ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පවතින දකුණු කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය (ECT) පුද්ගලික සමාගමක් වෙත විකුණා දැමීමට ගෙන ඇති තිරණය සම්බන්ධවයි
Posted on September 21st, 2016

 – ACGPEU – 2016.09.21

ගරු ජනාධිපතිතුමා,

ජනාධිපති ලේකම් කාර්යාලය,

කොළඹ 01.

 

ගරු අග‍්‍රාමාත්‍යතුමා,

අග‍්‍රාමාත්‍ය කාර්යාලය,

කොළඹ 01.

ගරු ජනාධිපතිතුමනි, ගරු අගමැතිතුමනි,

ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පවතින දකුණු කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය (ECT) පුද්ගලික සමාගමක් වෙත විකුණා දැමීමට ගෙන ඇති තිරණය සම්බන්ධවයි – ACGPEU – 2016.09.21

ඉහත කරුණ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකා අංක 15/0924/624/026 හා 2015.06.22 දින මඟින් කොළඹ දකුණ වරායේ නැගෙනහිර පර්යන්තයෙහි (ECT) 49% ක කොටස් ප‍්‍රමාණයක් පුද්ගලික සමාගමක් වෙත විකුණා දැමීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.

එසේ තිබියදී ගරු අග‍්‍රාමාත්‍යතුමාගේ මූලිකත්වයෙන් ක‍්‍රියාත්මක වන ආර්ථික කළමණාකරණ කමිටුව විසින් අනුමත කැබිනට් තීරණය අහෝසි කර නැගෙනහිර පර්යන්තයේ 85% ක කොටස් පුද්ගලික සමාගමක් වෙත ලබා දිය යුතු බවට තීරණය කර ඇත.

ඒ අනුව, වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය විසින් නැගෙනහිර පර්යන්තයේ 85%ක කොටස් පුද්ගලික සමාගමක් වෙත විකුණා දැමීම සඳහා 2016.06.08 දින පුවත්පත් මඟින් ලංසු කැඳවීම සිදු කර ඇත.

නැගෙනහිර පර්යන්තය යනු ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය සතු මහා පරිමාණ නෞකා මෙහෙය විය හැකි එකම පර්යන්තය වේ එහි ඉදිකිරීම් මේ වන විට අවසන් කර ඇත. ඉතිරිව ඇත්තේ මෙහෙයුම් උපකරණ මිලදී ගෙන මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම පමණි කුඩා නෞකා නාවික කටයුතු වලින් ඉවත්වෙන තත්වයක් තුල ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය සතු ජයබහාළු පර්යන්ත හා සමඟි බහාළු පර්යන්තවල කාර්යභාරය අහෝසි වී යාම අනිවාර්්‍යයක් වී ඇත.

අලූත්ම තත්වය වී ඇත්තේ නැගෙනහිර පර්යන්තය ඉන්දියානු සමාගමක් වෙත ලබා ගැනීම සඳහා ඉන්දියානු රජයේ බලපෑම මත ලංසු කැඳවීම අවසන්ව තිබූ 2016 ජූලි 22 දිනය 2016 අගෝස්තු 31 දක්වා නැවත දීර්ඝ කිරීමක් සිදු කර ඇත. එළඹෙන දෙසැම්බර් මස ඉන්දියාව සමඟ රජය එට්කා වෙළඳ ගිවිසුමකට එළඹෙන බව ප‍්‍රකාශ කර ඇත’ මෙවැනි පසුබිමක වරාය සේවකයාගේ රැකියාවන්ට හා ඔවුන් මේ වන විට උපයන වැටුප් කෙරෙහි සෘජු බලපෑමක් එල්ල වීම වැළැක්විය නොහැක.

ගරු ජනාධිපතිතුමනි, ගරු අගමැතිතුමනි,

ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට අයත් නැගෙනහිර පර්යන්තය පුද්ගලික සමාගමක් වෙත විකුණා දැමීමට ගෙන ඇති තීරණය වහා අහෝසි කර එම පර්යන්තය වරාය අධිකාරිය යටතේ මෙහෙයුම් කටයුතු සිදු කිරීමට කටයුතු කරන ලෙස ඔබතුමන්ලාගේ රජයෙන් ඉල්ලා සිටිමි. එසේ නොවී මහ පොළව නොහඳුනන ආර්ථික උපදේශකයන්ගේ උපදෙස් වලට අනුව කටයුතු කර නැගෙනහිර පර්යන්තය පුද්ගලික සමාගමකට පැවරුවහොත් එම දිනය වරාය අධිකාරියේ මළගම සනිටුහන් වන දිනය බව කණගාටුවෙන් යුතුව ඔබතුමන්ලා වෙත දන්වා සිටීමට කැමැත්තෙමි.

මෙම කරුණ සම්බන්ධයෙන් මීට පෙර අවස්ථාවක ද ඔබතුමන්ලා දැනුවත් කර සාකච්චාවක් ඉල්ලා ඇතත් මේ දක්වා ඊට අවස්ථාව සලසා දී නැත. නැගෙනහිර පර්යන්තයේ 85% ක කොටස් පුද්ගලික අංශයට විකිණීමට ගෙන ඇති ක‍්‍රියාමාර්ග මඟින් සියලූම වරායන්ට හා සේවක රැකියාවන්ට දැඩි බලපෑමක් එල්ල වන බැවින් කඩිනම් වෘත්තීය සමිති සාකච්චාවක් අප වෙත ලබා දෙන ලෙස ඔබතුමන්ලාගෙන් නැවතත් ඉල්ලා සිටීමට කැමැත්තෙමි.

 

ස්තූතියි, 

මෙයට,

විධායක සභාව වෙනුවෙන්

චන්ද්‍රසිරි මහගමගේ

ප‍්‍රධාන ලේකම්                                        සම්බන්ධීකරණය – 071-2051388

 

පිටපත්           ඃ

  1. වරාය හා නාවික කටයුතු ගරු අමාත්‍යතුමා
  2. සභාපති – ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය
  3. ලේකම්තුමා – වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය
  4. සියලූ ජනමාධ්‍ය ආයතන

 

One Response to “ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පවතින දකුණු කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය (ECT) පුද්ගලික සමාගමක් වෙත විකුණා දැමීමට ගෙන ඇති තිරණය සම්බන්ධවයි”

  1. plumblossom Says:

    This UNP is trying to privatise state enterprises suggesting that they are loss making. I would like to point out to this treacherous UNP Government that they have no right to privatise any state enterprises since they belong to the people of Sri Lanka in general and is not their private property to privatise as they wish. If state enterprises are loss making, appoint a good management team to manage the state enterprise properly. This treacherous UNP Government is privatising state enterprises citing loss making as an excuse since they are also privatising even profit making state enterprises. Actually this UNP Government is selling all state enterprises to their friends in high places and to companies of those foreign powers who helped them come to power monetarily and via totally false propaganda during their election campaign and this is their pay back.

    We would warn any buyer of any state enterprises being privatised by this treacherous UNP Government that as soon as a a new Government comes to power, all these selling of state enterprises will be considered null and void and anyone who buys up any of these state enterprises will have to bear the loss of buying any state enterprise. Therefore we urge all potential buyers not to buy any state enterprise since as soon as a new Government comes to power, all such selling of state enterprises will be considered null and void and they will only end up making a loss.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress