බෞද්ධයින් ප්‍රචණ්ඩත්‌වයට ඇයි මෙච්චර ලොල්!
Posted on January 2nd, 2017

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D.

සිංහල බෞද්ධයාට වටකරගෙන බැටදීම

මෙම ලිපියේ ශීර්‍ෂ පාඨය ධර්‍මසිරි බණ්ඩාරනායක නමැති 2015 දී යහපාලනයක් පතා සටන් කල (කඩේ ගිය?) සිනමා වේදියා විසින් කලාය කියා පුවත් පතක (2015 සැප්තැම්බර්?) සඳහන් වූවකි. නිරවුල් ඉතිහාස හා භූගෝල විද්‍යා දැනුමක් නැතත්, දෙමාපියන් විසින් උපතේදී හොඳ සිංහල බෞද්ධ නමක් දමා ඇති මෙවැනි අයගෙන් පවා නිග්‍රහයට හා බාල්දුවට සිංහල බෞද්ධයා පත්‌ව ඇති තරම පෙනෙන විට ඇමෙරිකාවේ සිටින මට ඇතිවන්නේ බලවත් කණගාටුවකි, වේදනාවකි. සමහර විට ලංකාවේ දැන් ජීවත්‌වන අයට මෙය කම්මලේ ඉන්නා බල්ලාට හෙන ගහනවා නොදැනෙනවා වගේ දෙයක් විය හැකිය. එහෙත් ක්‍රමාණුකූලව, සූක්‍ෂම ලෙස, ලංකාවේ සිංහල බෞද්ධ පදනමට වටකරගෙන කරගෙන යන පහරදීම් සිංහල බෞද්ධයින්ට වෙච්චදේ යනුවෙන් ඉතිහාස කතාවක් ලිවීමට ඇති බලවත් අවශ්‍යතාවය පෙන්වා දෙන බව මගේ අදහසයි. අනාගතයේ එවැන්නක් සිදුවෙතැයි යන විශ්වාසයෙන් ධර්‍මසිරි නම් යහපාලන වින්නඹුවෙක් විසින් එන් ජී ඕ ගැලරියට කල මෙම ප්‍රකාශය පර්‍යේෂණාත්‌මක විමර්‍ශනයකට ලක්කල යුතුය කියා සිතේ. ධර්‍මසිරි පමණක් නොව තවත් බොහෝ අය සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන හරියාකාර දැනුමක් නොමැතිකම නිසා යම් සිදුවිලි දාමයක වලිගයෙන් අල්ලාගෙන වලිකන බව මෙහිදී පෙනීයන කරුණකි. ධර්‍මසිරිලා පමණක් නොව හාවඩ් මහාචාර්‍යව සිටි ස්ටැන්ලි තම්බයියාත් කලේ ඒ දේමය.

වික්ටර් අයිවන්ගේ පන්සලේ විප්ලවය

විව්ධ පැතිකඩ හා මූණත් ඇති මෙම සිංහල බෞද්ධ විරෝධී ව්‍යාපාරය (ඇන්ටි මහාවංශ මූව්මන්ට්?) බූවල්ලෙක් වැනිය. උදාහරණයක් වශයෙන් 2006 දී පන්සලේ විප්ලවය යන නමින් රාවය පත්‌තරයේ වික්ටර් අයිවන් විසින් ලියූ පොතක් ඊට අවුරුදු දහයකට පසුව මෑතකදී මට කියවීමට ලැබුණි. මේ පොත මඟින් හාමුදුරුවරුන් කලාය කියන කුලභේද වාදයක් ඉස්මතුකර පෙන්වා ඉතාමත් සියුම් ලෙස සංඝ සමාජයටත්, ඊට අමතරව ආදර පෙම්කතාවක් මවා පා අපවත්‌වූනු ගංගොඩවිල සෝම හාමුදුරුවන්ගේ චරිතය පළුදු කිරීමටත් වික්ටර් උත්සාහයක් දරා ඇත. බුද්ධාගම යනු චතුරාර්‍ය සත්‍යය හා ආර්‍ය අෂ්ටාංගික මාර්‍ගය මත පදනම්වූ ජීවන ක්‍රමයක් මිස බයිබලයේ හෝ කෝරානයේ හෝ ලියා ඇති අන්දමේ ආගමක් නොවන බව සමාජයේ ඇති කුල භේදය ගැන තර්‌ක විතර්‌ක පොයින්ට් හොයන වික්ටර් ට නොතේරේ.

යම් සමාජයක කුල භේද හෝ වෙනත් අඩුපාඩු තිබේනම් ඒවාට ජේසුස් වහන්සේට අකාලයේ මිය යාමට හේතුවුනු ආකාරයේ ප්‍රසිද්ධියේ විරෝධය පෑමක් බුදු දහම යටතේ සිදු නොවේ. එය එක් එක් පුද්ගලයාගේ ප්‍රයිවට් ප්‍රශ්නයකි. බුරුමයේ පන්සල්වල දානයට දිමි ගොටු වලින් ගත් දිමි බිත්තර බැඳ තියන්නට පුළුවන් වන්නේත්, වියට්නාම් බෞද්ධයින් ගැරඬි මස් කනවා කියන්නේත් මේ නිසාය. ලංකාවේ ගම් වල ඇන්ග්ලිකන්, මෙතොඩිස්ට්, කතෝලික පල්ලි තිබෙනවා මෙන්, ගොචිගම අයගේ පන්සල්, කරාවේ හෝ දුරාවේ අයගේ පන්සල් කියා මිනිසුන් යන නොයන වෙන්ව හඳුනාගත් පන්සල් නැත. ඇමෙරිකාවේ නගරවල නම් දායකයින් විසින් වෙන්කර බෙදාගත් පන්සල් තිබෙනවා මා දැක ඇත. ඔහුගේ පොතේ මූලික අරමුණ සෝම හාමුදුරුවන් යම් කුමන්ත්‍රණයක් මඟින් අපවත්කලා යන සැකය ඉවත්කර වීමය. අන්තිමේදී 1971 ජේ වී පී මාක්ස්වාදීයෙකු හා උපතින් ක්‍රිස්තියානියෙකුවූ වික්ටර්,  බුද්ධාගමට ඇති දයානුකම්පාවෙන්දෝ එය ශීලාචාර කිරීමට බෞද්ධයින්ට හා හාමුදුරුවරුන්ට නොයෙක් අවවාද උපදෙස් ඉදිරිපත් කරයි. මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන්ගේ අපවත්‌වීම සම්බන්‌ධ ‌යෙන්ද සැකයක් මතුවී ඇති නිසා ඉදිරියේදී වික්ටර් එය අල්ලාගෙන තවත් පොතක් ලිවීමටද ඉඩ ඇත.

ථෙරවාදී බුදු දහම

ලෝකයේ miලියන 7000-8000 aþara ජනසංඛ්‍යාව අනුව බලන විට ලංකාවේ සිටින ථෙරවාදී බුදු දහම අදහන පිරිස මිලියන 14-15 අතර ඉතාමත්‌ම සුළු  ප්‍රමාණයකි. එහෙත් යම් ජනකොඨාශයක ආගම දඩමීමා කරගෙන ඉංග්‍රීසි, දෙමළ හා සිංහල භාෂාවෙන් ලෝකය පුරා ලියැවී ඇති ලිපි හා වාර්‌තා ප්‍රමාණය සැළකුvahoþ සිංහල බෞද්ධයින්ta viruද්ධව ලියා ඇති ප්‍රමාණය අංක එක වනු නිසැකය. මීට ප්‍රධානම හේතුව නම් ද්‍රවිඩස්ථාන් ව්‍යාපාරය හරහා ඉන්දියාව කැබලි කිරීමේ ඓතිහාසික ක්‍රිස්තියානි ලෝක සැළැස්ම, ඒ සඳහා නූතන ලෝක දේශපාලන තත්‌වය යටතේ ඉතාමත්‌ම සුදුසු තැන ලෙස ලංකාව තෝරා ගැනීමය. 1949 දී ක්‍රිස්තියානී චෙල්වනායගම් කොළඹ සිට දෙමළ රාජ්‍ය පක්‍ෂය පිහිටුවා ගැනීමත්, විශේෂයෙන් 1976 වඩ්ඩුකෝඩ්ඩෙයි (මුලින් මේ ගමේ නම වඩුගොඩ) ප්‍රකාශනයට පසුව ලංකාවේ බෞධයින් හින්දුන් මරණවා යන මතයක් ලෝකය පුරා බටහිර පුවත් වාර්‍තා කාරයින් හරහා ප්‍රචලිත කෙරින.  මෙම සාවද්‍ය මතයේ හිනි පෙත්‌ත ලෙස ක්‍රිස්තියානි දෙමළ ස්ටැන්ලි ජෙයරාජා තම්බයියා විසින් 1992 දී ලියූ බුඩිසම් බිට්‍රේයිඩ් යන පොත සැලකිය හැකිය. පොතේ පිටකවරයට මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන්ගේ සටන්කාමි මුණක පින්තූරය සැපයූවේ විශාඛා කුමාරී ජයවර්‍ධනය (සොයිසා). පොතට යූ එන් ඕ සරසවියේ මුදල් ආධාර ලබාදී සංඥාපනයක්ද ලිව්වේ ඇගේ සැමියා ලාල් ය. යම් යම් ව්‍යාජ තොරතුරුත් ඇතුලත් මේ පොතෙන් ඔහු ඇසූ ප්‍රශ්නයක් නම් බෞද්ධයින් මිනී මරන්නේ ඇයි යන්නය. ඔහු හාවඩ් සරසවියේ මහාචාර්‍ය තනතුරක් දරමින් ඊලමක් සඳහා දැඩි පරිශ්‍රමයක් මියයන තුරුම දැරුවේය. බෞද්ධ පන්සල්වල පිළිම ගෙවල් වල ඉඩ කඩෙන් සියේට 15-20 අතර ඉඩක් වෙන්ව ඇත්තේ හින්දු දෙවි දේවතාවියන්ට බව ඔහු සැඟවුවේය. කෝලාහල වලදී දෙමළ ජනයා මැරුවේ ගම්වල සිංහල බෞද්ධයින් නොව නගරවල ඉන්නා ආගමක් නැති දාමරික අපරාධකාරයින් හා දේශපාලකයින්ගේ මැර පිරිස් බව (1983 ජූලි කෝලාහල යූ එන් පී මැරයින්ගේ වැඩක් විය) ඔහු හොඳින්ම දැන සිටියේය.

අප්‍රිකාණු හා ආසියානු රටවල් ක්‍රිස්තියානිකරණය කිරීමේ ලෝක ක්‍රිස්තියානි සංවිධානයේ සිතියමට හා සැලැස්මට අනුව ලංකාව ඉතාමත් වැදගත් වන්නේ ලංකාව ථෙරවාද බුද්ධාගම අවුරුදු 2,500 ක් පුරා අඛණ්ඩව රැකගත් ලෝක කෙන්ද්‍රස්ථානය වන නිසාය. මේ රට 1505 න් පසුව එල්ලවු ක්‍රිස්තියානි විෂම ආක්‍රමණ හා සමූලඝාතන වලින් බේරී සිටියේ මෙරට හාමුදුරුවරුන් ජාතියේ මුර දේවතාවුන් ලෙස ක්‍රියාකල නිසාය. පන්සල හා ගම අතර ගසට පොත්‌ත මෙන් තිබූ බැඳීම නිසාය. මේ සම්බන්‌ධය කඩා දැමීමේ අවශ්‍යතාවය නෝත්-බ්‍රවුnrig ආණ්ඩුකාරයින්ගේ කාලයේ සිට දෙවන ලෝක යුද්ධ කාලයේ ලංකාවේ සිටි අද්මිරාල් ලේටන් දක්වාම තේරුම් ගෙන සිටියේය. ජපනා ලංකාවට ආවොත් හාමුදුරුවරුන් එකතුකර හිරකඳවුරු වල දාන්නට ඔහු ප්ලෑන්කලේ ඒ නිසාය. මානව අයිතිවාසිකම් සුරැකිය යුතුය යන තිරයේ මුවාවෙන් නා නා ප්‍රකාර එන් ජී ඕ සංවිධාන දැන් කරගෙන යන ලංකාවේ බුද්ධ ශාසනයේ පදනමට පහරදීමේ ක්‍රියාවලියේ ලෝකල් ඒජන්තලා ලෙස ධර්‍මසිරි (අන‌ර්‍ග බෞද්ධ නමක්) හා වික්ටර් (යුදෙව් ක්‍රිස්තියානි නමක්) ක්‍රියාකරමින් සිටී.  මෙවැනි තවත් උදාහරණයක් නම් චන්ද්‍රජිත් අංශුබෝධ මාරසිංහ නම් ජපානයේ සිට ගෙනත් ලැයිස්තුවෙන් මන්ත්‍රීකමකට පත් කල මහාචාර්‍ය කෙනෙක් විජේදාස රාජපක්‍ෂ ඇමතිට සිවුරුදාගත්‌ත මිනිසුන් සමඟ සාකච්චා කරණවා කියා දොස් කීමය. ඔහුට ලංකාව ගැන අංශුමාත්‍ර දැනුමක්වත් නැතිබව මින් පෙනේ.

මයිකල් රොබට්ස් නම් දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචි තවත් මහාචාර්‍ය කෙනෙක් ලංකාවේ සිංහල-දෙමළ ප්‍රශ්නයට මුල්වූ හේතු සාධකය තමන් විසින් සොයාගත්තා යයි උදන් ඇණුවේය.  එය නම් 1912 දී ඉංග්‍රීසියෙන් ලියූ ලිපියක අපි සිංහලයින් (වී සිංහලීස්) කියා අනාගාරික ධර්‍මපාලතුමා සඳහන් කිරීම යයි ඔහුගේ තුප්පහියා යන නමින් ඇති වෙබ් අඩවියේ ලියා ඇත! හෙරලියවල ලියනගේ සෙනෙවිරත්න නම් ඇමෙරිකාවේ වසන ඇන්ත්‍රොපොලොජි මහාචාර්‍ය වරයා ඔහුගේ ද වර්ක් ඔෆ් කින්ස් (1999) යන පොතේ කියන්නේ ලංකාවේ ප්‍රශ්නවලට (සිංහල-දෙමළ?) වගකිව යුත්තේ වල්පොල රාහුල හා යක්කඩුවේ ප්‍රඥාරාම යන හාමුදුරුවරුන් දෙනමය කියාය! උපතින් ක්‍රිස්තියානි යෙකු වන ජිප්සි බෑන්ඩ් අයිතිකරු සුනිල් පෙරේරා කියන්නේ අමරදේවගේ පින්කෙත මේ ලක් දෙරණේ කියන සිංදුව බොරුවක් කියාය. පින්කෙතක් නම් මෙතරම් අපරාධ සිදුවන්නේ කෙසේද, හැමෝම ලංකාව අහහැරදමා යාමට පෝලිමේ ඉන්නේ ඇයිද කියා ඔහු අසයි. මෙය කළු සුද්දන් විසින් ලංකාව විනාශ කිරීමේ ප්‍රතිඵලයක් මිස සිංහල බෞද්ධ හේතුවක් නොවන බව ඔහුට නොතේරේ.

අබුද්දස්ස කාලය

ජීවිතයේ අනිත්‍යබව සංකේතවත් කරණ මල් පූජා කිරීම සඳහා ගස්වලින් මල් කැඩීමෙන් මීමැස්සන්ගේ හා සමනලයින්ගේ ජීවත්වීමට ඇති අයිතියට හානියක් නොවේද? ලමා වයසින් මහන කිරීmen ලමයින්ගේ මානව අයිතිවාසිකම් කඩ කිරීමක් සිදු නොවේද? පන්සල්වල අලි තබා ගැනීමත්, බෞද්ධ පෙරහැරවල අලි ඇතුන් ගෙනයාමත් වන සතුන්ට කෲර ලෙස සැලකීමක් නොවේද? මෙවැනි කතා අස්සේ, බුදු හාමුදුරුවො ඉපදුනේ ලංකාවේ, ලංකාවේ සමන්තෝභද්‍ර නමින් අළුත් බුදු කෙනෙක් ඉන්නවා, වඳුරඹ සිරිවර්‍ධන නම් රහත්‌වූ කෙනෙක් ඉන්නවා කියා පත්‌තරවල පලවේ. අළුත් බුදු හාමුදුරුවෝ ඔහුගේ පිලිමයක්ද සදා රන් ආලේප කර ඇත. ඔහුගේ උපන් දින සාදයට ඌරුමස් කරියක්ද සාදා ඇත. ටියුෂන් මාෆියාව නිසා ලමයින්ට ඉරිදා දිනයේ දහම් පාසැල් වලට යෑමට නොහැකිය. ක්‍රිස්තියානි මූලධර්‍මවාදීන් ටකරන් මඩු පවා ගසමින් අයථා අන්‍යාගමීකරණය ජයටම කරගෙන යයි. ශාරියා නීතිය උගන්වන මද්‍රසා පාසැල් මදිවාට අරාබි රජෙකුගේ නමින් හැදෙන අරාබි භාෂාවෙන් උගන්වන ඉස්ලාම් ආගමේ ලෙබ්බේලා පුහුණු කරන විශ්ව විද්‍යාලයක් මඩකල්පුව පැත්තේ වැලිකන්ද අසල ඉදිවෙමින් පවතී. කෝරානයේ ඇති ආගමික සහජීවනයට පටහැනි වගන්ති ගැන ලියූ විට එය ආගම් භේදය ඇතිකිරීමක්‌ හා මානව අයිතිවාසිකම් කඩ කිරීමක් ය කියා හිරේ දැමීමට නීති පැනවීමට සමහරු යෝජනා කරති.

ජන සංඛ්‍යාව අතින් සිංහල බෞද්ධයා සුළුතරය වන හැම අවස්ථාවකම දෙමළ හා මුස්ලිම් ජනයා ඔවුන්ට අඩන්තේට්ටම්කර එලවා දමා ගැනීමට ක්‍රියාකරණ බව දැන් මොනවට ඔප්පුවී ඇත. සිංහල ජනයාට සාපේක්‍ෂව මුස්ලිම් ජන අනුපාතය අඩූව සිට වැඩිවෙන ප්‍රමාණය  අනුව හැසිරෙන ක්‍රම පිලිවෙලක් මුස්ලිම් ව්‍යාප්තවාදීන් (යටත් පහත් කමින්, මිත්‍ර කමින්, හතුරු ලෙසින්) ලංකාවට හඳුන්වා දී ඇත. මෙය සෙසු ලෝකයේත් පවතින ක්‍රමය බව බටහිර ලේඛකයින් වාර්‍තා කර ඇත. සිංහල බෞද්ධයින්ට මඩකලපුව දිස්ත්‍රික්කයේ පොලිසි හා දිසාපති, ප්‍රාදේශීය ලේකම්ලා හා මුළුමනින්ම දමිළ හා මුස්ලිම් කරණයවී ඇති ග්‍රාම සේවකලා කරන අසාධාරණකම් වලට විරුද්ධව තනියෙන් ඉදිරිපත්‌ව සිටින මඩකලපුව මංගලාරාමයේ නායක අම්පිටියේ සුමංගල හිමියන්ව හිරේ දමන ලෙස ටී එන් ඒ මන්ත්‍රීලා ඉල්ලා සිටී. බොදු බල සේනාවේ ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ව හිරේ දමන්නට හදන්නේ රනිල් අගමැතිගේ ලිච්චවි ක්‍රමයට අනුව යමින් රටේ දැවෙන බෞද්ධ ප්‍රශ්න සාකච්චා කිරීමට ප්‍රසිð‌ðhiyee බලකරමින් සිටින නිසාය. තවත් පැත්තකින් බටහිර සිට එන්නේ සර්‍වාගමික පූට්ටුවය. හැම ආගමම එකයි කියමින් සමහර හාමුදුරුවරු ලෙබ්බේලා, පූසාරිලා, පැස්ටර්ලා සමග එක මේසයේ ඉඳගෙන දවල් ආහාර අනුභව කරති. ආබ්‍රහම් ගෙන් එන දේව ආගම් තුන හා සර්‍වබලධාරී දෙවියෙක් ගැන විශ්වාස නොකරණ බුද්ධාගම එකම වෙන්නේ කෙසේද? මේ සර්‍වාගමික එකගෙයිකෑම පුස්ස බින්ඳාක් වගේ වෙන්නේ බැරි වෙලාවත් මුස්ලිම් හෝ ක්‍රිස්තියානි පල්ලියක පිරිතක් කියන්නට ඉඩ දෙන ලෙස ඉල්ලා සිටියොත් ය. එහෙත් ඔවුන්ට පන්සලකට පැමින ඔවුන්ගේ ආගමික වතාවත් කරගැනීමට ඕනෑ තරම් ඉඩදී ඇත.

මානසික, වාචික, ශාරීරික ප්‍රචණ්ඩ ක්‍රියා

ලොල් කියන්නේ නිකම්ම ආශාවට නොව කෑදර ආශාවකටය. එක භාර්‍යාවක් වෙනුවට බහු ස්ත්‍රීන් සොයා යන්නේ කාමයට ලොල්වූවන් ය. ප්‍රචණ්ඩ කියන්නේ සාමය, සමාදානය නුරුස්සන, කඩාකප්පල්කාරී, වෛරක්කාරී විකෘති මනසක් ඇති පුද්ගලයෙකුගේ හැසිරීමටය. බැමියන් බුද්ධ රූප ගල්බෝර දමා විනාශ කිරීමටය. දළදා මාලිගාවට බෝම්බ ගැසීමටය.  උදාහරණයක් වශයෙන් කයිට්ස් පාසැල් ශිෂ්‍යාව දූෂණය කර මරාදැමීමේ සිද්ධියට යාපනේ උසාවියට ගල් ගැසීම ප්‍රචණ්ඩ ක්‍රියාවකි.  1960, 1970 කාලයේ බංගවේවා කාරයින් මැයි දින පෙළපාලි වලදී යූනියන් ප්ලේස් එකේ බිල්ඩින් වල වීදුරු වලට ගල් ගැසීම ප්‍රචණ්ඩ ක්‍රියාවක් විය. මහ මැතිවරණවලට පසු පැරදුන පැත්තේ අයගේ ගෙවල් ගිනි තැබීම ප්‍රචණ්ඩ ක්‍රියාවක් විය. 1971, 1988-89 කාලයේ ජේවීපී එකත්, ආණ්ඩුවත් දෙකම ප්‍රචණ්ඩ ක්‍රියා කලේය.

සංවිධානාත්මක ලෙස, නම්බුකාරයයි පෙනෙන ලෙස කරණ ප්‍රචණ්ඩ ක්‍රියාද ඇත. බලංගොඩ අබුසාලිලා විදේශිකයෙකු ලවා ලියවා කුරගල ගැන අළුත් ඉතිහාසයක් මවා පෑම එවැනි ක්‍රියාවකි. මෙම ව්‍යාජ ක්‍රියාව ගැන සවිස්තර ලිපියක් දර්‌ශනී රත්නවල්ලි විසින් ඇගේ වෙබ් අඩවියේ පලකර තිබේ. කුරගලට ඇතුල්වූ විට පෙනෙන ගල් ප්‍රාකාරයේ දිග ශිලා ලිපියක් තිබෙන්නට ඇතිබවත් එය එම ගල අසල ලොකු ගිනිමැල ගසා ඉන් පසු වතුර ගසා ගල පතුරු ගස්සවා විනාශකර ඇතිබවත් බැලූ බැල්මටම ඕනෑම කෙනෙකුට පෙනේ. මෙය උතුරේ හා නැඟෙනහිර පලාත් වල පුරා විද්‍යා නටබුන් විනාශකර එම කැබලි වැසිකිළිවල කොටස්, කුස්සි ලිප්ගල් ලෙස ගෙනයෑමට සමාන නොවේද? මේ ක්‍රියා ප්‍රචණ්ඩ අපරාධ නොවේද? ධර්‍මසිරිලා විසින් ප්‍රචණ්ඩක්‍රියා ලෙස පෙන්වන්නේ ශාරියා නීතියට, හලාල්කරණයට හා අයුතු අන්‍යාගමීකරණයට විරුද්ධව බොදු බල සේනාව විසින් නිදාගෙන සිටින සිංහල බෞද්ධ ජනතාව අවදිකරවීම විය යුතුය. එහෙත් එක ගල් කැටයක් හෝ පල්ලියකට ගැසූ බවට ශාක්‍ෂි නැත.

මිනීමරු බුද්ධාගම හා ලෝක මහාචාර්‍යවරු

එක් සුදු විදේශිකයෙක් යුදභටයින්ට බෞද්ධයින් වශයෙන් ඊලම් යුද්ධයට සහභාගිවීමේලා තිබිය හැකි මානසික අමාරුව/අපහසුතාවය ගැන කල ආචාර්‍ය උපාධි පර්‍යේෂණයක් පිළිඹඳව කදිම විග්‍රහයක් දර්‌ශනී රත්නවල්ලි විසින් කර ඇත. මෙහිදී මගේ මතකයට එන්නේ දැනට කලකට පෙර ඇමෙරිකාවේ යුද භටයින් යුද්ධයට ගොස් මිනිසුන් මැරීමට අකමැතිවීමේ ප්‍රවනතාවයක් පෙන්වීම නිසා ඒ ගැන ඔවුන්ගේ මනස වෙනස් කිරීමට ඇමෙරිකන් යුද හමුදාව කල උþසාහය හා පර්‍යේෂණය. ඊශ්‍රායලය වගේ රටවල මෙන් නොව ඇමෙරිකාවේත්, ලංකාවේත් යුද හමුදාවට බැඳීම අනිවාර්‍ය සේවයක් නොවේ. මේ නිසා බොහෝ විට යුද හමුදාවට බැඳෙන්නේ වෙන රක්‍ෂාවක් හොයාගත නොහැකි දුප්පත් තරුණ පිරිස් ය. එහෙත් ප්‍රහාකරන්ට විරුද්ධ යුද්ධයේදී එල්ලේ ගුණවංශ හාමුදුරුවන් දහස් ගණන් සිංහලයින් ජාතිය බේරා ගැනීමේ සටනට හරවා ගත්තේ ඔවුන්ගේ හදවත තුල ඇති ජාත්‍යාලය මතුකරවාය.

බෞද්ධයින් මිනීමරුවන් ලෙස පෙන්නා දීමට දිගුකාලීන සැලැස්මක් උඩ ක්‍රියාකලේ මියගිය ස්ටැන්ලි තම්බයියාය. බොස්ටන් නුවර හාවඩ් සරසවියට ගොස් ඊලම් සටනට මහාචාර්‍ය මට්ටමෙන් දායකවීම ඔහු ඇරඹුවේ 1958 සිංහල-දෙමළ කෝලාහල කාලයෙන් පසුව, යාපනයේ කුලභේදය ගැන වෙනුවට ඔහුට ලැබුණු ක්‍රිස්තියානි ශිෂ්‍යත්වය මඟින් තායිලන්තයට ගොස් ථෙරවාද බුද්ධාගම ගැන අධ්‍යයනය කිරීමෙන් ය. 1953 දී දොන් චාල්ස් විජේවර්‍ධන විසින් ලියන ලද ධ‌ර්‍ම විජය (රෙවෝල්ට් ඉන් ද ටෙම්පල්) යන පොතත්, 1956 දී බිට්‍රේයල් ඔෆ් බුඩිසම් නමින් පලවුන බෞද්ධ ශාසන තොරතුරු විමර්‍ශන කොමිටියේ වාර්‌තාවත් පේරාදෙණිය සරසවියේ සමාජ විද්‍යා ආචාර්‍යවරයෙකු වශයෙන් තම්බයියා විසින් ඒ වන විට කියවා සිට ඇති බව නිසැකය. ඒ නිසා ඔහුගේ දිග ගමන 1992 දී ලියූ බුඩිසම් බිට්‍රේයිඩ් නම් පොතකින් මුදුන් පත් කරගැනීම පුදුමයට කරුණක් නොවේ.  වයි බුඩිස්ට් කිල් කියා ලෝකයටම හඬගා අසන්නට පමණක් නොව ගණනාත් ඔබේසේකර, එච් එල් සෙනෙවිරත්න වැනි අනිත් ඇන්ත්‍රොපොලොජි කාරයින් ලවා එය සනාථ කරවා ගන්නටත් ඔහුට හැකිවූයේ මේ නිසාය. ධර්‍මසිරිලා වැනි අය කාගෙන දඟලන්නේද මේ දිරච්ච ලණුවය.

තම්බයියාට යැවූ දිග ලිපිය

තම්බයියාගේ වයි බුඩිස්ට් කිල් කියන ප්‍රශ්නයට මා ලියූ දිග පිළිතුර ඔහුට යැවීමට ඒ කාලයේ මට ඔහුගේ ඊමේල් ලිපිනය ලබාදුන්නේ රන්ජනී ඔබේසේකර (ඇල්ලෙපොල), ගණනාත් ඔබේසේකරගේ බිරිඳය. මට පිළිතුරක් නොලැබුණේ ඔහුට දීමට පිළිතුරක් නොවූ නිසාය කියා මම සිතමි. දැනට අවුරුදු විස්සකට පමණ ලියූ ඒ පිළිතුරේ අදටත් වලංගුවන, ධර්‍මසිරිලා වැනි අයගේ දැණුම වර්‌ධනයට හේතූපකාරවන අදහස් මෙහි පහතින් නැවත සිංහල භාෂාවෙන් ලියන්නට ලැබීම ගැන මම සතුටු වෙමි. තම්බයියාගේ පොතේ 1966 හේනපිටගෙදර ඥානසීහ හාමුදුරුවන් හා රිචඩ් උඩගම කලායයි කියන කුමණ්ත්‍රනය ගැන සඳහන් වුවත්, 1958 ජේ ආර්-ඩඩ්ලි දෙමළ භාෂා සාධාරණ භාවිතය පිළිඹඳ පනතට විරුද්ධව ඉඹුල්ගොඩ දක්වා ගිය පා ගමන හෝ 1962 ක්‍රිස්තියානි සිංහල-දෙමළ පොලිස් කුමණ්ත්‍රනය හෝ සඳහන් නොකරයි (එම ඇත්‌ත කුමණ්ත්‍රනය අන්තිම මොහොතේදී වැලැක්‌වූයේ බෞද්ධ පොලිස් නිලධාරී ස්ටැන්ලි සේනානායක විසින් ය. කුමණ්ත්‍රනයේ නායක සී සී දිසානායකගේ පුතා ලියූ පොතක මේ කුමණ්ත්‍රනය බෞද්ධ කුමණ්ත්‍රනයක් කියා හඳුන්වා දෙන්නේ කුමණ්ත්‍රනකරුවන්ට ආයුධ, පිස්තෝල අරගෙනයාම තහනම් කර තිබුණාය යන හේතුව උඩය!). මෙය පුදුමාකාරයේ අතපසුවීමකි. මෙය හරියට වල්පොල රාහුල හිමියන් විසින් ඔහුගේ පොතට නොයෙක් තොරතුරු ලබාදීම ගැන කෘතඥ වන එච් එල් සෙනෙවිරත්න, ඔහු විසින් එම හාමුදුරුවන්ට (හා යක්කඩුවේ ප්‍රඥාරාම හාමුදුරුවන්ට) එල්ල කල චෝදනාව ගැන උත්තරයක් දීමට උන්වහන්සේට අවස්ථාවක් නොදීම වැනිම මහාචාර්‍යවරුන්ට නොගැලපෙන අශීලාචාර ක්‍රියාවකි.

ජාත්‍යන්තර ප්‍රජාව ගොනාට ඇන්ඳවීම

අවිහිංසාව දේශනාකරන්නාවූ ආගමක් අදහන අය මීනි මරන්නේ කෙසේද? බෞද්ධයින් බුද්ධාගමට ද්‍රොහි වන්නේ කෙසේද? යන ප්‍රශ්න තම්බයියා අසන්නේ තොත්‌ත බබෙක් වගේය. මෙය මුළු ජාත්‍යන්තර ප්‍රජාවම මෝඩයින් කරවන ප්‍රශ්නයකි. බැමියන් බුදුරූප ඩයිනමයිට් දමා පුපුරවන, බුදු පිලිමයක් තබා වෙසක් කාඩ් එකක්වත් රට තුලට ගෙනයාමට නොදෙන රටවල් හා ඩොලර් කෝටි ගණන් අරමුදල් සහිතව තෝරාගත් රටවල් ක්‍රිස්තියානි කිරීමට පිහිටුවා ගත් සංවිධාන හා දහස් ගණන් ක්‍රිස්තියානි එන් ජී ඕ කාක්කන් ඇති ලෝකයක් ඉදිරියේ සිරි සංඟබෝ-වෙස්සන්තර යුගයක් තම්බයියා ලංකාවේ බෞද්ධයින්ගෙන් balaaporoþþu viය. ධර්‍මාශොක රජතුමාගේ අධිරාජ්‍යයට වූ දෙයත්, අද ඉස්ලාම්වී ඇති ඇෆ්ඝනිස්ථානයේ සිට මලයාව, ඉන්දුනීසියාව, කොරියාව, මාල දිවයින්  යනාදී ආසියාවේ රටවල බුද්ධාගමට වූ දෙයත් ඔහුට අමතකය.

බෞද්ධයින් ඓතිහාසිකව අන් ආගම්වල ජනයාට පෙන්වූ නම්‍යශීලිභාවයද ඔහු ඔහුගේ පොතේ හුදෙක් වෘත්තිය සාධාරණත්‌වය උදෙසාවත් වාර්‍තා නොකරයි. අතීතයේදී කතෝලිකයින්ට හා ඉස්ලාම්වාදීන්ට සමූලඝාතනයෙන් බේරී උඩරට ප්‍රදේශයේ පදිංචිවීමට සිංහල බෞද්ධ රජු අවසරදීම අමතක කලත් වඩා මෑත කාලයේදී දෙවියන්ගේ නාමයෙන් මිථ්‍යා දෘෂ්ටියෙන් ගලවා (සේව්) ගැනීමට මිනිස් බැටළුවන් සොයමින් ක්‍රිස්තියානි මිෂනාරී පූජකයින් ලංකාවේ ඈත ගම්වල සැරිසරණ විට රාත්‍රි කාලය ගෙව්වේ එම ගම්වල පන්සල්වල බව තම්බයියා දැන සිටියේය. එවිට ඔවුන්ට රාත්‍රි භොජනය පවා රෑට නිරාහාරව ඉන්නා මේ හමුදුරුවරු පිස දුන්නේය. එවන් ලක්‍ෂණ තිබූ සමාජයක් අපිට වැරදුනේ මෛත්‍රී භාවනාව නිසා කියන තැනට වැටුනේ කිරි පැකට් හෝ වෙනත් අල්ලස්දී බුදු පිලිම පොලොවේ ගසා කුඩුකර ඊට මුත්‍රාකරවන ත‌ත්‌වයට බෞද්ධ විරෝධී ව්‍යාපාර යක්‍ෂාවේෂවූ නිසා නොවේද? ඉස්ලාම් ව්‍යප්තවාදය මීට දෙවෙනිද?

1931 දී අනුරාධපුර රාජ්‍ය මන්ත්‍රීවූ සුදු ජාතික ඩබ්ලිව් එච් ෆ්රීමන්, 1936 දී නිතරඟයෙන් පත්‌විය. 1960 ගණන්වල කැලණිය ආසනයේ මන්ත්‍රීවූයේ කතෝලික ආර් ඇස් පෙරේරාය. අහම්බ කීපදෙනෙක් හැරෙන විට ඩී එස් සේනානායක ගේ සිටම ලංකාවේ අගමැති/ජනාධිපති වූ හැම කෙනෙක්ටම ක්‍රිස්තියානි මවක් හෝ බිරිඳක් සිටියේය. ආර් ප්‍රෙමදාස යුගය නිමවූයේ ඔහුගේ දුව හා බිරිඳ ක්‍රිස්තියානි ආගමට හැරීමෙන් ය. ලංකාවේ බෞද්ධ පදනම අහෝසි කලයුතුයයි කියන රෝසි බර්‌නඩීන් සේනානායක ඔවුන්ගේ ගජ මිතුරියක් විය. උපතින් බෞද්ධයින් නොවූ ජෙයරාජ් ෆර්නැන්ඩු පුල්ලේටත්, රාජන් කදිරගමාර්‌ටත් හාමුදුරුවරු  සැලකුවේ ඔවුන් බෞද්ධයින්සේ ජීවත් වූ අයය කියා සිතමින් ය. මේ සියල්ල ශ්‍රී මහා බෝධියට හා දළදා මාළිගාවට ඊලම් ත්‍රස්තවාදීන් විසින් බෝම්බ ගැසුවාට පසුවය. එවැනි බෝම්බ ඔවුන් දෙන්නාවද බිලිගත්තේය. බුද්ධාගම ආක්‍රමනශීලි ආගමක් නොවීය. අම්බෙඩ්කාර් විසින් ඩලිට් ජනයා බුද්ධාගමට හරවා ගත්තේ ලංකාවේ හාමුදුරුවරුන්ගේ කිසිම සම්බන්‌ධයක් නැතිවය. අඩු තරමින් කලින් සිංහල මිනිසුන් වූවායයි සැලකෙන පහත් කුල කියා අමානුෂික ලෙස සලකන යාපනේ හරිජනයාව බුද්ධාගමට හරවා ගන්නට වත් මේ හාමුදුරුවරු ක්‍රියා නොකළේය. ඒ වෙනුවට ඔවුන් කලේ යුරෝපයට යෑමය.

මෙම සමහර සිදුවීම් තම්බයියාගේ පොතට පසුව සිදුවුවත්, ඔහු මියයාමට පෙර සිදුවිය. ඔහුගේ මතය ඒ නිසා වෙනස්වුනාද? පන්සලේ බණමඩුවට ගොස් නවගුනවැල ගනිමින් ඉන්නා බෞද්ධයින් පිරිසක් නැති නිසා නොව, ලංකාවේ දේශපාලන බලය සුද්දන්ගෙන් තමන්ට මාරුකරවා ගත් බොහෝ සෙයින් ක්‍රිස්තියානී හා අර්‌‌ධ ක්‍රිස්තියානී වන කළු සුද්දන් කල්ලියකගේ ක්‍රියා නිසා නීතිය හා විනය බල්ලාට යෑම නිසා ලංකාවේ මිනී මැරුම් හා අපරාධ සිදුවන බව තම්බයියාට තේරුනේ නැතිසේය. බුදු දහමට අනුව නීතිය හා සාමය රැකීමේ වගකීම රාජ්‍ය වගකීමකි. පසේනදී කෝසල රජතුමා දුටු සීන දාසැයෙන් පෙන්වා දෙන්නේ රජු, රාජ්‍යය ධාර්මික නොවන විට රටකට වන දේය. නීතියෙන් කල යුතු පොදු දේ රජවරුන් රාජ නීතිය ය. බුදු හාමුදුරුවෝ පෙන්නා දුන්නේ එක් එක් ගිහියාට පුද්ගලිකව ගත හැකි මගය. නීති පද්‌ධති දේශපාලන ක්‍රියාය.

උදාහරණයක් වශයෙන් ආත්මාරක්‍ෂාව (සෙල්ෆ් ඩිෆෙන්ස්) සඳහා ඇති රාජ්‍ය නීති හා ආගම්වලින් කියන දේ මොනවාද කියා සිතමු.

1. මගේ ජීවිතය අනතුරේ නම්, මට හිංසා කරන්නට එන තැතැ‌ත්‌තා මරා දැමිම නීත්‍යාණුකූලය; ඉන් පවක් සිදු නොවේ (ක්‍රිස්තියානි, ඉස්ලාම්, යුදෙව් ආගම්)

2. මගේ ජීවිතය අනතුරේ වුවත් මට හිංසාකරන්නට එන තැනැත්‌තා ගෙන් ගැලවී පැන දුවනු, නැත්නම් ඔහුගෙන් තමන්ගේ මරණය සිදුවුනත් ඔහු නොමරන්න. මෙවැනි නීතියක් නීති පොතක නැත; පවක් සිදු නොවේ (බුද්ධාගම)

3. එසේ හිංසාවට එන තැනැත්‌තා සමඟ ගැටුමක් ඇතිවීම වලක්වා ගැනීමට කලහැකි හැමදේම කරන්න, පලා යන්නට බලන්න. එහෙත් වෙන කල හැකි දෙයක් නැත්නම් ඔහුව සුනු විසුනු කර දමන්න. එය නීත්‍යාණුකූලය; පවක් සිදු නොවේ  (භගවත් ගීතාවේ අර්ජුන)

අද ඇමෙරිකාවේ ඇති නීතියක් අනුව යමෙක් තමා හිටගෙන ඉන්නාවිට වෙන කෙනෙක් තමාට එරෙහිව පිස්තෝලයක් ඉලක්ක කරගෙන එනවා දැක්කොත් හෝ ඒ පිළිඹඳ සාධාරණ සැකයක් ඇතිවුවහොත් ඒ පුද්ගලයාට වෙඩි තබන්නට බලය ඇත. බොහෝ ඇමෙරිකාණුන් සඟවා ගත් පිස්තෝල ගෙනයාමට බලපත්‍ර ලබාගෙන ඇත. ඇමෙරිකාවේ පල්ලි යන සංඛ්‍යාව ශීග්‍රයෙන් අඩුවෙමින් ඇතත්, ඇමෙරිකාවේ විනය හා සාමය ලංකාවට වඩා හොඳින් රැකෙන්නේ ආගම් වල බලයක් නිසා නොව නීති ක්‍රියාත්මකවීම නිසාය. බොහෝ ආගමික රීති මිනිසා විසින් සදාගත් දේ vanavaa වගේ නීතිද මිනිසාගේ නිර්‌මාණය. තම්බයියා විසින් දොස් කිව යුතුව තිබුණේ නීතිය බල්ලට යෑම ගැනය. ඒ මිසක් බුද්ධාගම හරහා, සතුරන්ගෙන් පිරුණු ලෝකයක, බෞද්ධයින්ගේම අත්පා බැඳ දැමීමට නොවිය යුතුය. නන්දිකඩාල් ඉරණම හා අවිහිංසාවාදය අතර වෙනස මියයාමට පෙර ඔහුට ඒත්තු ගියා නිසැකය.

ප්‍රභාකරන් මිනිසුන් මරද්දී ඔහු හියුමේන් (අවිහිංසක?) කියා කෙනත් ප්‍රනාන්‌දු නම් කොළඹ ඇන්ග්ලිකන් බිෂොප් කිව්වේ ඉහත අංක එක යටතේද? ඔහු ප්‍රභාකරන් නිපදවූ වයින් මිලට ගත් නිසාද? නැත්නම් ඔහු සිංහල බෞද්ධයින් මරණ නිසාද? නැත්නම් ප්‍රහාකරන් එකම ක්‍රිස්තියානි පල්ලියකටවත් බෝම්බ නොගැසූ නිසාද? දැන් අළුතින් හොයා ගෙන ඇති දෙයක් නම් යමෙක් කවුද කියා තීරණය වන්නේ ඔහු හෝ ඇය විශ්වාස කරණ දේ අනුවය කියාය. 2016 දෙසැම්බර් නැශනල් ජෝග්‍රැෆික් සඟරාවේ මේ ගැන ඇති ලිපියේ කියන්නේ යමෙකුගේ මොලයේ ඇති රසායනික කොටස් මෙසේ යමෙකු බිලීව් කරන දේ අනුව හැසිරෙන බවය (plæsiboo molaya). මම මා සිතන kenaaya (අයි ඈම් වට් අයි තින්ක්) යන අදහස දැන් යල් පැන ගොස් ඇත.  කෙනත් ප්‍රනාන්‌දු හා තම්බයියා යුක්තිය, සත්‍යය හා සාධාරණත්‌වය නොව තමන් විශ්වාස කරන ඊලම වෙනුවෙන් කඩේ ගිය අයය. දුටු ගැමුණු රජතුමා හා පලවෙනි විජයබාහු රජතුමා (1055-1110), සිරි සංඝබෝ රජු මෙන් නවගුනවැල ගැනමින් නොසිටි නිසා ලංකාව දකුණු ඉන්දියාවේ වලිගයක් වීමෙන් ඒ කාලයේ වැලකුණි. විජයබාහු රජතුමා නිසා ලංකාව මෙසේ බේරුණ බව ලියුවේ ප්‍රසිද්ධ ද්‍රවිඩ ඉතිහාසඥ නීලකාණ්ඨ ශාස්ත්‍රි ය. පරාක්‍රමබාහු රජතුමා කලේ ප්‍රභාකරන් ලලිත් ඇතුලත් මුදලි, ගාමිනී දිසානායක, ඩෙන්සිල් කොබ්බෑකඩුවට කලාමෙන් සිංහල රජ පවුල් සමූලඝාතනය කිරීමය. ඉතා කුඩා කාලයකින් හරි හමන් රජෙක් නැතිව පොලොන්නරු යුගය අවසාන විය. දැන් කාලයේ රට සුණු විසුනු වීමට යන්නේ බෞද්ධයින් කෑ ගසන නිසා නොව නීතියක් විනයක්, යුක්තියක් නැති රටක් අටවා ගෙන ඇති නිසාය.

බොහෝ සෙයින් ක්‍රිස්තියානිකරණයවූ කළු සුද්දන් පිරිසක් විසින් 1931 සිට බොරු බෞද්ධයින්වී 2000 ස් ගණන්වල සිට කඹවගේ පිරිත් නූල් අතේ බැඳගෙන සදාගෙන ඇති රට, බල්ලට ගිය රටක්, නීතියක් විනයක් නැති රටක් මිස ජේ ආර් විසින් ධර්මිෂ්ට සමාජයක් හදනවාය කියමින් ඔහු වෙනුවෙන් රට පුරා ගිය බෞද්ධ දර්‍ශනය පිළිඹඳ මහාචාර්‍ය ඩබ්ලිව් එස් කරුනාරත්න බලාපොරොත්තුවූ රටක් නොවේ.  වැඩිකල් නොගොස්ම ඔහු බලවත් කල කිරීමකට පත් විය. මෙය 2015 චන්දයට පසු මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන්ට ඇතිවූ හෘදයාභාධයකින් අවසානවූ කලකිරීම වැනිම වූ බව නිසැකය. මෙම කළු සුද්දන් සිංහල බෞද්ධයාට සලකන්නේ සමහර පිරිමින් හිත හොඳ ගෑණුන්ට සලකන ආකාරයට බව ගංගොඩවිල සෝම හිමියන් එලිපිට කිව්වේ නැත. 2012 මැයි මස සිට මේ බව ප්‍රසිධියේ පෙන්වා දුන්නේ බොදු බල සේනාවය. සමස්ත සිංහල, දෙමළ, මුස්ලිම් දේශපාලකයින් හා කළු සුද්දන් හා නානා මාදිලියේ දේශීය හා විදේශීය එන් ජී ඕ, මුදලාලිලා ඥානසාර හාමුදුරුවන්ගේ හිස ඉල්ලා සිටින්නේ ඒ නිසාය. හේතු ඵල වාදය අනුව යමින් සිංහල බෞද්ධයින්ට තිබෙන දැවෙන ප්‍රශ්න සාකච්චා කිරීමට අවස්ථාවක් ඉල්ලා පාලකයින්ට බල කිරීම, රනිල් ආණ්ඩුව කියන ලිච්චවි ක්‍රමය නොව තම්බයියා හා ධර්‍මසිරිලා කියන ප්‍රචණ්ඩත්‌වය නම් එය අප විසින් සතුටෙන් භාර ගත යුතුය.

ජනවාරි 1, 2017

12 Responses to “බෞද්ධයින් ප්‍රචණ්ඩත්‌වයට ඇයි මෙච්චර ලොල්!”

  1. Ratanapala Says:

    Just because we are Buddhists, that does not mean we have attained the Four Supreme Fruits – Sotapanna, Anagaami, Sakrudhagami and Arahat. Most of us we Buddhists are flesh and blood mundane (Pruthajjana) beings. As Buddhists we know we are subject to the results of our actions ( Kamma Niyama) and that is only one natural phenomenal laws that determine our future. This is one among many others.

    Angulimala who committed many heinous crimes under false beliefs was able to become an Arahant just to site one example. There are among us Buddhists many who will take drastic actions knowing very well the consequences – even go through the four hells ( Hatara Apaya) to save Buddhism and our Motherland.

    It is a tactic of Non Buddhists to make the Buddhists guilty, that they say Buddhists cannot take part in warfare or other similar warlike activities. We have done so in the past and we will do so in the future – Buddhists will take whatever necessary means to protect Buddhism. Our actions are far more effective because there is no hatred in our actions – they near pure actions devoid of Lobha ( Gain), Dwesha( Hatred) and Moha (Delusion).

    This is how we fought the Eelam Wars – We became the only country in the world who fed, clothed and healed the enemy while fighting the longest war of the 20th Century with ‘one arm tied behind’ literally. It was mostly Buddhist soldiers who sacrificed life and limb to liberate nearly 300, 000 human beings kept as human shields by a Christian Terrorist named Prabhakaran in order to safeguard the unity and territorial integrity of our Motherland, our culture and our creed – Buddhism!

    So enemies of Buddhism and Buddhists – take heed for we can kill and kill without hatred when the time and place so demands!

  2. S.Gonsal Says:

    Are there different laws for Buddhist ?
    Are they supposed to speak like saints when others abuse them and Buddha ?
    Are they supposed to eat vegitarial food only ?
    Are they not supposed to utter a lie while others create countries out of lies ?
    Are their religous preachers not supposed to marry while preachers of other religons fool around with 7 wives ?
    Are they supposed to sit and meditate while the enemy try to kill them all ?

    Answer is NO. Unfortunately those who have contacts with leaders of other countries are CROOKS who have no confidence to say the above loud and clear.
    Under these cricumstances, some politicians resort to wear a robe ( to get confidence and to avoid same treatment as householders).
    What we need is get rid of crooks doing politics and politicians telling TRUTH without fear. Currently all telling lies without MORAL FEAR or MORAL shame.
    No wonder it appears like something wrong in Buddhsim.

  3. Ananda-USA Says:

    Ratnapala,

    Well said!

    I am a Sinhala FIRST and a Buddhist SECOND!

    In saying that I am in the very good company of a long line of patriotic ancestors who fought to preserve our motherland and our people before themselves.

    In the war waged against King Elara by King Dutugamunu, even the Buddhist Priests set aside their robes to join the Sinhala host to preserve their king, their country, their people and yes, their religion as well.

    Nothing has changed now 2000 years later, and here we are challenged by new enemies joining the same enemies of old threatening our very existence as a people.

    This realization resonates in the heart and mind of every Sinhala Buddhist.

    No matter how devout a Buddhist in peaceful times when religion and nirvana can be contemplated dispassionately, when the enemy comes to batter down the gates to the realm, we will all surge forth as one to defend and protect our beloved Motherland, the haven and only refuge of our people through the ages!

    As long as the Sinhalese survive as a people, so will our Buddhist faith. The two are inseparable and symbiotic. Those who do not understand that unbreakable bond are destined to reap the fruit of their ignorance as did the late unlamented SunGod of the EELAMISTS. We are patient to a fault, but will rise again and again to preserve our birthright!

  4. Wetta Says:

    මමත් බෞද්ධයෙක්මි. නමුත් මගේ බුද්ධාගමට තර්ජනයක් එන විට මගේ පුද්ගලික අරමුණක් වන සසරින් එගොඩවීම දින නියමයකින් තොරව කල් දමා පරිත්‍යාග කර වෙනත් අයෙකුට එම ගමන යාම සඳහා බුද්ධාගම ආරක්ෂා කිරීම සඳහා “ප්‍රචණ්ඩයෙක්” වීමට මම කිසිවිටෙකත් මැළි නොවෙමි.

    තම දරමිටිය ගැටගසා ගෙන යා හැකි සිල්ගත් නයින් සොයන අය ප්‍රවේශමෙන් !

  5. S.Gonsal Says:

    There is a big move by Indians to get rid of Buddhism from Sri Lanka. They make monks angry by various methods to discredit Buddhsim.
    This good monk should have walked away leaving the woman there. By getting angry or trying to use violence defeated very purpose of preserving Buddhism and it gives a bad image instead.

    https://www.youtube.com/watch?v=ZuDgHGHUusQ&spfreload=10

  6. S.Gonsal Says:

    An excellent sermon to dispel wrong words we use in Buddhism by a ex-engineer monk from Sri Lanka
    MUST LISTEN especially good for Samanthi.

    https://www.youtube.com/watch?v=DI8B4JbOnAo

  7. S.Gonsal Says:

    Wetta,

    බුද්ධාගම ඔබේ ද ? මගේ නොවේ ද ? කාටත් සිතසුව පිණිස බුදුරජුන් දෙසු දහම රැකීමට යුද හමුදා අවශ්‍ය නැත​.

    මහින්දට නඩු දමනවා
    – බොදුබල සේනාව කියයි

    සිරිමන්ත රත්නසේකර

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාට එරෙහිව නඩු පැවරීමට බොදු බල සේනා සංවිධානය තීරණය කර ඇත.

    එහි මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අපහාස වන අයුරින් සහ සංවිධානයේ කීර්තිනාමයට හානිවන අයුරින් ඔහු විදෙස්‌ මාධ්‍යයක්‌ හමුවේ කළැයි කියන ප්‍රකාශ සම්බන්ධයෙන් මෙසේ නඩු පවරන බව එම සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ඩිලන්ත විතානගේ මහතා ‘දිවයින’ට පැවසීය.

    හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශ නිසා සංවිධානයට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි ඉල්ලා මේ සතිය තුළ එන්තරවාසි යවන බවත් එහිදී එම වන්දි මුදල නොලැබුණහොත් නඩු පවරන බවත් වන්දි මුදල කොතෙක්‌ ද තවම තීරණය කර නැති බවත් හෙතෙම කීය.

    මේ ආකාරයෙන්ම සිය සංවිධානයේ කීර්තිනාමයට හානි කළ විමල් වීරවංශ මහතා ඇතුළු තවත් පිරිසකට ද මාධ්‍ය ආයතන කිහිපයකට ද එන්තරවාසි යොමු කරන බවත් පැවසූ ඩිලන්ත විතානගේ මහතා, හිටපු ජනාධිපතිවරයා පසුගිය දිනෙක විදෙස්‌ මාධ්‍යයක්‌ හමුවේ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට

    ‘This Man’ (මේ මිනිහා) ලෙස හඳුන්වමින් අදහස්‌ පළ කළ බව කියා සිටියේය.

    බොදුබල සේනා සංවිධානය ඇමෙරිකාවේ සහ නෝර්වේ රාජ්‍යයන්ගෙන් මුදල් ගෙන මුස්‌ලිම් ජනතාවට එරෙහිව කටයුතු කළ බවත් ඊට පාඨලී චම්පික රණවක හා රාජිත සේනාරත්න යන මහත්වරුන් උදව් කළ බවත් එහිදී මහින්ද රාජපක්‌ෂ මහතා පවසා ඇතැයි ඩිලන්ත විතානගේ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

  8. S.Gonsal Says:

    Unfortunately, I too may reluctantly agree with MR calling his ‘this man”, but it shows how his rowdy behaviour not suitable for a monk affect in diluting if not completely killing the legitimate and urgent need of the Sinhalaya. As MR called him, I have the same words to call him for what he did to Sinhalaya after finishing off the LTTE for exactly the same reason. He destroyed the legitimacy of Sinhala grievances.

    I am a Buddhist first, Sri Lankan 2nd and Sinhala the last. That Buddhistness was not won by me after being born into a strict Buddhist family, but something I earned with understanding. We don’t need to bring up a race at all more so of a religion unless there is deliberate well planned injustice towards Sinhalas which I know for 100%. It doesn’t mean that I am indifferent to the agony of innocent Tamils, Sinhalas and Muslims who suffered in this conflict.

  9. Kumari Says:

    I don’t agree that Buddhists are more inclined to criminality. This is how mass media portray us. The MSM of the world is controlled by White, Christians. The newspapers in SL are controlled by mainly Wijewardenas (the Kalu Suddas) and Maharajas. Even the assassination of Bandaranayake had to have a Buddhist connection, when in fact the trigger was pulled by the Catholic Ossie Corea. The church knows to cover the tracks. When there were problems in Burma, a Buddhist monk was connected to it.

    In America all the crimes are committed by Blacks. When a black youth is shown on MSM even the way he stands, keeps his hands, the clothing he wears resemble gang connections. When a white youth commits a crime, it does not get the same coverage in the MSM and he is always the A’s student in the class. The only other bad people are the Muslims. Ha, Ha, Haa. What a lovely place this would be if we do not fight for survival.

    When the International Community led by crime boss to the world America, kills millions of innocent people the world over that is done to save humanity. International Community is in double violation of Killing innocent people plus violating soverignity of countries. When the great son of Sri Lanka, our Great Leader Mahinda Rajapakse saved thousands of people and gave Abhaya Dana to the entire country he is a War Criminal. Rajapakse fought the world’s most Ruthless Terrorist (per FBI) and there are no written rules for a terrorist war. We fought the war within our shores, we did not violate soverignity of any other country.

    I agree that we have a few Sinahalese Buddhists who have twisted minds. But, the majority of us are more perfect than most of the people living on this planet, that is why so many communities live amongst us for centuries. Why the West is so frightened of our Buddhist Monks and their Yellow Robe is mainly due to the power generated by clear Buddhists minds permeate powers that cannot be touched by ordinary human Panchaskanda?

    May long live the Sinhalese Buddhists. They are a blessing to the world.

  10. S.Gonsal Says:

    Mind can twist in any direction.

    1. Most Sinhala minds are nutral ( same as any other race) but they can be made to trust politician Pal Horu which they think least evil when elction time comes. (60%)

    2. Pal Horu Sinhalas , criminals who don’t really care who aid the Politicians and earn money but cheating (5%) ( SUPER CLASS)

    3. Poor Sinhalas who select one party and which they win to earn a job or hoping to survive by helping Pal Horu to come to power. (20%)

    4. Stupid Sinhala minds are holding on to Pal Horu Politicians thinking the are gods. (15 %)

    To type 3. , type 2 will be seen as gods or Yamapallo depending on the party. They don’t care about criminality, morality very much of this 5% criminal class, they can accept them as long as they are not convicted.
    To type 3, type 1 will be seen as ‘Modayas’ or ‘Twisted Minds’.

    When it comes to the crunch time, only the Type 1 will be split unequally, others will always split 50:50 and therefore, will be the deciding group. If the rulers are really bad , for example, 60% will vote 50% against and 10% for the governement and chang of governement by 70% to 30% split will come. I don’t think we will ever see such majority in any country in the future as technology advances, type 1 tend to increase, type 4 real stupid fools will finally be 5% or less ( humans have a good brain development). That current pool of ‘fools’ who think and see they were wrong in the past will shift to class 1.

    How to judge yourself ?

    Take past elections and check what percentage of elections you have voted, followed ( or supported) correctly.
    If you have won more than 60%, you are Type 1. If less, you are type 3 , unfortuantely, who could not judge the judgement of majority correctly you need to do some meditation to see the things as they are.

  11. Lorenzo Says:

    Gonsal is closer to a HIGHER ORDER so I can understand him. He should have sympathy for others including me.

    AGREE with Ratanapala, Wetta and USA. We can go to heaven ANY TIME. It is not going anywhere. Imagine going to heaven or nirvana and looking down on the ISLAND and see another Tamil Madu there or an ISLAMICSTAN or something else other than a UNITARY SINHELA BUDDHIST island?

    Then most of us would NOT be able to enjoy heaven or nirvana. So in my view it is better to FIX SL first. Once certain SL will remain a UNITARY SINHELA BUDDHIST island we can close our eyes forever and end the samsara cycle forever.

    As people say, I have UNFINISHED BUSINESS in this world.

  12. Ananda-USA Says:

    Gon Kalawedda (Gonsal),

    As usual you are trying to discourage the Sinhala people from protecting their birthright in Sri Lanka, by using their Buddhist religion to render them impotent.

    We really don’t care to hear about your being a Buddist FIRST and a Sinhala LAST, because we know it us driven not by and deep understanding of Buddhism, but your agenda to prevent Sinhala Buddhists from fighting g to protect their rights!

    You are not the FIRST ENEMY of our people to say that as Buddhists we should let our enemies steal everything we have and murder us to boot!

    Gon Harakas like you Kalawedda (Gonsal) think we don’t immediately recognize your under hand purpose!

    BUGGER OFF ….. we don’t need your TREASONOUS homilies!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress