මේ රටේ පලාත්සභා ඡන්දය වහාම පවත්වන්මෙන් කෑමොර දෙන දේශපාලකයින් ඇතුලු සියලුම පිස්සන් ජීවිතාන්තය දක්වා යැවිය යුත්තේ අන්ගොඩටය
Posted on June 20th, 2026

ආචාර්ය සුද ත් ගුණසේකර අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ හිටපු ලේකම් සහ ශ්‍රී ලන්කා පරිපාලනසේවා සන්ගමයේ සභාපති (1991-94))

මේ රටේ පලාත්සභා ඡන්දය වහාම පවත්වන්මෙන් කෑමොර දෙන දේශපාලකයින් ඇතුලු සියලුම පිස්සන් ජීවිතාන්තය දක්වා යැවිය යුත්තේ අන්ගොඩටය, එසේත් නැතිනම් ඔවුන් දේශද්‍රෝහීන්, ජාතිද්‍රෝහීන් සහ බෞද්ධ විරෝධීන් වශයෙන් වහාම මේ පින් බිමෙන් යළි කිසිදාක ආපසු ආ නොහැකි පිට සක්වලකටම පිටුවහල් කළ යුතුය.

ආචාර්ය සුද ත් ගුණසේකර අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ හිටපු ලේකම් සහ ශ්‍රී ලන්කා පරිපාලනසේවා සන්ගමයේ සභාපති (1991-94))

2026. 6.20

11 වන කොට

ක්‍රි.ව. 1799 දී මේ රටේ රාෂ්ඨ්‍රපාලනයට පලාත් සන්කළ්පය ප්‍රථමයෙන්ම හන්ඳුන්වා දීම සහ වන විටත් මේ රටේ මුල්බැස තිබුණු වසර 2000 කට වැඩි විෂ්මිත සිංහල බෞද්ධ ශිෂ්ඨාචාරය සිංහලේ රාජ්‍ය, විනාශ කිරිමේ බටහිර අධිරාජ්‍යවාදීන්ගේ සහ අමෙරිකාණු වෙස්ලේයන් කතෝලික පල්ලියේ ඒකාබද්ධ කුමන්ත්‍රණය සහ එහි යටි අරමුණු.

වසර 2500 ක මේ හ බෞද්ධ රටේ ඉතිහාසයේ ප්‍රථම වරට සිංහල, දෙමල වශයෙන් ජාතීන් දෙකක් සහ රටවල් දෙකක් තිබෙන බවට 1799 දී නෝත් ආණ්ඩුකාරයාට සංදේශයකින් ප්‍රකාශකළේ  එවකට යටත් විජිතභාර ලේකම් වූ ක්ලෙග්හෝන් නැමැති බ්‍රතාන්‍ය ජාතික සුද්දාය. එම ලිපියෙන් මේ  රටේ සිංහලයින් මුල් පදින්චි කාරයින් බව කීවද ඔවුන් මේ රටට පැමිනියේ සියමෙන් බව කියා ඇත. මලබා වරුන් පසුව පැමිණි අය බවත් එසේම ඔවුන් දිවයිනේ උතුරු සහ බස්නාහිර දිස්ත්‍රික්කවල සිටින බවද කියා ඇත. එහෙත් මලබාවරුන් නැගෙනහිර පාලාතේ සිටින බවක් ඔහු කියා නැත.ඉන් පෙනීයනුයේ නැගෙනහිර පලාතේ එවකට මාලබාවරුන් නොසිටි බවය.  ඒ වනවිට,1505 න් පෘතුගීසීන්ගෙන් ආරම්භවූ, ඕලන්ද සහ බ්‍රතාන්‍ය ආක්‍රමනිකයින් සතුව තිබුණේ මුළුරටේ වර්ගප්‍රමාණයෙන්, 10% පමණවූ පටු මූදුබඩ බිම් තීරුවක් පමණි. ඉතිරි 90 % වම සිංහල (උඩරට) රාජධානියවූ බව පහත දැක්වෙන හෙන්රි මාෂල්ගේ සිතියමෙන්ම (සිතියම 1) පැහැදිලි වෙයි. 1815 වන සිංහල රාජධානිය එසේ වීනම් ක්ලෙග්හෝන්ගේ 1799 ප්‍රකාශය මොන තරම් ප්‍රභන්ධනාත්මක මුසාවක්දැයි දැන් ඔබට පැහැදිළි වණු ඇතැයි සිතමි.

                                                                සිතියම (1)

ඔහු මෙම මනහ්කල්පිත ලියවිල්ල ආණ්ඩුකාර නෝත්ට ඉදිරිපත කළේ මේ සිංහල රට, සිංහල- දෙමළ වශයෙන් ජාතීන් දෙකකට සහ රටවල් දෙකකට බෙදීමේ පළමු කුමන්ත්‍රණය වශයෙනි.

මීට සමගාමීව එවකට දකුණු ආසියාව පුරා  ක්‍රියාත්මක වූ ඇමරිකාණු වෙස්ට්පේලියන් මිෂනාරි සන්විධානය විසින්ද 1818 දී ගාල්ලේ සම්මෙලනයක් පවත්වා මෙම අදහසම ඉතා ප්‍රභලලෙස ප්‍රකාශකොට ඇත. එම ගාළු සම්මේලනයේ ප්‍රධාන අරමුන වශයෙන් ඔවුන් ප්‍රකාශකොට ඇත්තේද මේ දි රට, සිංහල දෙමළ වෂයෙන් ජාතීන් දෙකකකට අයත් රටවල් දෙකකට බෙදීම බවය.  තව්දුරටත් ක්ලෙග්හෝන්ගේ සන්දේශයේ මෙන්ම මෙම කතෝලික මිෂනාරින්ගේ වාර්තාවලද දෙමළ රට හලාවත සිට මන්නාරම-යාපනය-ත්‍රිකුණාමලය-මඩකලපුව හරහා වලවේ ගඟ දක්වාද, සිංහල  රට වලවේ ගඟේ සිට හලාවත දක්වාද, රට අභ්‍යන්ත්‍රයේ පැවති බව සඳහන් කොට ඇත. මොවුන්ගේ මෙම ප්‍රභන්ධ වාර්තා හෙන්රි මාශල්ගේ 1815 සිතියම සමඟ සැසඳීමෙන්ම, ක්ලෙග්හෝන්ගේ සහ වෙලෙෂියන් පල්ලි වාර්තා කොතරම් බොරු  වර්තාදැයි අපට සිතාගත හැක. (සිතියම 1)

අනෙක් අතින් අධිනීතිඥ එල්.කේ. න්. පෙරේරා ඔහුගේ ඊලම් මිත්‍යාවේ හෙලිදරව්ව (2020) නැමති ග්‍රන්ථයේ පෙන්වා දී ඇති පරිදි මෙ රටේ මලබා ජාතිකයින්ට ඇත්තේ වසර 250 කටත් අඩු ඉතිහාශයක් පමණි. සුද්දන් විසින් 1799 පසු යාපනයේ තල් රා මැදීමට සහ විවිධ කුළී වැඩ සඳහා ඔවුන්ගේ වහළුන්වශයෙන් මෙහි ගෙන ආ මලබා ජාතිකයින්ට ද මේ රටේ වසර 1000 ගානක ඉතිහාශයක් ඇතැයි සුද්දන් මෙන්ම මේ රටේ බෙදුම්වාදි දෙමළ වර්ගයා කීම, මොනතරම් සාපරාධී බොරුවක් දැයි පැහැදිළිය.එසේම සුද්දන්ගේ මෙම් වයිරී සහ දුෂ්ඨ ප්‍රභන්ධය වූ කළී මේ සාපරාධී බෞද්ධ රට විනාෂ කිරීමට ගොතනලද අති දුෂ්ඨ  අධිරා්‍යවාදි බොරුවක් බව දැන් ඔබට මනාව පැහැදිළි වනු ඇත

ඔවුන්ගේ අවසාන අරමුණ වූයේ, එසේ කොට මේ රට සිංහල සහ දෙමළ වශයෙන් භූමිය දෙකට කඩා ඒ දෙපාර්ශවය උනුණුන් කුළල්කාගන්නා සදාකාලික සතුරන් බවට පත්කොට වසර 2500 ක් පුරා මේ පින්බර රටේ මුල්බැස තිබෙන දි සිංහල බෞද්ධ ශිෂ්ඨාචාරය විනාශකොට, මේ රට ආසියාව පාලන කිරීමේ ඔවුන්ගේ අනාගත වානිජ සහ යුද්ධෝපාය කේන්ද්‍රස්ථානය සහ බලකොටුව බවට පත්කොට ගැනීමේ දුෂ්ඨ අදහසින් මේ දිවයින තම ගොදුරක් බවට පත්කොට ගැනීමය.  නැපෝලියන් කී He who controls Trincomalee controls the Indian Ocean”. සහ මවුන්ට් බැටන් සාමිවරයාගේ කී Trincomalee is the most valuable colonial possession on the globe”.  යන ප්‍රකාශ ගුරු තන්හි තබාගෙන මේ රට ඔවුන්ගේ ලෝක අධිරාජ්‍යයේ බලකොටුව කොටගැනීමේ සිහිනයෙන් මේ අන්දමින් හැසුරුණු බව පැහැදිලිය.

අදටත් සරනාගතයින් යයි කියමින් බටහිර රටවල් පුරා, විශේෂයෙන්ම කැනඩාව, එක්සත් රාජධානිය සහ නෝවේ වැනි රටවල සිටින දෙමල ජනයාට මෙන්ම අධිරාජ්‍යවාදීන්ගේ Human rights Watch’ වැනි ඊනියා ජාත්‍යන්තර සන්විධාන මඟින් මේ රට තුළ සිටින දෙමළ වර්ගයාටද , ඔවුන් කරන විශේෂ සැලකිළි  සහ ලබාදෙන මුදල් ආධාර,මෙන්ම ඒ සියල්ල හරහා මේ රටේ භූමිපුත්‍රයින්වන සිංහලයින්ට, ඔවුන්ගේ පරම ජන්ම අයිතිවාසිකම් පිළිබඳ මුළුමනින්ම අමතක කොට, මේ රටතුල ක්‍රියාත්මකවූ රාජ්‍යවිරෝධී  එල්ටීටී ත්‍රස්ථවාදය පරාජය කළ හමුදා ප්‍රධානීන්ට පනවා ඇති සම්භාධක ආදියෙන්, කෙරෙන අපමණ චෝදනා සහ වෙනස්කම් දෙස බලනවිට, තවමත් එකී සිංහල බෞද්ධ විරෝධී අධිරාජ්‍යවාදි කුමන්ත්‍රණ එදාටත් වඩා ප්‍රබලව අදටත් ක්‍රියාත්මක වන බව ඉතාමත් පැහැදිලිය. 

ඔවුන්ගේ වහළුන් වශයෙන් මෙහි ගෙන විත් ඔවුන් ආපසු යනවිට මෙහි අතරමන්කොට මෙහි පැළකොට ගිය මලබා කාරයින්, බටහිර ගැති අක්මුල් සිඳගත් සිංහල යින්, සිංහල බෞද්ධ විරෝධී සන්විධාන, බටහිරකෝවේම  වැක්කෙරුන කලු සුද්දන් සහ එම කෝවේම වැක්කෙරෙණු  සිංහල  යයි කියාගන්නා, තම රට,  ජාතිය, ආගම හෝ ශිෂ්ඨාචාරය ගැන මෙලෝ දෙයක් නොදන්නා රටට ජාතියට  සහ තම ආගමට කිසිදු ආදරයක් නැති,තම පාරම්පරික ආගමවූ බුද්ධාගමද අමතක්කොට, වස්තු තන්හාව සහ හුදු ආත්මර්ථය ගැන පමණක් සිතන දේශ පාලකයින්, කිතුණුවන්, විශේෂයෙන්ම දෙමළ කිතුණු පූජකයින් යන මේ දසබිම්බරක් සිංහල බෞද්ධ විරෝධි මාර සේනාවන් යන සියළු දෙනාම එක් රොත්තට එක්වී මේ සිංහල ජාතියත්, බුදු සසුනත් මේ මිහිතලෙන් අහ්තුරුදන් කිරිමට, දරණ වෙහෙස සහ කෙරෙණ කුමනන්ත්‍රණ දෙස බලන විට බටහිර අධිරාජ්‍යවාදීන්ගේ, සිංහල  බෞධයින් විනාශකිරිමේ ඒ නොනවතින කුමන්ත්‍රණාවළිය ඉතාමත් පැහැදිළියය. මේ දිනවල ඊනියා පාස්කු ප්‍රහාරයක් පිළිබඳ කිතුණු පූජකයින් වීසින් කෙළවරක් නොමැතිව සිදුකෙරෙන ඊනියා උද්ඝෝෂන, අධිකරණ භූමි වන්දනා සහ ප්‍රවුර්ති ප්‍රකාශ මාලාවන්ද මෙම සිංහල බෞද්ධ කුමන්ත්‍රණයේම කොටසකි. එසේම සිංහල  බෞද්ධ ජනාධිතිවරයෙක් වූ ගෝඨාභය එලවීම සඳහා දියත් කරනළද ගෝල්පේස් අරගලයද මෙම නොනවතින සිංහල බෞද්ධ විරෝධි මහා කුමන්ත්‍රණයේම දිගුවක්  නොවේද?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress