මගේ වීදි නාට්‍යය
Posted on November 25th, 2016

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

වීදි නාට්‍ය යනු මුදල් ගෙවන නිශ්චිත පේ‍්‍රක්‍ෂක පිරිසක් නොමැතිව එළිමහන් පොදු ස්ථානවල රඟ දක්වනු ලබන වේදිකා රංගනයන් බව ගාමිණී කේ.හත්තොටුවේගම මහතා කියයි. වීදි නාට්‍ය මගින් ඉතා ප්‍රබල පණිවිඩයක් සමාජයට දිය හැකිය. 

පුත්තලම් දිස්ත්‍රික්කයේ මානසික සෞඛ්‍යය අංශයේ සේවය කල කාලයේදී මම  වීදි නාට්‍යක් සංවිධානය කලෙමි. මෙම වීදි නාට්‍ය මගින් මත්ද්‍රව්‍ය නිවාරණය පිලිබඳ පණිවිඩයක් ප්‍රජාවට දීමට අපි අදහස් කලෙමු. මෙම වීදි නාට්‍යය සඳහා වෘත්තිමය නළු නිලියන් කිහිප දෙනෙකුට මා කතා කල අතර ඔවුන් රුපියල් පනස් දහසකට ආසන්න මුදලක් ඉල්ලා සිටියෝය. මේ නිසා මගේ වෑයම උපන් ගෙයිම මිය ගියේය. 

street-drama

කෙසේ නමුත් වීදි නාට්‍යයක් කල යුතු බවට මගේ සිත කීවෙන් හලාවත රෝහලේ කම්කරුවන් , ඇටෙන්ඩන්වරු හමුවී ඔවුන් අතරින් වෙසක් නාට්‍ය, නත්තල් නාට්‍ය වල රඟපා අත්දැකීම් තිබෙන පුද්ගලයන් ගැන සොයා බැලුවෙමි. හලාවත රෝහලේ සුමනදාස නම් ඇටෙන්ඩන්වරයා මේ සඳහා ඉදිරිපත් වූ අතර තවත් රඟපෑමේ දක්‍ෂතා තිබෙන කිහිප දෙනෙකු මෙම කටයුත්ත සඳහා කැමත්ත දුන්හ. 

ආධුනික නළු නිලි සුළු පිරිසකගෙන් අපි නාට්‍ය පුහුණුව ඇරඹුවෙමු. එහි කතාව මෙසේය. මත් භාවිතයට හුරු වූ පියෙකු ගෙන් පවුලට   හානි  සිදුවන අතර ඔහු සමාජයේ සමච්චලයටද ලක්වේ. අවසානයේදී දරුවාගේ මැදිහත්වීමෙන් ඔහු පුනරුත්ථාපයට පත්වේ.  මෙම වීදි නාට්‍යට සංගීතය දුන්නේ බටනලා වාදකයෙකු වූ නවගත්තේගම රෝහලේ සේවකයෙකි. 

නාට්‍ය හොඳින් පුහුණු වීමෙන් පසු ප්‍රථම දර්ශනය පුත්තලම් දිස්ත්‍රික් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක වෛද්‍ය ආර් එම් එස් කේ රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මාදම්පේ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක කාර්‍යාල භූමියේදී පවත්වන ලදි. මෙම මෙම වීදි නාට්‍යට ප්‍රථම දිනයේදීම ඉතා හොඳ ප්‍රතිචාර ලැබුණි. ඉන්පසු පුත්තලම ,හලාවත ,මහ වැව, මාරවිල , වෙන්නප්පුව  යන ප්‍රදේශ වල ජනතාව ගැවසෙන ස්ථාන වලදී මෙම වීදි නාට්‍යය රඟ දක්වන ලදි. එසේම රෝහල් බලධාරීන් ද තම තමන් ගේ රෝහල් වල වීදි නාට්‍යය රඟ දැක්වීමට ආරාධනා කළහ. 

2009 වසරේදී මෙම වීදි නාට්‍යය සෞඛ්‍ය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ මහාචාර්‍ය කාලෝ ෆොන්සේකා යන මහතුන් සහභාගි වූ උත්සව සභාවකදී පෙන්වන ලදි. එහිදී මහාචාර්‍ය කාලෝ ෆොන්සේකා මෙම වීදි නාට්‍යයේ රඟපෑ පුද්ගලයන් වෘත්තීය නළුවන් ද කියා මගෙන් ඇසීය. එවිට මා කීවේ මේ පුද්ගලයන් හලාවත රෝහලේ කම්කරුවන් සහ ඇටෙන්ඩන්වරු බවය. එසේම රුපියල් පනස් දහසක් මිල කරන ලද වීදි නාට්‍යය රුපියල් නවසීයක (නාට්‍යය සඳහා මිලට ගත් අඩුම කුඩුම) වියදමින් මම සපුරා ගත් බවය. 

මා විදේශ ගත වීමෙන් පසු වීදි නාට්‍ය කණ්ඩායමට කුමක් සිදු වූයේද කියා මම නොදනිමි. මගේ අපේක්‍ෂාව වූයේ මෙම වීදි නාට්‍ය කණ්ඩායම  දිගින් දිගටම සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් වලට යොදා ගනු ඇතැයි යන්නය. එහෙත් මම විදේශ ගත වීමට ප්‍රථම මෙම වීදි නාට්‍යයට දායක වූ නළු නිලියන් ගේ පුද්ගලික ලිපි ගොනුවට මත් ද්‍රව්‍ය නිවාරණයට ඔවුන් ගෙන් සිදුවූ දායකත්වය අගයමින් ප්‍රසාද ලිපියක් පුත්තලම් දිස්ත්‍රික් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂකතුමා මගින් දැමුවෙමි.  

3 Responses to “මගේ වීදි නාට්‍යය”

  1. Kumari Says:

    What excellent work. It is important to give leadership, however I notice in SL people don’t follow up. Either because they haven’t got a high ranking individual or due to lack of funding. Because you are a doctor, the staff heard you in a different light, but if one of their own said they may not even hear it.

    Recently, some of my friends organized a Soup Kitchen in a government hospital in Colombo suburbs. Equipment was donated by a relative living overseas. This Soup Kitchen is feeding about 150 OPD patients every morning with a warm cup of vegetable soup. All the mugs and trays are recycled, and no salaries paid as the work is done by volunteers.

  2. S.Gonsal Says:

    “මා විදේශ ගත වීමෙන් පසු වීදි නාට්‍ය කණ්ඩායමට කුමක් සිදු වූයේද කියා මම නොදනිමි.”

    After you left these are still going on at a bigger scale. Differentand musch bigger group is running this show now. They even do acting in the Battaramulla Main Hall overnight !

  3. S.Gonsal Says:

    Forgot to mention that the current group of street actors do not act for the service of others but for the benefit of their already fat wallets.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress