අයියෝ වරාය! අයියෝ රට
Posted on December 14th, 2016

වංශපුර දේවගේ ජානක-යුතුකම සංවාද කවය

එජාප රජයක් බලයට ආපු හැම අවස්ථාවකම රටේ සම්පත් විකුණුවා, ප්‍රාග්ධනය හොයන්ඩ. නමුත් එහෙම විකුනල හොයපු ප්‍රාග්ධනයෙන් වැඩක් ගන්ඩ සමත් කමක් එජාපෙට කවදාවත් තිබිල නැහැ. ආණ්ඩුවේ ධූර කාලය ඇතුලෙම ඔවුන් ඒ සල්ලි කබාසීනියා කරලා දැම්මා. ඒකට මූලික හේතුව නායකයින්ගේ අසමත්කම. සාමාන්‍යයෙන් එජාප ආණ්ඩුවක තීරණ ගැනීමේ බලය තියෙන දෙතුන් දෙනා කොළඹ නගරයේ ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය ලැබීම පමණක් සුදුසුකම කරගත් අදක්‍ෂයින්. මේ රටේ මෙවැනි පුද්ගලයින්ට වැඩ කාරයෝ හැටියට ප්‍රතිරූපයක් ගොඩනඟා ගන්ඩ අපහසු නෑ. නමුත් ඇත්තටම මේ අයට වැඩ බෑ. රටේ ප්‍රධාන ආර්ථික මර්මස්ථානයක සියයට 80ක් අවුරුදු 198කට විදේශ රටකට බදු දෙන්ඩ දක්‍ෂයෙක් වෙන්ඩ ඕනෙද?

මේ රටේ ලොකුම ප්‍රාග්ධනය මේ රටේ මිනිස්සු. වෙනත් බොහෝ රටවලට වඩා මේ රටේ මේ ප්‍රාග්ධනය එකතු කරගන්ඩත් පුළුවන්. අපිට ඒ පුරුද්ද තියෙනවා. අපි ගොවිතැන් කලේ තනි තනිව නෙවෙයි ගමක් හැටියට අඩු තරමින් යායක් හැටියට. සාමුහිකත්වය ගොඩනඟමින් සිදු කෙරෙන මහා පරිමාණ ආර්ථික ක්‍රියාවලි හරහා මේ රට දියුණු කරන්ඩ පුළුවන්. අද රට යන විදිහට තමන්ගේ මඩි තරකරනවුන් වීම හැරෙන්ඩ මිනිස්සුන්ගෙන් වෙන වැදගත් කාර්යයක් නැහැ. මේ රටේ මිනිස්සුන්ට මේ විදිහට තනියෙන් යන්ඩ දීලා ආර්ථිකය දියුණු වෙන්නේ නෑ සාමූහිකත්වය පදනම් කරගෙන මිනිස්සු ආර්ථික ක්‍රියාවලි වලට සහභාගී කරවා ගන්ඩ ඕනෙ. මේ රටේ තියෙන විශාලම ප්‍රාග්ධනය රට වෙනුවෙන් යොදවා ගන්ඩ හරි හමන් දැක්මක් තියෙන හරි හමන් නායකයෙක් අවශ්‍යයි.

හරිහමන් නායකයෙක් ගොඩනඟා ගන්නකන් තව තවත් රටේ සම්පත් විකිණේවි. රට විකිනීමට එරෙහිව ජනතාව අවදි කලයුතුයි. ඒකාබද්ධ විපක්‍ෂයේ වගකීම එයයි. හම්බන්තොට වරායේ අභ්‍යාසලාභීන්ගේ රැකියාව පිළිබඳ ප්‍රශ්ණයයි වරාය විකිනීමයි දෙකක්. වරාය සහ හම්බන්තොට ඉඩම් විදේශිකයින්ට මේ සා කාලයකට දෙනවා කියන්නේ පරම්පරා ගණනකට මේ සම්පත් අපට අහිමි වෙන බවයි. රටේ වෙනත් වරායනුත් මේ වගේ විකිනෙයිද? තිරිකුණාමලේ කාටද? වරායවල් වෙලඳ වටිනාකමකින් යුතු වුනත් ඒවාට යුධමය වටිනාකමකුත් තියෙනවා නේද? වරායවල් විදේශයන්ට විකිනීම ගැන නාවික හමුදාපතිතුමාට කීමට ඇත්තේ කුමක්ද?
මගේ රට

3 Responses to “අයියෝ වරාය! අයියෝ රට”

  1. Senevirath Says:

    බදු දෙන්න ඕනේ ගොනෙකුට පුළුවන් …………….රනිල් ගොනා රට බදු දෙනවා අපට වද දෙනවා .අපි වද විඳිමින් ඉන්නවාද , ගැ
    ලවෙනවාද .

  2. S.Gonsal Says:

    ඊලඟ ගැලවුම් කාරයා එනකම් බලා සිටිනවා. ආපු හැම එකාම ගොනුන් වී තණ කොල ඇරෙන්න​ රටේ ඔක්කොම කනවා.

  3. S.Gonsal Says:

    බලය බෙදීමේ ගොන්කමේ හොඳම උදාහරණය ඕස්ට්‍රේලියාවේ ඩාර්වින් වරායයි. මධයම ආණ් ඩුවට නොදැනීම පලාත් සභාව ඒක චීනයට විකුණා දාලා !

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress