ශ‍්‍රී ලංගම ද්‍රෝහීන් ශ‍්‍රී ලංගමය විනාශකිරීමේ ක‍්‍රියාවලිය වළක්වා ගැනීමට 2017 ජනවාරි මාසය ඉකුත්වීමට පෙරවත් ශ‍්‍රී ලංගමයට විධිමත් ජාතික ප‍්‍රතිපත්තියක් කඩිනමින් ස්ථාපිත කිරීමට මැදිහත්වන ලෙස ඉල්ලා සිටීම.
Posted on January 2nd, 2017

සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමය.

ගරු සභාපති,
අසෝක අබේගුණවර්ධන මැතිතුමා,
උපාය මාර්ගික ව්‍යවසාය කළමනාකාර ආයතනය ( සෙමා),
නො. 21, ජනාධිපති ලේකම් මාවත,
කොළඹ 01.

ගරු සභාපතිතුමනි,

ශ‍්‍රී ලංගම ද්‍රෝහීන් ශ‍්‍රී ලංගමය විනාශකිරීමේ ක‍්‍රියාවලිය වළක්වා ගැනීමට 2017 ජනවාරි මාසය ඉකුත්වීමට පෙරවත් ශ‍්‍රී ලංගමයට විධිමත් ජාතික ප‍්‍රතිපත්තියක් කඩිනමින් ස්ථාපිත කිරීමට මැදිහත්වන ලෙස ඉල්ලා සිටීම.

2016 ජූලි 22  වන දින ගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා සමඟ සියලූම වෘත්තීය සමිති ශ‍්‍රී ලංගමයටත්, ශ‍්‍රී ලංගම සේවකයින්ටත් උද්ගත කර ඇති සහ උද්ගත කිරීමට සැළසුම් කර ඇති ගැටළුවලට විසඳුම් ලබාගැනීමට විධිමත් සාකච්ඡාවක් පවත්වන ලදී.  එම සාකච්ඡාවට ඔබතුමා ද සහභාගී විය.  එම අවස්ථාවේ දී සේවක අයිතීන් සුරැකීමට, සේවක සමගිය ඇතිකර සේවක සුභසාධන ක‍්‍රියාවලිය විධිමත්ව ඉටු කිරීමට, ශ‍්‍රී ලංගමය ශක්තිමත් කිරීමට, ශ‍්‍රී ලංගමයේ ආදායම් තත්වය ඉහළ නංවාලීමට, ශ‍්‍රී ලංගමයට ජාතික ප‍්‍රතිපත්තියක් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය යෝජනා මාලාවක් අප සංගමය ගරු ජනාධිපතිතුමට භාර දුනි. එම යෝජනා මාලාව ඔබතුමාට ද, ගරු ප‍්‍රවාහන ඇමතිතුමාට ද, ශ‍්‍රී ලංගම සභාපතිතුමාට ද පසුව ලැබෙන්නට සළස්වන ලදී. 

ශ‍්‍රී ලංගමයට විධිමත් ජාතික ප‍්‍රතිපත්තියක් ස්ථාපිත කිරීම සඳහා ඔබතුමාට මැදිහත්වන ලෙස ගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා වගකීම භාරදී ඇති බවට අප සංගමයට තොරතුරු ලැබී ඇත.  ඊට අමතරව ශ‍්‍රී ලංගම සභාපති, ගරු රමල් සිරිවර්ධන මැතිතුමා ද, 2016.12.19 වන දින ජාතික ප‍්‍රතිපත්තිය ස්ථාපිත කිරීමේ කාර්යය කඩිනමින් ඉටුකිරීමට මැදිහත්වන ලෙස ඔබතුමාගෙන් ලිඛිතව ඉල්ලා ඇත. එම ලිපියේ පිටපත් ශ‍්‍රී ලංගම සියලූ වෘත්තීය සමිතිවලට යොමුකර ඇත.

මේ මොහොත වනවිට මුදල් අමාත්‍යාංශයේ සිටින උපදේශකවරයෙකු ඇතුළු ශ‍්‍රී ලංගම ද්‍රෝහී නඩය ශ‍්‍රී ලංගමය විනාශ කර එහි මළගම සිදුකිරීම සඳහා ප‍්‍රතිව්‍යුහගත කිරීමේ ක‍්‍රියාවලිය, ස්වෙච්ඡා විශ‍්‍රාම ගැන්වීමේ ක‍්‍රියාවලිය, එ්කාබද්ධ කාලසටහන් ක‍්‍රියාවලිය, ප‍්‍රතිපාදන කප්පාදු කිරීමේ ක‍්‍රියාවලිය, ඉදිරියේ දී රියදුරු කොන්ෙදාස්තර මහතුන් කොන්ත‍්‍රාත් පදනම යටතේ ශ‍්‍රී ලංගමයට බඳවා ගැනීමේ ක‍්‍රියාවලිය, ශ‍්‍රී ලංගම දැනට ශක්තිමත්ව තිබෙන ආරක්ෂක අංශය විනාශ කිරීමට පුද්ගලික අංශයට ශ‍්‍රී ලංගම ආරක්ෂක කටයුතු පවරාදීමේ ක‍්‍රියාවලිය යන ක‍්‍රියාවලියන් සූක්ෂම සහ සියුම් ලෙස මුදල් අමාත්‍යාංශයේ සිටින ශ‍්‍රී ලංගම ද්‍රෝහී නඩය දියත් කරමින් සිටී.

ගරු සභාපතිතුමනි,
ඉහත සඳහන් ක‍්‍රියාවලියන් ක‍්‍රියාත්මක කර ශ‍්‍රී ලංගම විනාශ කර එහි මළගම සිදුකිරීමට ඉඩකඩ නොතබා 2017 ජනවාරි මාසය ඉකුත් වී යාමට ප‍්‍රථම ශ‍්‍රී ලංගමයට ජාතික ප‍්‍රතිපත්තියක් ස්ථාපිත කිරීමට කඩිනමින් මැදිහත්වන ලෙසත්,  එ් සඳහා ශ‍්‍රී ලංගම සියලූම වෘත්තීය සමිතිවල සහයෝගය ලබාගන්නා ලෙසත්, අභිමානවත් ශ‍්‍රී ලංගමය  රැකගැනීමේ ජාතික වගකීම ඉටුකරන ලෙසත් ඔබතුමාගෙන් අප සංගමය වගකීමකින් යුතුව ඉල්ලා සිටින්නෙමු.

මෙයට,
විශ්වාසී,
සේපාල ලියනගේ                     
ප‍්‍රධාන ලේකම්,
සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress