ආණ්ඩුවට හිසරදේ බුද්ධ ශාසනය දඬුකඳේ
Posted on November 30th, 2016

මතුගම සෙනෙවිරුවන්

නීතිය අධිකරණය පිළිබඳ ප්‍රධාන අමාත්‍ය ධූරය දරන වත්මන් අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා අය වැය විවාදය අවස්ථාවේ දී මේ රටේ ආගමික අන්තවාදය ගැන කරන ලද ප්‍රකාශය අප මහත් සේ අගය කරමු. ඔහුගේ ප්‍රකාශ ය සම්පූර්ණයෙන්ම ෆේස්බුක් හරහා තිබෙන බැවින් ක්‍රමනුකූලව අධ්‍යනය කරගැන්මට අවස්ථාවක්  ද ඇත.අමාත්‍ය වරයා මෙම කතාවේදී මතුකළ ප්‍රධානතම ප්‍රවෘත්තිය නම් ලංකාවේ මුස්ලිම් පවුල් හතරකින් පමණ තරණයන් රැසක් අයි.එස්අයි.එස් ත්‍රස්ත සංවිධානයට සම්බන්ධව කටයුතු කරන බවයි. මෙම පුවත රාජිත සේනාරත්න ඇමතිවරයා ප්‍රතික්ෂේප කරන නමුත්    මීට කාලකට පෙර ගලේවෙල ජාත්‍යන්තර පාසලක උගන්වන ලද මුස්ලිම් ගුරුවරයෙකු ඉහත සංවිධානයට බැඳි සිටි බව වාර්තා ව තිබුණි. ඒ පිළිබඳව ආරක්ෂක අංශ පරීක්ෂණ ආරම්භ කරන ලද බවටද වාර්තා විය.

       ආගමික ග්‍රන්ථ මගින්ම ත්‍රස්තවාදය උගන්වන නමුත් එම මූලධර්මවාදය අකුරටම පිළි පැදීම ප්‍රතික්ෂේප කළ මුස්ලිම් ජනතාවක් විසිවන සියවස මුල් භාගයේදී මේ රටේ විසූහ. මුස්ලිම් විවාහ නීතිය සහ වෙනම අධ්‍යාපන පහසුකම් රජයේ නීති මගින්ම තහවුරු කර ඇත්තේ ඉංග්‍රීසී පාලන සමය තුළදී නමුත් බහුතර මුස්ලිම් පිරිසක් සිංහල සංස්කෘතියට ක්‍රමානුකූලව ඇතුළුවෙමින් සිටියහ. අල් ටකියා නමින් හඳුන්වන බොරුව එම පිළිවෙතේ තිබෙන්නට ඇති නමුත් ලංකාවේ නිදහස් අධ්‍යාපනය තුළ මුස්ලිම් ජනතාව සිංහලයන් සමග සුහදව ගනුදෙනු කරමින් අවබෝධයකින් සිටි බව පැහැදිලිය .විහාරගම් දේවාලගම් නීති කටයුතු වලදීද ඇතැම් මුස්ලිම් නීතිඥයන්  පෙනී සිට ඇත්තේ ඔවුන් සතු අවබෝධය නිසාය.මේ තත්ත්වය වෙනස්කරන ලද්දේ  අශ්රොෆ් නම් දේශපාලනඥයා විසිනි. ඔහු මුස්ලිම් කොන්ග්‍රසය බිහිකරමින් මුස්ලිම් අන්තවාදයට පසුබිම සකස් කළේය.මාගේ මිත්‍රයෙකුවූ ජාතික කෞතුකාගාර පුස්තකාලයේ සේවය කළ ෆයිරූස් මහතා මෙම නව පක්ෂයේ බිහිවීම  එදා විග්‍රහ කලේ නොසතුටිනි. මින් ඉදිරියට සිංහල මුස්ලිම් සමගිය දෙදරනු ඇතැයි ඔහු අනාවැකි පළ කලේය. ෆයිරූස් මහතා මෙන්ම එම පැරණි මුස්ලිම් සමාජයද දැන් අභාවයට පත්වෙමින් ඇත.ඒ වෙනුවට නොයෙකුත් මූලධර්මවාදී නීති සමගින් මුස්ලිම් අගමික දේශපාලනය රට කළඹමින් ඇත. බුද්ධශාසන ඇමතිවරයාම පවසන පරිදි දොළොස් හැවිරිදි  මාතලේ සිංහල දැරියක් මුස්ලිම් වැඩිහිටියෙකු විසින් විවාහ කර ගෙන ඇත.ඇමතිවරයාට අනුව මේ අවනඩු සියල්ලේ පරීක්ෂණ තීරණ භාරදී ඇත්තේ මුස්ලිම් ආගමික කටයුතු ඇමතිවරයාටයි.

         මුස්ලිම් අන්තවාදය වැඩි වශයෙන් ප්‍රකට වන දිස්ත්‍රික්ක කීපයක් ඇත. මඩකලපුව ත්‍රිකුණාමලය පුත්තලම අනුරාධපුර ගාල්ල සහ කළුතර ප්‍ර දේශ මේ සඳහා උදාහරණ වෙති.නීත්‍යානුකූල නොවන ලෙස ඉඩම් ඇල්ලීම පල්ලි ඉදි කිරීම සිංහල තරුණියන් දූෂණය කිරීම ක්‍රමයෙන් ව්‍යාප්ත වෙමන් පවතී.මුහුදු මහාවිහාරය සඳහා ගැසට් කරන ලද ඉඩම් ඇල්ලීම. මොට්ටාගල දාගැබ දීඝවාපී පරිවාර දාගැබ මෙන්ම හිරුකෝවිල් දාගැබ ඩෝසර් කිරීම ඔවුන්ගේ ක්‍රියාවන්ය. මෙම අසාධාරණ  ක්‍රියාවන්ට විරුද්ධව මඩකලපුවේ මංගලාරාමයේ පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් පසුගිය කාලවකවානුව පුරාවටම අභීතව කටයුතු කළ හැටි අප දනිමු. කෙවිලියාමඩු සිංහලයන් වෙනුවෙන් උන්වහන්සේ නිබඳවම පෙනී සිටි ආකාරය අපට සිහියට නගා ගත හැකිය.මුස්ලිම් අන්තවාදය නිසා අලුතෙන්ම ඉදියට පැමිණි ශරියා නීතිය හලාල් සහ මද්‍රසා පාසල් යන කරුණු ගැන ජනතාව දැනුම්වත් කරමින් මුස්ලිම් අන්තවාදය පිළිබඳ කරුණු ඉදිරිපත් කළ ඥානසාර හිමියන් පසුගිය ආණ්ඩුවට මෙන්ම මේ ආණ්ඩුවට හිසරදයක් බවට පත් වී තිබේ.මෙම සත්‍ය කරුණු ඉදිරියට එත්ම වඩාත් කලබලයට පත් වූයේ සිංහල දේශපාලකයන්ය. දෙවනගල පුරාවිද්‍යාස්මාරකය වටා සීමා කණු සිටවන්ට සැරසෙන කල්හි එතැනට කඩාපැන රජයේ කටයුතු අවුල් කලේ අතාවුද සෙනෙවිරත්න හිටපු ඇමතිවරයාය.මෙයට හේතුව කුමක්ද මෙම දේශපාලකයන් මුස්ලිම් ව්‍යාපාරිකයන්ගෙන් යැපීමය.මුදල් මත යැපෙන මේ දේශපාලකයන් එතැනින් නොනැවතී මුස්ලිම් සිංහල ගැටුම් ඇතිකරලීමටද කුමන්ත්‍රණ කළහ. අළුත්ගම දර්ගානගරයේ ගැටුම ඉදිරියට පැමිණියේ එම ප්‍රදේශයේ කටයුතු කරන සිංහල දේශපාලනඥයෙකු ගේ කුමන්ත්‍රණයක් අනුවයි.

       බුද්ධ ශාසනය යනු භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා යන සිවු වැදෑරුම් පිරිසයි. බුදුන් වහන්සේ අනුදත් ගිහි මාර්ගය මෙන්ම නිර්වාන මාර්ගයද අනුගමනය කරන මේ පිරිස රැකගැනීම මෙන්ම ඔවුන්ගේ හිත සුභ සිද්දිය ට කටයුතු කිරීම පැරණි රජවරුන්ගේ සිරිත විය. අනුරාධපුර රජබවට පත් වූ පස්වන කසුප් රජු කළ පැනවූ ව්‍යවස්ථා මගින් ඒ බැව් හොඳින් ප්‍රකට වෙයි. මවු මැරීම රහතුන් මැරීම පෙති පිළිම වැනසීම බුදු දහම ඇර වෙනත් ආගම් ගැනීම වැනි පංචමහා සාවද්දයෙන් වැළකී සිටිය යුතු බව ඒ ව්‍යවස්ථාවේ විය. එසේම සඟුන් ගේ යම් විනය ක්‍රියාවකදී  මහා සංඝයා එක්ව හිඳ විචාරීමේ ක්‍රමය අනුමත කලේය. එසේ නොමැති නම් පමණක් රජු මැදිහත් විය යුතු බව ට ව්‍යවස්ථා ද පැණ වීය.දෙවන පරාක්‍රමබාහු රජ දවස බුද්ධ ශාසන ඇමතිවරයාව සිටියේ දේව ප්‍රතිරාජ ඇමතිවරයාය. ඔහු දුකසේ යායුතු සිරිපා ගමන් මග පහසු කලේය. බෙන්තර ගලතුරු මුල වැඩිසිට මහාකාශ්‍යප මහරහතන් වහන්සේ ට පුද සත්කාර කිරීම වෙනුවෙන්  මහත් පින්කම් පවත්වා රජුද කැඳවා අනුමෝදන් කරවීය. කපු වවා නූල් කැට සිවුරු සාදා පඬු පොවා කඨින පූජා කර්මය රාජ්‍යානුග්‍රහයෙන් පැවැත්වීමට කටයුතු කොට ජනතාවට ආදර්ශයක් ලබා දුන්නේය.අදත් සිංහල බෞද්ධයන් අතර මේ කඨින පින්කම මහත් ඉහළින් පැවැත්වෙන්නේ මේ ඇමතිවරයා දුන් මග පෙන්වීම නිසාය.

          ලංකාවේ බුද්ධ ශාසනය සහ ඒ වෙනුවෙන් සකස්ව තිබෙන බෞද්ධ සංස්කෘතිය තුළ ඕනෑම ජනවර්ගයකට අයත් පිරිසකට හෝ අන්‍ය ආගමිකයෙකුට සාමයෙන් විසිය හැකිය. අපේ පන්සල් වලට දේවාල ගෘහ ඇතුළු වූයේ මේ සහජීවනය නිසයි. ඉංග්‍රීසීනට රට භාර දෙන කල්හි  එම ගිවිසුමට බුද්ධශාසනයද දේවාගමද කඩ නොකෙට පවත්වාගෙන යායුතු යැයි වගන්තියක් ඇතුලත් කලේ එහෙයිනි. එම චාරිත්‍රයම 1972 සහ 1978 ව්‍යවස්ථා වලට ඇතුලත්ව තිබේ.එය හුදෙක් අර්ථ නිරූපණයය නොකරන ලද වගන්තියක් වුවද පාලකයන් සියල්ල එයට හිස නැමිය යුතු විය.ලංකාවේ ඕනෑම ප්‍ර දේශයක බෞද්ධ සිද්ධස්ථාන ඇරඹීමට බෞද්ධයන්ට ඇති පරම අයිතිය මේ වගන්තියෙන් ප්‍රකට වෙයි. උතුරු ප්‍රදේශය තුළ පමණක් පැරණි බෞද්ධ සිද්ධස්ථාන 223 ක් දැනට හඳුනාගෙන   තිබේ.සිරිපතුල් ගලක් නටබුන් වූ බුදු පිළිමයක් නොතිබෙන තැනක් ඒ පෙදෙස් වලින් සොයා ගත නොහැකිය.යුද්ධ සමයේදී ත්‍රිවිධ හමුදාව මේ ස්ථාන වල නැවත අළුතින් සිද්ධස්ථාන ඉඳි කලහ. ඇතැම් තැන් වල භික්ෂූන් වහන්සේලා වැඩ සිටින්නට සැලැස්වූහ.නමුත් රජයේ යම් බලපෑම් නිසා මෙම පන්සල් වලට ගොදුරුගම් වශයෙන් බෞද්ධයන් පදිංචි කිරීමට ඔවුන්ට නොහැකි විය. වත්මන් බුද්ධ ශාසන ඇමතිවරයා දෝෂාරෝපණය කරන්නේ මෙවැනි සිද්ධස්ථාන ගැනයි. නමුත් යාපන මහා මාර්ගයේ දෙපස අළුතින් කෙතරම් කුරුස ප්‍රමාණයක් ගසා ඇතිදැයි මේ පාලකයන් දන්නේ නැත.

       උතුරේ තිබෙන බුදු පිළිම ඉවත් කළ යුතු යැයි  උතුරේ සිටින සෑම ද්‍රවිඩ දේශපාලකයෙකු කියා සිටින්නේ මේ පිටිපස තිබෙන අන්‍යාගමික බලපෑම නිසයි. ඇමරිකන් චර්ච් මිෂනාරි ව්‍යාපාරය විසින් යාපනයේ ඇති කරන ලද  සෑම පල්ලියකම යට තිබෙන්නේ  ලන්දේසි පල්ලියකි. ඒ යට තබෙන්නේ බෞද්ධ සිද්ධස්ථානයකි. ඒ බැව් බල්දෙයස් නම් රෙපරමාදු පූජකවරයාගේ ග්‍රන්ථයෙන් පැහැදිලි වේ. උතුරට වෙනම ද්‍රවිඩ පාලනයක් පළාත් ආණ්ඩුවක් සාදන්නට සිය න්‍යාය පත්‍රය සකස් කරගත් රජයකට භික්ෂූන් වහන්සේලාගේ සහ ජාති මාමක පිරිසගෙන් එල්ල වන පීඩනය සුළු පටු නොවේ. මේ මහා සංඝ රත්නය සැම විටම ශාසනික සංරක්ෂණය උදෙසා හඩනගන්නන් වෙති. ඒ ක්‍රියා මගින් සංහිඳියාව බිඳ වැටෙන්නේ යයි උපකල්පනය කොට සංහිඳියා පොලිසියක් ඇති කිරීම යනු බුද්ධ ශාසනය දඬුකඳේ ගැසීමකි.මෙයට කලින් කතිකාවත් පණත් මගින් එය කරන්නට උත්සාහ දරනු පෙනුණි. එය අසාර්ථක වූ කල්හි ඊළඟ පියවර වශයෙන් ඔවුන් තෝරාගෙන ඇත්තේ සංඝයා වහන්සේලා හිරභාරයට ගැනීමයි. අයි .එස්. සංවිධානය ගැන කියමින් වත්මන් ආණ්ඩුව කැස කවන්නේ මේ අපරාධයට බව පැහැදිලිය.  රාජා හෝ මාහෝ ගංගාහෝ යයි කියමින් රජුට ලණු දුන් ආඬි ගුරෙකු නිසා මහා ප්‍රතාපවත් නරපතියෙකු වූ සීතාවක රාජසිංහයන් අතින් සඟුන් හැට නමක් ඝාතනය විය. අවසානයේ උණකටුවක් ඇණී රජුට පරලොව යන්නට සිදු විය. සීතාවක රාජධානියද අභාවයට පත් විය. මේ ඉතිහාසය අපට කියා දෙන්නේ බුද්ධ ශාසනයට අත තැබූ කල්හි වන විපත්තියයි. වත්මන් බුද්ධ ශාසන ඇමතිවරයාට අප පෙන්වා දෙන්නේ  මෙයයි. ඔහු ආදර්ශයට ගත යුත්තේ ඩවුබිගින් වැනි පොලිස්පතිවරයෙකු නොව දේවප්‍රතිරාජ වැනි බුද්ධ ශාසනයට හිතැති යන්ය.

මතුගම සෙනෙවිරුවන්

 

2 Responses to “ආණ්ඩුවට හිසරදේ බුද්ධ ශාසනය දඬුකඳේ”

  1. S.Gonsal Says:

    Here again Kabaragoya has become Thalagoya.

    Just after becoming a minister, kabaragoya Wijedasa scold a news reporter ” This is not Sinhala Bauddha country “. Then he was clearly Kabaragoya.
    With his support to Avan Garde and gardually now he is aligning with Gota for next PMship and now he has become Thalagoya.
    Katussa doesn’t change colour. It is Bodilima who change colour. But this is much more than that, completely changing to a differnet species.
    This will only mate Gota too a Kabaragoya, if not another Kimbula.

    Good luck with this new technology.

  2. S.Gonsal Says:

    When MR was raping prime forrest adjacent to Wilpattu and Ganasara Thero making nose, Wijedasa dead, Matugama Seneviruwan not born !
    All these Jathi Aalaya Good for Mariyakade Graduates !
    All these to kill the real cause of fight against Lanka being sold off to Jihadist !

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress