Portion of bond scam money already sent to Singapore – GL
Posted on November 8th, 2016

බැඳුම්කර සල්ලි සිංගප්පූරුවට යවනවා – කොළඹින් ඉඩම් ගන්නවා

බැඳුම්කර ගනුදෙනුවෙන් උපයා ගත් මුදල් පර්පචුවල් සාමගම විසින් සිංගප්පූරුවට යැවීමට පියවර ගෙන ඇතැයි වාර්තා වූ බව හිටපු
අමාත්‍ය මහචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.

8 Responses to “Portion of bond scam money already sent to Singapore – GL”

  1. Christie Says:

    Indian Empire and Indian colonial parasites and their suckers like Chandrika, Banda’s daughter has to get their money back from the Sinhalese that was invested in the election.

  2. Ananda-USA Says:

    What is President Ayoooo SIRISENA doing?

    Singing Bala while the Nation’s Wealth is Smuggled ABROAD?

    Why are you NOT ACTING to PROTECT our Country?

  3. Ananda-USA Says:

    Oops! I meant “singing Baila” ….. of course! :) :)

  4. Lorenzo Says:

    TRUMP wins 301 to 237!!

    Well done TRUMP.

    HILARIOUS CLITORIS LOST again!

    So what happened to TAMILS FOR CLINTON?
    What happened to Tamils cracking coco-nuts?

    HOOOOOOOOOOOOOOOOOOOOOOOOOOO!

  5. S.Gonsal Says:

    If they really do this, best action for the whole of the year by JO. I doubt them though , may be talk only.

    ඒකාබද්ධය බැඳුම්කරය ජාත්‍යන්තරයට ගෙනයයි

    සිංගප්පූරු මහ බැංකුවටත් පැමිණිලි කරනවා
    – ජී.එල්. පීරිස්‌ කියයි

    ශ්‍යාම් නුවන් ගනේවත්ත

    හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා පුරවැසිභාවය දරන සිංගප්පූරුවේ සිංගප්පූරු මූල්‍ය අධිකාරිය (සිංගප්පූරුවේ මහ බැංකුව) ඇතුළු ප්‍රධාන ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලට ශ්‍රී ලංකාවේ බැඳුම්කර වංචාවට අදාළ ප්‍රධාන පරීක්‍ෂණ වාර්තා ඉදිරිපත් කිරීමට ඒකාබද්ධ විපක්‍ෂය තීරණය කර ඇතැයි හිටපු විදේශ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා කීවේය.

    ඒ අනුව සිංගප්පූරු මහ බැංකුවට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව යන ප්‍රධාන ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලට එම බැඳුම්කර වංචාවේ පරීක්‍ෂණ වාර්තා ඉදිරිපත් කරන බව ද මහාචාර්යවරයා ඊයේ (08 දා) කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීවේය.

    මේ අනුව බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අර්ජුන මහේන්ද්‍රන් මහතා වගකිවයුත්තකු ලෙස නම් කර ඇති කෝප් වාර්තාව බැඳුම්කර නිකුතූන්වලට අදාළ රජයේ විගණකාධිපති වාර්තාව සහ මේ සම්බන්ධයෙන් වන මහ බැංකුවේ අභ්‍යන්තර පරීක්‍ෂණ වාර්තාව යන ප්‍රධාන වාර්තා තුන සිංගප්පූරු මහ බැංකුව ඇතුළු ආයතනවලට ඉදිරිපත් කිරීමට නියමිත බව ද මහාචාර්ය ජී. එල්. පීරිස්‌ කීවේය.

    ලබන සතිය ඇතුළත එකී වාර්තා ඒකාබද්ධ විපක්‍ෂය විසින් එම ජාත්‍යන්තර ආයතන වෙත යවමින් එම ආයතන දැනුවත් කිරීමට අපේක්‍ෂා කරන බව ද මහාචාර්යවරයා කීවේය.

    අගමැතිවරයා නිතරම කියන්නේ මේ රට සිංගප්පූරුවක්‌ කරන බවයි. අර්ජුන මහේන්ද්‍රන් මේ රටේ පුරවැසියෙක්‌ නෙවෙයි සිංගප්පූරු පුරවැසියෙක්‌. මහ බැංකු අධිපති පදවිය අහිමි වූ ඔහු අද අග්‍රාමාත්‍ය කාර්යාලයේ උපදේශකයෙක්‌ ලෙස තබාගෙන සිටිනවා. මේ වන විට චෝදනා එල්ල වූ බැඳුම්කර වංචාවට පාර්ලිමේන්තු කෝප් වාර්තාව මගින් අර්ජුන මහේන්ද්‍රන් වගකිවයුත්තකු ලෙසත් නම් කර තිබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අදාළ බැඳුම්කර නිකුතූන්වලට අදාළ වාර්තා තුන සිංගප්පූරු මහ බැංකුව ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය ආයතන වෙත ලබාදීම ඉතා වැදගත් යෑයි ද හිටපු විදේශ ඇමැතිවරයා කීවේය. එවිට හොරකම් කරන්න ඉඩ දෙන මිත්‍රයන්ට මහජන මුදල් සාක්‌කුවේ දාගන්න ඉඩ දෙන එවැනි අයට ආරක්‍ෂාව සලසන වාතාවරණයක්‌ අපේ රටේ පවතින බව එම සියලු ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලට පැහැදිලි වනු ඇතැයි ද ජී. එල්. පීරිස්‌ මහතා කීවේය.

    මෙම වංචාව සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක්‌ පත්කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂයේ විරෝධයක්‌ නැතත් කල් අදින විමර්ශනයක්‌ නොවිය යුතු බව ද කඩිනම් විමර්ශනයක්‌ කර වරදකරුවන්ට දඬුවම් දිය යුතු බව ද මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා කීවේය.

    එහෙත් ඊට පෙර පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ ආයතනයේ ප්‍රාථමික වෙළෙඳ බලපත්‍රය තාවකාලිකව අහෝසි කිරීම, එහි බැංකු ගිණුම් තහනම් කිරීම සහ මහ බැංකුව අගමැතිවරයාගෙන් ඉවත් කිරීම යන කරුණු වහාම ඉටු කළ යුතු බව ද ඒවා නොකර ජනාධිපති කොමිෂන් ගැන කතා කර කර සිටීමෙන් පලක්‌ නොවන බව ද මහාචාර්යවරයා සඳහන් කළේය.

    මුල සිටම මේ බැඳුම්කර ප්‍රශ්නයේ විමර්ශනයන්ට අගමැතිතුමා ඇඟිලි ගැසුවා. අගමැතිවරයා මෙය යට ගහන්න නොකරපු දෙයක්‌ නෑ. මේ නිසා මහ බැංකුව ඔහු යටතේ තිබෙන තාක්‌ මේ සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක්‌ සිදුවනු ඇතැයි අපේක්‍ෂා කළ නොහැකියි. වෙනත් රටක නම් මෙවැනි සිද්ධියකදී අගමැතිවරයා තාවකාලිකව හෝ ඉල්ලා අස්‌වනවා යෑයි ද මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා තවදුරටත් මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කීවේය.

    පුංචි බොරැල්ලේ ශ්‍රී වජිරාශ්‍රම බෞද්ධ මධ්‍යස්‌ථානයේදී මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්විණි.

  6. plumblossom Says:

    Yes, Ranil Wickramasinghe must resign immediately. This is the honourable thing to do. The country should be run by a PM who holds the confidence of most people. This is very important. Someone else who holds the confidence of the people should be appointed the PM by President Sirisena. Besides, Arjunan Mahendran did say the PM, meaning Ranil, asked him to do it. Therefore he should resign immediately which is the honourable thing to do and let any investigations take place without any interference. In other countries, this is what happens after this type of incident. So it is not at all unique.

  7. S.Gonsal Says:

    “බැඳුම්කර සල්ලි සිංගප්පූරුවට යවනවා – කොළඹින් ඉඩම් ගන්නවා”

    – Sounds very familiar.

  8. Nimal Says:

    It’s the familiar pattern by our scoundrels who get into politics. Unlike us the business people they have to hide their illegally earned money.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress