Sorry to even witness this during our life time
Posted on December 28th, 2016

janamatha01

3 Responses to “Sorry to even witness this during our life time”

  1. Samanthi Says:

    මේ තරම් ද්‍රෝහී පවාදීමක් කවදාවත් වෙලා නෑ…..රට බෙදන තුරු ඉවසන්නේ නම් අපි මිනිස්සුද?
    _______________________________________________________________

    ආණ්ඩුව නව ව්‍යවස්ථාවක් සඳහා ඉදිරිපත් කර ඇති කමිටු යෝජනා දෙස බැලූවිට මහජන ඡන්දයෙන් පත්වූ රජයකට මේ තරම් ද්‍රෝහී පවාදීමක් කළ හැකි දැයි විමතියක් ඇති වන බව ගෙවිඳු කුමාරතුංග මහතා පවසයි.

    ඒකීයභාවය අහිමි කර රට ෆෙඩරල් කරනවාට අමතරව මෙතෙක් පැවති සියලු සම්ප්‍රදායන් කඩ කරමින් සියලුම අංශයන් අවුලෙනුත් අවුලට යන යෝජනා මේ ව්යවස්ථා යෝජනා වල අඩංගු බව ඔහු පෙන්වා දුන්නේ යුතුකම සංවාද කවය මගින් පසුගිය 19 වනදා සංවිධානය කරන ලද “ෆෙඩරල් සංහිඳියා නිරුවත” සම්මන්ත්‍රණයේ මුඛ්‍ය දේශනයක් සිදු කරමිනි.

    මේ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේ සෑම කමිටුවකම පාහේ අරක් ගෙන සිටින්නේ ජයම්පති වික්‍රමරත්න , එස් සුමන්තිරම් වැනි කුප්‍රකට බෙදුම්වාදී චරිත බව පෙන්වා දෙන ගෙවිඳු කුමාරතුංග මහතා රණවිරුවන් දිවිපුදා රැකි ඒකීය රට මෙලෙස පාවාදෙමින් බෙදුම්වාදීන්ගේ මනදොළ සපුරා බෙදා වෙන් කරන තුරු ඉවසන්නේ නම් අප මිනිසුන් දැයි ප්‍රශ්න කරයි.

    ගෙවිඳු කුමාරතුංග මහතා පැවැත්වූ සම්පූර්ණ දේශනය…..පහත සඳහන් link එකෙන් ලබාගන්න:

    http://www.sinhala.lnwtoday.com/archives/14867

  2. Gunadasa Says:

    සියලුම සිංහලයෝ මේ ව්‍යවස්තාව පරාජය කිරීමට සටන් කළ යුතුය​. කිසිම දේසපාලුවන්ගේ නම් සඳහන් කිරීමෙන් වැලකී මේ කුමන්ත්‍රණය පරාජය කරමු.

  3. Samanthi Says:

    “අද බලයේ සිටින බොහෝ දෙනා කියන්නේ එකක්‌ කරන්නේ තවත් එකක්‌. රට, ජාතිය, ආගම ගැන කැක්‌කුමක්‌ නැති පිරිස්‌ අද රටේ සම්පත්වලින් නිසි ප්‍රයෝජන නොගෙන ඒවා විකුණමින් මුදල් සෙවීමට උත්සාහ කරනවා…..” යෑයි අස්‌ගිරි පාර්ශ්වයේ මහානායක අති පූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියෝ පැවසූහ.

    නව ව්‍යවස්‌ථා සංශෝධනය පිළිබඳව රටේ ජනතාවට නිසි අවබෝධයක්‌ නැති බවත් ත්‍රස්‌තවාදයෙන් මුදාගත් රට යළි විනාශවීමට කිසිසේත් ඉඩ දිය නොහැකි බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.විදෙස්‌ රටවල වෙසෙන ශ්‍රී ලාංකීකයන් පිරිසක්‌ එක්‌ව ඇතිකරගත් ශ්‍රී ලංකා ගෝලීය සංසදයේ නියෝජිත පිරිසක්‌ පෙරේදා (27 දා) රාත්‍රියේ අස්‌ගිරි මහ නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්‌ථාවේදී උන්වහන්සේ එසේ පැවසූහ.

    මෙම අවස්‌ථාවේ අදහස්‌ දැක්‌වූ අස්‌ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද හිමියෝ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන හරහා බෞද්ධ සංස්‌කෘතියට රටේ භෞමික අඛණ්‌ඩතාවට සිංහල ජාතියට අයහපතක්‌ වෙනවා නම් සෑම පුරවැසියකුම ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතු බවත් එය සෑම ශ්‍රී ලාංකිකයකුගේම යුතුකමක්‌ හා වගකීමක්‌ බවත් අවධාරණය කළහ. ශ්‍රී ලාංකීය ජාතියක්‌ ලෙස මෙම මාතෘ භූමිය තුළ අපට ඇති ස්‌වාධීනත්වය අහිමි වුවහොත් ලෝකයේ අසරණ ජාතියක්‌ බවට පත්වීමේ ඉඩකඩ ස්‌ථීරවම ඇතිවන බව ද උන්වහන්සේ පැවසූහ”

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress