පිළිතුරක් ලබා නොදෙන්නේ නම් අප අරගලය සියළු දෙනාටම රුකියා ලබා දෙන තුරු ක‍්‍රියාත්මක කිරීමට අප සංගමය තීරණය කර ඇත.  

ස්තූතියි,

ලේකම්,

H.G.S. චතුරංග                                            සම්බන්ධීකරණය – දු.ක -071 6 433 359 ( මලිත්) 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress