නොදන්නා බව නොදන්නේ නම්…….
Posted on December 25th, 2016

තේජා ගොඩකන්දෙආරච්චි

2016 වසර ගෙවී යන්නට තව සුමානයයි.  2017  ගැන දේශපාලකයන් පවසන විවිධ අදහස් නිසා කුතුහලය පෙරදැරිව ජනතාව පිලිගන්නට බලා සිටින්නේ නව වසරක්ම පමනක් නොවේ. කුමකින් කුමක් සිදුවේද කියන්නට බැරි සිදුවීම් රැසකද පෙරමග ලකුණු පෙනෙයි. අතර පලාත් පාලන මැතිවරණය පිලිබඳ පලකරන ඉඟිය ප්රධානය.

 

ජනවාරි 8 වන දා, එනම්ජනතාවගේ ඔලුව හදනවිද්වතුන් විසින් අර්ථ කථනය කරනවිප්ලවය දෙවසරක් පිරෙන දා හම්බන්තොට, මාගම්පුුර වරාය චීන සමාගමකට පැවරීම පිලිබඳ කටයුතු සිදුවනු ඇත. අනුව ජනවාරි මස උද්ඝෝෂණ මගින් උණුසුම් වන බව ජවිපෙ පවසයි. මේ ගණුදෙනුව යටතේ හම්බන්තොට ඉඩම් අක්කර 15,000 ක් එම සමාගමටම 199 අවුරුදු බද්දකට පවරා දෙනු ඇත. මේ ගණුදෙනුවල අවසන් ප්රතිඵල දකින්නට ඉතිරි වනු ඇත්තේ අපේ කී වෙනි පරම්පරාවද? කෙසේ වෙතත් ඊලඟ පරම්පරාවේ සිටම දරුවන්ට මේවායේ විපාක භුක්ති විඳින්නට නම් සිදුවනු ඇත. මීට විරෝධය පෑ  මාගම්පුර වරාය සේවකයින්ගේ සටනට කුමක් වීද?

 

එදා එම විරෝධතාව පිලිබඳව වාර්තා කිරීමට ගිය මාධ්යවේදියෙකුට නාවික හමුදාපතිවරයා පහර දුන්නේය. එහි ප්රතිඵලයක් ලෙස මුලු මාධ් ක්ෂේත්රයම කඩි ගුලක් සේ ඇවිස්සී රජයට හා නාවික හමුදාපතිවරයාට එරෙහි දැඩි ප්රචාරක ව්යාපාරයකට අවතීර්ණ විය. මෙතැනදී තම රැකියා පිලිබඳ සුරක්ෂිත බව පැතූ වරාය සේවකයන් නැගූ හඬ යටපත්ව ගියේය. ප්රධානම ප්රශ්නය බවට පත් වූයේ වරාය පිලිබඳ ප්රශ්නය නොව මාධ්යවේදියාට පහර දීමය. සියලු මාධ්යවල ප්රවෘත්ති විකාශනයන්හිද, විවිධ පාර්ශ්වයන් මගින් සංවිධානය කල මාධ් සාකච්ඡාවන්හිදී රැයක් දවාලක් නැතිව වාදනය වූයේ මේ තැටියයි. මේ කලබගෑනිය අතරතුර බ්රහස්පතින්දා (දෙසැ. 15 දා) පස්වරු 2.00 වන විට සේවයට වාර්තා නොකරන වරාය සේවකයින් සේවය අතහැර ගියා සේ සලකන බවටත්, අය වෙනුවට හම්බන්තොට ප්රදේශයේම වෙනත්දරුවන්පිරිසක් සේවයට බඳවා ගන්නා බවටත් වරාය හා නාවුක කටයුතු පිලිබඳ ඇමති අර්ජුන රණතුංග ප්රකාශ කලේය. ඇමතිවරයාගේ උපකල්පනය පරිදි මේ වර්ජනයේ යෙදුන දරුවන් මහින්ද රාජපක්ෂ පාර්ශ්වයේ වන නිසා, එනයින් බලන කල්හි අලුතින් බඳවා ගන්නට අදහස් කල දරුවන් සජිත් ප්රේමදාසලාගේ බව පූර්ව අත්දැකීම් අනුව අපට සිතාගත හැක. එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසය විමසා බලන  කල්හි මෙවන් පියවරයන් ඔවුන්ට අලුත් දේ නොවේ. එදා 1980 ජුලි වැඩ වර්ජනයේදී වර්ජකයන් 43,000 අධික සංඛ්යාවක් මහමගට ඇද දමා තම දේශපාලන ක්රමවේදය තුල ඇතිකල රැකියා බැංකුවල ලියාපදිංචි වූ තම පාක්ෂිකයන්ගෙන් පුරප්පාඩු පිරවූයේද එජාපය . උද්ගත වූ අලුත්ම තත්වය අනුව යලි  සේවයට වාර්තා කරනු විනා වෙන විකල්පයක් මාගම්පුුර  වර්ජකයයන්ට නොවීය.

 

කෙසේ වුවද පුදන කොටම කාපි යකා කීවා සේ නාවික හමුදාපතිවරයා මේ පිරිස මැදට පැන මාධ්යවේදියාගේ කණට ගසා සිදුකල කලබගෑනිය නිසා, මේ වරාය සේවක පිරිසසගේ ඉල්ලීම් පිලිබඳ  පැහැදිලි අවබෝධයක් අවශේෂ ජනතාවට ලැබිනිද යන්න ප්රශ්නයකි. එමෙන්ම මේ වරාය ගණුදෙනුව කුමක්ද, එහි අතුරුඵල ලෙස හම්බන්තොට ඉඩම් අහිමිවන පිරිසගේ හෙට දවස කෙසේ වනු ඇත්ද වැනි කරුණු පසෙක ලමින් මාධ්යයන් පිරී ගියේ අර පහර දීමේ සිද්ධිය හා එහි තොරතුරු වලින් පමනි. මාධ්යවේදීන්ද තම සාකච්ඡා තුල නැවත නැවතත් මතුකලේ එය පමනය. පසුව අගමැතිවරයා වරාය ප්රශ්නය විසඳීම සම්බන්ධව නාවික හමුදාපතිට ස්තුතිකලේ නොඅනුමානවම මේ නිසා විය යුතුය.

 

මේ පහර දීම ගැන මෙතරම් වීඩියෝ පට, ඡායාරූප මාධ් හා සමාජ වෙබ් අඩවි ඔස්සේ ප්රසිද්ධියට පත්ව තිබියදීත් තමා එය හරියට නොදුටු බව අර්ජුන රණතුංග පැවසීය. තම විෂය පථයට අයත්, සමාජයේ දැඩි කතා බහට ලක්වූද, සමාජය තුල හමා ගිය දැවැන්ත කුණාටුවක් බඳු වූද මේ සිද්ධිය හරිහැටි නොදුටුවාය කියා කර ඇරීම මහජන චන්දයෙන් පත්වූ ජනතා නියෝජිතයෙකුට තරම් වේද? මින් පෙනෙන්නේ මොවුන්ගේ චරිත ස්වභාවයේ යතාර්ථයයි. එමෙන්ම මේ ගණුදෙනුව ගැන විෂය භාර ඇමතිවරයා මෙන්ම මුදල් ඇමතිවරයාද නොදැන සිටි බවද පැවසුනි. එදා 12/12 දින පැවති මාධ් සාකච්ඡාවේදී අර්ජුන රණතුංග ඇමතිවරයා පැවසූ තවත් කරුණක් ඔස්සේ මාධ්යවේදීන්ට තවත් කණේ පහරක් වැදුනද ගැන මාධ්යවේදීන්ට එතරම් තැකීමක් හෝ රිදීමක් නොවීය. තමා වරාය භූමියට ගියවිට එහි සිටි ප්රාදේශීය මාධ්යවේදියෙකුඔබතුමාට හෙට එන්න බැරිදැයි විමසූ බවත්, තමා ගැන විමසූ විටමට හෙටත් ගණනක් සොයා ගන්න පුලුවන්කියා මාධ්යවේදියා පැවසූ බවත් ඇමතිවරයා කල ප්රකාශයෙනි. තම වෘත්තිය මුදලට පාවා නොදෙන ලෙස තමා මාධ්යවේදීන්ගෙන් ඉල්ලන බව ඔහු පවසා සිටියේය. මෙය කෙතරම් බාල සහ ලාභ ප්රකාශයක්ද? වඩාත් හාස්යජනක වන්නේ මේ ඉල්ලීම ඉදිරිපත් වනුයේ ශ්රී ලංකාවේ දේශපාලකයෙකු වෙතින් වීමය. අගමැතිවරයාද මේ ආකාරයට මාධ්යවේදීන්ගේ ආත්ම ගරුත්වයට හානිවන ආකාරයේ උපහාසාත්මක කියුම්, කෑම වේල ගැන පවා, නිතර පවසයි. මාධ්යවේදීන් විරුද්ධ විය යුතු මේවාටය. මේ තත්වය තුල මාධ්යවේදීන්ගේ භූමිකාව වඩාත් විචක්ෂණ හා තීරණාත්මක විය යුතුය.

 

දැන් ඒ් කතාව අවසන්ය. මේ වරාය හා ඉඩම් ගණුදෙනුව ගැන තමන් ඉදිරියේදී ගන්නා පියවර ගැන ජවිපෙ සිදුකල ප්රකාශය යතාර්ථයක් වේදැයි බලා සිටිනවා හැර වෙන කරන්නට දෙයක් ඉතිරිව නැත.

 

සුපිරි ඇමතිවරයෙකු පිලිබඳ කතා බහක් දැන් සමාජය තුල පැතිර යයි. ඊට අදාල සංවර්ධන විදි විධාන පනත් කෙටුුම්පත පිලිබඳව පලාත් සභා 3 විරෝධය මේ වන විට මතුව ඇත. මේ විරෝධතාවයන් තුල මධ්යම රජයේ සම්මුතිවාදී දීගයද අභියෝගයට ලක්ව ඇති බවක් පෙනේ. ඉන්දියාවේ තිරුපති දෙවොල වැඳ පුදා ආශීර්වාද ලබාගෙන පැමිනි අගමැතිවරයා පලාත් මහ ඇමතිවරුන් රැස්කර මේ පනතින් පලාත් සභාවලට හානියක් නැතැයි පවසන්නේය. එ් අතර මහින්ද අමරවීර ඇමතිවරයා පැවසූ කතාව බළලා මල්ලෙන් පැන්නා සේ . එනම් විදේශීය ආයෝජකයන්ට ශ්රී ලංකාවට පැමින තම ව්යාපාර කටයුතු සඳහා ඉඩම් ලබා ගැනීමේදී යම් ප්රශ්න පැන නැගෙන බව තමාද පිලිගන්නා බවයි. නමුත් මෙහි සීමාව කොතැනද? ඉතින් අප සිතා ගත යුත්තේ ඔය කියන ආකාරයේ සුපිරි ඇමතිවරයෙකු සිටීනම් අද කතා බහට ලක්ව ඇති හම්බන්තොට ඉඩම් අක්කර 15,000 කිසිම කරදරයක් නොමැතිව චීනයට ලබා දිය හැකි බවය.  ඊට අභියෝග කල හැකි ඉඩකඩක් ඉඩම් අයිති අයටවත් නොමැති වනු ඇත. 2001- 2004 කාලයේ රනිල් ප්රමුඛ එජාපය බලයේ සිටියදී වරක් දිවයින ඇතුලු පුවත්පත් ගිණියම්කල ලිපියක් විය. ඇමරිකාවට ශ්රී ලංකව විසින් ගෙවිය යුතු ණයට හිලව් වශයෙන් සිංහරාජ වනාන්තරය සහ ඊට අයත් සියලු සත්ව හා ශාක සම්පත් දස වසරකට ඇමරිකාවට ගිවිසුමකින්  පවරා දීමට කටයුතු කරන බවට වූ පුවතකි. මීට අදාල ලිපිය ඇමරිකානු රාජ් ලේකම් විසින් සකස්කර අත්සන යෙදීමේ වගකීම පමනක් එවකට විදේශ කටයුතු පිලිබඳ ඇමතිව සිටි මහාචාර්ය ජී.එල්. පීරිස්ට පවරා එවා තිබී ඇත. වාසනාවට මේ පුවත සහ ලිපියේ පිටපත මාධ්යයන් වෙත නිරාවරණය වූ අතර මේ සම්බන්ධව පරිසර සංවිධාන සහ වෙනත් පාර්ශ්වයන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ මෙවන් යමක් සිදු නොවුනාක් මෙන් හකුලා ගන්නට රජයට සිදුවිය. වැරදිලාවත් ගණුදෙනුව හරි ගියා නම්ඔන්න අපි පසුගිය රජය ලබාගත් ණය ගොඩක් ගෙව්වා. දැන් ඉතින් අපේ අනාගත පරපුර ණය නෑකියා මහ ලොකුවට කියන්නට  ඉඩ තිබිනි. දැන් හම්බන්තොට වරාය ඇතුලු ඉඩම් චීනයට පවරා දී ගැන කතා කරනනවා මෙන් ! එජාපයේ අතීත වාර්තාව මෙයාකාරය. රටේ ඇති සම්පත් හා දේපොල විකුණනවා හැරෙන්නට වෙනත් ආදායම් මාර්ගයක් ගැන මොවුන්ට සිතාගත නොහැක්කේ ඇයි? ප්රශ්නය නම් තම නොදන්නාකම ගැන ඔවුනට ඇති නොවැටහීමයි.

 

ඉතින් මෙවන් සුපිරි ඇමතිකමක් ලැබුනොත් හම්බන්තොට හෝ සිංහරාජය පමනක් නොව වරක් නන්දා මාලිනී මහත්මිය ගීයකින් කීවාක් මෙන් සීගිරිය වුව ගල් කොරියක් සඳහා බදු දෙන්නට මොවුුන් පසුබට නොවනු ඇත.

 

වරක් අප රටේ ප්රධාන අපනයන භෝග වශයෙන් තිබූ තේ, පොල්, රබර් ඛණිජ සම්පත්ද වෙනුවට කාන්තාවන් මැද පෙරදිග වහල් සේවයට පැටවීමත්, විදේශීීය ආයෝජකයන් ලාභ ශ්ර්රමය අරමුණු කරගෙන පිහිටුවන ලද ඇඟලුම් කම්හල්වලට ගාල් කිරීමත් ප්ර්රධාන ආදායම් මාර්ග බවට පත් වූයේ 1977 න් පසුවය. මෙසේ රීරි මාංස විකිණීීමෙන් ධනය ඉපයීමට පටන්ගත්  අාර්ථිකය රටේ භූමිය හා සම්පත් විකිිණීම දක්වා ව්යාප්ත වීම එතරම්  අරුමයක්ද නොවේ. එදා සුපිරි බල සම්පන්න ජනාධිපති තනතුර නිර්මාණය  කල ජේ අර් මාමා වෙනුවට අද රනිල් බෑණා සුපිරි ඇමති කමක් නිර්මාණය කිරීමේ උත්සාහයක යෙදේ.

 

ජනාධිපතිවරයා හැසිරෙන්නේ මේ කිසිදු වගක් නොදන්නා ආකාරයෙනි. එල්ලාවල මේධානන්ද හිමි ඇතුලු ස්වාමීන්වහන්සේලා කිහිප නමක්, පුරා විද්යා අධ්යක්ෂ ජෙනරල්, බුද්ධ ශාසන කටයුතු පිලිබඳ ඇමතිවරයා ඇතුලු පිරිසක් විසින් උතුරු නැගෙනහිර සිදුවන බෞද්ධ පුරාවස්තු විනාශය ගැන ජනාධිපතිවරයා දැනුවත්කල විට ඔහු මුලින් නිරුත්තර වන්නේය. නිතරම සංහිඳියාව ගැන මතුරන ඔහුට මෙතැන ගැබ්වන යතාර්ථයට පිලිතුරු දෙන්නට වචන නැති බව සත්යයකි. නමුත් ඊලඟ දිනයේ ජනාධිපතිවරයා වෙනත් සභාවක කතා කරන්නේ මේ සියල්ල තමා විසින් සොයාගත් කරුණු ලෙස අසන්නන්ට ඒත්තු යන අයුරිනි. තුල රටක නායකයා ලෙස තම බුද්ධිය මෙහෙයවා සැමටට සාධාරණ ක්රියා පිලිවෙතක් ඔහුගෙන් අපේක්ෂා කල හැකිද?

 

අද වන විට අහස උසට යන සහල් මිල පිලිබඳ ප්රශ්නය විසඳන්නේ කවුද? විඳවන්නේ නම් ජනතාවය. තමා සිනමා නිළියකගෙන් කුලියට ගත් සුපිරි ගොඩනැගිල්ල කාර්යාල සංකීර්ණයක් බවට පත් කිරීීමේ දැවැන්ත අභියෝගයට මුහුණ දී සිටින කෘෂිකර්ම ඇමතිවරයාට හෝ අදාල හෝ අදාල නොවන සෑම තැනකදීම තම රාජකාරිය ගැන නොව ඒකාබද්ධ විපක්ෂය හා මහින්ද රාජපක්ෂ ගැන පමනක්ම කතාකරන පී. හැරිසන් ඇමතිවරයාට මේ ගැන වගක් නැති ගානය. ඔවුන්ගේ එකම විකල්පය සහල් ආනයනය කිරීමය.

 

මෙසේ මේ වසරේ රටතුල මතුවුන ප්රශ්න එකින් එක ගෙන බලනවිටත්, ඊට පිලිතුරු දෙන රට කරවන පිරිසේ එකිනෙකා දෙස බලනවිටත් මොවුන්ට මේ සියලු  ප්රශ්න සඳහා ඇත්තේ ඉතා සීමිත සරළ  විසඳුම්  මාලාවක් බව පෙනී යයි. අතීසාරයට අමුඩ ගැසීම හා සමාන විසඳුම්ය.

 

ජනතාවට මේ ගැන හරි අවබෝධයක් ඇතිනම්  නව වසරේ පටන්ගත යුත්තේ කොතැනින්ද? ඔවුන්ට හොඳ අවස්ථාවක්ද එයි..  පලාත් පාලන මැතිවරණයයි.

One Response to “නොදන්නා බව නොදන්නේ නම්…….”

  1. Christie Says:

    අපට වෙලා තියෙන්නේ මොකද, කවද ඉඳලඳ, කවුද මේවා කරනේ වැනි පැනවලට පිලිතුරුසෙව්වොත් අපිට වෙන පැත්තක් පෙනේවි.

    අපි ඉන්දියානු යටත් විජිතයකි.

    ඉන්දියානු අදිරදයත් ඉන්දියානු පරපෝසිතයනුත් අපිව පාලනය කරති.

    කෙලින්ම, ලොකුවට පටගත්තේ 1951 සිටය.

    සින්හලයනි මෙම කරුනු වටහා ගන්න, එකතු වන්න, ඉන්දියානු අදිරදයට හා ඉන්දියානු පරපෝසිත්යනට එරෙහිව නැගී සිටින්න.

    If we look at what has happened to us, who is doing this and when did this start we will see another perspective.

    We are a colony of the Indian Empire and Indian colonial parasites control us.

    This was launched directly and largely in 1951.

    Let us understand these, unite and stand up to the Indian Empire and Indian colonial parasites.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress