විදෙස්ගත ලාංකීය විශේෂඥවරුන්ගෙන් ජනාධිපතිතුමා කළ ඉල්ලීම
Posted on December 8th, 2016

ආචාර්ය චන්දන ජයලත්

මෑතකදී ගරු ජනාධිපතිතුමා විසින් රටට විත් කෙටි කලක් හෝ සේවය ලබා දෙන මෙන් විදෙස් ගත වෘත්තීයවේදීන්ගෙන් කළ ඉල්ලීම සම්බන්ධව කෙටි අදහසක් ප‍්‍රකාශ කීරීමට සිතුනෙමි. විශේෂයෙන්ම හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් දේශපාලනයට සම්බන්ධ බොහෝ දෙනා වංචනිකයන් සහ මිනීමරුවන් බවත් එනිසාම පවත්නා දේශපාලන තත්වය සෝදා පා`ඵවට ගොස් ඇති බවත් කළ ප‍්‍රකාශයද මෙම ලිපිය ලිවීමට යම් උත්තේජනයක් සපයනු ලැබීය. මීට ඉහතදී ද හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමාත් විදෙස්ගත ශ‍්‍රී ලාංකීය වෘත්තීයවේදීන්ගෙන් විවෘත ආරාධනාවක් කරමින් මාධ්‍ය හරහා කියා සිටියේ යුද්ධය නිමා කර ඇති බවත් දැන් ඇත්තේ සංවර්ධන යුද්ධය බවත් ඊට අවශ්‍ය සක‍්‍රීය මැදිහත් විම සදහා මෙරටින් නොමිලේ අධ්‍යාපනය හැදැරූ එහෙත් විවිධ හේතු නිසා රට හැර ගිය සියලූ දෙනාගෙන් නැවත රටට පැමිණ තමන් සමග අත් වැල් බැඳ ගන්නා ලෙසය. මේ සිය`ඵ ප‍්‍රකාශ ඔහේ ඉබා ගාතේ කටට ආ පලියට ගලා ආ හුදු වාක්‍ය රටාවක් බව පැහැදිලි වන්නේ යමෙකු එසේ හදවත රත්වී දොරේ ගලා ගිය ජාතිකාභිමානය ද පෙරටු කොට ගෙන මෙරටට පැමිණි විගස යම් ස්ථානයක යම් වගකිවයුතු තනතුරක් සදහා අයදුම්පතක් ඉල්ලූම් කළ විට ඉන් ලැබෙන ප‍්‍රතිචාරය කිරා මැන බැලීමේදීය. අර්ථ ක‍්‍රමය තුල හෝ රාජ්‍ය පරිපාලන ක‍්‍රමය තුල හෝ පිටරට සිට වන වෘත්තීයවේදීන් උකහා ගැනීමේ ක‍්‍රමවේදයක් නැති බව දැන ගන්නේ එවිටය.

සමස්ථ දේශපාලන තන්ත‍්‍රය පිරිපහදුවකට ලක්කළ යුතු යැයි කියවන්නේ තම අසලම ආසනයේ සුදු පිරුවටයක් ලා ගත් මහජන නියෝජිතයන් යයි ඒ අය විසින්ම හදුන්වා ගත් මිනීමැරුම් චෝදනා ලද හිරේට නියම වූ අයෙකුද ලග තබා ගෙනය. මේ වනවිටත් ආසන සංවිධායක ධූර සදහා තෝරා ගෙන ඇත්තේ වෙනත් ආසනවලින් ගොඩ බට අයවලූන් වීම තවත් විශේෂත්වයකි. එක් මිනීමරුවෙක් අභිබවා තවත් මිනීමරුවෙක් පාවිච්චි කරන කුප්පහි දේශපාලන තන්ත‍්‍රයට ඇතුලත් විමත් ඒ තුල සැරිසැරීමටත් හැක්කේ තක්කඩිකම ප‍්‍රගුණ කර ගත් ලැජ්ජා භය දෙකම නොහදුනනා තගයින් මිස වෘත්තීයවේදීන් නොවන බව වෘත්තීයවේදීන් දනිති. මේ සුන්දර මව්බිම තුල නීති ගරුක හා විනය ගරුක උගත් වියත් බහුතරයකට මේ රට අසුන්දර රටක් බවට පත්කල දේශපාලන පක්ෂ නායකයින්ට තම ජීවිතයේ සැදැ සමයේදී ඉහත සඳහන් කළ මටසි`ඵටු වදන් වැල් ඉඳහිට පහලවනවා විය යුතුය. එහෙත් එවන් ප‍්‍රකාශ තම බල පරාක‍්‍රමය වෙනුවෙන් සමස්ථ ලාංකීය දේශපාලනය අමුම අමු කුණු කන්දක් නැත්නම් වැසිකිලි වලක් බවට පත් කළ, ඒ සදහා නුසුදුස්සන්ට තාන්න මාන්න ආචාර්ය උපාධි සම්මාන දේශමාන්‍ය සභාපතිකම් ආසන සංවිධායකකම් වගේම තානාපතිකම් යනාදිය පිරිනැමීම හා ඒ නිසාම සුදුසුකම් ලත් අති බහුතරයක් විද්‍යාඥයින්, ඉංජිනේරුවන්, වෛද්‍යවරුන් යනාදී විවිධ ක්ෂේත‍්‍රවල නිපුණ විශේෂඥයින් තුට්ටු දෙකේ දේශපාලනයට පින්සිදු වන්නට සදහටම රට හැර ගිය පාපයට හිලව් වන්නට කිසිසේත් ප‍්‍රමාණවත් නොවන බව අපි දනිමු. එදා මෙදා තුර පාලන බලය අතට ගත් යූ.එන්.පී. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයන් හා එහි අනුගාමිකයන් කළ එම මහා සාපරාධි ක‍්‍රියාන්විතයට දැන්වත් තිත තැබිය යුතුය. ජාතියේ සහජාතක ¥ පුතුන්ට ප‍්‍රගතිශීලී අදහස් දරන වාමාංශික ව්‍යාපාරයක් වටා පෙළ ගැසිය හැකි කාලය එළඹ ඇතැයි මම සිතමි. එය දැන්මම නම් නොකරමු. නමට වඩා වැදගත් වන්නේ වැඩපිළිවෙලකි. වසර 70 ක ජරාජීර්ණ වු එකම කොට්ටයේ දෙපැත්තම දැන් ක`ඵ පාටය. බොර පාටය. කැතය. ලොකු පැල්ලම්ය. එය හැලි වලං පිසදැමීමට තබා වැසිකිලි පයටවත් මිනිය නොහැකිය. එම කුජීත කඩමල්ල පිලිකන්නටම විසිකර දැමිය යුතුය. ඒ සදහා එළඹෙන මැතිවරණ සියල්ලම ප‍්‍රයෝජනයට ගත යුතු යැයි මම තරයේ විශ්වාස කරමි. සමස්ථ දේශපාලන තන්ත‍්‍රය පිරිපහදුවකට ලක්කළ යුත්තේත් ලක්කළ හැක්කේත් ජනතාවට මිස ඉහතින් සදහන් කළ දේශපාලකයින්ට නොවන බවත් පසක් කරලමු.

එහෙත් එය සාක්ෂාත් කර ගැනීමට නම් එක් ප‍්‍රධාන කැපවීමක් කළ යුතුව ඇත. එනම් කසි කබල් අතීතය බුලත් හපයක් මෙන් හකු අතර තලූ මර මර නොසිට සියලූ ආකාරයේ විනයට මුල් තැන දෙන වචනයකින් හෝ ඒ වෙනුවෙන් කෑ මොර දෙන පාර්ශවයන්ට හැකි පමණ අනුග‍්‍රහ දැක්වීමය. අමාරුවෙන් ඇති දැඩි කළ අශ්වයන් කටු ලෙව කන බල්ලන්ට වඩා වටිනේය. එසේ නොවන තාක් කල් රට අතහැර යාම අත්නොහරින අතර අවසානයේ ඉතිරිවන්නේ දේශපාලන සරණං ගච්ජන යාචක ජන සමාජයක්ය. එය ඉතා භයානක වනු නොඅනුමානය. එනයින් වාසි වන්නේද ‘දක්ෂයින් රට අතහැර යන වීසා කාණ්ඩය’ යටතේ යුරෝපයටත් ඇමරිකාවටත් හා ඕස්ටෙි‍්‍රලියාවටත්ය. එනම් අහිංසක ගොවි කම්කරුවන්ගේ මුදලින් ලොකු මහත් කළ ශ‍්‍රී ලාංකිකයන් දැනුම, විනය හා මුදලකුත් සමගින්ම එන ආසියානුවන් එම රටවල සංවර්ධනයට සම්බන්ධ කර ගැනීමේ දැවැන්ත ව්‍යාපාරයටය. එහි ආදීනව ගණන් බැලීමට අපි කිසිවෙක් මෙතෙක් සමත් වී නැත.

අප රටේ දේශපාලූවන් විසින් සිදුකරනු ලබන මහා අපරාධය නම් රට අතහැර යාමට අවශ්‍ය පසුබිම පුරවැසියන් වෙනුවෙන් සකස් කරලීමයි. ආසියාවේ මොල හූරා කන අධිරාජ්‍යවාදී සුදු පාලකයින්ගේ ‘ස්කිල්ඞ් මයිග‍්‍රන්ට්’ වීසා ක‍්‍රමය යම් හෙයකින් නොතිබුනේ නම් ඇතිවී තිබෙන දේශපාලන රික්තකය උගතුන්ගෙන් පිරවිය හැකිව තිබුනා යයි යමෙකුට සිතිය හැක. රට හැර ගිය ඇත්තෝ නැවත රටට එන්නටනම් සලකා බැලිය යුතු බොහෝ කාරණා ඇත. වෘත්තීය මාෆියාව එක පැත්තක්ය. තම රැුකියාව මෙන්ම දරුවන්ගේ අධ්‍යාපනය තව පැත්තක්ය. විදෙස් රටක අධ්‍යාපනය හැදැරූ ශ‍්‍රී ලාංකීය දරුවනට මෙරට විශ්වවිද්‍යාලයකට ඇතුලත්වීමට ඇත්තේ 1%ක කෝටාවකි. ඊටද සිමා බන්ධන එමටය. මේ තත්වය යටතේ සුදුසුකම් ලත් අති විශාල සංඛ්‍යාවක් වාර්ෂිකව විදෙස් රටවල අධ්‍යාපන වරම් සදහා පිටත්ව යති. ඒ යන්නේ මහා විශාල ධනස්කන්දයක් ද සමගිනි. උදාහරණයකට වෛද්‍ය උපාධියක් සදහා පිටට යන දරුවෙකුට වසර 5ක කාලයක් සදහා රු.කෝටි 5-6 අතර ගණනක් ගෙවීමට සිදුවේ.

ප‍්‍රශ්නයක ගැඹුර, තරම පිළිබදව අබ මල් රේණුවක අදහසක් නැති රට කරවන දේශපාලනය සම්බන්ධයෙන් අපිට කළ හැකි එකම දෙය අභීතව එය ප‍්‍රතික්‍ෂේප කරනවාත් සමගම විකල්ප ක‍්‍රමෝපායන් පිළිබඳව සමාජය තුල දේශපාලනික කතිකාවකට ඉඩ පාදා ගැනීමයි.

2 Responses to “විදෙස්ගත ලාංකීය විශේෂඥවරුන්ගෙන් ජනාධිපතිතුමා කළ ඉල්ලීම”

  1. S.Gonsal Says:

    That makes sense. However, time has come to drop FAMOUS names including Rohana Wijeweera name which brought dissaster and loss of valuable life to Sri Lanka.

  2. Lionel Says:

    This is another seenibolaya by Hon. President. I offered my services to develop quarantine services in the port city 4 months back, as I have skills and experience. Only the acknowledgement of my email, no action after that. Typical Sri Lanka.

    L Raja

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress