2017 අයවැය නංගි පෙන්නලා අක්කා දීග දෙන්න හදපු අයවැයක් නිසා ශ‍්‍රී ලංගම සේවකයින්ට ඉදිරියේ දී දැඩි වෘත්තීය ක‍්‍රියාමාර්ගයන් වලට පිවිසීමට අනිවාර්යයෙන්ම සිදුවේ. – 2016. 11. 21
Posted on November 21st, 2016

සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමය.

2017 අයවැය නංගි පෙන්නලා අක්කා දීග දෙන්න හදපු අයවැයක් නිසා ශ‍්‍රී ලංගම සේවකයින්ට ඉදිරියේ දී දැඩි වෘත්තීය ක‍්‍රියාමාර්ගයන් වලට පිවිසීමට අනිවාර්යයෙන්ම සිදුවේ.

අප රට පරාධීනත්වයට යටත් කරන, ජනතාවට දිගින් දිගටම පීඩාවන් ලබා දෙන රජයේ ආයතන පෞද්ගලිකකරණය කරනු ලබන 2017 අයවැය ජනතා ද්‍රෝහී අයවැයක් ලෙස අප සංගමය දැඩි වගකීමකින් යුතුව ප‍්‍රකාශ කරනු ලබන්නෙමු.
 
ඇතැම් වෘත්තීය සමිති සහ සංවිධාන වාහන වලට රුපියල් 2500ක දඩ මුදලක් අය කර ගැනීමේ යෝජනාව පමණක් ඉදිරියට ගෙන එම දඩ මුදල අය කර ගැනීමේ යෝජනාව හකුළා ගන්නා ලෙස වෘත්තීය ක‍්‍රියාාර්ගයන් ගන්නා බවට මාධ්‍යයට ප‍්‍රකාශ කර ඇත. මේ තුළින් පිළිිබිඹු වන්නේ 2017 අයවැය ලේඛනය තුල අනෙකුත් සියළුම යෝජනා ජනතා හිතවාදී බවය. අප සංගමය රු. 2500ක මුදලක් දඩ වශයෙන් අය කර ගැනීමට යෝජනා කිරීම දැඩි සේ හෙලා දකින අතර, 2017 සමස්ත අයවැයම ජනතා ද්‍රෝහී අයවැයක් ලෙස හෙළිදරව් කරන්නෙමු.

2015 ජනවාරි 8 වන දින ජනතාව බලාපොරොත්තු වූ සියළුම බලාපොරොත්තු 2017 අයවැය තුලින් පැහැදිලිව බිඳ දමා ඇත. ප‍්‍රවාහන අමාත්‍යාංශයට වෙන් කර ඇත්තේ රුපියල් කෝටි 6500කට ආසන්න මුදලකි. ප‍්‍රවාහන අමාත්‍යාංශයට අයත් සියළුම ආයතන සඳහා මෙම මුදල කිසිසේත්ම ප‍්‍රමාණවත් නොවේ. ශ‍්‍රී ලංගමයට පමණක් පුනරාවර්තන වියදම් හා ප‍්‍රාග්ධන වියදම් සඳහා රුපියල් කෝටි 1900කට වැඩි මුදලක් අනිවාර්යයෙන් අවශ්‍ය වේ. ප‍්‍රවාහන අමාත්‍යාංශයට වෙන් කර ඇති සොච්චම් මුදල හේතු පාදක කරගෙන ශ‍්‍රී ලංගමයට අත්‍යාවශ්‍ය රුපියල් කෝටි 1900ක මුදල කිසිසේත්ම ලබා නොදේ. එම නිසා ශ‍්‍රී ලංගම සේවයකයින්ට 2017 අයවැය තුලින් සිදුකරන ප‍්‍රතිපාදන කප්පාදුවට එරෙහිව ඉදිරියේදී දැවැන්ත වෘත්තීය ක‍්‍රියාමාර්ගයක් ගැනීමට අනිවාර්යයෙන්ම සිදුවේ.

රජයේ රෝහල් වල පුද්ගලික වාට්ටු ඇතිකිරීමේ ක‍්‍රියාවලියට එරෙහිවත් ජනතාවට අධික ලෙස බදු මුදල් ගැසීමට එරෙහිවත් ශ‍්‍රී ලංගමයට ලබා දිය යුතු ප‍්‍රතිපාදන කප්පාදු කිරීමට එරෙහිවත් රුපියල් 2500 අසාධාරණ දඩ මුදල් අය කිරීමේ ක‍්‍රියාවලියට එරෙහිවත් සමස්ත අයවැය ලේඛනයෙන් ජනතාව පීඩාවට පත් කිරීමේ ක‍්‍රියාවලියට එරෙහිවත් දැවැන්ත වෘත්තීය ක‍්‍රියාමාර්ගයක් ගැනීමට ඉදිරියේ දී සූදානම් වන ලෙස රුපියල් 2500 දඩ මුදලට පමණක් එරෙහිව වෘත්තීය ක‍්‍රියාමාර්ග තෝරන සියළුම වෘත්තීය සමිති වලට සහ සියළුම සංවිධාන වලට අප වෘත්තීය සමිතිය විවෘතව ඇරයුම් කරන්නෙමු.

ස්තූතියි,
මෙයට විශ්වාසී,
සේපාල ලියනගේ                 සම්බන්ධීකරණය  – 071-5152319
ප‍්‍රධාන ලේකම්,
සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමය.

2 Responses to “2017 අයවැය නංගි පෙන්නලා අක්කා දීග දෙන්න හදපු අයවැයක් නිසා ශ‍්‍රී ලංගම සේවකයින්ට ඉදිරියේ දී දැඩි වෘත්තීය ක‍්‍රියාමාර්ගයන් වලට පිවිසීමට අනිවාර්යයෙන්ම සිදුවේ. – 2016. 11. 21”

  1. S.Gonsal Says:

    perpetual misseries stolen money shall be recovered from its directors and former directors to pay back loans for which Metimoles are proud of.

    කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න

    අපේ රට අද විශාල වශයෙන් විදේශයන්ට ණයයි. ග්‍රීසියේ ආර්ථිකය කඩා වැටෙන්නට ආසන්නයේ එරට තිබුණු ණය බර හා සමාන මට්‌ටමට අපේ රටත් දැන් ළඟාවෙමින් තිබෙනවා. අපේ රටේ බදු ආදායම මේ ණය වාරිකය ගෙවාගන්නත් මඳි. ඉදිරි වර්ෂවලදී මේ ණය වෙනුවෙන් ගෙවිය යුතු වාරික පිළිබඳ අයවැයෙන් පැහැදිලි කර තිබෙනවා. මේ අවුරුද්දෙත් අපි ගෙවන ලොකුම මුදල තමයි මේ ණයවල පොලිය. 2017 සහ 2018 අපේ රටට ලැබිල තිබෙන බෝනස්‌ අවුරුදු දෙකක්‌. එයට හේතුව අපේ ණය වැඩිවෙන වේගය අඩුවීමයි. එසේ වීමට හේතුව පරිණත භාවයට පත්වෙන විදේශිකයන්ට විකුණු බැඳුම්කර ලබන අවුරුදු දෙකට පරිණත වීමක්‌ නැති නිසා. අපේ රටේ කිසියම් වාසනාවකට එසේ වී තිබෙනවා. නමුත් නැවත 2019 දී ණය වාරිකයේ අතිවිශාල වැඩිවීමක්‌ පෙන්නුම් කරනවා. 2019 සිට එය ඉදිරියට අවුරුදු ගණනාවක්‌ තිබෙනවා. අපට මේ අවුරුදු දෙක එනම් 2017 සහ 2018 බෝනස්‌ දෙවසරක්‌ ලෙස ලැබිල තිබෙන්නේ 2019 දී මුහුණ දීමට සිදුවන දැවැන්ත ණය වාරිකයට මුහුණ දීම සඳහා බවයි මගේ අදහස.

  2. plumblossom Says:

    This is what the treacherous Ranil/Sirisena/CBK and Mangala are planning to do as forced upon them by the US,UK,EU,Canada,Norway,Sweden, TNA and all other separatist terrorists. Please reject this in total if you have even an ounce of sense. Not even huge countries such as India and Pakistan which has federal systems have abolished their concurrent lists! Not even South Africa a huge country which is unitary has abolished its concurrent list! However tiny, little Sri Lanka is going to abolish its concurrent list.

    Constitutional Assembly’s Center-Provincial Relations Sub-committee Recommends Reduction of Governors Powers and Granting Police and Land Powers for Provinces

    22 November 2016, 2:46 am

    By PK Balachandran

    The Sri Lankan Constitutional Assembly’s sub-committee on Center-Provincial relations has recommended that the provinces be granted powers over land and police; that the powers of the provincial Governor be drastically pruned, and that there be a fair allocation of financial resources to the provinces along with powers to decide how to spend the money.

    As a matter of fact, the 13 th.Amendment of the constitution carried out in 1987 following the India-Sri Lanka Accord, had devolved powers over land and police to the provinces. But this was not implemented.

    The constitution sub-committee under the chairmanship of the Tamil National Alliance (TNA) MP, D.Siddharthan, has now recommended that all State Land (or government lands) in a province should come under the purview of the provincial administration though the Central government may requisition land for the propose of executing projects on matters under the Central List.

    Likewise, the police in a province should come under the Provincial Administration and they should be regulated by a Provincial Police Commission (again as stipulated under the unimplemented 13 th Amendment).

    The sub-committee said that the Concurrent List should be abolished and that there should only be a Provincial List and a Reserved (Central) List to avoid confusion and arrogation of powers by the Center.
    The panel wants the provincial Governor to go entirely by the advice of the Chief Minister and his Board of Ministers and not be an agent of the Center which, he or she is, now. The power to control the provincial officers and determine what statutes should be passed by the Provincial Council should be taken away from the Governor.

    Since only one of the nine provinces of Sri Lanka (namely the Western Province) is financially sound, the Center should not only give adequate funds to the provinces but also leave it to the provinces to decide how the funds should be spent. At present, the Center not only allocates the funds, but also specifies in detail how they should be spent. Though there is a Finance Commission to determine allocations to the provinces, the President often over-rules its recommendations. The panel has sought an independent Finance Commission with representatives of the provinces in it.

    At present there is a stipulation that provincial schemes should conform to the relevant National Policy. The sub-committee has recommended that the provinces should be given the right to participate in the formulation of a National Policy.

    The sub-committee has skirted the controversial issue as to whether Center-Provincial relations should be based on the federal or the unitary model. While the minority Tamils have been agitating for a federal constitution, the majority Sinhalese want the present unitary system to continue. The sub-committee’s recommendations envisage devolution of power but without labeling the overall scheme as either federal or unitary

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress