ජවිපෙ 2වැනි කැරැල්ල පිළිබඳව ග්‍රන්ථය දෙසැම්බර් 20 එළිදකී
Posted on December 13th, 2016

ග්‍රන්ථ එළි දැක්ම

වසර 1986 සිට 1990 දක්වා පැවති 60,000ක් ඝාතනය වූ ධවල භීෂණ වකවානුව පිළිබඳව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න විසින් රචිත ජවිපෙ 2වැනි කැරැල්ල ග්‍රන්ථය 2016 දෙසැම්බර් 20 අඟහරුවාදා පස්වරු 3ට කොළඹ 5 තුංමුල්ල මංසන්දිය අසළ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති මන්දිර ශ්‍රවණාගාරයේදී එළි දැක්වේ.

වසර 27කට පෙර පැවති ජවිපෙ 2වැනි කැරැල්ලේ සත්‍ය කතාව මෙම කෘතියට විෂය වන අතර එය පිටු 880කින් සමන්විත අතර කථා පුවත් 74කි. ඡායාරූප 1289ක් ඇතුළත්ය. රුපියල් 1,500ක් මිළැති ගන්ථය මෙදින රුපියල් 1,000කට ලබාගත හැකිය. ජවිපෙ 2වැනි කැරැල්ලෙන් ඝාතනයට ලක්වූ සහ අතුරුදහන් වූ සංඛ්‍යාව 41,813ක් වේ. එහෙත් මානව හිමිකම් සංවිධාන වාර්තාවන්ට අනුව 2වැනි කැරලි සමයේදී ඝාතනයට සහ අතුරුදහන් වීමට ලක්වූ සංඛ්‍යාව 67,652කි. මින් 6,661ක් කැරලිකරුවන් අතින් ඝාතනයට ලක්වූ අතර ප්‍රා සංවිධානය මගින් ඝාතනය කරන ලද සංඛ්‍යාව 1,222කි. සෙසු සියළු දෙනා ඝාතනයට ලක්වී ඇත්තේ ආරක්ෂක අංශ ඇතුළු එයට සෘජු සහ වක්‍ර සම්බන්ධකම් පැවතුනායැයි කියන අතුරු හමුදා කණ්ඩායම් 13ක් මගිනි.

Dharman Wickremaratne2ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න

ගන්ථයේ කතුවරයා වූ ධර්මන් වික්‍රමරත්න එකල එම ඇතැම් සිද්ධීන් සියසින් දුටු බොහෝ කථා නායකයින් වෘත්තියව ඇසුරුකළ සහ පැනනැගුණු සිද්ධීන් වාර්තාකළ එවකට කර්තෘ මාණ්ඩලික පුවත්පත් කලාවේදියෙකි. ග්‍රන්ථයේ ඇතුළත් තොරතුරු අදාළ පාර්ශවයන් සමඟ කළ සම්මුඛ සාකච්ඡා 376කින් සහ ගවේෂණ මගින් සොයාගත් කරුණු වලින් සමන්විතය. මෙය කතුවරයාගේ 52වැනි ග්‍රන්ථය වේ.

dharmanbook-cover

ග්‍රන්ථයට කැරලි සමයට අදාළ ජවිපෙ නායකයින් සහ ක්‍රියාකාරිකයින්, 1983 ජුලි තහනමින් පසු ජවිපෙ ක්‍රියාකාරිත්වය, ඉන්දු ලංකා ගිවිසුමට පෙර සහ පසු සිදුවිම්, අතුරු හමුදා කණ්ඩායම් සහ පුද්ගලයින්, අසූවේ දශකයේ වෙනත් වාම ප්‍රවණතාවයන්, ශ්‍රිලනිප, සාම්ප්‍රදායික වම සහ එහි ක්‍රියාකාරින්ට එරෙහිව කැරලිකරුවන්ගේ ප්‍රහාරයන්, පාසැල් ශිෂ්‍ය සටන්, සරසවි ක්‍රියාකාරකම් ඇදුරන් සහ සිසු නායකයින්, කැරලිකරුවන්ගේ මිල්ටරි ප්‍රහාරයන් සහ ක්‍රියාදාමයන්, ඝාතනයට ලක්වූ පූජ්‍ය පක්ෂය නීතිඥයින්, මාධ්‍යවේදීන් සහ කළාකරුවන් ඇතුලු විවිධ සිදුවීම් පිළිබඳව කරුණු සහිතව වැඩි ඉඩක් වෙන්කර ඇත.

මෙම ග්‍රන්ථය ජනගත කිරීමේ උත්සවයේ මුලසුන මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි හොබවන අතර දෙසුම් පවත්වනුයේ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, නීතිඥ උදුල් ප්‍රේමරත්න සහ මහාචාර්ය ගාමිණී සමරනායක විසිනි. වැඩසටහන මෙහෙයවීම ප්‍රවීණ මාධ්‍යවේදී පාලිත පෙරේරා විසිනි. ග්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථාව සැමට විවෘත අතර ඒ පිළිබඳව වැඩි විස්තර අවශ්‍ය වන්නේනම් 011-5234384 යන දුරකථනයෙන් විමසිය හැකිය. 

One Response to “ජවිපෙ 2වැනි කැරැල්ල පිළිබඳව ග්‍රන්ථය දෙසැම්බර් 20 එළිදකී”

  1. Christie Says:

    Thanks Dharman. A great job.
    JVP the Sinhala terrorist arm of the Indian Empire. Fundd by the Indian Empire and Indian colonial parasites and trained by the Indian Empire. Brainwashed by Indian colonial parasites.

    Thanks Dharman again. After reading your article one of my suspicions that India did actually trained some Sinhala terrorists in India. Once I asked an Indian who was and is still an expert on the JVP whether ” Did India trained them?” He did not answer me. But after reading one of your article my suspicion was proved to be a fact and a truth.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress